සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධිය – රජරට විශ්ව විද්‍යාලය

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මේ වන විට අන් කවරදාකටත් වඩා මිනිසුන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිතන්නට පුරුදු වෙලා ඉන්නවා. ඊට හේතුවක් වෙලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ පිරිසගේ දැනුවත් කිරීමේ ක්‍රියාවලින් නිසයි. එමනිසා සෞඛ්‍ය ප්‍රවර්ධන ක්ෂේත්‍රයට අද තිබෙන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්.

සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු.

පුද්ගලයින් හට ඔවුන්ගේ සෞඛ්‍ය ඉතාමත් යහපත්ව පවත්වා ගනිමින් සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම,මාර්ගෝපදේශනය වැනි පහසුකම් ලබාදීමේ ක්‍රියාවලියයි.මෙහිදී සෞඛ්‍ය ප්‍රවර්ධනය සමාජීය සහ පාරිසරක වශයෙන් වැඩි දියුණු කිරීම සිදුකරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධිය
සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධිය

මෙම හේතූන් සැලකිල්ලට අරගෙන අද ලෝකයේ පවතින අවශ්‍යතාවය මත රජරට විශ්ව විද්‍යාලය මගින් සෞඛ්‍යය ප්‍රවර්ධන උපාධියක් පිරිනැමීම සිදු කරනු ලබනවා.එහිදී රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම උපාධි පාඨමාලාව පිරිනමන අතර එම දෙපාර්තමේන්තුව මගින් පිරිනමන එකම උපාධි පාඨමාලාව වන්නේ ද මෙයයි.මෙම උපාධි පාඨමාලාව සිසුන් හට ඉතාමත් අද්විතීය සහ වෙනස්ම අත්දැකීමක් ඔස්සේ ඉහළම ප්‍රායෝගික දැනුම සහිතව ඉගෙනීමේ හැකියාව පවතිනවා.මෙහිදී පාඨමාලාවේ 35%ක ප්‍රමාණයක් ප්‍රායෝගික දැනුම සහිතව ඉගෙනීම සිදුකළ යුතු වන අතර වසර 2ක කාලයක් ඔවුන් හට හඳුනාගත් ප්‍රජාවක් සමඟ වැඩකටයුතු කිරීමට හැකියාවක් ලැබෙනවා.

ඒ වගේම සෞඛ්‍ය ප්‍රවර්ධනය ප්‍රධාන අංශ තුනකින් සමන්විත වෙනවා.

  • සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපදේශනය ලබා දීම.
  • සමාජයේ සිටින සියළුම පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්වය සමාන යහපත් කිරීම සඳහා සක්‍රිය දායකත්වය ලබාදීම.
  • සෞඛ්‍ය ගැටළු සඳහා මැදිහත් වී  විසඳුම් සහ පිළියම් ලබා දීම.
රජරට විශ්ව විද්‍යාලය
රජරට විශ්ව විද්‍යාලය

මෙම උපාධි පාඨමාලාව හැදෑරීමෙන් පසුව දැනුමෙන් ඉතාමත් සන්නද්ධ ඉහළ ප්‍රායෝගික පුහුණුවක් සහිත උපාධිධාරීන් බිහි කළ හැකිය. ඒ වගේම උපාධි පාඨමාලාවෙන් බිහිවන වෘත්තිකයින්ගෙන් පහත ගුණාංගයන් බලාපොරොත්තු විය හැක.

  • පුද්ගලයින්ගේ,සමාජයේ පවතින සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව අවබෝධ කර ගැනීම.
  • සමාජයෙ අවශ්‍යතාවයන් අනුව ඉතාමත් සුදුසු සෞඛ්‍ය ප්‍රවර්ධන සැලසුම් නිර්මාණය කිරීම.
  • සමාජයේ සිටින ප්‍රජාව සමග හෝ විවිධ ආයතනයන් සමග එකතු වී කටයුතු කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධනය ඉහළ නැංවීම.
  • විවිධ පර්යේෂණ සිදු කරමින් සෞඛ්‍ය  ප්‍රවර්ධනයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීම.

මෙම පාඨමාලාවේ ඔබට ඉගෙනීමට ඇති ප්‍රධාන විෂය ක්ෂේත්‍රයන්.

සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධිය
සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධිය

 

  • මනෝවිද්‍යාව
  • මානව සෞඛ්‍ය 
  • සෞඛ්‍ය ප්‍රවර්ධනය 
  • ජීව විද්‍යාව
  • පරිසර විද්‍යාව
  • සෞඛ්‍ය අධ්‍යාපනය
  • සන්නිවේදනය සහ නායකත්ව සංවිධා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!