Arrival (විද්‍යා හා තාක්ෂණය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔය 2016 අවුරුද්දේ ආපු ඉංග්රීසි චිත්රපටියක් තියනවා Arrival කියලා. මේක බලපු අය දන්නවා ඇති මේකේ තියෙන්නේ පිටසක්වල ජිවී විශේෂයක් පෘථිවියේ ස්ථාන 12 කට හදිසියේම පැමිණීමක් ගැන. ඒ ආවම ඒ ස්ථාන දොලහට අදාළ රටවල් තම තමන්ගේ රටවල ඉන්න එක එක විදියේ විශේඥයන්ව යොදවලා හොයනවා ආවේ මොකටද මෙහාට කුරුමිට්ටෝ කියලා. ඇමරිකාවේ කට්ටිය යවන්නේ ලුවීස් බෑන්ක්ස් කියලා භාෂාවේදිනියක් එක්න තව භෞතික විද්යාඥයෙක්ව. මේ දෙන්නා ඉතින් ගිහින් පිටසක්වල ජීවීන් එක්ක කතා කරන්න හිතාන ඒ ජීවින්ගේ භාෂාව අධ්යනය කරන්න ගන්නවා. වෘත්තාකාර සංඛේතවලින් ලියපු භාෂාවක් තමයි මේ පිටසක්වල ජීවීන්ට තියෙන්නේ. ලුවීස් බෑන්ක්ස් මේ භාෂාව අධ්යනය කරද්දි එයාට සැරින් සැරේට පැහැදිලි කරන්න අමාරු විවිධාකාර මායාමය දර්ශනත් පේන්න ගන්නවා. හරියට තවම ඉපදිලාවත් නැති එයාගේ දුව සුවකරන්න බැරි අසනීපයක් හැදිලා මියයන විදිය වගේ දේවල්.
කොහොමින් කොහොම හරි ලුවීස් බෑන්ක්ස් මේ පිටසක්වල ජීවීන්ගේ භාෂාව යම් තාක් දුරකට ඉගෙන ගත්තාම තේරුම් ගන්න කාරණයක් තමා මේ ජීවින් හදිස්සියේ පෘථිවියට ඇවිත් තියෙන්නේ පෘථිවිවාසින්ට “විශේෂ ආයුධයක්” දීලා යන්න කියලා. මේ පිටසක්වල ජීවීන්ට මේ සිදුවීම්වලින් අවුරුදු 3000 කට පස්සේ පෘථිවිවාසීන්ගේ උදව් ඕන වෙනවා යම් කිසි දේකට. ඒ අවස්ථාව ආවම පිටසක්වල ජීවීන්ට උදව් කරන්න තරම් පෘථිවිවාසීන්ට දියුණු වෙලා ඉන්න පුලුවන් වෙන්න තමයි අර කියන ආයුධය දීලා යන්න මේ තකහනියක් ඇවිත් තියෙන්නේ. මේ ආයුධය වෙන මොනවත් නෙවෙයි පිටසක්වල ජීවීන්ගේ භාෂාව. ඒ භාෂාවට පුලුවන් මිනිස්සුන් වන අපි කාලය දකින රේඛීය විදිය වෙනස් කරන්න. ඒ කියන්නේ සිදුවුන අතීතය, සිදුවෙමින් පවතින වර්තමානය වගේම සිදුවෙන්න නියමිත අනාගතය දකින්න මිනිස්සුන්ට පුලුවන් වෙනවා ඒ භාෂාව හරියට ඉගෙන ගත්තම. එහෙම තමයි ලුවිස් බෑන්ක්ස්ට සැරින් සැරේ එයාගේ දුවගේ මරණය ගැන දර්ශන පේන්නේ.
මේ චිත්රපටිය විද්යා ප්රබන්ධයක් උනාට මේකේ තියන කාරණා සෑහෙන්න සත්යයට සමීපයි. Linguistic reality කියලා සංකල්පයක් මානව විද්යාවේ වගේම භාෂාවේදයෙත් දැන් සෑහෙන්න කාලයක් තිස්සේ කතා වෙනවා. ඒකෙන් කියැවෙන්නේ අපි කතා කරන භාෂාව සහ අපි ඒ භාෂාව භාවිත කරන විදියට අනුව අපි අත් දකින යථාර්ථය වෙනස් වෙනවා කියලා. සරල උදාහරණයක් කියන්නම් මේකට හා ද? හා…දැන් බලන්න ඉංග්රීසි භාෂාවේ නිල් වර්ණයේ විවිධ ප්රභේද හදුන්වන්න dark blue, midnight blue, navy blue, ruddy, duck blue, yale blue වගේ වචන 40 කට වඩා භාවිතයේ තියෙනවා. ඒත් සිංහල භාෂාවේ තියෙන්නේ තද නිල්, ලා නිල් සහ වැඩිම උනොත් අහස් නිල් වගේ දෙකක් තුනක් නේ. ඉතින් අපි නිල් වර්ණය සහිත වස්තු ගැන හිතේ මවා ගන්න විදිය සහ තේරුම් ගන්න විදිය වගේම නිල් වර්ණය අපේ පරිකල්පනය ඇතුලේ ක්රියාත්මක වන විදියත් සෑහෙන්න සීමා සහිත වෙනවා. සුදු මහත්තයෙක් “Oh honey you are beautiful in that blurple maxi dress” කියලා කියද්දි අපි කියන්නේ “අනේ බබා ඔයා අර තද නිල් ගවුමට හරිම හැඩයි” කියලා. එතකොට බබා ඇහුවම “මොන නිල් ගවුමද පැටියෝ?” කියලා ඊලගට අපිට පැහැදිලි කරන්න වෙනවා “ඇයි බබා අර උරහිසට පටි දාපු දිග නිල් කටරොලු මලක පාට ගවුම” කියලත්.
තව ඔය ඔස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්වල ඉන්න Guugu Ymithirr කියන ඇබෝර්ජිනියානු ගෝත්රයෙ මිනිස්සු අපි වගේ වම දකුණ කියලා වචන පාවිච්චි කරන්නේ නෑනේ. ඒ වෙනුවට එයාලා පාවිච්චි කරන්නේ දිශාව. එතකොට නයනාගේ ගෙට දකුණු පැත්තෙන් තියෙන ගෙදර තමයි අමරගේ ගෙදර කියලා අපි කියද්දි එයාලා කියන්නේ නයනාගේ ගෙට ඊසාන දිශාවෙන් තියෙන ගෙදර තමා අමරගෙ ගෙදර කියලා හරියටම දිශාව එක්ක. පේනවනේ එකිනෙකට වෙනස් භාෂාවන් නිසා අපේ thinking process වෙන වෙනස් විදි. ඔය විදියට භාෂාවක අකුරු, ව්යාකරණ, උච්ඡාරණය වගේ දේවලින් අපිට විවිධ දේවල් සම්බන්ධයෙන් දෙන දැක්ම (perception) හරහා ඒ භාෂාවටම අනන්ය දැනුම, සංස්කෘතිය සහ ආකල්ප පද්ධතියක් නිර්මාණය කරනවා. ඒකට අපි කියනවා cognitive universe එකක් කියලා. එහෙම බැලුවම ලෝකයේ භාෂාවන් 7000 ක් විතර තියෙන නිසා එකිනෙකට අනන්ය cognitive universes 7000 ක් විතර ලෝකේ තියනවා.
භාෂාවන් ගැනවත් ඒවයේ භාවිතය ගැනවත් ලියන්න මට ලොකු සුදුසුකමක් නෑ. ඒත් මේ උඩින් තියෙන කතා මට හදිසියේ මතක් උනේ Samadara Ginige නිර්මාණය කරපු සක්මඬල ෆොනරුව මීට දවස් 03 කට විතර කලියෙන් දැක්කාම. සක්මඬල ෆොනරුව සිංහල අකුරුවල අසාමාන්ය විදියේ අලංකාර ජ්යාමිතික නිරූපනයක්. ඒ නිසාම ඒක සිංහල අකුරේ අනාගත පරිකල්පනයක්. මේ යන විදියට වඳ වෙලාම ගියේ නැති උනොත් අදින් අවුරුදු 1000 කට විතර පස්සේ ඈත චක්රාවටවලට සංචාරය කරන්න තරම් දියුණු උන සිංහල මිනිස්සු මේ අකුරුවලින් සිංහල ලියයි කියලා හිතෙන තරමයි මේක දැක්කම. ඉතින් මුල්ම දවසේ ඉදන් මට ලොකු ආශාවක් තිබුනා මේ අකුරු එකතු වෙලා මගේ නම ලියවෙන හැටි බලාගන්න. අන්තිමට ඉතින් ඒක නතර උනේ පේජ් එකට මේ විදියට cover photo එකකුත් හදාගෙන. වැඩේ හැඩට එන්න ඕනි නිසා “මාධවීගේ බෙඩ්රූම් කතා” කියලා ගත්තා.
www.sakmandala.com වෙබ් අඩවියට ගියාම මේක ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන්.
උපුටා ගැනීම:  Madhavi’s Bedroom Talks

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!