නංගිගේ මනාලයා (10 කොටස) nangige manalaya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මං ආසම ජනලේ අයිනේ වාඩි වෙලා යන්න...බස් එක යන්න පටන් අරගෙන තිබුනේ ,ටික දුරක් යද්දි බස් එකේ සෙනග වැඩි උනා මං හිටපු ශීට් එකේ මුලින් හිටියෙ මං විතරයි .රස්තියාදු පෙනුම තියෙන පිරිමි ළමයෙක් මගේ ලගින් වාඩි උනේ...මට ඉස්සර ඉදන්ම දුර ගමන් යන්න අමාරුයි නින්ද යනවා ට්ක දුරක් යද්දි මට නින්දයාගෙන ආවා... මෙහෙම තනියම ගමන් යද්දි නිදාගන්න හොද නැ ,,එත් ඉතිං ඇස් ඇරගෙන ඉන්නේ කොහොමද....
10 කොටස
🌷🌷🌷🌷
නංගීගේ මනාලයා
මං ආසම ජනලේ අයිනේ වාඩි වෙලා යන්න…බස් එක යන්න පටන් අරගෙන තිබුනේ ,ටික දුරක් යද්දි බස් එකේ සෙනග වැඩි උනා මං හිටපු ශීට් එකේ මුලින් හිටියෙ මං විතරයි .රස්තියාදු පෙනුම තියෙන පිරිමි ළමයෙක් මගේ ලගින් වාඩි උනේ…මට ඉස්සර ඉදන්ම දුර ගමන් යන්න අමාරුයි නින්ද යනවා ට්ක දුරක් යද්දි මට නින්දයාගෙන ආවා…
මෙහෙම තනියම ගමන් යද්දි නිදාගන්න හොද නැ ,,එත් ඉතිං ඇස් ඇරගෙන ඉන්නේ කොහොමද….
නින්දෙ ඉදපු මට එක පාරම ඇහැරුනේ කවුරු හරි මගේ කකුලක් අතගානවා වගේ දැනුන නිසා…මං බලනකොට අර රස්තියාදු කාරයා මගේ ඇගට බර වෙලා කකුල අතගානවා දෙයියනේ මට ආපු කෙන්තියක් මං ඇදලා අරන් තල්ලු කරපු පාර උ බිම…
බස් එකේ හැමෝම බලනවා..එ කොල්ලා නැගිටලා ඉස්සරහා හෝල්ඩ් එකේ බැස්සා…
” අන්න නියම වඩේ නංගී .ඔහොම උන්ට එහෙමතමයි කරන්න ඕනා…සද්ද නැතුව හිටියොත් ඔයාලමයි කරදරේ වැටෙන්නේ…
බස් එකේ හිටපු තව පිරිමි ළමයෙක් කියනවා ඇහුනා..
” මං කතරගමට එනකම් ආයේ නම් ඇහැපියෙව්වේ නැ…
බස් වල යනකොට මේ වගෙ නොසන්ඩාලයො ඕන තරම්…අපි දැනගන්න ඕන උන්ට ඕන දෙයක් කරන්න කියලා ඉන්නේ නැතිව අපි පරිස්සම් වෙන්න….
මං කතරගම කිට්ටු කරලා නිශීට කෝල් එකක ්දුන්නේ …
කතරගමට එද්දි රෑ 8 ට කිට්ටු කරලා…බස් එකෙන් බැහැලා ඉස්සරහට එනකොට නිශී ඉන්නවා මල්ලි එක්ක…මාව දැකලා එකීගේ මූණේ සතුට…..
අම්මො බං වරෙන් වරෙන්….මල්ලී අක්කාගේ බැග් එක ගන්නවාකො…
ඔනේ නෑ මල්ලී මං අරන් යන්නම් …
අනේ දෙන්න අක්කා ඔයාට මහන්සී ඇති…සදුන් මල්ලි බලෙන්ම මගේ බැග් එක ගත්තේ….
” ඇයි මන්දි උඹ වේලපහා ආවේ නැත්තේ ,එහෙනම් මෙච්චර රෑ වෙන්නේ නෑනේ ..
අනේ බං උදෙන් එන්න හිටියේ එත් බැරි උනානේ…
හරි හරි යමන් …අපි ආවේ බණ්ඩා අයියාගේ ත්රිවීල් එකේ..මහන්සි වෙලා උබට පයින් යන්න බැනෙ….
” අනේ මං හින්දා කරදරේ නේද..
අනේ පලයං විකාර නොකියා…අපි ආසයි උඹ එනවට..අම්මයි අප්පච්චි බලාගෙන උඹ එනක්ම්…
*********
නිශීලගේ ගෙදර තියෙන්නේ කතරගම ටවුන් එකේ ඉදලා විනාඩි ඉස්සක විතර දුර .
අම්මලා නම් තවම වැඩ මන්දි…රෑ නමය දහය වෙනකම් අප්පච්චි බෙහෙත් කරනවා ලෙඩ්ඩුන්ට…අම්මත් ඉන්නවා ඉතිං තාත්තගේ උදව්වට….
අනේ මට අමතක උනානේ මේ මං ආවේ වෙද ගෙදර කියලා…අනේ මාත් ආසයි බං වෙදකම ඉගෙන ගන්න…
හරි හරි මෙහෙ ඉදම් ඉගෙන ගන්න එකයි තියේන්නේ …අනේ බං මෙහේ කාටවත් කොරොනා නැ …උඹ තවමත් මාක්ස් එක දාගෙන ඉන්නේ ගලවපංකෝ…
අනේ බෑ …..නිශී…..
මොකද බං ….ගලපවං….හිටපංකො…..
මං කිව්වානේ ගලවගන්න බෑ කියලා…ඇයි ගැලව්වේ ….කමක් නැ මං මෙහෙන් යන්නම් ඔයාලටත් මාව එපා වෙයි….
අනේ මන්දි මොකක්ද මේ උඹට වෙලා තියෙන්නේ ….අනේ අඩන්න එපා බං…
අනික මොනවද උඹ මේ කියවන්නේ….එහෙම උබව එපා වෙනවද…අනික උඹ බය වෙන්න එපා ඔක මොකක් උනත් අපි හොද කරගමු…උදෙට අප්පච්චිට පෙන්නමු….
කෝ දැන් අඩන්න එපා මැණිකේ ….
ඇත්තටම මෙක හොද කරන්න පුලුවන් වෙයිද නිශී…
අනිවර්යෙන් පුලුවන් …පොඩ්ඩක් වත් බයවෙන්න එපා..දැං යමු ඇග සොදන් එමු…නාන්ඩ එපා සීතලයි….
මැණික් ගගේද….
දැං රෑ වෙලානේ…හෙට දවල් වෙලා යමු ගගේ..අදට ගෙදර ළිඳේන් වතුර පුරවලා සොදගන්න…
හ්ම්ම්ම්ම්…
යමු කාමරේට…
ඔන්න මෙක තමයි මන්දිගෙ කාමරේ…ඕන උනොත් කතා කරන්න මං එහා කාමරේ…ඇගසොදන් එමු…උඹ අසයිනේ වැව් මාළු කන්න අම්මා හැදුවා…
අනෙ නිශී මං නිසා කරදරයිනේද…
***********
නිශිගේ අම්මා අප්පච්චි හරිම හොදයි ….මට හරි ආදරෙයි…මගේ මුණ දැකපු නිශීලගෙ අප්පච්චි කිව්වේ පොඩ්ඩක් වත් බය වෙන්න එපා මුණ හොද කරගන්න පුලුවන් කියලා …මට දැනුන සතුට මෙහෙමයි කියන්න බැ…වෙද ගෙදර එන ඕන ලෙඩෙක් හොද කරලා තමයි ආපහු යවන්නේ…එ තරම් නිශීලගේ අප්පච්චි දක්ශයි…
හැමොමො එක්ක කතා කරලා කාමරේට එනකොට ගොඩක් රෑ වෙලා..
අදට ඇවිත් ෆොන් එක අතට ගත්තෙ ඔෆ් කරන්න හිතාගෙන එත් නිම්රාගෙ වැඩිගෙ නම්බර් එකෙන් මිස්කෝල් දෙකක් තිබුනා…දන්නේ නැති නම්බර් එකකින් මිස් කොල් විස්සකට වැඩි ….ආයෙත් කොල් ආවොත් ගන්නවා කියලා හිතාගෙන ඇස් පියාගත්තේ…මහන්සි නිසාද කොහොද ඉක්මනට නින්ද ගියේ….
💝💝💝💝💝💝
මධු භාෂි

 

නංගිගේ මනාලයා (01 කොටස)
නංගිගේ මනාලයා (02 කොටස)
නංගිගේ මනාලයා (03 කොටස)
නංගිගේ මනාලයා (04 කොටස)
නංගිගේ මනාලයා (05 කොටස)
නංගිගේ මනාලයා (06 කොටස)
නංගිගේ මනාලයා (07 කොටස)
නංගිගේ මනාලයා (08 කොටස)
නංගිගේ මනාලයා (09 කොටස)
නංගිගේ මනාලයා (11 කොටස)
නංගිගේ මනාලයා (12 කොටස)
නංගිගේ මනාලයා (13 කොටස)
නංගිගේ මනාලයා (14 කොටස)
නංගිගේ මනාලයා (16 කොටස)
නංගිගේ මනාලයා (17 කොටස)
නංගිගේ මනාලයා (18 කොටස)
නංගිගේ මනාලයා (19 කොටස)
නංගිගේ මනාලයා (22 කොටස)
නංගිගේ මනාලයා (23 කොටස)
නංගිගේ මනාලයා (24 කොටස)
නංගිගේ මනාලයා (25 කොටස)
නංගිගේ මනාලයා (26 කොටස)
නංගිගේ මනාලයා (27 කොටස)
නංගිගේ මනාලයා (28 කොටස)
නංගිගේ මනාලයා (29 කොටස)
නංගිගේ මනාලයා (30 කොටස)
නංගිගේ මනාලයා (31 කොටස)
නංගිගේ මනාලයා (32 කොටස)
නංගිගේ මනාලයා (33 අවසාන කොටස)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!