අන්ධකාරයේ කුමාරයා (කෙටි කතාව) (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මේ පොත ද ඔයා හෙව්වේ..”
කවුදෝ මට පිටිපස්සෙ ඉඳන් කතා කරනවා අැහුණා. මම මෙච්චරවෙලා හොයපු පොත ඔහු අතේ තබාගෙන හිටියා..
“තෑන්ක්ස්… මේක තමයි මම හෙව්වේ..”
මම එහෙම කියලා පොත අරන් කවුන්ටරය දිව්වේ බෝඩිමට ගිහින් කරන්න තව දහසකුත් එකක් වැඩ තිබුණු නිසා. ඔහු බලාපොරොත්තු බිඳුණු දෑසින් බලා සිටි බව මට දැනුනත් කාගෙවත් හැඟීම් ගැන කරදර වෙන්න වෙලාවක් මට එ් වෙලාවෙ නම් තිබුනෙම නෑ..
” ෂික් මේ ජරා බස් නම්..”මම කවුරුත් නැති බස් නැවතුමේ අඳුරට ඔරවගෙන හිටියා. 154 පාරේ බස් එන්නේ යලට මහට… මට පරක්කුයි අප්පා..
මම මේ දුවන්නෙ හෙට දෙන්න තියෙන අසයිමන්ට් එකක් කම්ප්ලීට් කරන්න.. මටත් තියෙනවා අන්තිම මොහොතක වෙනකම් වැඩ කල් දැමීමේ උදාර ගතිය. එ්කෙ ප්රතිඵල තමයි මේ.. හිතුවට වැඩිය වෙලා ගියා ලයිබ්රරි එකෙන් ඩීටේල්ස් එකතු කර ගන්න.. බුක් ෂොප් එකේ පොත හොයන්නට ඊට වඩා වෙලා ගියා.. ෂොප් එකේ තියෙන පොත් මොනවද කියලා ෂොප් එකේ උන් දන්නෑ.. අර මනුස්සයා නැත්නම් මම තාම හොයනවා…
ඔන්න එ් මනුස්සයගෙ බලාපොරොත්තු සහගත බැල්ම එක පාරටම හිතේ විදුලි කෙටුවා..
මම අඳුරට රවා ගෙන ඉන්න අතරේ පිටුපසින් සිවුරුහන් හඬක්..
එ් අැස්ද.. ඉබෙිම හැරිලා බැලුවා..
“ෂික්… අසහනකාරයෝ.. “
“නංගි.. නංගී”
පිටිපස්සෙන් කතා කරන හඩ ළඟම වගේ අැහෙනවා.
“බස් එකක්.. ප්ලීස් “
මම දෙවියන් යැද්දා
අැස් ගිනිකන වැටෙන අාලෝකයක් එක්ක ක්රාස්.. බ්රේක් පාරක්..
දෙවියනේ! අවුඩියක්..
මම දන්න කාටවත් අවුඩියක් තිබුණේ නෑ. එහෙනම් මේ කවුද..? මාව පැහැරගෙන යන්නවත් ද.. අවුඩියකින්..
මට මුලින්ම මතක් වුණේ අසයිමන්ට් එක… එහෙම වුණොත් එ්ක වෙන දවසක සබ්මිට් කරන්න වෙනවා.. පනපිටින් අාවොත්..
මේ හැම දෙයක්ම හිතන තත්පර ගානට කාර් එකේ දොර අැරන් එලියට බැස්සේ එ් බලාපොරොත්තු සහගත අැස් වල අයිතිකාරයා..
මට දැනුනෙ නාඳුනන ග්රහලෝකෙක අතරමං වෙලා ඉන්න කොට දන්න කියන කෙනෙක් දැක්කා වගේ හැඟීමක්..
ඔහු මුලින්ම බැලුවේ මා දිහා නොවෙයි. පිටුපස සිටි අසහනකාරයා දිහා. උෟ හයේ හතරෙ සයිස් වුණත් මොකක්දෝ හේතුවකට සටනකින් තොරව පසුබැස්සා..
“එන්න.. මම ඔයාව ඩ්රොප් කරන්නම්..”
මම අසංවෙදී රොබෝ කෙනෙක් වගේ වාහනේ නැග්ගා.. මොකක්ද හේතුවකින් පැහැරගෙන යන කතා මගේ හිතින් ඉවත්වෙලා එ් වෙන කොට..
මම දෑත් පොරවගන්නවා දුටු ඔහු
“සීතල වැඩිද..?” අසමින් Air conditioner අඩු කළා.
“ඔයා කවුද.. “කියලවත් අහන්න මතක් වුණේ වාහනේ ටික දුරක් අාවට පස්සේ.. ඔහු හිනාවුනා.. එ් හිනාව.. හිනා වෙන කොට මූණ වල ගැහෙනවා.. ඔහු කලුයි.. දැකුම්කළුයි… වම් පැත්තේ තිබුණ නල දත හිනාව තවත් ලස්සන කළා..
ඔව් මම බලා හිටියා ඔහු දිහා.. ඔහු
කඩවසම්.. ඕනෙම කෙල්ලක් ටිකක් වෙලා බලන් ඉදිවී ඔහු දිහා.. ඉතින් මම..එ් කියන්නේ කන්නාඩි දාන කැහැටු මාෂිත් එයා දිහා ආසාවෙන් බලා හිටියා…
“මම..ප්රින්ස් ඔෆ් ඩාර්ක්නස් “
හෑ.. එ් මොකාද..?
නෑ මම එ් විදියටම අැහුවේ නෑ..
“කවුරු…? “
“එහෙම කිව්වම අවුල් නේද.. මම නිශාකර..
නිශාකර අන්දරමාන..”
“ඔයා මල්ශිනී නේද..?”
ප්ලීස්… මට මාෂි කියන්න.. මට පේන්න බෑ මල්ශිනී කියන නම.. “
” එහෙනම් මම අනසූයා කියන්න ද?”
මාව උඩ ගියා. මූ මගේ සම්පූර්ණ නම දන්නවනේ.. මේක හරි යන්නෑ මාෂි.. කට වහන් ඉඳලා හරියන්නෑ..
“ඔයා මං ගැන ගොඩක් විස්තර දන්නවනේ මිස්ට දිවාකර.. “මම සද්ද පූජාව පටන් ගත්තා..
” නිශාකර.. දිවාකර නෙමෙයි මිස් මාශි..”
ඔහු නැවත හිනාවුනා. මගෙ සවුන්ඩ් බොක්ස් එකේ ස්පීකර් ස්වයංක්රීය ව නැවතුනා.
“මම ඔයා ගැන හෙව්වා…. “
“හේතුව.. “
මම කැමති ඔයාගෙ හිනාවට,කතාවට, බ්ලා බ්ලා බ්ලා කිව්වම බෝරින්ග් නේද…? මම කැමති ඔයා හිතන විදියට..
“හිතන විදියට.. කිව්වේ…”
” මම කෙටියෙන්ම කියන්නම්… ඔයා හිතනවා නේද හැම කෙනෙක්ම අාදරය කියන දෙයින් වෙනස් කරන්න පුළුවන් කියලා..”
” ඔව්.. එ්ක එහෙම තමයි… “
” ඕනෑම කෙනෙක්.. මනුෂ්ය.. අමනුෂ්ය.. සත්ව.. ඕනිම කෙනෙක්..?”
“ඔව්.. නපුරු බල්ලෙකුට අාදරෙන් කතා කරලා බලන්න.. අපි පිරිත් කියනවා.. පිරිතේ තියෙන්නේ හොඳ වචන.. අාදරය කිරීම.. සෙත් පැතීම… නිශාකර දන්නවනේ.. සොරි ඔයා බුඩිස්ට් නේද…? “
“හ්ම්ම්”
“කරණීය මෙත්ත සූත්රය තියනවා.. භූතා වා සම්බවේසිවා-සබ්බේ සත්තා භවන්තු සුඛී සත්තා..
උපන් නූපන් සියලු දෙනාට සැපත ප්රාර්ථනාකරනවා.. “
මම දිගටම කතා කළා.. ඔහු නිහඬව අහගෙන හිටියා.
” ඔන්න ඔය හිතට තමයි මම කැමති.”
මම හිනාවුනා. ඔව් ඉතින් හිතට අැරෙන්න පෙනුමට කැමති වෙන්නෙ කවුද.. මට හිතුනා..
” ලස්සන කියන දේ සාපෙක්ෂයි.. මේ ලෝකෙ කිසිම කෙනෙක් කැත නෑ.. “
දෙයියනේ මගේ හිත.. මේ මනුස්සයා හිත් කියවන කෙනෙක්ද..?
මට මොකුත් හිතන්නවත් බය හිතුනා.
එතනින් පස්සෙ අපි කතා කලේම නෑ..
“ඔන්න අපි බෝඩින් එක ලඟටත් අාවා.. “
“තෑන්ක්ස් නිශාකර”
“Most welcome අනසූයා..”
ඔහු දඟකාර හිනාවකින් බලා අැසක් ඉඟි කර වාහනය හරවා ගනිද්දී.. වාහනේට නගිද්දී මට තිබුණු හිරිවැටුන හිතම අරගෙන මම බෝඩින් එකට අාවා..
……..
“අද නයිටක්ද අක්කි..”
නිරූපා අැහුවේ මම වොෂ් එකක් දාගෙන කෝපි එකක් එහෙම හදාගෙන මේසෙට වාඩි වෙන කොට..
“ඔව් නිරෑ.. මේ අර ලෙෆ්ට් රයිට්ගෙ අසයිමන්ට් එක.. “
ලෙෆ්ට් රයිට් කියන්නේ ජයන්ත සර්ට..
“හෙටද.. එ්කෙ සබ්මිෂන්.. මිහිල් අයියා කිව්වෙ අනිද්දා කියලා.. “
නිරූගෙ බෝයි ෆ්රෙන්ඩ් මිහිල් අපේ බැජ් එකේ.. නිරූ ඉක්මනට
මිහිල්ට කෝල් කළා..
“අාා කල් ගියාද.. අනිද්දට.. හාා මං කියන්නම් මාශිට.. Group එකේ මැසේජ් එක තියනවද..? හා හරි හරි..”
නිරූ කතාවේ ඉතුරු ටික කතාකරන්න මගෙන් අෑතටම ගියේ.. “ඉතින් මොකද කරන්නේ “කියාගෙන.
හරිනේ මේ තියෙන්නේ.. සබ්මිෂන් එක බදාදා.. අද සඳුදා… එ්ත් මම හිත හදාගත්තා.. ජීවිතේ පළවෙනි පාරට සබ්මිෂන් එකක් කල් අැතුව ඉවර කරන්න..
” අක්කි අසයිමන්ට් එක කරනවද..?”
” ඔව් අනේ.. ඔන්නොහේ කරන්න ගත්තු එක ඉවර කරනවා.. “
“හ්ම්ම්..”
නිරූ භාගෙට හිනාවෙලා කාමරේට ගියා.. අැයි මන්දා..
නිවාඩු පාඩුවෙ මාතෘකාව බැලුවේ හිතේ ගින්නක් නැති නිසා..
මානසික ව්යාධි හා ශාන්තිකර්ම..
අරන් අාපු පොත් ටික බෑග් එකෙන් අරන් මේසෙ උඩ තියා ගත්තේ වැඩේට ගැඹුරින්ම එන්ටර් වෙන්න හිතාගෙන..
” ඩ්ර්ර්.. ඩ්ර්ර්.. “
ලෙක්චර් එකේ දී වයිබ්රේට් දාපු ජංගමයා බෑග් එකේ පොඩි පොකට් එකේ ඉඳන් එක පාරක් ගොරවලා නිහඬ වුණා. මැසේජ් එකක්.. වෙලාව රෑ එකොලහයි.. කවුද මට මේ වෙලාවෙ මැසේජ් කරන්නේ.. කුතුහලය අසයිමන්ට් එකට වඩා ලොකුයිලුනේ..
“කොහොමද ඉතින්.. වැඩද..?.. මම නිශාකර..”
” හ්ම්ම්.. “
“අැයි.. කල් ගියා නේද.. “
මගේ අැස් දෙක එළියට පැනලා මේසෙ දිගේ රෝල් වුණා එ් මැසේජ් එකට නම්.. අපේ එකෙක් කැත විහිළුවක් වත් කරනවද..?
“ඔව් එ්ත්.. කරලා ඉවර කරනවා.. එතකොට හෙට නිදහස්නේ.. “
“එ්ක හොඳයි.. ඉවර කර ගන්න පුළුවන් වුණොත් හෙට මාත් එක්ක කොෆී එකක් බොන්න යමුද..?”
මම පිළිතුරක් දුන්නේ නෑ..
“හා නේද..? “
“හෙට බලමුකෝ… “
“උදව්වක් ඕනි නම් කියන්න.. “
“හ්ම්ම්.. “
මට අසයිමන්ට් එක ඉවර කරගන්න බැරි වුණේ ප්රශ්න කිහිපයක් විසඳගන්න තිබුණු නිසා.. කොහොමත් අසයිමන්ට් එකක් කල් ගියා කියලා දැනගත්තම අැඩ්රිනලීන් ස්රාවය අඩුවෙලා නිදිමත එනවා කියලා කොහේදෝ පොතකත් තිබුණා..
……..
නිශාකර බුක් ෂොප් එක ඉස්සරහ කැෆේ එක ළඟ හිටියා. පාරේ අනිත් පැත්තේ ATMපෝලිමේ ඉඳන් මම ඔහුව නිරීක්ෂණය කළා. ගෑණු ළමයි හැරී හැරී බලනවා.. සමහර අය දෙපාරක් ළඟින් යනවා.. එ්ත් ඔහුගේ අැස් හොයන්නේ මාව .
ඔහු ගැන අනුකම්පාවක් අැති වුණු නිසා මම ATM පොලිමෙන් එළියට අැවිත් පාර මාරුවුනා. මාව දුටු නිශාකර ගේ මුහුණෙන් පිපුණු හිනාව මට කිසිදිනක අමතක නොවේවි..
“මට හිතුනා ඔයා අද එ්වි කියලා..”
ඔහු සුපුරුදු හිනාවෙන් කිව්වා..
“අැතුලට යමුද..? “
අපි කැම්පස් එක අැතුලේ මාර ගහ යට සිමෙන්ති බංකුවේ ඉඳගත්තා..
“ඉතින්..? “
එයා දිග කතාවකට පූර්විකාව ගන්න මට අාරාධනා කළා..
” ඉතින්..? “
මමත් කිව්වේ කියන්න කිසිම දෙයක් හිතා ගන්න බැරි නිසා..
” ඔයාගෙ අසයිමන්ට් එක ඉවර කළාද..? “
“නැහැ.. එ්කේ ප්රශ්න ටිකක් තිබුණා. අද එ් ටික හොයලා කම්ප්ලිට් කරනවා..
“මොනවද.. මම කිව්වේ උදව්වක් ඕනි නම් කියන්න කියලා.. “
“ඔයා දන්නවද දන්නෑ… “
” හිතාගන්න කෝ මම නොදන්න දෙයක් නෑ කියලා.. “
අායෙත් අර ලස්සන හිනාව..
” මට කළු කුමාරයා ගැන ඩීටේල්ස් නැහැ..”
” ඔයාට ඕනි හිස්ට්රි එකදනැත්නම් සයිකොලොජි බලපාන හැටිද..”
” ඔක්කොම විස්තර..”
ඔහු කළු කුමාරයා ගැන විස්තර හරි අපූරුවට විස්තර කළා.
” මමනම් හිතන්නේ නිසි වයසට ශරීරයට ලැබීය යුතු අවශ්යතා නැතිවුණාම ගෑනු අයට ඇතිවෙන මානසික ප්රශ්නයක් ඔය කළු කුමාර දෝසය.. හෝමෝන වල වෙනස්වීම් නිසා මානසිකව අැති වෙන අාතතියක්.
ඕකෙම අනිත් පැත්ත පිරිමි අයට මෝහිනී කියලා හඳුන්වනවා. “
ඔයා බලල තියෙනවද ජයන්ත චන්ද්රසිරි සර්ගෙ ඝරසරප මූවි එක..
මම හිස වැනුවා.
එ්කෙ මෙහෙම තියෙනවා ඔයාට මතකද
” ඔය හිතුවිලි වලට තිතක් කොමාවක් එහෙම තියෙනවා නෙමෙයි අායුබෝවන්ඩ.. “
අන්න එහෙම හිස්තැන් වලට තමයි මාශි යක්කු භූතයො රිංගන්නේ.. අාදරේට පුළුවන් එ් හැම හිස්තැනක් වහලා දාන්න..
ඔහු ලස්සනට විස්තර කළා.
” අනේ.. අනේ අායෙ කියන්නකෝ නිශාකර..”
මම ෆෝන් එකේ වොයිස් රෙකෝඩික් දාගෙන ඔහුට අැවිටිලි කළා..
“මේ මේ.. මතක තියාගෙන ලියනවා..කම්මැලිකම..”
ඔය විදියට තමයි අපේ කතාව පටන් ගත්තේ.. එදා ඉඳන් හැම දවසකම හැම හවසකම උදේකම දවාලකම අපි මුණ ගැහුනා. සකල ලෝකවාසී ඊර්ෂ්යා සහගත කාන්තා දෙනෙත් කැහැටු මාෂි දෙසට එල්ල වෙද්දී.. සරසවියේ මල් වසන්තය අපිට අැවිදින්නට මල් මාවත් සදා දෙද්දී මම ඔහුගේ අතේ එල්ලී සරසවිය පුරා අැවිද්දා..
බෝඩිමේදීත් දීර්ඝ දුරකථන සාකච්ඡා මැදින් කාලය ගත වුණා.
සරසවි ජීවිතය අවසාන වුණේ මට පළමු පෙළ සාමාර්ථයක් සහිත උපාධියක් හිමිකර දෙමින්.
එ් පිටුපස නිබඳව ඔහුගේ අාදරණීය මගපෙන්වීම තිබුණා.
අපි හැකි හැම විටම හමු වුණා. මට අචාර්ය උපාධිය සඳහා විදෙස් ගත වෙන්න යෝජනා කළෙත් ඔහු.. ගෙදරින් පවා අනුමැතිය ලැබුණු අපේ සම්බන්ධයට නෙෙතික තහවුරු කිරීමක් අවශ්ය බව ලෝක සම්මතය විසින් අප දැනුවත් කළා.
විවාහ වී දෙදෙනාම විදෙස් ගත වෙන්නයි මම සැලසුම් කළේ. එහෙත් එයට ඔහු ගේ දැඩි විරෝධය එල්ලවුනේ කිසිවකු නොසිතූ ලෙස..
“මට රට යන්න බෑ මාෂි.. ඔයා යන්න.. අනික අපි මැරි කරන්නම ඕනි නෑ.. එහේදි ඔයාගෙ හිත වෙනස් වුණොත් වෙන තේරීමක් තිබුණොත් ඔයාට නිදහස් තියෙන්න ඕනි යන්න.. මට ඔයාව අයිතිකරගන්න ඕනි නෑ අාදරේ කරන්න.. “
ඉතින් මට සිදුවුණා තනියම විදෙස්ගත වෙන්න..
………
සති කිහිපයක් ගත වුණා.. වීඩියෝ කෝල් වලින් හැමදාම ඔහු මාත් එක්ක කතා කළා. නොදන්න දෙයක් නෑ කියපු එක හරි. මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා නිශාකරගෙන්..
එක් දිනක් නිවෙස් හිමිකාරිය මගේ කාමරයේ දොරට තට්ටු කළේ මගේ නමට ලියුම් පෙට්ටියේ ලිපියක් තිබුණු බව පවසන්නයි . අැය ලියුම මගේ අතට දුන්නා.
“ඔය ලියුම් පෙට්ටියෙ ලියුමක් තිබුණේ සෑහෙන කාලෙකට පස්සේ… “
නිවෙස් හිමිකාරිය දිග කතාවක් පටන් ගත්තා. අැගේ සැමියා හමුදාවේ සිටියදී අැයට ලිපි එවන හැටි.. දරුවෝ අෑත පාසල් වල සිට එවපු ලියුම් ගැන දීර්ඝ විස්තරය මම අහගෙන හිටියේ අැය කාරුණික කාන්තාවක් නිසා.
ලියුම ගැන කුතුහලය හිතේ පැත්තක දහඅට වන්නම නටද්දී අැගේ කතාව ඉවසීමෙන් අහන් හිටපු මට..
“දැන් ඉතින් ලියුම කඩලා බලනකල් ඉවසිල්ලක් නැහැනේ.. මම යන්නම්.. “
කියන වචන ටික කනට මී පැණි වත්කරනවා වගේ වුණා..
……
අාදරණීය අනසූයා…
මම කැමති ඔයාට එ් විදියට කතා කරන්න. එ්ක ලස්සන නමක් ඔයා අකමැති වුනාට..
ඔයා බලනවා අැති මේ හැමදාම කතා කරන නිශාකර මොකටද ලියුම් එවන්නේ කියලා.මට දිගම දිග මැසේජ් එකක් එවන්න පුළුවන්. එ්ත් එ්ක හරිම යාන්ත්රිකයි කියලා මට හිතුනා. ඩිලීට් වෙන්න පුළුවන්, ඩිලීට් කරන්න පුළුවන්.. එ්ත් ලියුමක් පරෙස්සමින් තිබ්බොත් සෑහෙන කාලයක් ඔයා ළඟ තියාගන්න පුළුවන්. ලියුමක තියෙනවා ලියන කෙනාගෙ සුවඳ.. අාදරේ… මතක.. මම දැන් ලියන්නම්..
මුලින්ම ඔයාට ස්තුතියි මට අාදරේ කළාට.. කොන්දේසි විරහිත අාදරයට.. ලස්සන කාලයක් මතකයක් මට ලබා දුන්නට
මේ ලියුම කියවලා අවසානයේ ඔයාට පුළුවන් ඔයා කැමති තීරණයක් ගන්න.. මගේ ළඟට එන්න තීරණය නොකරාවි මේක කියෙව්වම.. මටත් ඔයාව අමතක කරන්න බැහැ. එ්ත් එ්ක කරන්නම වෙනවා..
දැන් මම කියන්න යන දේටම ඔයා මාත් එක්ක තරහ වෙනවා.. තරහ වෙෙරයක් කරගන්න නම් එපා අනසූයා.. එ් ගින්න ඔයාවම විනාශ කරයි. ඔයාට ගොඩක් කේන්ති එන නිසා මම කිව්වේ..
මම ඔයාව රැවැට්ටුවා.. මට සමාවෙන්න.. මට කවදාවත් කාගෙන්වත් ලබා ගන්න බැරි අාදරයක් ඔයාගෙන් ලබා ගන්න ඕන කමට මම ඔයාව රැවැට්ටුවා.. අැත්තටම ඔයාට තියෙන්නේ විශාල හදවතක් අනසූයා.. අැයි මම එහෙම කියන්නේ..
මේ නිසයි.
සමහර ජීවිත තියෙනවා ජීවත් වන කාලයේ අාදරයක් ලැබෙන්නෙත් නෑ. මැරුණට පස්සේ දෙවිවරු යක්කු වෙනවා. එ්ත් නොලැබුනු අාදරේ හිස්තැන් එහෙමමයි. ඔයාට මතකද මම කිව්වා ජයන්ත සර්ගේ මූවි එකේ තියනවා
“මම රිංගන්නේ හිතුවිලි අස්සට.. එ් නිසා ඔය හිතුවිලි අතරට කොමාවක්, නැවතීමේ තිතක්හෙම තියන්න එපා අායුබෝවන්ඩ.. “
දන්නවද අනසූයා එයාල එහෙම හිතුවිලි අතරට රිංගන්නේ අැයි කියලා. අර නැතිවුන අාදරේ හොයාගෙන.. එයාල හොයන්නේ අාදරේ..,.අාදරේ.. අාදරේ… එ්ත් ඩොක්ටර්ස්ලා, කට්ටඩියෝ එ් අාදරවන්තයන්ව පන්නනවා..
ඔයා කිව්වා හරි.. ඕනෑම අමනුෂ්යයෙකුට වුණත් අාදරේ භාෂාව දැනෙනවා. තේරෙනවා.. අාදරේට පුළුවන් අමනුෂ්ය හිත් වෙනස් කරන්න.. මම අායෙ කාගෙවත් හිතකට රිංගන්නෑ… මට ඔයාගෙ අාදරේ අැති.. හැමදාටම.. මම දැන් හිතක් නොවෙයි කුසක් හොයන්නට ඕනි.. අැති මේ අාත්මයේ හිර වෙලා හිටියා.
එ්ත් ඔයාට මාව මැරි කරන්න බෑ අනසූයා. මම තාම යකෙක්.
යකෙක්..? ඔව් අනසූයා.. මම දැන් මාව හඳුන්වා දෙන්නම්..
මම නිශාකර.. ඔයා මාව දන්නේ එහෙමයි.. එ්ත් ඔයාට මතකද මම විහිළුවට කිව්වා මුල්ම දවසේ මම Prince of darkness කියලා. එ්ක තමයි අැත්ත.. එ් නම විශේෂණය කරලා හදපු නම නිශාකර.. ඔව් ඔයා හිතුවා හරි.. එ් තමයි මම කළු කුමාරයා…
ඔයාගෙ අාදරණීය අන්ධකාරයේ කුමාරයා
මගේ හිස භ්රමණය වෙනවා වගේ හැඟීමක් දැනුනා.. එ්ත් මට බය වෙන්න හෙතුවක් තිබුණේ නෑ. යකෙකුට අාදරේ කරපු මම යකාට බය වෙන එක විහිලුවක්නේ.. හිතට දරා ගන්න බැරි තරම් දුකක් දැනෙද්දී නිශාකර ට වට්ස්අැප් කෝල් එකක් ගන්න උත්සාහ කළා. මම හිතුවා හරි..
එකවුන්ට් එක ක්ලෝස් කරලා.
……
පුතා දේවකටයි මටයි පිට්ටනිය මැද්දෙ ම දනගහලා වැන්දාට පසු, නිකිතා
” please aunt..shall we take a photo”
කියපු නිසා මම පෙනී හිටපු එකම එක ඡායාරූපය.
මට උපාධි හිස්වැස්ම පලන්දවපු පුතා.. දේවකට උපාධි ලෝගුව පලන්දලා අපි දෙන්නට මැදි වෙලා හිනාවෙනවා.
මූණ වල ගැහෙන එ් හිනාවට වම් පැත්තේ නල දතකින් අපූරු අාලෝකයක් ගේනවා.
“හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ… “
අවුරුදු ගණනාවක් ගත වුණත් මම අාදරේ කරන ගීතයක් පසුබිමින් අැසෙනවා..
උපුටා ගැනීම: Kalani Bulathsinhala

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!