ආහාර විද්‍යාව හා පෝෂණය – වයඹ විශ්ව විද්‍යාලය.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ආහාර තාක්ෂණය , මානව පෝෂණය ගැන උනන්දු අයට හදාරන්න පුලුවන් ශ්‍රී ලංකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තුල ස්ථාපිත ප්‍රථම උපාධි පාඨමාලව තමයි වයඹ විශ්ව විද්‍යාලයෙ විද්‍යාවේදී ආහාර විද්‍යාව හා පෝෂණ (ගෞරව) උපාධි වැඩසටහන. අපි අද මේ ලිපියෙන් ඒ ගැන වැඩි තොරතුරු දැනගනිමු.

විද්‍යාවේදී ආහාර විද්‍යාව හා පෝෂණ (ගෞරව) උපාධි පාඨමාලාව.

 

මෙම උපාධි පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සෙ වසර හතරක් පුරාවට විහිදෙන අතර දෙවන වසර අවසානයෙදී ඔබගෙ කැමැත්ත පරිදි ,

1- ව්‍යවහාරික පෝෂණය – Applied nutrition .

2- ආහාර විද්‍යාව හා තාක්ෂණය – Food science and technology . 

 

යන ක්ෂෙත්‍රයන් දෙකෙන් එකක් තෝරාගෙන හැදෑරිය හැකිය.

මෙම උපාධි පාඨමාලාව හැදෑරිමේදි ඔබට පලමු වසර දෙක තුලදී පහත සදහන් ක්ෂේත්‍රයන් රැසක්ම ආවරණය කරන අතර එමගින් ලෝකයෙ තරගකාරී ආහාර රටාව හමුවෙ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ ආහාර ගැටලු සහ අර්බුද වලට විසදුම් සෙවීමට සමත්, එමෙන්ම මානව වර්ගයාගෙ වර්ධනයට අවශ්‍ය ඉහල පෝෂණය පිලිබද කටයුතු කිරීමට සමත් උපාධිධාරීන් බිහිකිරීමට සමත් වෙයි.

food science
ආහාර විද්‍යාව හා පෝෂණය – වයඹ විශ්ව විද්‍යාලය.

පලමු වසර දෙක තුල අධ්‍යයනය කලයුතු විෂයයන්.

 

Chemistry ,laboratory course in chemistry , principles of biochemistry and genetics , food production system , biochemistry of energy and metabolism , human physiology , microbiology , principles of food science , human nutrition , food analysis and quality assurance , food processing and preservation technology .

මෙම ප්‍රධාන විෂයයන්ට අමතරව පලමු වසර දෙක තුල පහත සදහන් විෂය ක්ෂෙත්‍රයන්ද එක්කොට ඇත්තෙ උපාධිධාරීන් හට වාණිජ අරමුණු ජයගැනීමට පහසුවන ලෙසයි. 

Data handing, concepts and practice of statistics , mathematics and computing, introduction to information technology , principles of food marketing and business economics .

පලමු වසර අවසානයෙදී සති දෙකක පමණ කාලයක් යම්කිසි ආයතනයකට අනුබද්ධව සේවය කිරීමෙ හැකියාවක් ලැබෙයි.මේ සදහා ආහාර ක්ෂේත්‍රයෙ සිටින දැවැන්ත සමාගමක් සමග හෝ පෝෂණ ක්ෂේත්‍රයට අදාල පෞද්ගලික ආයතන සමග එක්ව පුහුණුවක් ලබාගැනීමට අවකාශය සැලසෙයි. බොහොමයක් විශ්ව විද්‍යාල වල අවසන් වසරෙ පමණක් ලැබෙන මෙම පුහුණුව මෙම උපාධි වැඩසටහන මගින් පලමු වසර තුලදීම ලැබෙන නිසා ඔබ ලබාගත් විෂය දැනුම ප්‍රායෝගික ලෝකයට ගෙනයාමට අවස්ථාවක් ලැබීමෙන් ඉතා ඉහල තීරණ ගත හැකි, ගැටලු විසදිය හැකි, පුද්ගල සම්බන්ධතා ගොඩනගාගත හැකි උගත් බුද්ධිමත් රටට වැඩදායී පුද්ගලයින් බිහිකිරීමට මහත් අත්වැලක් ලැබෙයි.

food science
ආහාර විද්‍යාව හා පෝෂණය – වයඹ විශ්ව විද්‍යාලය.

තෙවන වසර තුල ඔබ ව්‍යවහාරික පෝෂණ (Applied nutrition ) අධ්‍යානාංශය සමග උපාධි පාඨමාලාව සිදුකිරීමට බලාපොරොත්තු වන්නෙ නම්, 

Diet and disease , public health and community nutrition , nutrition in life circle , sociology of food and nutrition , nutrition assessment ,medical nutrition therapy යන විෂයයන් ඔබට හැදෑරීමට සිදුවනු ඇත. 

තෙවන වසර ඔබ ආහාර විද්‍යාව හා තාක්ෂණය (Food science and technology ) ඔස්සෙ හැදෑරීමට බලාපොරොත්තු වන්නෙ නම්, 

Bio technology , confectionery and beverage , dairy products technology , food chemistry , food engineering , food product development , rapid chemistry sensing method, food microbiology , food packaging , post harvest technology of fruit and vegetables , food safety and quality management , fish meat and egg production , cereal chemistry of bakery products ,spectroscopy methods යන විෂය ක්ෂේත්‍රයන් ඇතුලත් කොට ඇති අතර මේ සියල්ලක්ම විෂය දැනුමට අමතරව ප්‍රායෝගික දැනුමෙන්ද සන්නද්ධ කොට ඇත.

 

ආහාර විද්‍යාව හා පෝෂණය උපාධි පාඨමාලාව , රැකියා ලෝකය සහ අනාගත තත්ත්වය.

 

ලෝකයෙ ජනගහනය අධික වීමත් සමග ස්වාභාවික ආහාර වර්ග වල සීමාවක් දකින්නට ලැබෙනවා.එය ආහාර අර්බුදයක් සහ ගැටලුවක් වන අතර ඊට සමගාමීව විසදුම් සෙවීම කල යුතුය. මෙහිදී කෘතිම ආහාර නිශ්පාදනය පිලිබද වැඩි අවධානයක් යොමුකල යුතු අතර ඒවා මානව වර්ගයාට අහිතකර නොවී සියලුම පෝෂණ අවශ්‍යතා සපුරන තත්ත්වයෙන් උසස් විය යුතුය.මෙම උපාධි පාඨමාලාවෙ මූලික අරමුණක් වන්නෙ පෝෂණයෙන් සහ ඉහල ගුණාත්මභාවයෙන් යුතු ආහාර මගින් මානව වර්ගයාගෙ ආහාර සහ පෝෂණ අවශ්‍යතා ඉටුකිරීමට දායක වන උගත් බුද්ධිමත් උපාධිධාරීන් බිහිකිරීමයි. 

මේ නිසාම මෙම උපාධි වැඩසටහන බොහෝවිට ප්‍රායෝගික පරීක්ෂණ, විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සහ ක්ෂේත්‍ර චාරිකා රැසකින් සමන්විත අතර විෂය දැනුම වර්ධනය කිරීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වීම සුවිශේෂී කරුණක්.තෙවන  වසර තුල පැවැත්වෙන විවිධ තරග සහ ප්‍රදර්ශන මගින් සිසුන්ගෙ හැකියාවන් ඔප්නංවා ගැනීමට අතදෙන අතර BMICH හිදී සෑම වසරක් පාසාම පැවැත්වෙන pro food pro pack නමින් හදුන්වන අලුත් ආකාරයෙ ආහාර වර්ග සහ අලුත් ආකාරයෙ නිර්මාණාත්මක ආහාර ඇසුරුම් ප්‍රදර්ශනය සදහා මෙම උපාධි පාඨමාලාව හදාරන ඕනම සිසුවකු සදහා ඉදිරිපත් වීමට හැකිවන අතර එමගින් විවිධ ඇගයීම් වලට ලක්වෙයි

food science
ආහාර විද්‍යාව හා පෝෂණය – වයඹ විශ්ව විද්‍යාලය.

අවසන් වසර තුලදී ඔබ තෝරාගත් අධ්‍යානාංශය යටතෙ පර්‍යේෂන ව්‍යාපෘතියක නියලීමට අවකාශය ලැබෙන අතර එමගින් අලුත් සංකල්පයන් බිහිකිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙයි.අවසාන අධ්‍යයන වාරය තුල බාහිර වාණිජ සහ රැකියා ලෝකය සමග ගැටෙමින් ආහාරවේදී පුහුණුව සහ කර්මාන්ත ක්ෂේත්‍රයෙ පුහුණුව ලබාගත හැකිය.

ඔබ මෙම ක්ෂෙත්‍රයට දැඩි උනන්දුවක් දක්වන සිසුවකු නම් විශ්ව විද්‍යාල සදහා අයදුම්කරන විට මෙම උපාධි පාඨමාලාව සදහා මූලිකත්වයක් දීමට කටයුතු කරන්න.මෙරට සේම ලොව පුරාම අනාගත රැකියා ක්ෂේත්‍රයෙ ඉහලින්ම ඇති වටිනා ක්ෂේත්‍රයක් ඔබගෙ සිතැගි පරිදි තෝරාගැනීමෙන් ඔබගෙ අරමුණු කරා යමින් රටට ලෝකයට වැඩදායී පුද්ගලයකු වීමේ වටිනා අවස්ථාවක් ලබාගත හැකිය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!