ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ යුනානි වෛද්‍ය විද්‍යාව – කොළඹ විශ්ව විද්‍යාලය.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ආයුර්වේදය කියන්නෙ විශේෂයෙන්ම ආසියානු රටවල වඩාත්ම ප්‍රචලිත වෛද්‍ය ක්‍රමයක්.ඒ අතරින් පුරාණ ශ්‍රී ලාංකීය වෛද්‍ය ක්‍රමයන් වලට ඇත්තේද ඉහල ස්ථානයක්.අද බටහිර ලෝකයෙ වඩාත් ඉහල අවධානයකට ලක්ව ඇති ආයුර්වේද විද්‍යාව ඉහල නැංවීම සඳහා අධ්‍යාපනික මෙන්ම වෛද්‍ය විශේෂඥ්‍යවරුන් බොහෝසෙයින් කටයුතු කරනවා දැකගන්නට පුලුවන්.ඒ අතරින් විශ්ව විද්‍යාලයන් තුල දැනුමින් සහ කුසලතා වලින් පරිපූර්ණ සිසුන් බිහිකරලීම සදහා ඉහල ගුණාත්මක බවකින් යුක්ත උසස් අධ්‍යාපන ක්‍රමය මූලික තැනක් ගන්නවා. ඒ අතරින් කොළඹ විශ්ව විද්‍යාලයෙ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ යුනානි වෛද්‍ය විද්‍යාව උපාධිය සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා.

 

ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්‍රමය සහ යුනානි වෛද්‍ය ක්‍රමය.

 

ආයුර්වේද ක්‍රමය මෙරට ස්ථාපිත කිරීමටත් පෙර පැවතුනේ සිංහල වෙදකමයි.ආයුර්වේදය මෙරටට දායාද වුනේ බුදු දහම මෙරටට ලැබීමත් සමග ඉන්දියාව වෙතින් බව පුරාණයෙ සදහන් වෙනවා.කොහොම නමුත් වර්තමාන ආයුර්වේදය උතුරු ඉන්දියානු වෛද්‍ය සම්ප්‍රදාය ,දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය ,අරාබි යුනානි වෛද්‍ය සම්ප්‍රදාය සහ පාරම්පරික සිංහල වෙදකම යන ක්ෂේත්‍ර කිහිපයකින් සමන්විත වන අතර මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආවේණික සහ සුවිශේෂී වූ එකකි.

 

කොළඹ විශ්ව විද්‍යාලයෙ ආයුර්වේද අංශය යටතෙ ඇති දෙපාර්තමේන්තු.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ යුනානි වෛද්‍ය විද්‍යාව
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ යුනානි වෛද්‍ය විද්‍යාව
  • මෞලික සිද්ධාන්ත.
  • ද්‍රව්‍ය ගුණ විඥන.
  • ස්වස්තවෘත්ත.
  • කාය චිකිත්සා.
  • දේශීය චිකිත්සා.
  • ප්‍රසූතිතන්ත්‍ර කෞමාභෘත්‍ය.
  • ශල්‍ය ශාලක්‍ය.
  • සමාන්තර විද්‍යා.

 

යුනානි අංශය යටතෙ ඇති දෙපාර්තමේන්තු.

 

  • කුල්ලියත්
  • ඉල්මුල් අඩ්වියා
  • මෞලිජාත්
  • නිස්වාත් වා කබාලත්
  • ඉල්මුල් ජහරාත්
  • හිෆ්සානේ සේහාත්
  • සමාන්තර විද්‍යා
  • දේශීය ඉලාජ්

 

ආයුර්වේද සහ යුනානි වෛද්‍ය උපාධි පාඨමාලාවෙ අරමුණු සහ පරමාර්ථ.

 

  • ආයුර්වේද සහ යුනානි වෛද්‍ය ක්‍රමයන් පිළිබඳව වර්තමාන සමාජ අවශ්‍යතාවයන් වලට ගැලපෙන පරිදි හසල දැනුමක් සහ පරිපූර්ණ කුසලතා වලින් පිරිපුන් වෛද්‍යවරුන් බිහිකිරීම.

 

  • මූලික සෞඛ්‍ය සංරක්ෂණයෙ වගකීම දැරිය හැකි වීම.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ යුනානි වෛද්‍ය විද්‍යාව - කොළඹ විශ්ව විද්‍යාලය.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ යුනානි වෛද්‍ය විද්‍යාව – කොළඹ විශ්ව විද්‍යාලය.
  • දේශීය සෞඛ්‍ය සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි වීම.

 

  • යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා සරල ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අධ්‍යනයක් මහජනතාවට ලබාදිය හැකි වීම.

 

  • ඉපැරණි වෛද්‍ය ඥානය උද්දීපනය කළ හැකි වීම.

 

  • ආයුර්වේද සහ යුනානි වෛද්‍ය ක්‍රම ක්‍රමය පිළිබඳව පර්යේෂණය කළ හැකිවීම මගින් වෛද්‍ය ක්ෂේත්‍රයට නව අත්දැකීම් එක් කළ හැකි උගත් වෛද්‍යවරුන් බිහිකිරීම කිරීම.

 

  • ඉදිරි ආයුර්වේද සහ යුනානි වෛද්‍ය ජන සමාජය පුහුණු කිරීමේ වගකීම දැරිය හැකි දක්ෂ ආචාර්යවරුන් බිහිකිරීම.

 

  • ආයුර්වේද සහ යුනානි වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීම.

 

පාඨමාලාවේ දැක්ම සහ මෙහෙවර.

 

දැක්ම –

ආයුර්වේද,යුනානි සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනය බවට පත් කිරීම.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ යුනානි වෛද්‍ය විද්‍යාව -
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ යුනානි වෛද්‍ය විද්‍යාව –

මෙහෙවර –

ශ්‍රී ලංකාවේ ආයුර්වේද, යුනානි හා හා දේශීය වෛද්‍ය ක්‍රමයන්හි උන්නතිය සඳහා අවශ්‍ය දැනුම ව්‍යාප්ත කිරීමට සහ වර්ධනය කිරීමට අදාල වන අධ්‍යන සහ පර්යේෂණ කටයුතු කිරීම.

 

උපාධි අපේක්ෂක සිසුන් ඇතුලත් කරගන්නා ආකාරය.

ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය සමත්වන සිසුන්ගෙන් ආයුර්වේද වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා (BAMS) සහ යුනානි වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා (BUMS) පිළිබඳ උපාධි වැඩසටහන් වලට ඇතුළත් කර ගැනීමට අදාළ තේරීම් සිදු කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසිනි.මෙම උපාධි වැඩසටහන් දෙක සඳහාම වාර්ෂිකව සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රමාණය දළ වශයෙන් 200ක් පමණ වේ.

මෙම පාඨමාලාව වසර පහකින් 5 කින් සමන්විත වන අතර.ආයතනික පුහුණුවකින් සහ එක් වසරක ආධුනික වෛද්‍ය පුහුණුවකින්ද සමන්විත වෙයි.උපාධි පාඨමාලාව පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ය.දේශන කටයුතු ආයතනය තුළ පවත්වන අතර සායනික අධ්‍යයන කටයුතු මූලිකව ආයුර්වේද ශික්ෂණ රෝහල ආශ්‍රිතව සිදු වේ.මෙම පාඨමාලාව සෙමෙස්ටර් ක්‍රමයට සිදුවන අතර වසරකට semester සෙමෙස්ටර් දෙකකින් සමන් වන අතර එක් සෙමෙස්ටරයක් සති 15 කින් සමන්විත වෙයි.සියලුම semester එකක් අවසානයේම විභාගයක් පැවැත්වෙයි.

 

තොරතුරු : දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාවක් ඇසුරින්.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!