අපේ කාලයේ ඇත්තම කුමාරිකාවන් ජීවත් වන ආකාරය (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මේ සුරංගනා කතාවල ඉන්න කුමාරිකාවන් නෙවෙයි. ඇත්තටම අපේ ලෝකයේ ජීවත් වෙන, ආදරය කරන, සිනාසෙන සරල නූතන ගැහැණු ළමයින්. එයාලා අනිත් අයගෙන් වෙනස් වෙන්නෙ එයාලට රාජ්‍ය උරුමයක් තියන නිසාම විතරයි.

අද අපි ඔයාට අරගෙන ආවෙ විවිධ රටවල රාජ්‍ය උරුමක්කාරියන් වන තරුණ සහ සුරූපී කුමාරිකාවන් 10 දෙනෙක් ගැන විස්තරයක්.

01. ලක්සම්බර්ග්හි ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය

මේ 24 හැවිරිදි සුරූපිනිය, ග්‍රෑන්ඩ් ඩියුක් හෙන්රි සහ ග්‍රෑන්ඩ් ආදිපාදවරිය වන මාරියා තෙරේසාගේ එකම දියණියයි. ඇය ක්‍රීඩාවට ප්‍රිය කරන අතර භාෂා පහක් කතා කිරීමේ දක්ෂතාවයත් ඇයට තියෙනවා. ඒ වගේම විම්බල්ඩන් තරඟාවලියට පවා සහභාගී වුණා. සියලුම යුරෝපීය කුමරියන් අතරින් දිගම සම්පූර්ණ නම තියෙන්නෙත් ඇලෙක්සැන්ඩ්‍රා කුමරියටයි. ඇයගේ සම්පූර්ණ නම තමයි, ජොසපින් තෙරේසා චාලට් මාරි විල්හෙල්මින්. සැබෑ රාජකීය නාමයක් තිබුණත්, ඇය පත් වෙලා තියෙන්නෙ සිංහාසනයේ පස්වන ස්ථානයටයි.

02. එක්සත් රාජධානියේ ඇමීලියා වින්ඩ්සර් ආර්යාව

‌ඇමීලියා ආර්යාවගේ වයස අවුරුදු 20 ක් වුණත් දැනටමත් එංගලන්තයේ ප්‍රථම සුරූපිනිය ඇයයි.ඇමීලියා ආර්යාව ශාන්ත ඇන්ඩෲස්හි අර්ල් වන ජෝර්ජ් වින්ඩ්සර්ගේ බාල දියණිය වන පස්වන ජෝර්ජ් රජුගේ මිණිබිරියක්. අනාගතයේදී මේ තරුණිය මාධ්‍යවේදිනියක් වීමට සැලසුම් කරන අතර දැඩිව අධ්‍යාපනයට යොමු වෙලා ඉන්න කෙනෙක්. කොහොම වුණත් ඇය නිතරම සමාජ සිදුවීම් වලට සහභාගී වීම අතපසු කරන්නෙත් නෑ. ටැට්ලර්ගේ කවරයේ පෙනී සිටි ප්‍රථම රාජකීය රුධිරය හිමි තැනැත්තා බවටත් වින්ඩ්සර් ආර්යාව පත් වෙලා තියනවා. ඇය විලාසිතා වලට ගොඩක් ප්‍රිය කෙනෙක් වන අතර, ඇයට මේසන් ද චැනල්හි සීමාවාසික පුහුණුවක් පවා තිබෙනවා.

03. බෙල්ජියමේ ලුයිසා මාරියා කුමරිය

බෙල්ජියමේ ඇස්ට්‍රිඩ් කුමරියගේ සහ ඔස්ට්‍රියා-එස්ටේහි අගරදගුරු වන ලොරෙන්ස්ගේ දියණිය වන මාරියා කුමරියගේ වයස අවුරුදු 21 ක්.මේ රූමත් කාන්තාව දැන් එක්සත් රාජධානියේ අධ්‍යාපනය පබමින් සිටිනවා. ඇය රාජ්‍ය උරුමයේ නවවන ස්ථානයේ පසුවුණත් ඇයගේ රූමත් පෙනුම සහ දෙමාපියන්ගේ වාසනාව නිසා ඇය ලෝකයේ වඩාත්ම ඉල්ලුමක් තියන මනාලියන්ගෙන් කෙනෙකු බවට පත් වෙලා තියනවා.

04. ජෝර්දානයේ ඉමාන් කුමරිය

‌ඉමාන් බින්ට් අබ්දුල්ලා කුමරිය දෙවන අබ්දුල්ලා රජුගේ සහ ජෝර්දානයේ රනියා රැජිනගේ වැඩිමහල් දියණියයි. ඇයගේ වයස අවුරුදු 20 ක් වන අතර ඇය දැනට ඇමරිකාවේ වොෂිංටනයේ ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. දැඩි නීති රීති යටතේ හැදී වැඩුණු නිසා නිතරම ඇයට ප්‍රසිද්ධියේ පෙනී සිටීමට අවසර නොලැබුණත්, පුණ්‍ය කටයුතු වලදී සමහර විට ඇගේ රාජකීය මව සමඟ සහභාගී වෙනවා.

05. මොනාකෝවේ චාලට් කුමරිය

‌29 හැවිරිදි චාලට් කැසිරාගි හොලිවුඩ් තරුවක් වන ග්‍රේස් කෙලීගේ මිණිබිරියක්. ඇය සෝර්බෝන් වලින් උපාධිය ලබා ඇති අතර ප්‍රසිද්ධ ලන්ඩන් සඟරාවක් වන ඇබොව් හි පවා වැඩ කර තිබෙනවා. ඇයට පුතෙක් සිටින නමුත් ඇයගේ සුරූපී පෙනුම තවමත් එහෙමයි. මොනාකෝ රාජ්‍ය උරුමක්කාරයන් අතර ඇයට හිමි වෙලා තිබෙන්නෙ සිව්වන ස්ථානයයි.

06. ජපානයේ මාකෝ කුමරිය

අකිෂිනෝහි මාකෝ කුමරිය කියන්නෙ වර්තමාන ජපානයේ අධිරාජ්‍යයා වන අකිහිතෝගේ වැඩිමහල් මිණිබිරියයි. 24 හැවිරිදි ඇය ටෝකියෝවේ ජාත්‍යන්තර ක්‍රිස්තියානි විශ්ව විද්‍යාලයෙන් සාර්ථකව උපාධිය ලබා ඕස්ට්‍රියාවේ අධ්‍යාපනය ලබා තිබෙනවා. පාසල් සිසුවියක්ව සිටියදීම ඇය අන්තර්ජාලයේ තාරකාවක් බවට පත් වුණා. ඉරි සහිත පාසල් නිල ඇඳුමින් සැරසුන ඇගේ පින්තූරවලට ස්තූතිවන්ත වන්නට ඇනිමේෂන් සංස්කෘතියේ සංකේතයක් බවටත් පත් වුණා.

07. ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ මරියා-ඔලිම්පියා කුමරිය

ග්‍රීසියේ රාජාණ්ඩුව නිල වශයෙන් අහෝසි කර තිබුණත් අන්තිම රජුගේ මුණුබුරන් හා මිණිබිරියන් තවමත් රාජ්‍ය තනතුරු දරණවා. ඔලිම්පියා කුමරියගේ පවුල ජීවත් වෙන්නෙ එංගලන්තයේයි. එහිදී ඇය ක්‍රියාශීලී සමාජ ජීවිතයක් ගත කරනවා. 20 හැවිරිදි මේ රූ රැජින නිව්යෝර්ක් හි ග්‍රැෆික් නිර්මාණ සහ කලා ඉතිහාසය හදාරන අතර ඩයර් විලාසිතා මන්දිරයේ සීමාවාසික පුහුණුවකුත් ලබා තිබෙනවා. ඇය නිතරම ඇගේ ඉන්ස්ටග්‍රෑම් අප්ඩේට් කරන අතර එහි ඇයට ෆලෝවර්ස්ලා 80,000 කට වඩා වැඩි ගණනක් ඉන්නවා.

08. ඔස්ට්‍රියාවේ ගැබ්‍රියෙලා කුමරිය

ඕස්ට්‍රියාවේ අගරදගුරු කාල් ක්‍රිස්ටියන් සහ අගරදගුරු මාරි-ඇස්ට්‍රිඩ්ගේ පවුලේ බාලම දරුවා තමයි ගැබ්‍රියෙලා මාරියා පිලාර් යොලන්ඩ් ජොසෆින් චාලට් කියන්නෙ. මේ කුමරියගේ වයස අවුරුදු 22 ක් වන අතර, ඇය තම රටේ අවසාන අධිරාජ්‍යයා වූ චාල්ස් I රජුගේ මිණිබිරියක්. අද ඔස්ට්‍රියාවේ රාජාණ්ඩුවක් නැතත් සියලුම රාජකීය පවුල් නාමයන් තවමත් පවතිනවා.

09. මොනාකෝවේ පෝලින් කුමරිය

පෝලීන් ග්‍රේස් මැගුයි ඩුකෘට් කියන්නෙ මොනාකෝවේ ස්ටෙෆනි කුමරියගේ සහ ඇගේ හිටපු ආරක්ෂකයා වූ ඩැනියෙල් ඩුක්‍රූට්ගේ දියණියක්. ඇයගේ වයස අවුරුදු 22 ක් වන අතර, ඇය වෘත්තීමය රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් සහ කිමිදුම්කාරියක්. ඇය සර්කස් රසිකාවක් වන අතර වාර්ෂික ජාත්‍යන්තර සර්කස් උළෙලට ක්‍රියාකාරීව සහභාගී වෙනවා. පෝලින් කුමරිය රාජ්‍ය උරුමයේ දහහතර වෙනියායි.

10. ස්පාඥ්ඥයේ ඇස්තූරියස් කුමරිය ඉන්ෆැන්ටා ලියනෝර්

මේ කුඩා කුමාරිකාවගෙ දෙමාපියන් ස්පාඥ්ඥයේ රජවරුන් ය. ඇස්තූරියස් කුමරිය වන ඉන්ෆැන්ටා ලියනෝර් ස්පාඤ්ඤයේ හයවන ෆිලිප් රජුගේ සහ ලෙටීසියා රැජිනගේ තරුණ දියණියයි. ලියොනෝර්ගේ වයස අවුරුදු 12 ක් වන අතර, ඇගේ වයසේ අනිත් ගැහැණු ළමයින් වගේම ඇයත් පාසැල් යනවා. ඒ වගේම සිංහාසනයේ උරුමක්කාරියක් නිසා දෙමාපියන් සමඟ නිල උත්සවවලටත් සහභාගී වෙනවා. අනාගතයේදී මේ කුඩා කුමාරිකාව ගොඩක් පිරිමින්ගේ හදවත දිනාගනු ඇති බවට මේ වෙනකොටත් පැහැදිලියි.

 

උපුටා ගැනීම: adobae

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!