අප්පගේ පරිවර්ථන (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ වෙද්දි ගොඩාක් දෙනෙක් විදෙස් ෆිල්ම් බලන්න පුරුදු වෙලා ඉන්නේ සිංහල උපසිරැසිත් එක්ක. ඇත්තටම ඒක ෆිල්ම් එක තේරුම් ගන්න ලොකු පහසුවක්. අද වෙන කොට ලෝකේ ඕනෑම ෆිල්ම් එකක් රිලීස් වෙලා දවස් කීපයක් යද්දි ඒකේ සිංහල සබ්ටයිටල් එක හොයාගන්න පුලුවන් තරමට ලංකාවේ උපසිරැසි වෙබ් සයිට්ස් දියුණු වෙලා.
ඒත් මේ වෙබ් සයිට් අතරේ තියෙන තරඟය නිසාමද කොහෙද දැන් දැන් සමහරු පරිවර්ථනය කරන උපසිරැසි සමහරක් දෝෂ සහිතයි. එහෙමත් නැතිනම් පරිවර්ථකයා ඔරිජිනල් දෙබස වෙනවට එයාට ඕනේ දෙබස් තමයි අපිට දෙන්නේ.
ඕනම විදේශීය භාෂාවක් අපේ භාෂාවට පරිවර්ථනය කරද්දි ගෙඩි පිටින් දෙන්න බැහැ කියන කාරණය ඇත්තයි. ඉතින් පරිවර්ථකයා කරන්න ඕනේ විදේශීය භාෂාවේ වචන සහ උපමාවලට ගැළපෙනම සිංහල වචනය උපසිරැසියට ඇතුළත් කරන එක.
උපසිරැසි කලාව ලංකාවට හඳුන්වලා දීපු දවස්වල නම් ඒකේ ප්රමිතිය නියම ගානට තිබ්බා. උදාහරණයක් විදිහට “එක්ස් ෆයිල්ස්” සහ “රොබින් හුඞ්” වගේ ඉංග්රීසි කතා මාලා ගන්න පුලුවන්. ඒවයේ භාෂාව යොදා ගැනීම අති විශිෂ්ඨයි. එත් අවාසනාවකට වගේ අද ඒ තත්ත්වය නැහැ.
ඉන්දීය සිනමා නිර්මාණ පැත්තෙන් ගත්තාම දෙමළ, මළයාලම් හෝ හින්දි චිත්රපටවලට සිංහල උප සිරැසි පරිවර්ථනය කරගන්නේ ගොඩාක් වෙලාවට ඒවායේ ඉංග්රීසි පරිවර්ථනයෙන්. එතකොට ඒවායේ ඔරිජිනල් භාෂාව සිංහල භාෂාවට එන්නේ තවත් භාෂාවක් හරහා. එතකොට මුල් භාෂාවේ දෙබසේ තියෙන රසවත් බව බොහෝ දුරට අඩු වෙනවා. ඒ වගේම දැන් ඉන්න සමහර උපසිරැසි පරිවර්ථකයෝ සමහර දෙබස් පරිවර්ථනය කරන විදිහට දැක්කාම හිනා යනවා.
අද මම ආපහු සැරයක් Dear Zindagi කියන හින්දි ෆිල්ම් එක බැලුවා. ඔය කීවෙනි සැරේටද කියලා මතකයක් නැහැ. ඒ ෆිලුම මගේ ප්රියතම එකක්. ඉතින් ඔය ෆිල්ම් එකේ එක තැනක පාටියක් වෙලාවේදී කයිරා ට (ආලියා බාත්) එයාගේ මාමා කෙනෙක් තවත් තරුණයෙක්ව හඳුන්වලා දෙනවා. ඒ නිකන් ප්රපෝසල් එකක් විදිහට.
ඔය ෆිල්ම් එකේ කයිරා ඉතින් පොල්ලෙන් ගැහුවා වගේනේ කතා කරන්නේ. එයා අර තරුණයගෙන් අහනවා “දැන් මම ඔයාට කැමැති වෙන්න ඕනේද කියලා…?
එක පාරටම අහපු ප්රශ්නයෙන් හොල්මන් වෙන අර තරුණයා කයිරා ට මේ විදියට කියනවා…
“Oh…pretty direct…?
ලංකාවේ එකා ඒක පරිවර්ථනය කරලා තිබ්බේ මේ විදියට,
“ගෙම්බා පොළොවේ ගැහුවා වගේ කෙලින්ම ප්රශ්නේ ඇහුවනේ…?”
උගේ අප්පගේ පරිවර්ථනනේ බන් මේවා…

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!