මං අංකල්ව මීට් වෙන්න ආවේ…කෝ ඔයාගෙ අක්කා…
එයාව මොකටද….ආ අදත් දාගෙන ගියාලු නේද…..මං එදත් කිව්වනේ අනේ මං කැමති නැ කියලා …
මට ඔයගේ කැමැත්ත අකමැත්ත වැඩක් නැ ..මං යනවා….
ආපු වාහනේ ගියාට පස්සේ නංගී හයියේන් දොරට ගහනවා…
මේ දොර ඇරපං ……
මං බය වෙලා දොර ඇරියේ…ඇයි නංගී
නංගී ….උබට මම …..
නංගී මගේ කොණ්ඩෙන් ඇදලා අරන් මගේ කම්බුලට ගැහුවේ…ගහපු පාර මං බිම …
තෝ මගෙ යසිරුව අල්ලගන්න හිතන්නවත් එපා..නංගී මගේ මුණට ඇගිල්ලක් දික් කරලා යන්න ගියේ..
*************-
මට සමාවෙන්න අප්පච්චි ..මට තවත් මේ ගෙදර ඉන්න බැ.මං කොහොමද වරදක් නොකර මෙච්චර දඩුවම් විදින්නේ…
හෙලෝ……
නිශී……
අනේ බං උඹ …අපිවත් මතක් වෙලා තියෙන්නේ …මොකෝ හදිසියේ …
අනේ නිශී මං ටික දවසකට උඹලගේ ගෙදර එන්නද…
අනේ ඕක අහන්න දෙයක්ද බං වරෙන්කො..උඹ හැමදාම හිටියත් මං කැමති..අපේ අම්මා අප්පච්චි උඹව හරියට මතක් කරනවා..
අනේ උඹට පිං බං…මං උඹට කෝල් එකක් දෙන්නම්….
හරි බං බුදු සරනයි….
බුදු සරණයි..
***********
මං පහුවදාම උදේ ඇදගෙන ටවුමට යන්න එද්දි නංගී මං ඉස්සරහට ආවේ මට රවාගෙනමයි…
ආහ් උඹ අදත් උදේම කෑල්ල වගේ ඇදගෙන යන්නේ අදත් යසිරු එයි කියලා වෙන්න ඇති නෙහ්…පව් හලෝ තමුසේ .ශික් ලැජ්ජා නෑනේ නංගී බදින්න ඉන්න මිනිහා අල්ලන් නටන්න…
මං මුකුත් නොකියම නංගිව මගඇරලා ආවේ මං ගෙදර ඉන්න අන්තිම දවසේත් මට නංගීව තව කේන්ති ගස්සන්න ඕනේ නැති නිසා..
ටවුන් එකට ගිහින් ATM එකෙන් සල්ලි අරන් ගෙදරට බඩු අරගෙන බස් එකට නගින්න හොල්ඩ් එකේ ඉන්නකොට එතන හිටපු කට්ටිය මං දිහා බලනවා බය වේලා වගේ..මං ලගම හිටපු ගර්ල් අප්රියෙන් වගේ මගේ ලගින් ඈත් උනේ…මට මං ගැන දැනුනේ දුකක්…මිනිස්සු ඇයි මෙහෙම හැසිරෙන්නේ..හරියට අපිට බෝවේන ලේඩ තියේනවා වගේ…කවදාවත් ලේඩ නැතිව ජිවත් වෙන මිනිස්සු වගේ…
මං කල්පනාවේම ඉන්න කොට හෝන් කරන සද්දයක් ඇහුනේ… හරියට හෝන් එක උඩ නැගලා වගේ හෝන් කරන්නේ…මං තරහෙන් ඒ දිහා බැලුවේ…මගේ කෙන්තිය තවත් වැඩි උනේ ඉන්න කෙනා දැකලා…යසිරු…….
යසිරු කාර් එකෙ ඉදන්ම මට අතින් සන් කලේ කාර් එකට නගින්න කියලා…මං එයාව ගනන් නොගෙනම අහක බලා ගත්තේ…එත් එක්කමයි බස් එකක් ආවේ මං යසිරු බලාගෙන ඉන්න කොටම ගිහින් බස් එකට නැග්ගේ…මට යසිරු ගැන පුදුම තරහක් එන්නේ…මොකටද මගේ පස්සෙන් එන්නේ..එයා නංගීගේ අනාගත් සැමියා…හැමෝම එකතු වේලා මට රිද්දනවා…මං හිත හදාගත්තේ හැමදේම අද විතරයි නේද කියලා …
මං හන්දියෙන් බැහැලා පයින්ම ගෙදරට යන්න ඉස්සරහට තියපු අඩිය පස්ස්ට ගත්තේ මගේ පාර හරස් කරගෙන ඉන්න යසිරුව දැකලා..
යසිරු අත් දෙකත් බැදගෙන කාර් එකට හෙත්තු වෙලා මගේ දිහා බලාගෙන හිටියේ මාව මරන්න තරම් කෙන්තියකින්..හරියට කියනවා නම් තමන්ගේ කෙල්ල හිතුවක්කාර කමක් කරලා වගේ…
මටත් මොකද ,යසිරු මගේ කවුද ,අනික එයා මොකටද මං කරන එවට වද වෙන්නේ…එයා නංගී ගැන වද උනා නම් යිවරනේ..එයා නිසයි මේ හැමදේම …අද මට ගෙදර ඉන්න බැරි තැනට වැඩ සිද්ද උනේ එයා නිසා…මාව බලෙන්ම කාර් එකේ දාගෙන ගිහින් අන්තිමට අනිත් අතට නංගීට කියනවා…
එයාව නොදැක්කා වගේ මං එතනින්යන්න ගියත් මං එක ටැන ගල් උනේ එයාගේ සද්දෙට ….
මන්දාකිණි ……මොහෝම ඉන්නවා…….
යසිරු අඩියට දෙකට මගේ ලගට ඇවිත් මගේ අත් ගොබෙන් මට රිදන තරමට අල්ලගත්තේ…
උඹට මාව මොකෙක් වගේද පේන්නේ මන්දාකිණි …ආ….මං අච්චර කතා කරද්දී මාව ගානකට නොගේනම ආවේ…මොකද ලොකු කම ඔච්චර…..
මට මතක් උනේ නංගීව…යසිරුගේ අත ගලවගන්න හැදුවත් බැ..අඩුවකට අහුවෙලා වගේ…
ඇයි මං ඔයා කියන එවා කරන්නෙ ආ…කවුද මගේ…ඔයා නිසා තමයි හැමදේම….ඔයා නංගීගේ හස්බන්ඩ් වෙන්න හිටියා කියලා ඔයාට බැ මට බලපෑම් කරන්න… ඔයා මාව බලෙන්ම එක්කන් ගිහින් නංගීට අනිත් අතට කියනවා..මට මගේ පාඩුවේ ඉන්න දෙන්න…මං එක පෙලට කියාගෙන ගියේ අඩ අඩාමයි….
යසිරු මං දිහා බලාගෙනම හිටියා මිසක් වචනයක් කතා කරේ නෑ.මාව අතඇරලා යන්න ගිහින් ආයේත් ඇවිත් මගේ මුණට ලං වේලා කියපු දේට නම් වාව සීතල වෙලා ගියා…
“
මට කිසිම කෙනෙක්ගෙන් වැඩක් නැ…හැබැයි තමුසේ මගේ…එ කියන්නේ මේ යසිරුගේ…එක මතක තියාගෙන ඉන්න මැඩම්…
මට එ ටික නම් ඇහුනේ හීනෙන් වගේ….එහෙම කියලා එයා වේගෙන් කාර් එක හරවගේන ඈතට ගියත් මං තවමත් එ දිහා බලාගෙන …











කතාවට ආදරේ ළමයි ලයික් කරන හැමකෙනෙක්ම කතාව ගැන අදහස් කියාගෙන යමුද…..ආදරෙයි හැමොටම 





මධු භාෂි