විකිරණ ශිල්පී උපාධිය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය. (Radiography & Radiotherapy)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය වන තවත් එක් අංශයක් තමයි විකිරණ අංශය කියන්නේ.එහිදී විකිරණවේදය යනු යම්කිසි රෝගයක් හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා නිශ්චිතව හඳුනාගැනීම සඳහා භාවිතා කරන ‘රූපකරණ තාක්ෂණයයි’.රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ක්ෂේත්රය ඉතාමත් වැදගත්.ඒ වගේම වෛද්‍යවරුන් හට නිගමනවලට එළඹෙමින් රෝගියා හට ඉක්මන් සුවයක් ලබා දීම සඳහා මෙම තාක්ෂණය පළමුව භාවිතා කිරීම ඉතාමත් වැදගත්. එහිදී මෙම ශිල්පීය ක්‍රම භාවිතා කරන වෘත්තිකයින්  හඳුන්වන්නේ විකිරණ ශිල්පින් ලෙසයි.

 

ප්‍රධාන වශයෙන් මෙම තාක්ෂණය අවශ්‍ය වන්නේ..

 

  • රූප තාක්ෂණය යොදා ගනිමින් ඔහු මේ පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් ලබා ගනිමින් රෝගය පිළිබඳව නිගමනය කිරීම.
  • රෝගියාගේ රෝගය සදහා සිදුකරන ලද ප්‍රතිකාර වලට ශරීරය කොයි තරම් හොඳින් ප්‍රතිචාර දක්වන්නේද යන්න පිළිබඳව තීරණය කිරීමට.
  • පියයුරු පිළිකා,මහ බඩවැලේ පිළිකා සහ හෘද රෝග වැනි තත්ත්වයන් වලදි රෝග හඳුනා ගෙන නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර කිරීම සඳහා.
Radiography & Radiotherapy
Radiography & Radiotherapy

අද ලෝකයේ වෛද්‍ය තාක්ෂණයේ තිබෙන දියුණුව සමග විකිරණ ශිල්පය සදහා ඉහල ස්ථානයක් පවතින බැවින් එම ක්ෂේත්‍රය වැඩි දියුණු කරමින් වෛද්‍ය ක්ෂේත්‍රයේ සඳහා ඉතාමත් දියුණු උපකාරයක් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව තුළ ද දැනුමෙන් සහ කුසලතාවයෙන් පරිපූර්ණ වෘත්තිකයින් පිරිසක් බිහිකිරීම සදහා විකිරණ ශිල්පී උපාධි පාඨමාලාවක් හඳුන්වා දී තිබෙනවා.ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගිනි.

 

විකිරණවේදය / විකිරණ චිකිත්සා පාඨමාලාව පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ එකම විකිරණවේදී සහ විකිරණ චිකිත්සාව උපාධියක් පවත්වනු ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වියවහාරික සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව මගිනි.ඒ වගේම මෙම උපාධි පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ, සෞඛ්ය ක්ෂේත්රයේ සේවාවන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉහළම මට්ටමක පරිපූර්ණ කුසලතාවයක් සහ දැනුමක් සහිත වෘත්තීය රෝග විනිශ්චය කිරීමේ සහ චිකිත්සක විකිරණ ශිල්පීන් බිහි කිරීමයි.

university of peradeniya
university of peradeniya

මෙම සිසුන් හට නවීන තාක්ෂණයෙන් යුක්ත විකිරණ ශිල්පිය ක්‍රම යටතේ ඉගැන්වීම සිදු කරනු ලබයි.ඒ වගේම තම කුසලතාවයන් වර්ධනය කරගැනීම සඳහා සායනික පරිසරය තුල ඉගැන්වීම සිදු කරයි.සියලුම සිසුන් හට කුසලතාවය සමග ප්‍රායෝගික දැනුම මට්ටමක් ලබාදෙන බැවින් ඔවුන්ගේ දැනුම මට්ටම ඉතාමත් ප්‍රශස්ත බවට සහතික කල හැක. ඒ වගේම මෙම වෘත්තිකයින් හට කටයුතු කිරීමට සිදු වන්නේ රෝගීන් සමගයි.ඔවුන් සමඟ කටයුතු කරන විට රෝගීන්ගේ මනස ඉතාමත් සතුටින් තබමින් ඔවුන්ට කරුණාවන්ත ලෙස තම සේවය සිදු කිරීමක් කළ යුතු නිසාවෙන් පාඨමාලාව මගින් ම නම්‍යශීලිත්වය,විනය ඇති කර ගැනීම සඳහා පුහුණුව ලබා දෙයි.

 

මෙම උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමට සායනික පරිසරය තුළ විද්‍යාව සහ තාක්ෂණය ප්‍රායෝගිකව යොදා ගැනීම පිළිබඳව උනන්දු විය යුතුය. ඒ වගේම තම අධ්‍යාපන සුදුසුකම් සහ නිසි ඉසෙඩ් අගය තිබේනම් මෙම උපාධි පාඨමාලාව සඳහා තේරී  පත්විය හැක.

 

මෙම දෙපාර්තමේන්තුව මගින් විකිරණ අංශයට සමගාමීව පිරිනමනු ලබන උපාධි වර්ග දෙකකි.

  • B.Sc (Hons) in Radiography 
  • B.Sc (Hons) in Radiotherapy
Radiography & Radiotherapy
Radiography & Radiotherapy

මෙම උපාධි පාඨමාලාවන් හැදෑරීමෙන් පසුව..

  • රජයේ රෝහල් තුළ සහ පෞද්ගලික රෝහල් තුළ විකිරණ ශිල්පියෙක්/ විකිරණ චිකිත්සකයෙකු වශයෙන් සේවය කිරීමේ හැකියාව.
  • පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ලංකාව තුළ මෙන්ම විදේශ විශ්වවිද්‍යාල තුළ අවස්ථා ලැබීම.
  • ශ්‍රී ලංකාව තුළ වගේම විදේශයන් වල  පර්යේෂණ ව්‍යාපෘති ලැබීම.
  • මෙම අංශය පිළිබඳව විශ්වවිද්‍යාල තුළ තුළ ඉගැන්වීම් සිදු කරමින් කථිකාචාර්යවරයෙකු වශයෙන් ලංකාව තුළ මෙන්ම විදේශයන්හි සේවය කිරීමේ හැකියාව.
  • සුදුසුකම් ලත් විකිරණ ශිල්පියෙකු වශයෙන් තමන්ගේම පෞද්ගලික  ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!