අපිට කලින් එයාලට දැනෙවද….? (පරිසරය හා ස්වභාධර්මය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අවට පරි­ස­රයේ ගහ­කොළ සතා සීපා­වුන් දෙස බලා දේශ­ගු­ණික සහ කාල­ගු­ණික විප­ර්යාස පිළි­බඳ අනා­වැකි පළ කිරීමේ සුවි­ශේෂ හැකි­යා­වක් අතී­තයේ පටන්ම අපේ මිනි­සුන් තුළ විය. මේ හැකි­යාව බොහෝ කොට ප්රයෝ­ජ­න­වත් වූයේ ගොවි­තැ­නේ­දීය. ඒ හැරුණු විට වෙනත් දෛනික කට­යු­තු­ව­ල­දීත් ප්රයෝ­ජ­න­වත් නොවු­ණාම නොවේ. අවට පරි­ස­රය නිරී­ක්ෂ­ණය කර­මින් අනා­වැකි පළ කිරීමේ මේ කියන්නා වූ දැනුම හුදෙක් ශ්රී ලංකාවේ පම­ණක් නොව රට­ ර­ට­වල අනා­දි­මත් කලක සිට පැවත එන්නකි. කෙසේ වෙතත් ශ්රී ලංකාවේ මේ සම්බ­න්ධව පව­තින දැනුම් පද්ධ­තිය ද සුවි­ශේෂී එකකි. අපේ ගොවි ජන­තාව එදා පටන්ම ගොවි­තැන් කිරී­මට හුරු පුරුදු වූයේ පරි­ස­රය පිළි­බඳ විම­සුම් ඇස­කිනි. එහෙත් පසු කලෙ­කදී එය අවි­ද්යා­ත්මක මත­යක් ලෙස සල­ක­මින් බට­හිර විද්යා­වෙන් බැහැර කර­න්නට විය.
කෙසේ වෙතත් 1980 දශ­ක­යේදී පටන් මෙම පාර­ම්ප­රික දැනුම Phenology නමින් නව විද්යා­වක් ලෙස දියුණු කොට ඇත. ‘Phenology’ යනු ‘Phenomenology’ (සංසිද්ධි විද්යාව) යන වච­න­යෙන් කෙටි කොට ගත්තකි. විශේ­ෂ­යෙන්ම මේ පාර­ම්ප­රික ඥානය ඉව­හල් කර­ගත් දැනුම වැඩි­ දි­යුණු කිරී­ම­ටත් නව නිරී­ක්ෂණ මඟින් එම දැනු­මට අලු­තින් යමක් එක් කර ගැනී­ම­ටත් 1980 දශ­කයේ මැද භාගයේ සිට ඇම­රිකා එක්සත් ජන­ප­දය ජාතික මට්ට­මෙන් මෙන්ම ප්රාදේ­ශීය මට්ට­මෙන් ද ප්රය­ත්න­යක් දරනා බව කිව යුතු ය. එහෙත් ශ්රී ලංකාව තුළ තව­මත් එවැ­න්නක් පිළි­බඳ ලකුණු පහළ වී නැත.
කෙසේ වෙතත් මෙම විද්යා­වට අදා­ළව දීර්ඝ කාලීන පර්යේ­ෂණ සහ නිරී­ක්ෂණ මත සනාථ වූ කරුණු බැහැර කළ යුතු නැති අතර ඒවා­යෙන් ඵල ප්රයෝ­ජන ගත හැකි මාර්ග­යක් විවර වීම ද වඩා වැද­ගත්ය. මෙවන් සංසිද්ධි සලකා බැලී­මේදී ඒවා­යෙන් සම­හ­ර­කට විද්යා­ත්මක කරුණු පැහැ­දිලි කිරී­මක් ලබා දිය හැකි මුත් ඇතැම් සිද්ධීන් හඳු­නා­ගත හැක්කේ අපේ දැනු­මෙන් ඔබ්බට ගිය සංසි­ද්ධීන් ලෙසය.
*අනාවැකි කියන අලි….
ඈත අතීතයේ සිටම අලි ඇතුන්ට ප්රසිද්ධියක් උසුළන අපේ මේ රටේ අලි ඇත්තු විවිධ කටයුතු සඳහා යොදවා ගැනෙති. සමහරු පෙරහැරේ යති. අලි ඇත්තු තවත් පිරිසක් කොටන් අදිති. අලුත් අවුරුදු කාලයේ අලි රේස් ගැන ද අසන්නට ලැබේ. එහෙත් අලි ඇතුන් කාල ගුණ විද්යාඥයන් ලෙස කටයුතු කරන බව කීවොත් එය පුදුමය ගෙනදෙන පුවතක් විය හැකියි. එහෙත් නැමීබියාවේ විද්යාඥයන් පිරිසක් නම් කියා සිටින්නේ ලොවම ජනප්රිය මෙම ඝනචර්මිකයන්ට (pachyderm)කාලගුණ අනාවැකි පළ කළ හැකි බවයි.
අප්රිකාවේ අලි ඇත්තු ඍතු අනුව දිගු දුරක් සංක්රමණය වෙති. එහෙත් මේ සංචලනයන්ට හේතු භූත වන කාරණ ගැන දැනුම සාපේක්ෂව අඩුයි. ඇතුන් නව දෙනෙකුගේ සංචලනයන් නිරීක්ෂණය කිරීම පිණිස ගෝලීය ස්ථාන නිර්ණායක පද්ධතිය (GPS වශයෙන් බහුලව දැක්වෙන Global Positioning System) යොදා ගනිමින් ඇමරිකාවේ, වර්ජිනියා සරසවියේ පාරිසරික විද්යා දෙපාර්තමේන්තුවේ මයිකල් ගාර්ස්ටෑන්ග් හා සගයන් සිදුකළ අධ්යයනකින් පසුව ඔවුන් විශ්වාස කරන්නේ අභිරහස විසඳිමට කරුණු කාරණා හෙළි වී ඇති බවයි.
සෑම වසරකම වියළි ඍතුව අවසන්වීමට දින කිහිපයක් තිබියදී ඇතුන් සිය පුළුල් සංක්රමණය වාර්ෂිකව නොකඩවා සිදුකරන බව වසර හතක කාල ඡේදයක් තුළ කළ අධ්යයනයෙන් හෙළිවෙයි. අවස්ථා කීපයකදීම වෙනත් තැන්වල ඇත් රංචු ද මෙවැනිම සංචලනවල යෙදුණු බව නිරීක්ෂණය විය. ඉන් ගම්ය වූයේ මෙය අහඹු සිද්ධියක් නොවන බවයි. ඉතින් මින් හැගවෙන්නේ ඇතුන් සංචලනයෙහි යෙදෙන්නේ කිසියම් පාරිසරික සංඥාවකට ප්රතිචාර වශයෙන් බවයි. එහෙත් එම සංඥාව කුමක්ද? ඇත්ත වශයෙන්ම වෘක්ෂලතාදියෙහි ශාකයෙහි වෙනස් කම් ඇතිවේ. සූර්යා ලෝකයෙහි ප්රබලතාව, පසෙහි ආම්ලිකතාව සහ අනෙකුත් සාධක ගණනාවක් අනුව ශාක ආවරණයෙහි හා වර්ගයෙහි වෙනස්කම් දැකිය හැකිය. එහෙත් මෙකී විචල්යයන් සංකීර්ණ වන අතර ප්රදේශ අතර විශාල වශයෙන් වෙනස්කම් ඇත. එහෙයින් විවිධ ඇතුන් එකවර සංචලනය කරන්නේ මන්දැයි මෙයින් පැහැදිලි නොකෙරේ. තවද, වැසි පටන් ගැනීම තෙත් කාලයේ ආරම්භය සංඥා කෙරෙන බව උපකල්පනයයි. කෙසේ වෙතත් ඇතුන්ගේ සංක්රමණ ආරම්භ වෙන්නේ අදාළ ප්රදේශයට වැසි වැටීමට ෙපර තෙත් කාලය ආරම්භ වීමට දින ගණනක් හෝ සති ගණනක් කලිනුයි. එසේ නම් මේ අලි ඇතුන් තැත් කරන්නේ බිබීසීයේ හිටපු සුප්රකට කාලගුණ අනාවැකි පළකරන්නෙකු වන මයිකල් ෆිෂ්ට තරගයක් දීමටද?
ප්රශ්නයට පිළිතුරු වශයෙන් කිව හැක්කේ පුදුමයි. ඒත් ඇත්තයි, මේ අලි ඇතුන්ට එවැනි හපන්කමක් කිරීමේ හැකියාව තිබෙන බවයි. වර්ෂාව ඇතිවන වේලාව හා ස්ථානය සමග ඇතුන්ගේ චර්යාවන් චන්ද්රිකා වර්ෂණ නිරීක්ෂණ(satellite precipitation observations) යොදා ගනිමින් සංසන්දනය කිරිමේ දී පෙනී ගියේ වැස්සක් ආසන්න වන විට සතුන්ගේ සංචලනය රටාවෙහි සැලකිය යුතු වෙනස්කම් ඇති වන බවයි. ඇත්තටම මේ ඇතුන්ගේ අනාවැකි පළකිරීමේ හැකියාව කෙතරම් සියුම්ව සැකසී ඇත්ද කිවහොත්, කිලෝමීටර් 300ක් තරම් ඈතින් වැහි කුණාටු ඇති වන විට දී පවා ඔවුන්ගේ සංචලන ආරම්භ වන බව සොයාගෙන ඇත. ඉතින් මේ පුදුමාකාර සතුන්ට පේන කීමේ හැකියාව ඇතිවී තිබෙන්නේ කෙලෙසද? ඔවුනට අධි මානසික බලයක් ඇත්ද? එසේ නැතිනම් ලොවපුරා ප්රචාරය වන කාලගුණ වාර්තාවන්ට මොවුන් සවන් දෙනවා වත්ද?
මේ ප්රශ්වනවලට පිළිතුරු රැඳී ඇත්තේ ‘අවධ්වනික ශබ්දය(infrasonic sound)’ යන්න මතය. අඩු සංඛ්යාත ශබ්දය ලෙස ද ඇතැම් විටෙක හඳුන්වනු ලබන මෙම පදයෙන් විස්තර කෙරෙන්නේ හර්ට්ස් 20ට (හෝ තත්පරයකට චකර) අඩු සංඛ්යාතවලින් ශබ්දය. මේවා මිනිසෙකුගේ සාමාන්ය ශ්රවණ සීමාවට වඩා පහළින් පිහිටි සංඛ්යාතය. කෙසේ වෙතත්, අනෙකුත් සතුන් අතර අලින්ට ද එම සංඛ්යාත ඇසෙන බව ඔප්පු වී ඇති කාරණාවකි. අකුණු කුණාටු වැනි ස්වාභාවික සංසිද්ධිවලදී නිපදවෙන අවධ්වනිත ශබ්ද බොහෝ දුරක් ගමන් කරයි. එහෙයින්, වර්ෂා-පද්ධතියෙන් ජනනය කෙරෙන මෙකී අවධ්වනිත ශබ්ද නිවර්තන තණබිම්වල ඇතුන්ගේ සංචලනයන්ට මුල පුරවනවා විය හැකිය.
එහෙම වුණත් හෙට වැඩට යන කෙට කුඩයක් අරගෙන යන්න ද කියලා අහන්න ළඟ පාතක අලියෙක් නොසිටියාට කලබල විය යුතු නැත. මන්ද ඉදිරියේදී ඇතිවීමට යන කුණාටු, භුමිකම්පා වැනි ස්වාභාවික ව්යසන ගැන අනාවැකි පළකිරීමට වඩාත් නිවැරැදිව කීවොත් එවැනි ව්යසන කලින් සොයා ගැනීමට ඇති හැකියාව වෙනත් සතුන් ද ප්රදර්ශනය කර ඇති හෙයිනි. ළඟ එන ව්යසනයක සේයාව කියාපාන අනතුරු හැඟවීම් ලබා ගැනීම පිණිස පෘථිවිය හරහා ගමන් කරනා අවධ්වනිත තරංග සතුන් විසින් යොදා ගනු ලබන බව සොයාගෙන ඇති කාරණාවකි. මීට හොඳ උදාහරණයක් ශ්රී ලංකාවෙන්ම සොයා ගත හැකිය. 2004 වසරේ සුනාමිය පැමිණ වෙලේ යාල වනෝද්යානයේ (ඔව් අලි ඇතුන්ද ඇතුළුව) සතුන්ට ආපදාවක් සිදු නොවුනේ වේලාසනින්ම ඔවුන්ට සුනාමිය ගැන දැන ගැනීමට හැකි වීම නිසාවෙනි. ස්වාභාවික විපතක් අත ළඟ පැමිණෙද්දී සතුන් අමුතු ආකාරයකට හැසිරී ඇති බවට වාර්තා ඉතිහාසය පුරාවට දැකිය හැකිය. ගිරාෆ්, හිපපොටේමස්, කොටි, පරෙවියන් තබා කැසොවරයන්ට (cassowaries) පවා අවධ්වනිත තරංග ඇසේ. භුමිකම්පාවකට පෙර බලු බළල් වැනි සතුන්ගේ ප්රතිචාර සම්බන්ධයෙන් මෑතක කළ පර්යේෂණයකින් හෙළිවූයේ සිද්ධියට පැය කිහිපයකට කලින් ඔවුන් කලබල ස්වභාවයකට පත්වූ බවයි.
කෙසේ වෙතත්, සතුන්ගේ මේ අසාමාන්ය චර්යාවක් පිළිබඳ අපේ දැනුම තවමත් පවතිනුයේ ළාබාල අවධියකය. භූ කම්පන සිදුවීම්වලදී සතුන් අමුතු ආකාරයකට හැසිරෙන බව දැන සිටියත් එම හැසිරීම් මුදා හැරෙන්නේ අවධ්වනිත ශබ්දවලින් ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය. එය විද්යුත් චුම්භක තරංගවල ප්රතිඵලයක් ද විය හැකිය. නො එසේ නම් හුදෙක් පොළොව අභ්යන්තරයෙන් එන තීව්ර කම්පන (intense vibrations) විය හැකිය. භූකම්පන අපි කේන්ද්රයෙන් (epicentre) පිටතට පැතිර යන Rayleigh waves රේලේ තරංගද අපට හසු නොවුනාට පක්ෂීන්ට, කෘමීන්ට හා අනෙකුත් ක්ෂීරපායින්ට හසුවේ. එහෙත් ඉතා දරුණු වර්ෂාවක් පවා එවැනි කම්පන ඇති කිරීමට තරම් ප්රමාණවත් නොවේ. එමනිසා නැමීබියානු ඇතුන් සම්බන්ධයෙන් ගත හොත් ඔවුන්ට අනාවැකි කීමට මඟපාදන්නේ බොහෝ විට අවධිවනිය විය හැකිය.
ඉතින් ක්ෂීරපායි විශේෂ පෙමණ සංඛ්යාවකට මෙම සුපිරි දැනුම පිහිටා තිබියදී මිසින් අප අහස විසින් රවටනු ලබන්නේ ඇයි? අවධ්වනිය අපට ද දැනේ. එහෙත් ගැටලුවක් වන්නේ අප ඒ අත් විඳින්නේ කුමක් දැයි නොදැනීමය. සමහරු එවැනි අධිමානසික බලයක් ගැන කියති. අවධ්වනිය මිනිසුන් තුළ බිය හෝ පුදුමය දැනවීමට තුඩු දෙන බව ඔප්පු වී ඇති කරුණකි. එහෙයින් හදිසියෙන් හෝ අවතාරයක් දුටුවොත් එළිපහළියට යන විට කුඩයක් ගෙන යන්න. ඔබටත් ඇතුන්ට මෙන් කාල ගුණ අනාවැකි කීමට එවැන්නක් යොදා ගත හැකිය
*අනා­වැකි කියන කුරුල්ලෝ…
සැප්තැ­ම්බර් මාසයේ මැද ශ්රී ලංකා­වට සංක්ර­ම­ණය වන පක්ෂීන් අතර දැකිය හැකි අළු හැල­පෙන්දා (Grey Wagtail) අවට පරි­සයේ සැරි­ස­රනු දකින විට ගොවීන් අනු­මා­නය කරන්නේ සති දෙක තුනක් ඇතු­ළත වැසි ලැබෙන බවය. ඒ අනු­මා­නය නිවැ­රැදි බව හඟ­ව­මින්ම පක්ෂි­යාගේ සැරි සැරී­මෙන් සති දෙක තුනක කාලය තුළ සංව­හන වැසි ආරම්භ වන බව අත් දුටු සත්ය­යකි.
අතී­තයේ ගොවි­යන් පිළිගත්තේ රන් ඔලෙ­යි­යන් (Pacific Golden Plover) ඉප­නැල්ලේ දැකී­මෙන් හැඟ­ වෙන්නේ පුර­න් කෙ­ටී­මට කාලය බවයි. එහෙත් මෙම රන් ඔලෙ­යියා ස්වරූ­ප­යෙන් සහ ශරීර වර්ණ­යෙන් කැස්ව­ටු­වාට සමාන බැවින් මෙම පක්ෂීන් දෙව­ර්ගය පට­ලවා ගත් ඇතැම් ගොවීන් කියා සිටියේ කැස්ව­ටු­වන් කුඹුරේ ඉප­නැල්ල මැද සිටින විට එය වැස්ස ළග එන බවට සංකේ­ත­යක් බවත්, පුරන් කෙටී­මට කාලය පැමිණ ඇති බවත්ය. කැස්ව­ටු­වාට දිග හීන් හොටක් ඇති අතර රන් ඔලෙ­යි­යාට ඇත්තේ කෙටි හොටකි. ස්වරූ­ප­යෙන් තර­මක් සමාන වූවත් එම පක්ෂීන් දෙව­ර්ගය වෙන්කොට හඳු­නා­ගත හැකි යම් යම් වෙන­ස්කම් පෙන්වා දිය හැකිය. අම්පාර ප්රදේ­ශයේ මෙම පක්ෂි දෙව­ර්ග­යම දැක­ගත හැකි අතර බොහෝ ගොවීන් ඔවුන් වෙන්කොට හඳුනා ගැනී­මේදී අස­මත් වීම හේතු­වෙන් කියා සිටියේ කැස්ව­ටු­වන් කුඹුරේ ඉප­නැල්ල මැද සිටින විට එය වැස්ස ළඟ එන බවට සංකේ­ත­යක් බව වුවත් එම මතය සත්ය වූයේ රන් ඔලෙ­යි­යන් සම්බ­න්ධ­යෙනි.
සංක්ර­ණික පක්ෂීන් ශ්රී ලංකා­වට පැමි­ණෙන්නේ වට කිහි­ප­ය­කට වන අත­රට හැම විටම පුර­න් කෙ­ටීම සම්බන්ධ අනා­වැකි හා සම්බන්ධ වන්නේ දෙවැනි වටයේ පැමි­ණෙන පක්ෂීන්ය. සාමා­න්ය­යෙන් එම පක්ෂීන් පැමි­ණෙන්නේ සැප්තැ­ම්බර් මාසයේ මැද වන විට වුවත් ඇතැම් වර්ෂ­වල සැප්තැ­ම්බර් මුල හෝ තර­මක් පසුව පැමි­ණෙන අවස්ථා ද දැක­ගත හැකි ය. කෙසේ වෙතත් එම සංක්ර­ම­ණය වීමේ කාල­යත් සමඟ වර්ෂාව බොහෝ­විට සම­පාත වීමක් දැක­ගත හැකි ය.
වැහි­ලි­හි­ණියා මෙහිදී වැඩි අව­ධා­න­යක් හිමි කර­ගන්නා පක්ෂි­යෙකි. වැහි­ලි­හිණි විශේෂ කිහි­ප­යක් වෙතත් අපේ ජන­ප්ර­වා­දයේ වැස්ස රැගෙන එන බවට සඳ­හන් වන්නේ ‘Barn swallow’ නම් වැහි­ලි­හි­ණියා සම්බ­න්ධ­යෙනි. මේ වැහි­ලි­හිණි සංක්ර­ම­ණය වන්නේ සංව­හන සුළං ධාරා අව­සන් වන, නැත­හොත් මෝසම් වැසි ඇරැ­ඹෙන කාලය වන විට ය. එබැ­වින් වැහි­ලි­හිණි වැසි රැගෙන එන බවට ජන­ප්ර­වා­දයේ එන කිය­මන වියළි කලා­පය සම්බ­න්ධ­යෙන් බොහෝ­දු­රට සනාථ වේ. එම පක්ෂි විශේ­ෂය බොහෝ විට සංක්ර­ම­ණය වන්නේ නැඟෙ­න­හිර සංක්ර­ම­ණික පක්ෂියකු බැවින් තෙත් කලා­ප­යේදී දකි­න­වාට වඩා කලි­යෙන් වියළි කලා­පයේ දී බොහෝ­ විට දැක ගත හැකිය. ග්රාමීය මෙන් ම නග­රා­ශ්රි­තව සිදු කරන ලද අධ්ය­ය­න­ය­න්ගෙන් පවා පෙනී යන්නේ වැහි­ලි­හිණි ඉහළ අහසේ පියෑ­ඹීම, වැස්ස ළග එන බවට පැහැ­දිලි සංකේ­ත­යක් බවය.
සංක්ර­ම­ණය වීමෙන් මාස කිහි­ප­ය­කට පසු මේ දිව­යි­නෙන් නික්මෙන වැහි­ලි­හි­ණියා නික්මී­මට මත්තෙන් පිහාටු හලා අලුත් පිහාටු ලබා­ගැ­නීම ද විශේ­ෂ­ත්ව­යකි. පිහාටු හැලීම කලින් සිදු­ වු­ව­ හොත් නික්මීම ප්රමාද වේ. පිහාටු හැලීම ප්රමාද වුව­ හොත් නික්මීම කලින් සිදු වේ. ඒ අනුව පිහාටු හැලීම ප්රමාද වී සිදු­වන, එනම් නික්මීම කලින් සිදු වන වර්ෂ­ය­න්වල වැසි කලින් ලැබෙනු ඇත. මෙකී සම්බ­න්ධ­තාව රන් ඔලෙ­යි­යා­ගෙන් ද පුංචි වැලි ඔලෙ­යි­යා­ගෙන් ද දැකිය හැකි ය. පුංචි වැලි ඔලෙ­යි­යාගේ පැමි­ණී­මත් වර්ෂා­වත් අතර සම්බන්ධ වන්නේ ඊශාන දිග මෝස­ම­ටය. එම පක්ෂියා ද පිහාටු හලා ගිම්හාන සෘතු වර්ණය ලබා­ගන්නේ ශ්රී ලංකා­වේ­දීය. පුංචි වැලි ඔලෙ­යියා ගිම්හාන සෘතු වර්ණය කලින් ලබා­ග­ත­හොත් ඉදි­රි­යට එන්නේ පෑවි­ල්ලකි. මේ පෑවිල්ල තුළ පක්ෂියා සංක්ර­ම­ණය නොවී ගිම්හාන සෘතු වර්ණ­යේම සිටී. ගිම්හාන සෘතු වර්ණය ගන්නේ මාර්තු මාසය පමණ වන විට නම් මාර්තු අග වන විට එම පක්ෂීන් නික්මෙන අතර, අප්රේල් මස මුල වන විට ම බක්මහ වැසි ද පැමිණේ. අපේ ජන­ප්ර­වා­දයේ වැලි ඔලෙ­යියා පිළි­බඳ විශේ­ෂ­යෙන් සඳ­හන් නොව­න­මුත් රන් ඔලෙ­යියා, වැහි­ලි­හි­ණියා, අළු හැල­ැම්පෙන්දා පිළි­බඳ කියැවේ. ඒ හැරුණු විට කහ හැලැ­ම්පෙන්දා සහ වන හැලැම්­පෙන්දා ද පැමි­ණෙන්නේ වැස්සත් සම­ඟය. ශ්රී ලංකා­වට සංක්ර­ම­ණය වන නිල් කුරු­මිණි කුරු­ල්ලාට ද වර්ෂාව හා පැහැ­දිලි සම්බ­න්ධ­තා­වක් ඇත.
ඇතැම් ගොවීන් තුරි­ත­යන්ව ‘මන්දා­රම් ලිහිණි’ යනු­වෙන් හඳුන්වා දෙන්නේ නොදැ­නු­ව­ත්කම හේතු­වෙනි. තුරිත විශේෂ 5 ක් ශ්රී ලංකා­වේදී හමු­වන අතර එයින් විශේෂ තුනක් සම්බ­න්ධ­යෙන් වියළි කලා­පයේ ගොවීන් පව­සන පරිදි, මන්දා­ර­ම අහසේ දැකිය හැකි බවට වන කිය­මන සත්ය වන බව පැහැ­දිලි කර­ගත හැක. කැදලි තුරි­තයා, කළු තුරි­තයා, මහ තුරි­තයා සැරි­ස­රන්නේ ඉහළ අහ­සේය. වර්ෂා­වක් කිට්ටු වන විට ඇති වන අව­පී­ඩන කලා­ප­යත් සමඟ මෙම පක්ෂීන් පහ­ළට පැමිණේ. මෙම පක්ෂීන් පහ­ළින් සැරි­ස­රනු දකින ගොවියා වැසි ළඟ එන බව දැක ගොවි­තැන් වැඩ නවත්වා නිවෙස බලා යෑමට සැරසේ. ශ්රී ලංකා­වට ඔක්තෝ­බර් මාසයේ පමණ සංක්ර­ම­ණය වන දුඹුරු මාරාවා නැත­හොත් දුඹුරු මැසි­මා­රාවා (Brown flycatcher) පිළි­බඳ අපේ ජන­ව­හරේ සඳ­හන් නොවේ. එම පක්ෂියා සාමා­න්ය­යෙන් ශ්රී ලංකාවේ සිටින කාල­යේදි (සාමා­න්ය­යෙන් ඔක්තෝ­බර් සිට මාර්තු අග දක්වා) උදෑ­සන සහ හවස් කාලයේ නාද කරයි. ඒ හැරුණු විට වෙනත් වේලා­වක ශබ්ද කළ­හොත් අඩ පැයක්, පැයක් ඇතු­ළත ආසන්න කලා­ප­යට වැස්සක් ඇද­හැ­ලෙන බව නම් නොඅ­නු­මාන ය. ජන­ප්ර­වා­ද­යට අනුව මයිනා හඳු­නා­ගත හැක්කේ කාල­ගුණ විප­ර්යාස හා බැඳුණු තවත් සුවි­ශේෂී පක්ෂි­යෙකු ලෙසිනි. මයිනා සාමා­න්ය­යෙන් ඇවි­දින විට බොහොම කන්ක­ලුව නාද කරන අතර හිටි හැටියේ කල­බ­ල­යෙන් එම කන්කලු නාද­යට වෙනස් වූ ශබ්ද­යක් නඟන්නේ නම් දෙපැ­යක් ඇතු­ළත වර්ෂා­වක් ඇද­හැලේ.
Common Myna - eBird
පක්ෂීන් හැරුණු විට අව්වැසි පිළි­බඳ අනා­වැකි පළ කරන තවත් සත්තු ඇත. මත්ස­්යයන් සම්බ­න්ධ­යෙන් සලකා බැලී­මේදී කාව­යියා සහ කනයා වැස්සක් ඇති වීමට මත්තෙන් වෙනස් සහ තර­මක් කල­බ­ල­කාරී හැසි­රී­මක් පෙන්වන බව හඳු­නා­ගත හැකිය. එසේ ම වැසි සමය එළැ­ඹෙ­න්නට මත්තෙන් ශ්රී ලංකා­වට බත්කූරු සංක්ර­ම­ණ­යක් ද සිදු වන්නේ වැසි සමය පිළි­බඳ ඉඟි ලබා­දෙ­මිනි. මෙවැනි සොබා­වික සංසි­ද්ධීන් පිළි­බඳ දිගින් දිග­ටම අධ්ය­ය­නය කිරීම තුළ නව දැනුම ළඟා කර­ගත හැක්කේ වස විසෙන් තොර ගොවි­තැ­නට පළ ­ප්ර­යෝ­ජ­න­වත් වන අන්ද­මිනි.
කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමි­ගොටු කල­බලේ පිළි­ස­කර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාර­ම්ප­රික දැනුමේ පැවැ­තිණි. කෙසේ වෙතත් මෙයා­කා­ර­යෙන් පාර­ම්ප­රික දැනුමේ පැවැති බොහෝ දේ එම පර­ම්ප­රා­වල සාමා­ජි­ක­යින් සම­ඟම මැකී යෑම කන­ගා­ටු­වට කරු­ණක් නොවෙද? අතී­තයේ ගොවීන් ගොවි­තැන් කළේ, රට බත­බු­ල­තින් සශ්රීක කළේ සොබා­ද­හමේ ගති ලකුණු අනුව කල්යල් බලා පාර­ම්ප­රික දැනුම උප­යෝගී කර­ග­නි­මින් මිස, කෘෂි රසා­ය­නික ද්රව්ය­ව­ලට පින් සිදු වන්නට නම් නොවේ. අධි­රා­ජ්ය­වාදී ආක්ර­ම­ණ­යන්ට මත්තෙන් ස්වදේ­ශි­ක­යන් තුළ වූ පාර­ම්ප­රික ඥානය ගොවි­තැ­නේදී බහු­ලව යොදා ගත් බව පොත පතෙහි ද සඳ­හන් වේ. අතීත හෙළ­ගො­වියා පුර­න්කො­ටන සෘතුව හඳු­නා­ගත්තේ සතුන්ගේ හැසි­රී­මෙනි. ගහ­කොළ මල්ව­ලින් ඊ ළඟ සෘතුව හඳුනා ගත්තේ ය. අද ඒ සියල්ල අපේ වැඩි­හිටි පර­ම්ප­රා­වල අව­සන් පුරුක් සම­ඟින්ම අභා­ව­යට යමින් පවතී. කෙසේ වෙතත් පිළි­ගත යුතු සත්ය නම් මෙය නව පර්යේ­ෂණ සහ අධ්ය­ය­න­යන් මඟින් තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කළ යුතු විද්යා­වක් බවය
*භූමි කම්පා පිළිබඳව අනාවැකි
පළ කරන සතුන්…..
චීන විද්යාඥයන් පිරිසක් භූමි කම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට සතුන් යොදා ගැනීමට සූදානම් වන වාර්තා වෙයි.
නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ නන්ජිංහි භූ කම්පන විද්යාඥයන් පිරිසක් මේ සඳහා සත්වෝද්යාන හා සත්ව වනෝද්යාන ආශ්රිතව නිරීක්ෂණ මධ්යස්ථාන හතක් පිහිටුවා ඇතැයි Modern Express වෙබ් අඩවිය සඳහන් කරයි. ආසන්න කම්පනයක් හේතුවෙන් සිදු විය හැකි සතුන්ගේ වෙනස් වීම් පිළිබඳව ද ඔවුහු නිරීක්ෂණයේ යෙදෙති.
කුකුළන් 2,000ක් ඌරන් 200ක් හා වර්ග කිලෝමීටර 2ක මාළුන් සිටින විලක් සහිත පාරිසරික උද්යානයක් එක් මධ්යස්ථානයක් ලෙස යොදාගනී. එහි අවට කැමරා සවි කර තිබෙන අතර සතුන්ගේ හැසිරීම පිළිබඳව කර්යමණ්ඩලය දිනකට දෙවරක් භූ කම්පන විද්යා කර්යංශය වෙත වාර්තා කරයි.
සතුන් භූ කම්පනයකට පෙර ඇතැම් විට ආතතියට ලක් වන බව නන්ජින් භූ කම්පන විද්යා කාර්යංශයේ විද්යාත්මක නිරීක්ෂණ පිළිබඳ ප්රධානී සාඕ බිංග් මහතා පවසයි.
කෙසේ වෙතත් කුකුළන්ගේ සිදු වන යම් වෙනස් වීම් කරදරයක් පිළිබඳව නොහඟවන අතර ඒ නිසා සතුන් කිහිප වර්ගයක් නිරීක්ෂණය කර උන්ගේ හැසිරීම් එකිනෙක සමපාත කොට බැලිය යුතු බවට ඔවුන් නිර්ණය කර ඇත.
හොන්ග්ෂාන් වන සත්වෝද්යානයේ තවත් කාර්ය මණ්ඩල නිලධාරියෙකු පැවසුවේ විශේෂඥ තාක්ෂණය මෙන්ම සතුන්ගේ හැසිරීම් ද භූ කම්පන පිළිබඳ අනාවැකි පළ කිරීමට යොදා ගත හැකි බවයි. විශේෂයෙන්ම කුරුල්ලන්ගේ කලබලය උන්ගේ වල්ග බල්ලන්ගේ මෙන් වැනීම අවධානයට ලක් කල යුතු අවස්ථාවන් ය.
Can animals predict earthquakes? | The Economist
සත්ව චර්යාවන් භූ කම්පන ක්රියාකාරිත්වයන් පිළිබඳව අනාවැකි කීමට යොදාගත හැකිය යන්න දිගු කලෙක සිට තිබූ අදහසක් වන අතර 2011 දී විද්යාඥයන් පිරිසක් පැවසුවේ සතුන්ට භූ කම්පනයක දී භූගත ජලයේ සිදු වන රසායනික විපර්යාසයන් වහා හඳුනා ගත හැකි බව යි.
මෙහි දී ඉතාලියේ L’Aquila නගරය භූ කම්පනයකින් විනාශ වීමට පෙර ගෙම්බන් පිරිසක් විලක් අතහැර යාම ද පේරු රාජ්යයේ 7.0 අගයකින් යුත් භූ කම්පනයකට සතියකට පෙර වන සතුන්ගේ චර්යාවන්හි සිදු වූ වෙනස්කම් ද අවධානයට ලක් වී ඇත…
Sri Lanka elephants: 'Record number' of deaths in 2019 - BBC News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!