ආහාර නැවුම්ව තබා ගන්න උපක්‍රම 7 ක් ( කටට රසට අහාර රටා )

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වෙළඳපොළෙන් මිලදී ගන්නා ආහාර පාන ආදිය විශේෂ සැළකිල්ලක් හෝ පිළිවෙලක් නැතිව ශීතකරණයක හෝ කබඩ් එකක අසුරාතබන්නයි බොහෝ දෙනා පුරුදුවෙලා තිබෙන්නේ. නමුත් නිසි ලෙස ක්‍රමවත්ව ආහාර පාන ගබඩා කිරීමෙන් ඒවායේ නැවුම් බව බොහෝ කලක් නොනැසී පවත්වාගත හැකි බව ඔබ දන්නවාද?

නාස්තිය අවම කරමින්,ඔබේ මුදලුත් ඉතිරිකරන ආහාර වල නැවුම් බව ආරක්ෂා කරගැනීමට උපකාරී වන උපක්‍රම 7 ක් ගැනයි මේ.

  1. රට හාතාවාරිය (ඇස්පැරගස්)

ඇස්පැරගස් ටික ශීතකරණයේ දිගු කලක් නැවුම්ව තබාගැනිමට නම්, ජලය සහිත බඳුනක දඬු ටික දමා, ප්ලාස්ටික් බෑගයක් ඊට උඩින් දමන්න. බෑගය රබර් බෑන්ඩ් එකක් දමා සීල් කරගන්න.මෙසේ කිරීමෙන් ආසන්න වශයෙන් සතියක කාලයක් මේවා කල්තබාගත හැකියි.

  1. පාන්

පෙති පාන් සහිත බෑගයට සැල්දිරි දණ්ඩක් දමා තදින් ගැටගසන්න.සැල්දිරි මඟින් එහි තුළ පවතින තෙතමනය උරාගනිමින් පුස් සෑදීම ප්‍රමාද කරවයි. මේ ක්‍රමයට ඒවා සතියක කාලයක් කල් තබාගත හැකියි.

  1. පාන් පිටි

ගුල්ලන් වැනි කෘමීන්ගෙන් පිටි ටික ආරක්ෂා කරගැනීමට, හුලං නොවඳින බඳුනක පිටි දමා තබන්න.වියළි ලෝරල කොළ 2-3 ක් එයට දමන්න. කබඩ් එකක මෙම බඳුන අසුරාතබන්න. එසේ කිරීමෙන් මාස 6 ක් පමණ ඒවා හොඳ තත්වයේ තබාගත හැකියි.

  1. අලිගැට පේර

නොඉදුනු කොළ පැහැති අලිගැට පේර ශීතකරණයේ තබන්න එපා.එහි ඇති අධික තෙතමනය පොතු වල පුස් බැඳීමට හා කලු වී යාමට හේතුවේ.වැසිය හැකි කඩදාසි බෑගයක මේවා දමා තබන්න. ඒවා ඉදෙන තුරු කුස්සියේ සිසිල් ස්ථානයක මෙය තබන්න. ඉදෙන්නට දින 3-4 ක් පමණ ගත වේ.

කැපූ අලිගැට පේර ඉක්මනින් දුර්වර්ණ වේ.කැපූ කොටස් කුඩා ලුනු කැබැල්ලක් සමඟ ප්ලාස්ටික් බඳුනකට දමා වසා ශීතකරණයේ තබන්න.ලූනු වල ඇති එන්සයිම නිසා අලිගැට පේර වල නැවුම් බව දින කිහිපයක් දක්වා සු‍රැකේ (ආසන්න වශයෙන් දින 1-2 ක් පමණ)

  1. කුකීස්

බේක් කරගත් කුකීස් වල නැවුම් බව ‍රැකගැනීමට හුලං නොවදින සේ වැසිය හැකි වීදුරු බෝතලය අසුරා පාන් පෙත්තක් ද දමා වසා තබන්න. එමඟින් එහි ඇතුළත ඇති අමතර ජල වාශ්ප අවශෝෂණය කරගනිමින් කුකීස් වල ක්‍රන්චි ස්වභාවය එකෙසම පවත්වාගනියි. මෙසේ කිරීමෙන් ඒවා සති 2 ක් පමණ කල් තබාගත හැකිය.

  1. තක්කාලි 

තක්කාලි පේස්ට් බඳුනක් විවෘත කළ පසු සතියක් ඇතුළත භාවිතා නොකලේ නම්, එය නරක් වී යයි. එසේ වීම වළක්වාගැනීමට අයිස් ට්‍රේ එක ගෙන එයට තක්කාලි පේස්ට් පුරවාගෙන අධි ශීතකරණයට දමන්න.නැතිනම් එම පේස්ට් බඳුන  ඉටි කඩදාසියකින් ඔතා හුලං නොවදින ප්ලාස්ටික් බෑගයකට දමා ශීතකරණයේ තබන්න.එසේ කිරීමෙන් මාස 6 ක් පමණ කල්තබාගත හැක.

  1. ඉඟුරු අල

ඉඟුරු අල පොතු සමඟම වීදුරු බඳුනකට පුරවාගන්න. එයට උණු කරගත් සිසිල් වතුර පුරවන්න.හොඳින් වසා ශීතකරණයේ තබන්න. අවශ්‍ය විට භාවිතයට ගන්න. මේ ක්‍රමයට එවා සති 3-4 ක් පමණ හොඳින් කල්තබාගත හැකිය.

 

 

උපුටා ගැනීම:  The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!