අළුත් බෝඩිම (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
විද්යාපීඨෙ තුන්වෙනි අව්රුද්ද කියන්නේ අපේ සිමාවාසික අව්රුද්ද . ඉස්කෝලෙක අව්රුද්දක ට්රේනින් එකක් හොඳටම ලැබෙන අව්රුද්ද .
ඔය අව්රුද්දෙ තමයි අපි අව්රුදු දෙකක් දුකසේ උනත් සතුටෙන් හිටපු හොස්ටල් එකට සමු දීලා මේ සුන්දර සමාජේට එන්නේ . හරියට කෝෂයකින් එළියට එන සමනල්ලු ටිකක් වගේ .
ගොඩක් වෙලාවට සීමාවාසික අව්රුද්ද කියන්නේ අපි බෝඩිමක නැවතිලා සම්පුර්ණ ඉස්කෝලේ බර අදින අව්රුද්ද .
බර අදිනවා කියලා කිව්වේ ඉතිං ඉස්කෝලෙකට කරගන්න පුළුවන් ඔක්කොම වැඩ ටික කරගන්නේ අපිට කියලා . සමහර ටීචර්ලා බටර් ටිකක් ගාලා , කන්න දෙයක් ගෙනත් දීලා එහෙම රෙජිස්ටර් එක සම්පුර්ණ කරන එකේ ඉදලා , පේපර් බලව ගන්න එක , නිවාඩු දවසට එයාලගේ පංති වලට උගන්නන එක වගේ වැඩ අපි කරනවා .
නැත්නම් ඉස්කෝලෙක බිත්ති , තාප්ප හැඬ කරනවා .
නැත්නම් ඉගෙනීමට දුර්වල දරුවොන්ට පංති කරනවා .
ඒ වගේ ගොඩක් වැඩ අපි කරනවා අපේ ඉගෙනීමේ පුහුණුවට අමතරව .
මට සීමාවාසික ඉස්කෝලේ විදියට ලැබුනේ කොළඹ නුවර ප්රධාන පාරේ ඉස්කෝලයක් . ඒ ඉස්කොලෙටම හොස්ටල් එකේ එහා පැත්තේ රූම් එකේ හිටපු මානවිකාවෝ දෙන්නෙකුත් වැටිලා හිටියා .
ඒ වගේම තව පිරිමී ළමයෙකුත් හිටියා . ඔක්කොම හතර දෙනයි .
හා හා පුරා කියලා ඉස්සෙලාම ගැහැණු අපි තුන් දෙනා බෝඩිමක ඉදලා තමයි ඉස්කෝලේ ගියේ .
එකම බෝඩිමේ එක කාමරේක ජිවත් උනේ .
ඒ බෝඩිම ගෙදරක්. තරුණ ජෝඩුවක් , ඒ වගේම එයාලගේ අව්රුදු තුනේ දුවයි හිටියේ .
ටිකෙන් ටික කාලය ගෙවිලා යද්දී බෝඩිමේ අක්කා අපිට වෙනස්කම් කරන්න පටන්ගත්තා .
අයියගේනම් අවුලක් තිබුනේ නෑ . හැමවෙලේම කටපුරා හිනා වෙලා නංගියා කියලා කතා කරලා ජොලියේ හිටපු මනුස්සයෙක් . අපිටත් අයියත් එක්ක අවුලක් තිබුනේ නෑ .නැවතත් කියන්න ඕනි මේ හැම ප්රශ්නෙම පටන්ගත්තේ බෝඩිමේ අක්කා නිසා .
තව ඒ ජෝඩුවගේ අව්රුදු තුනක් වෙන පොඩි දරුවා . දරුවා අපිට දුන්න වද වලටයි , අක්කා අපිට පුප්පන පිප්පිල්ලටයි අපිටත් ඉවසුම් නැතිව ගියා .
එන්න එන්න අක්කයි අපියි අතර තිබුණු සීතල යුද්ධේ දරුණු උනා . ඉන්දියාවයි පකිස්ථානෙයි වගේ අපි හිත යටින් පරමාණු බෝම්බ පවා යොදාගනිමින් සටන් කලා .
සීමාවාසි පුහුණුව ඉවර වෙන්න මාස තුනක් තියෙද්දී එක ඉරිදා දවසක දෙන්නම් අද අපි බෝඩිමේ අක්කට කියලා කල්පනා කරලා වෙන බෝඩිමක් හොයාගන යන්න ගියා . ඒ ගියෙත් බඩු ඔක්කොම කද මළු බැදගන එළියටත් බැහැලා ඉවර වෙලා .
අපි යනවා කියලා කියද්දී අක්කගේ මුණ වෙනස්වුනු විදිහට අපේ හිතේ මල් වෙඩි පත්තු උනා . ඒ තරමට ඒ මුණ පැහිලා ඉදිලා වැඩි වෙලා බිමට නැමුණු දෙල් ගෙඩියක් වගේ අපිට පෙනුනේ .
දෙවැනි බෝඩිම පළවෙනි බෝඩිම තරම් සුපිරි පැලැන්තියේ නෙවෙයි .
පැය විසි හතරම අඳුරු පාටට පෙනෙන , ලයිට් බල්බ් එකේ එළියත් මහා මලානික ව දැනෙන ගොඩක් පරණ පුංචි ගෙදරක් .
ඒ ගෙදරට යන්නත් හරියටම පඩිපෙල් හැට හතක් නගින්න ඕනි .
කන්දක් උඩ . වටේටම කඳු වළල්ලකින් වටවුණු .
හැමදාම තෙත් පරිසර පද්ධතියක් ඒ ඉඩම.
අළුතෙන් ගියපු බෝඩිමේ හිටියේ වයසක ඇන්ටි කෙනෙක් . අපි ඒ ගෙදර බෝඩින් වෙන්න මාසෙකට විතර කලින් තමයි ඒ ඇන්ටිගේ අම්මා නැතිවෙලා තිබුනේ .
ඒ ගෙදර තිබුනෙත් කාමර දෙකයි .
ඉතිං ඇන්ටි අපිට දුන්නේ එයාගේ අම්මා අව්රුදු ගණනක් ජිවත් වුන , මාස ගණනක් එක තැන් වෙලා හිටපු සහ අවසානයේ අවසන් හුස්ම හෙලපු කාමරේ .
අපිත් හරියටම ඒ සිද්ධිය දැනගත්තේ ඒ බෝඩින් කාමරේ පදිංචිවෙලා සතියක් දෙකක් ගියාට පස්සේ .
ඒක ඇහුවට පස්සෙනම් අපි තුන් දෙනාට හීං දාඩිය දැම්මා . එත් ඉතිං ඒ කියලා අපි පරණ බෝඩිමට දුවන්නයෑ …. ඔන්න ඔහේ ඕනි මඟුලක් කියලා ඒ කාමරේ ජිවත් උනා .
අනික මැරුණ ඇන්ටිගේ අම්මා ඇවිත් අපිට මොනවා කරන්නද කියලා අපි දවසක් ඉස්කෝලේ කැන්ටිමට වෙලා පැටිසක් කන ගමන් කිය කියා හිනා උනා .
හැබැයි ඒක අහගන හිටපු කැන්ටිමේ අංකල් නම් කිව්වේ කෝකටත් පරෙස්සම් වෙන්න පුංචි ටීචර්ලා කියලා .
ඒ මදිවට අපි දෙවැනි බෝඩිමට පදිංචියට ගිහිං දවස් තුන හතරකට පස්සේ කළුයි සුදුයි පුසියෙකුත් කොහෙන්දෝ බෝඩිමට ඇවිත් උගේ ගෙදර වගේ ජිවත් වෙන්න පටන්ගත්තා .
බෝඩිමේ ඇන්ටි අපිට සැලකුවේ දෙයියන්ට වගේ . තුන් වේලටම කෑම . අතුරුපස , තේ වේල වරද්දන්නෙ නැතිව අපි ලගටම ආවා .
හැබැයි ඇන්ටි අපෙන් ගත්තෙත් රුපියල් දෙදාස් පන්සීයයි . අක්කගේ බෝඩිමේ ගාස්තුව හය දාහයි . අක්කට වඩා ඇන්ටි ලාබයි . අපිටත් ඉතිං රජ මගුල්. ඒ දවස් වල ඇන්ටිගේ රස මසවුළු කාකා අපි පරණ බෝඩිමේ අක්කට බැන බැනමයි හිටියේ .
ටික කාලයක් සතුටින් සාමයෙන් ගෙවිලා ගියත් හිටපු ගමන් අපි හිටපු කාමරෙන් ජරා ගඳක් එන්න පටන්ගත්තා . නහයක් කියලා එකක් මොකට තියෙනවද කියලා හිතුනා ඒ ගන්දස්තාරේ එක්ක . ඒ ඟද ඇත්තටම අපේ නහය කපලා දාන්න හිතෙන තරම් ප්රබලයි .
මේ හැමදේම දැනෙන්න පටන්ගත්තේ ඇන්ටිගේ අම්මගේ තුන්මාසේ දානේ දුන්නට පස්සේ.
ටිකක් හොදට ඇඳයට , මෙට්ටේ යට එහෙම අවුස්ස්සලා බලද්දී මුළු කාමරේම බළල් ජරාව තැන තැන .
ඔය පුසෝ කියන උන් මට පෙන්නන්න බැරි ජාතියක් . බෝඩිමෙත් හිටියා ඇන්ටිගේ සැපට දුකට ඇති කරන , කොහෙන්දෝ මතුවුන කළුයි සුදුයි පුසී. අපි හිතුවේ ඌගේ නොසන්ඩාල වැඩක් තමයි මේ කියලා .
හැබැයි ඇන්ටිනම් කිව්වේ , ඒ පුසීඑහෙම නරක වැඩ කරන එකෙක් නෙවෙයි කියලා .
එහෙම කිව්වට ඔය කරලා තියෙන්නේ කියලා හිත හිතා ,
අපි තුන් දෙනාත් පුසාගේ අම්මා මුත්තා මතක් කර කර කාමරේ ඔක්කොම සෝදලා දාලා ආයෙත් දැහැමෙන් සෙමෙන් ජිවත් උනා .
ඇන්ටිත් අපිට පෙනෙන්නද මන්දා දෙපාරක් තුන්පාරක් ඌට ගහලා කන්න නොදී ඉදලා සැර දාලා ඌගෙට නොගෙන ඉන්න තීරණයත් කරාලා ඌ ගෙට ගත්තේ නෑ .
ඔයාලට කියන්න අපිට සතුටෙන් ජිවත් වෙන්න පුළුවන් උනේ දවස් දෙකයි . ආයෙත් අපේ කාමරේ අර ගඳ එන්න පටන්ගත්තා .
ඒ වතාවේදී අපි ඉක්මනින් ජරා ගොඩ හොයාගන සුද්ද කරා .
මොකද ඒ වෙද්දී අපි උගත් පාඩම් හා ප්රති සංවිධාන කියන ෆයිල් එකට ඔය පුසී ගැන ෆයිල් කරගන හිටියේ . ඉතිං අපි ඉක්මනින් තේරුම් ගත්තා මේක පුසීගේ වැඩක් ය කියලා .
එත් එළියේ එන්න පුසී කොහොමද මේ වැඩේ කරේ කියලා අපි හැමෝටම ප්රශ්නයක් ඉතිරි කලා .
අපේ කාමරේ ඇඳවල් දෙකක් තිබුණා . එකක් අළුත්ම ඩබල් ඇඳක් , අනිත් එක ඇන්ටිගේ අම්මා බුදියපු සිංගල් ඇඳ .
මම නිදාගත්තේ ඩබල් ඇඳේ තවත් මානවිකාවක් එක්ක .
දවසක් රෑ දොළහට එකට විතර මගේ අනිත් ඇඳේ ඉන්න මානවිකාව මට අනිනවා ” නැගිටපන් , නැගිටපන් ” කියලා .
මොන මඟුලක්ද මේ කියලා ඇහැරලා නිදි ගැට කඩලා අනිත් උන් දෙන්නගෙන් ඇයි කියලා අහද්දී එකෙක් කියනවා මට …
” බලපන් …..නෙට් එක උඩ ජරාවක් “
එතකොට මම නිදි කුමාරිව එළවලා පියවි සිහියට ඇවිත් නෙට් එක දිහා බලද්දී , ඇදට හොඳට යට කරලා දාලා තියන නෙට් එකේ පැත්තක ජරාවක් කියලා පෙනුනේ .
ඒ රෑම ආයෙත් කාමරේ අස් කරලා හිරිකිතේ නිදා ගන්න හැදුවත් අපිට නින්ද ගියේ නෑ .
හිත ප්රශ්ණ කලේම ඇයි මේ පුසී අපිට මෙහෙම කරන්නේ කියලා .
ඒ වගේ දවසින් දවස ගෙවිලා යද්දී , දවස් ගණනක් එක දිගට නෙට් උඩ මහා ගඳක් හමන ජරාව තියෙන්න පටන්ගත්තා .
ඒ වදේ ඉවසගන්නම බැරිව අර සිංගල් ඇඳ නිකං තියලා අපි තුන් දෙනාම ඩබල් ඇඳේ හරහට කිටි කිටියේ නිදා ගත්තා .
අර ඇන්ටිගේ අම්මගේ ඇඳ නිදහසේ තිබුනත් පුසී ඊට පස්සේ කරේ කාමරේ අපේ බෑග් උඩ , සූට් කේස් උඩ ජරා කරන්න පටන්ගත්තු එක .
සමහර දවස් වලට අපිට හිතුනා බෝඩිම දාලා දුවගන ගෙදර එන්න . ඉක්මනින් සිකුරාදා වෙලා ගෙදර දුවන්න අපි බලාගන හිටියේ පුසීගේ මේ අහස පොළව නුහුලන අපරාදේ නිසා .
අපේ කාමරේට දොරක් තිබුනේ නෑ . දොර රෙද්දකින් විතරයි කවර් කරලා තිබුනේ .
කෝකටත් කියලා පුසා දොරෙන් ඇතුලට එනවා ඇති කියලා හිතලා කාඩ් බෝඩ් වලින් අපි දොර අවහිර කරන්න පටන්ගත්තා .
කාඩ් බෝඩ් හරහට තියලා සෙලෝටේප් ගහලා , අපේ බැග් මළු දොරට හිර කරලා දොර අවහිර කරත් උදේට කාඩ් බෝඩ් ටික පඬරැල් වගේ සෙලෝටේප් ගැලවිලා බිම තිබුණා . ඒ ජරාවත් හැමදාම අපේ කාමරේ තැන තැන තිබුණා .
එන්න එන්න අපි ඒ නිසා පුදුම මානසික පීඩනයෙන් හිටියේ . පුසී අර සිංගල් ඇදෙ නිදියන එක නතර කරපු දවසේ ඉදං එකෙ ජරා කරේ නෑ . හැබැයි ඌ කාමරේ තැන තැන ජරා කරා .
මාසයක් වගේ අපි ඒ වදේ වින්දා . අවසානයේ සිමාවාසික පුහුණුවේ අවසාන දවසේ අපි තීරණය කරා එදා හවසම බඩු ටික අකුලගන බෝඩිමෙන් යන්න .
මුළු කාමරේම සුද්ද කරලා අනවශ්ය දේවල් පිච්චුවා . අන්තිම දවසේ රෑ නින්ද ගියේ නැත්තේ බයට . අද රෑත් පුසී වැඩේ දෙයි කියන බය අපිට තිබුණා .
එදා රෑ එකට දෙකට ඩබල් ඇඳේ හරහට නිදාගන හිටපු අපි තුන්දෙනාට පෙනුනේ පුසා සිවිලිම උඩ ඉදගන අපි දිහා බලාගන ඉන්න හැටි .
ඒක මහා බයානක බැල්මක් . නැත්නම් ඒ බැල්ම අපිට හිතින් මැවිලා පෙනුන දෙයක් . එත් අපි තුන් දෙනාටම පෙනුනේ කොහොමද දන්නේ නැහැ .
සීමාවාසි පුහුණුව ඉවර කරලා එදා හවසම බෝඩිමට බායි බායි කියලා ගෙදර ආපු මම මාසෙකින් විතර බෝඩිමේ ඇන්ටිට කෝල් කලේ දුක සැප දැනගන්න .
මොනවා උනත් ඇන්ටි අපිට දෙයියන්ට වගේ සැලකුව නිසා .
එදා ඇන්ටි කිව්වේ අපි ආවත් හරි ඒ කාමරේ කව්රුත් බෝඩින් වෙන්න ආවේ නෑ තවම කියලා .
පුසී ආයේ ඒ වගේ ජරා කරෙත් නෑ කියලා .
හොදම දේ තමයි අපි බෝඩිමට ආපු පහු වෙනිදා ඉදලම ඒ නෝටි පුසීත් අතුරුදහන් වෙලා . ආයේ කවදාවත් බෝඩිමට ඇවිත් නැහැ .
ඒ වචන ටික ඇන්ටි කියපු වෙලාවේ ඉදලා මම වෙව්ලන්න පටන්ගත්තේ ඒ නොසන්ඩාල පුසා මගේ පස්සෙන්වත් අපේ ගෙදර ඇවිත් ද කියලා .
ගෙදරට ඇවිත් ඒ වගේ කැත වැඩ කරන්න පටන්ගත්තොත් මොන දෙවියන්ට කියන්නද දෙයියනේ ….
ගෙදර දාලා යන්න කියලායෑ ..
අපි දන්නා තරමින් ඒ පුසාට වරදක් කරෙත් නෑ .
මම තේරෙන්නේ නෑ වරදක් කලත් පුසොන්ට එහෙම පලි ගන්න තරම් මොළයක් තියෙනවද කියලා .
පලි ගත්තත් ඒ තරම් කෲර විදියට පලිගන්න පුළුවන්ද දෙයියනේ පුසොන්ට .
උපුටා ගැනීම: Hasika Wijethunga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!