නංගිගේ මනාලයා (13 කොටස) nangige manalaya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි ගෙදරට ඇවිත් ගොඩක් වෙලා යනකම් යසිරු ආවේ නැ...මං එයාට කැමති නෑ කිව්වත් මගේ හිත එයාව ඉල්ලනවා ...එකනේ එයා එනක්ම් මග බලන්නේ...එයා මට ආදරේ කරනවා නම් ඇයි නංගීව මැරි කරන්න හැදුවේ...එයා මාව රවට්ටනවා....නෑ එක වෙන්න බෑ එයාගෙ ඇස් වල බොරුවක් ගෑවිලා වත් නැ
අපි ගෙදරට ඇවිත් ගොඩක් වෙලා යනකම් යසිරු ආවේ නැ…මං එයාට කැමති නෑ කිව්වත් මගේ හිත එයාව ඉල්ලනවා …එකනේ එයා එනක්ම් මග බලන්නේ…එයා මට ආදරේ කරනවා නම් ඇයි නංගීව මැරි කරන්න හැදුවේ…එයා මාව රවට්ටනවා….නෑ එක වෙන්න බෑ එයාගෙ ඇස් වල බොරුවක් ගෑවිලා වත් නැ …
එයා ගොඩක් ලස්සනයි ,උසට හරියන මහත…සුදුයි ,සල්ලිත් තියේනවා ,මොනවද අඩු එයාට…ලස්සනට ඉන්න ඕන හැමදෙම තියේනවා…මාව එයාට ගැලපෙන්නේ නැ….
මං හිටියේ මිදුලේ තියේන ලොකු සියඹලා ගහ යට හදලා තියෙන බංකුවේ ඉදගෙන….මගේ කල්පනාව බිදුනේ නංගී මොකද මේතන කියාගෙන සහන් අයියා ඇවිත් මගේ ලගින්ම වාඩි උනාම….
මුකුත් නෑ අයියේ …නිකම්….
කවුරු හරි එනක්ම් මග බලනවද…..
න්….නැහැ…නිකම් අයියේ …
නංගීගේ මෙහේ ගොඩක් කල්ද….
නැ අයියා මාසයක් වගේ….වේදකම ඉගෙන ගන්නවා…
ශා එක නියමයි නංගී …
සහන් අයියයි මායි ගොඩක් වෙලා කතා කර කර හිටියා…
කළුවර වැටිගෙනත් එනවා එත් තවමත් යසිරු නැ….ටික වෙලාවකට පස්සෙ දැක්කේ යසිරු එනවා …ඈත ඉදන්ම මාව පිච්චිලා යන තරම් බැල්මකින් මගේ දිහා බලාගෙන ඇවිත් සහන් අයියා කතා කරත් මට රවාගෙනම ඇහුනේ නෑ වගේ ගේ ඇතුලට ගියේ…
අරුට මොනවා වෙලාද….ඕකා පොඩ්ඩක් ඇත්නම් ඔහොමයි …මොන අඩව්වක් අල්ලන්නද දන්නැ…මාත් යනවා නංගී ඇතුලට ….ඔයා එනවද….
මං එන්නම් අයියේ ටිකකින්…
එයාට මොනවා වෙලාද ..මාව කන්න වගේ රවාගෙන ගියේ ..කොහෙද දන්නැ මෙච්චර වෙලා ගියේ…අනේ මට ඇයි කොහේ ගියාම …..
මං ඇතුලට යද්දී සහන් අයියයි මල්ලි නම් ට්වි බලනවා ..එයා පෙන්න නැ…මං කුස්සියට ගියේ නිශී එක්ක රෑට කෑම හදන්න…
අපි රෑට කැස්ම හදලා මේසෙට ඇරලා හැමෝටම කන්න කතා කලේ…එත් යසිරු ඇර හැමොම ආවා….
කෝ යශ් අයියා…මගේ හිතේ තිබුන ප්රශ්නේ නිශී ඇහුවේ…
ඌට කන්න බෑ කියන්නේ…අපි එක්ක ආවේත් නෑ . ආව වෙලාවේ ඉදන් නිදි….
අසනිපයක් වත්ද දන්නැ අයියේ ….මං ගිහින් බලන්නම්….
තවම නම් නෑ…ලගදිම හැදෙයි වගේ…නිශී නංගි මට බඩගිනි හලෝ…මට කෑම බෙදලා දෙනවද….
අනේ…මන්දියො තරහා නැතුව හිගින් යශ් අයියාව එක්කන් එන්නකො මං සහන් අයියට කෑම බෙදාලා දෙන්නම්….
දෙයියනේ මං කොහොමද එයා ඉන්න කාමරෙට යන්නේ…අද නම් මං ඉවරයි….
යසිරු ඉන්න කාමරේ තියේන්නේ මං ඉන්න කාමරෙට එහාපැත්තෙන් තියෙන කාමරේ…නිශී අනිත් පැත්තෙ කාමරේ ….
මං බයෙන් අඩවල් කරලා තිබුන දොර ඇරගෙන කාමරෙට ගියේ…එයා කොට්ටෙට මුණ ඔබාගෙන නිදිද කොහෙද…
එයා ලගට යද්දි මාව ගැහෙන්නේ හරියට වතුරෙන් උඩට දාපු මාලුවෙක් වගේ… එයාට කතා කරන්න උරහිසට අත තිබ්බා විතරයි මගේ අත ගසලා දලා යසිරු නැගිට්ටේ….
මං බය උන පාර අඩියක් පස්සට ගියේ…
එයාගේ මුණ බලන්න තරම් බයයි …මෙච්චර නපුරුකමක්….
එයා මගේ දිහාම බලාගෙන මගේ ලගට ආවේ අඩියට දෙකට… ඇවිත් මගේ කට රිදෙන තරමින් මගේ කට දෙපැත්තෙන් අල්ලාග්ස්ත්තෙ මගේ ඇස් වලින් කදුලු බේරෙද්දි…
ආහ්….රි….රිදෙනවා ….ආතාරින්නකො…
රිදෙනවාද උඹට …ඊට වඩා මගේ මෙතන රිදෙනවා…පපුවට තට්ටු කරලා යසිරු පෙන්නුවේ….
උඹට මාත් එක්ක කතා කරන්න එක විනාඩියක් නැ ..එත් වෙන උන් එක්ක හුරතල් වෙන්න ඕන තරම් වෙලා තියෙනවා …මාව මොකෙක් වගේද පෙන්නේ උඹට ආ…..
මං……
ෂ්………කට වහාගනිං….මාව යකෙක් කරගන්න එපා ..එක නිසා උඹට ඕනේ විදියට නටන්නේ නැතුව හිටපං…
යසිරු මාව අතාරියේ මට හොදටම බැනලා….එත් මං තවම අඩනවා….
සුදු නෝනා…..ප්ලීස් මාව කෙන්ති ගස්සන්න එපා…මට ඔයාව ඕන…වෙන කිසිම කෙනෙක්ගෙ හුස්මක් වත් වදිනවට කැමති නැ මන්…මාව තෙරුම් ගන්න…කෝ අඩන්න එපා…සොරි…..
එයා එහෙම කියද්දි මට තවත් ඇඩුනා…මට හිතන්න වත් වෙලාවක් නොදි එයා බර උනේ මගේ දෙතොල් වලට…විනාඩියක් දෙකක් නෑ ඊටත් වඩා…මාව සීතල වෙලා ගියා…
මෙච්චර කාලෙකට මට කිසිම පිරිමියෙක්ගේ ස්පර්ශයක් වදිලා නැ…මං එයාගෙන් ඈත් වෙන්න හැදුවත් මං අඩුවකට අහුවෙලා වගේ …
එයා මාව අතැරියේ නළලට සියුම් හාදුවක් තියලා…ඇතිද…ම්…ආයේ ඇඩුවොත් නලවන්නේ ඔහොම තමයි….එයා කිව්වේ මආල හීනාවක් දලා….
මට එයාගේ මුණ බලන්න ලැජ්ජයි…මං කාමරෙන් අඩියට දෙකට ආවේ..එයා හිනාවෙබි මගේ දිහා බලාගෙන ඉන්නකොට…..
❤❤❤❤
මධු භාෂි

 

නංගිගේ මනාලයා (01 කොටස)
නංගිගේ මනාලයා (02 කොටස)
නංගිගේ මනාලයා (03 කොටස)
නංගිගේ මනාලයා (04 කොටස)
නංගිගේ මනාලයා (05 කොටස)
නංගිගේ මනාලයා (06 කොටස)
නංගිගේ මනාලයා (07 කොටස)
නංගිගේ මනාලයා (08 කොටස)
නංගිගේ මනාලයා (09 කොටස)
නංගිගේ මනාලයා (10 කොටස)
නංගිගේ මනාලයා (11 කොටස)
නංගිගේ මනාලයා (12 කොටස)
නංගිගේ මනාලයා (14 කොටස)
නංගිගේ මනාලයා (16 කොටස)
නංගිගේ මනාලයා (17 කොටස)
නංගිගේ මනාලයා (18 කොටස)
නංගිගේ මනාලයා (19 කොටස)
නංගිගේ මනාලයා (26 කොටස)
නංගිගේ මනාලයා (27 කොටස)
නංගිගේ මනාලයා (28 කොටස)
නංගිගේ මනාලයා (29 කොටස)
නංගිගේ මනාලයා (30 කොටස)
නංගිගේ මනාලයා (31 කොටස)
නංගිගේ මනාලයා (32 කොටස)
නංගිගේ මනාලයා (33 අවසාන කොටස)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!