අපගේ පාලම තවදුරටත් ඔබගේ ආදරයේ සංඛේත වලට ඔරොත්තු දිය නොහැක ‘‘ පැරිස් නගරාධිපති කාර්යාලය

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

උපුටන උපාලි ජයසිංහ ගෙන්

“අපගේ පාලම තවදුරටත් ඔබගේ ආදරයේ සංඛේත වලට ඔරොත්තු දිය නොහැක ‘‘ පැරිස් නගරාධිපති කාර්යාලය
=======================================
පොන්ට් ඩෙස් ආර්ට්ස් සහ ආදරයේ අගුලු
=======================================
1802 සිට 1804 දක්වා කාලය තුළ නැපෝලියන්ගේ පාලන සමයේදී පදිකයින් සඳහා ආරුක්කු 9 කින් යුත් ලෝහමය පාලමක් වර්තමාන පොන්ට් ඩෙස් ආර්ට්ස් ඉදිකරන ලදි: මෙය පැරිසියේ පළමු ලෝහ පාලම විය.
1975 මාර්තු 17 වන දින ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය විසින් පොන්ට් ඩෙස් කලා ජාතික ඓතිහාසික ස්මාරකයක් ලෙස ලැයිස්තු ගත කරන ලදී.
1991 දී යුනෙස්කෝව විසින් අයිෆල් කුළුණේ සිට ඉලේ සෙන්ට් ලුවී අවසානය දක්වා වූ සමස්ත පැරිසියානු ගං ඉවුර ලෝක උරුමයක් ලෙස ලැයිස්තුගත කරන ලදී. එබැවින් පොන්ට් ඩෙස් ආර්ට්ස් දැන් මෙම යුනෙස්කෝ ලෝක උරුම අඩවියේ කොටසකි
අප කියන්න යන්නේ පාලමෙි ඓතිහාසිකත්වය හෝ අලංකාරය පිලිබදව නොවෙි. එය ප්‍රංශ පෙමිවතුන් සිය ආදරයේ ශක්තිමත්බව සිතිවිල්ලකට නගා එකී සිතිවිල්ල ඉබිබෙක්ගේ අභ්‍යන්තයට කාන්දු කොට ඉබිබා මත සිය නමිවල මුල් අකුරු ලියා යතුර ලූවර් ගංගාවට විසි කරනා පුවතක් ගැනයි.
ප්‍රංශ පෙමිවතුන් පාලමෙි ඇන්දේ එල්ලා තබන ලද ඉබිබන්ගේ සංඛ්‍යාව කොතෙක්ද යත් එහි බරින් වරින් වර පාලමෙි ලෝහ රදවන කඩා වැටුණි
2014 පමණක් පාලමෙි එල්ලා තිබූ ඉබිබන්ගේ සංඛ්‍යාව ලකෂ 7 කට අධිකය.‍‍ 2015 වන විට ටොන් 45 ක් පමණ බරින් යුත් අගුල් මිලියනයකට අධික ප්‍රමාණයක් තැන්පත් කර ඇත.
2015 අගෝස්තු මාසයේදී පැරිස් නගරාධිපති කාර්යාලය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ‘‘“ආදර හැඟීම් නිසා දිගු කාලීන උරුමයන් පිරිහීමට හා විනාශවීමට සිදුවීමට ඉඩ ඇති නිසා”අපගේ පාලම් වලට තවදුරටත් ඔබගේ ආදරයේ ඉරියව්වලට ඔරොත්තු දිය නොහැක. එබැවින් ආදරවන්තයින් සමඟ ඔබේ ආදරය ප්‍රකාශ කිරීමෙන් ඒවා නිදහස් කරන්න.”
එහෙත් පැරිසියානුවන්ට සෞන්දර්යාත්මක ගැටළුවක් ඇති කිරීමටද ඔවුහු කැමති නැත. එබැවින් පැරිස් නගරාධිපතිවරයා කලේ පාලමෙි ස්ථාන තුනක් තෝරාගෙන ඒවා ගැලිවිය හැකි හා නැවත සවිකකල හැකි කොටස් ලෙස ලෝහමය දැල් සහිත ආවාරන තුනක් නිර්මානය කිරීමයි. දැන් මෙම ආවරණ ආදරණිය ඉබිබන්ගෙන් පිරෙන විට ඒවා ඉවත් කල හැකිය. ආදරවන්තයන්ගේ ප්‍රාර්ථනාවන්ටද එහි සෞන්දරාත්මක පැත්තටද දැන් කිසිදු හානියක් නොමැත.
===========================

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!