අතීතය කියන්නේ ඉඳ හිට ගිහින් එන්න හොඳ තැනක්. ඒත් නවතින්න එපා. -අනිශා ජයකොඩි (අදහස්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කන්න අඳින්න දෙනවා ,සියලු යුතුකම් කරනවා කියල ඔබ ඔබේ හිත හදාගන්න කරුණු හෙව්වට ,ඔබ හදවතින් සම්පුර්ණයෙන් ඉන්නේ වර්තමාන සැමියා බිරිඳ සමග නෙමෙයි නම් අවසානේ ඔබට ඉතුරු වෙන්නේ පරාජය විතරයි ,

සඳරැස්ට විද්‍යා හම්බෙන්නේ ,පල්ලියක පුජාවකට ගිහින් ඉද්දී ,විද්‍යා ඒ වෙනකොට බූත ආත්මයක බැල්මකින් වේදනා විඳින හිරිමල් යුවතියක් , ඒ හිත් දෙකේ ආදරේ උපදින්නේ දකින ඇසිල්ලෙන් ,ඒ ගොල්ලෝ හම්බෙන්නේ දකින්නේ දවස් දෙක තුනයි ,හැබැයි ඒ කෙටි කාලේදී අර හිච්චි සිංහල කොල්ලා මේ දෙමල කෙල්ලට ආදරේ කරනවා .ඒ ආදරේ කොච්චර පරිපුර්ණද කියන්නේ පස්සෙන් වැටිලා හිටපු යකාටවත් විද්‍යාගේ ලඟට එන්න බැරි වෙනවා , හයිය ආදරේ ඉස්සරහ යක්කු පවා ගල් ගැහෙනවා කියන්නේ එකයි.ඒක ඒ තරම්ම පරිපුර්ණ බන්ධනයක්. හැබැයි ඒ ආදර සම්බන්දෙ ඒ ගමනේදීම ඉවර වෙනවා,
අයෙ ඔවුන් මුණ ගැහෙන්නේ නැහැ .ඒත් සඳරැස් ගෙ හිත ඒ ප්‍රේමයෙන් මිදෙන්නෙම නැහැ , ඔහු ඇයව ලෝකෙ පුරා හොයනවා, ඒත් ආරංචියක්වත් හම්බෙන්නේ නැහැ.
කාලයත් එක්ක කථිකාචාර්ය වරයෙකු වෙන ඔහු පිංකි හා විවාහ වෙනවා ,ඒත් ප්‍රේම සම්බන්දෙකින්ම තමයි. දරුවෝ දෙන්නෙකුත් ලැබෙනවා මේ වනවිට මැදිවියේ පසුවන ඔවුන් ලස්සනට ජීවත් වෙනවා .බැලූ බැල්මට ඔහු තම බිරිඳට බොහෝ ආදරේ කරන ස්වාමියෙක්, ආදරණීය පියෙක් ..
ඒත් …..
පිටින් එහෙම පෙනුනට ඇතුලාන්තයෙන් සඳරැස් අහිමි වුනු ,මගහැරුණු යමක් හොයනවා ,ඔහුට ජීවිතේ හිඩැසක් දැනෙනවා , දරුවොන්ට බිරිඳට උඩින් ඒ හිඩැස අස්සෙන් අර හිච්චි කාලේ ආදරේ තාම එබිකම් කරනවා , නොසන්සිදෙන ප්‍රේමයකින් මොකක්දෝ හේතුවකට ඔහු විද්‍යා ව තාම හොයනවා .
ජීවිතයේ බාහිරින් පිංකිට ආදරේ කරන ගමන් අභ්‍යන්තරයෙන් අධ්‍යාත්මිකව සඳරැස් තාමත් විද්‍යාට ප්‍රේම කරනවා.ඒ හිත තාමත් එතන .
මේ අතර ,සිය බිරිඳ පිංකි හිටි හැටියේ අබ්බූථ ලෙස ලෙඩ වෙනවා ,ඒක ශාරීරිකම නොවන මානසික ව්‍යදියක් ,හරියට ආවරණය නොවුණු මිනිස්සු පින්නටත් තෙමෙනවා වගේ දෙයක් .
කොහොමටත්ම හයිය නැති ,හරි ආදරයකින් ආවරණය නොවුණු හිත් වල යක්කු මල පෙරේතයො ලේසියෙන් පදිංචි වෙනවා .
අන්තිමේ තම බිරිඳගේ රෝගී තත්වය විමසීමට විදේශයකින් ඉතා කෙටි කලකට ලංකාවට පැමිණි වයිද්‍යවරිය හමුවෙන්න සඳරැස් රෝහලට යනවා,

ඔවුන් හමුවෙනවා ..

අවුරුදු 37 පුරාවට හරියට නින්දක් නැතුව සැනසිල්ලක් නැතුව මැරෙන්න මොහොතකට හරි කලින් හොයාගන්නවාමයි කියල තමන්ටම පොරොන්දුවක් දීල ලෝකේ පුරාම හොයපු ඒ ආදරේ ,පුද්ගලික රෝහලේ කුටිය තුලදී ඔහුට හම්බෙනවා …

ඒ බිරිඳගේ වයිද්‍යවරිය හැටියට සහ තවත් කෙනෙකුගේ බිරිඳක් ලෙස ..
උගුර හිරවෙලා හුස්ම නැවතිලා, වචනයට පෙරලිය නොහැකි හැඟීමකින් තෙරපෙන විද්‍යා , සාමාන්‍ය තත්වයට ඒමට මහත් වෙහෙසක් ගන්නවා ..ඔවුන් ඔවුන්ව අඳුරගන්නවා ..

සඳරැස්ගෙන් වෙන්වෙලා වියෝ සංකාවෙන් පෙලෙමින් අවසානයේ වෙනත් හිතක් ළඟ නැවතුනු විද්‍යා අද සාර්ථක බිරිඳක් බව ඇය ආයාසයෙන් සඳරැස් ට කියනවා ඔහුගේ ඇස් දිහා නොබලා ..

අමාරුවෙන් හිත හදාගෙන විද්‍යා සඳරැස්ට සිය බිරිඳ වන පිංකිගේ ලෙඩේට ආසන්නතම හේතුව කියනවා ..

”පිංකිට තියෙන්නේ අධ්‍යාත්මිකව බැඳුනු බූත බලවේගයක් වගේ දෙයක් ”

මන් අත්දැකීමෙන්ම දන්නවා
මේ වගේ වේලාවකදී “ගෑනියෙක්ව බේරගන්න පුළුවන් තදබල ආදරයකට ,හිස් නොවෙච්ච ආදරයකට විතරයි .
යන්න ගිහින් ඔබේ බිරිඳව බේරගන්න …
තමන්ගේ කසාද ගෑනිට හදවතින් සාදාරණ නොවී හිත ඇතුලෙන් පරණ ප්‍රේමයේ නටඹුන් හොයා හොයා පිස්සුවෙන් උමතුවෙන් අවරුදු ගානක් ඉඳල ,අහම්බෙන් ඒ ඇස් හම්බෙලා ” ගෙදර ගිහින් ඔබේ බිරිඳට පරිපුර්ණ ආදරයක් ලබා දීල ඇයව බේරගන්න”ව්වම මොන පසුතැවීමක් දැනෙයිද ?

සියල්ල අවසානයේ සඳරැස් වචනෙට පෙරලගන්න බැරි තරමේ මහා හිස් කමක් මුසු පශ්චාත් තාපයකින් විද්‍යාට සමුදෙනවා ..
ආත්මෙට බද්ධ කරගෙන ආදරේ කරලා අවරුදු ගානක් පිස්සුවෙන් වගේ හොයල ජීවිතේ නොහිතපු තැනකදී ඒ ආදරේ නැවත මුණ ගැසුණාම තියෙයි කියල හිතෙන ප්‍රේමය දැනෙයි කියල හිතුන සතුට , ප්‍රීතිය සඳරැස්ගේ ඇස්වල තිබ්බේ නැහැ…

මේ ලංකාවේ මෑත කාලේ බිහිවුණු සාර්ථකම ගැඹුරුම සිනමා නිර්මාණයක් ”ඝරසර්ප ”
කතාව එතනින් ඉවර උනාට එතන තමයි පටන් ගැන්ම තියෙන්නේ ….

මේක සිනමා නිර්මාණයක් උනාට ඇත්තටම බොහෝ ජීවිත වල තියෙන හිඩැසක්
සමහරක් අය ඉන්නවා, විවාහ වෙලා දරුවෝ දෙතුන් දෙනා ඉන්නවා ,,ඒත් තාමත් හිත ඇතුලෙන් ඉස්කෝලෙදි ,කැම්පස් එකේදී අතහැරුණු ,මග හැරුණු හිත් වලට ඒ මතක වලට හූල්ල හූල්ල ඒ හීන වලට පන දෙන්න බලන් ඉන්නවා ..

තවත් සමහරු අතර මගදි අහිමි වෙච්ච ප්‍රේමය නිසා ජීවිත කාලෙම තනිවෙලා ඉන්නවා ..
හැබැයි අහම්බෙන් හරි එක සැරයක් අහිමිවුනු , මගහැරුණු ඔහු හෝ ඇය ඔබට මුණගැහුනොත් බොහෝ විට ඔබට සිතෙයි ,මේ වෙනුවෙන් මේ තරම් වෙහෙසුනේ ,වද උනේ ඇයි කියලා .

මෙතෙක් කල ඔබව පෙලපු ඒ ප්‍රේමණීය හැඟීම පසෙකලා , කියාගන්න බැරි හිස් කමක් ඔබට දැනෙයි .

මොකද ප්‍රේමයට පරිච්චේද ගණනාවක් තියනවා ,ප්‍රේමය හිත් වල වෙනස් නොවී තිබුණට ,මිනිස්සු විදිහට අපි වයසත් ,අත්දැකීමුත් සමග වියපත් වෙනවා ,
ප්‍රේමයේ ඔබ නතර කරපු තැන , ඔබ එහෙම්මම හිටියට අනිත් පාර්ශවය ඒ තැන පසුකර බොහෝ දුර ගිහින් වෙන්න පුළුවන් , එහෙම නොවුනා උනත් , අයෙත් දෙන්නා එක්කම ඒ තැනට යන්න බැරි තරමට හෝ ගියත් කිසි වැඩක් නැති තරමට අනෙකුත් සියල්ල වෙනස් වෙලා තියෙන්න පුළුවන් ..
වර්තමානයට ඔබ්බෙන් අතීතයට ලොබ බඳින ,එකෙන් එකේ වැඩිම අවාසිය , අසාදාරණය සිද්ද වෙන්නේ ඔබේ වර්තමානට සහ ඒ ආදරණීයයන්ට .

ඔබ සිදුරු කරන්නේ ඒ අය වෙනුවෙන් පිරවිය යුතු ප්‍රේමය ..

ගෙදර ගෑනිට මිනිහට හොරෙන් වටේටම චැට් කරන ,. පරණ පෙම්කතා වලට පෙම්කරන කාට උනත් අවසානේ ඉතුරු වෙන්නේ දරාගන්න බැරි තරමේ පසුතැවීමක් විතරයි ..

කන්න අඳින්න දෙනවා ,සියලු යුතුකම් කරනවා කියල ඔබ ඔබේ හිත හදාගන්න කරුණු හෙව්වට ,ඔබ හදවතින් සම්පුර්ණයෙන් ඉන්නේ වර්තමාන සැමියා බිරිඳ සමග නෙමෙයි නම් අවසානේ ඔබට ඉතුරු වෙන්නේ පරාජය විතරයි , ඔබ නොහිතුවට ඒ ඇතිවන හිඩස හොඳටම ඇති වටේම ඉන්න යක්කු මලපෙරේතයෝ කුම්භාණ්ඩයෝන්ට ඔබේ ගෙදරටම ඇවිත් ඔබේ කාමරේම බල්ටි ගහන්න ,තව කියන්නේ දෙයක් නැහැ .
ආදරේට සාදාරණ වෙන්න ,එතකොට ජීවිතේට පසුතැවීම් නැහැ.

අතීතය කියන්නේ ඉඳල හිටලා ගිහින් එන්න හොඳ තැනක් උනාට නැවතිලා ඉන්න ඕන තැනක් නෙමෙයි ..

අනිශා ජයකොඩි✍️

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!