දවල්ට කාලා ,උයලා තිබුන වලං ටිකත් සොදලා මං එහෙන්ම් රෑට ඉව්වා,මට ආස හිතුනා අද අප්පච්චිත් ගෙදර ඉන්න එකේ මං අතින් උයන්න ඔඉන කියලා…ඉස්සර නම් මන් තමයි හැමදාම රෑට උයන්නේ..එත් දැන් මම උයන දෙවල් අම්මයි නංගීයි කන්නේ නෑ..අප්පච්චි නම් ඉස්සර වගේම ආසයි.
රෑට උයලා ඉවර වේලා මං කාමරේට ඇවිත් වොශ් එකක් දාගෙන ඇවිත් මගේ පොත් මේසේ ලග වාඩි උනේ…මං ගෙදරට වෙලා ඉන්න නිසා මට හරි කම්මැලී..මගේ මුණ සනීප උනොත් මට ආපහු පෙර පාසල් යන්න පුලුවන් වෙයි…
චීච චීච…….
ඇයි පුතේ….
චීච මෙයා මට විහිලු කලනෝ…
” ඇයි පුතේ මොකක්ද කියන්නෙ පුතාට ම්ම්ම්….
මට අම්මි කෙනෙක් නැනේ….තාත්ති විතලයි ඉන්නේ…මං තිව්වා චීචව අපේ ගෙදල අලගෙන නනෝ කිලා…මේ මොදයා කියනෝ චීච මදේ අම්මී නෙම්ව් කියාල…
නිම්රාගේ විතරක් නෙමෙයි මං ඔයාලා හැමොගෙම අම්මා වගේ තෙරුනාද එක නිසා නිම්රාට ආපහු විහිලු කරන්න එපා කවකව්රුත් ….
නසරියේ හිටපු ලස්සනම හුරතල් පැටියා… නිම්රා තේනුවර..කොච්චර ලස්සන උනත් කෙලි පැටියාගේ කකුල් දෙක ගොඩක් බකල් ,ළමයි හැමෝම විහිලු කරද්දී කොච්චර නම් එ දරුවාඇඩුවද….අම්මත් නැතිව එ පොඩි වසයට කොච්චර දෙවල් දරා ගන්නවද…නම්රා නිතරම තාත්තියෙක් ගැන කිව්වාට කවදාවත් මං දැකලා නැ..ඩ්රයිවර් තමයි දරුවාව ගේන්නේ අරන් යන්නේ..
මගේ මුණ මෙහෙම නොවෙන්න මං තාමත් නසරි යනවා…එහෙනම් මං කොච්චර සතුටින්ද,,,දැන් නිම්රා වගේම අනිත් ලමයි නසරි ඉවර වෙලා ඉස්කෝලේ යනවා ඇති…මං දන්නැ මට ආයෙත් පොඩි පැටවුට උගන්වන්න ලැබෙයිද කියලා…
මගේ කල්පනාව බිදුනේ මගේ ෆොන් එක රින්ග් වෙන හඩ…මං සෙව් නොකරපු නම්බර් එකක්…දිගටම රින්ග් වෙන කොට මං ආන්ස්වර් එකරලා කනේ තියාගත්තේ….
හෙලෝ…..
එහා පැත්තෙන් ඉන්න කෙනා කතා කරන්නේ නැ…
හෙලෝ ……
චීච …..චිච මගේ චිච….
පුතේ නිම්රා …..ඔයා අනේ පැටියෝ ඔයාට චීචව මතක තිබුනද ….
චීච මට නිතරම චීචව මතක් වේනෝ…එන්නතො චීච මාව බලන්න අපේ ගෙදල…අනේ චිච…
හරි පුතේ ටීච ලෙඩ වෙලා ,හොද උනාම එන්නම් හොදේ…දැන් පැටියා ලොකු ඇති නේ…ස්කූල් යනවද පුතා දැන්…
නෑ චිච…මත යන්න බෑ..
ඇයි පුතේ…
මන් දියා…ළමයි මට බකලා කියනො චීච ..මත යන්න බැ. .
එහෙම කියලා හරි යන්නේ නැ පුතේ….ස්කූල් යන්න ඕනේ..නැත්නම් කොහොමද පුතා දොස්තර නොනා කෙනෙක් වෙන්නේ…..
චුටි දෙන්න ෆොන් එක.තාත්තිට ගමනක් යන්න තියේනවා…
මට එහාපැත්තෙන් ඇහුනේ එච්චරයි…ෆොන් එක තියලත් ඉවරයි…නිම්රාගෙ තාත්තා නපුරුයි වගේ…
අනේ මට ආපහු ඉස්සරවගේ ඉන්න තිබුනා නම්…මේ කාමරේට වේලා ඉදලා මට ඇති වේලා…ඉස්සර මං හරි ආසයි හවසට නිදාගන්න එත් මට දැන් එකත් එපාම වෙලා….එත් මොනවා කරන්නද …..
*******
මං අසනිපෙන් ලමයි..වෙනදාටත් වඩා ටිකයි..මේවට හරියන්න ඉරිදාට දිගට කොටසක් දෙන්නම්…





මධු භාෂි