බැටිස්ටා ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ශිෂ්යත්වෙ පාස් වෙලා මම හය වසරෙදි බාලිකා පාසලකට ගියා. ඉස්කෝලේ ටිකක් දුර තිබුනු නිසා වෑන් එකක තමයි මම යන්නේ. ඕකේ ඉතින් ඉන්නවා අයියලා මල්ලිලා සෙට් එකක්. එයාලා හැමදාම සෙල්ලම් කරනවා පොඩි කාඩ් ජතියකින් සාමාන්ය කාඩ් පැක් එකට වඩා ඒවා ටිකක් පොඩී. ඒවායේ ක්රිකට් ගහන අය ඉන්නවා. රෙස්ලින් කරන අය ඉන්නවා. එයාලා ගත්තු ළකුණු ගාන , සෙල්ලම් කරපු වාර ගාන ඔවා කිය කිය තමයි කාඩ් ගහන්නේ.
බලන් හිටියා දවසක් දෙකක් දැන් මටත් ආසයි ඒක සෙල්ලම් කරන්න. මාත් අත ඇරියෙ නෑ.. කියවලා කියවලා කොහොම හරි මාවත් එකතු කරගෙන දැන් කට්ටිය කාඩ් ගහනවා.
මන් දැන් ඕක ගිහින් ඉස්කෝලෙ කියවද්දි මට හෙන තැන. මොකද බාලිකා වල ඉන්නේ කෙල්ලො විතරනෙ. මන් ඉතින් හැමදාම රෙස්ලින් බලන එකා වගේ නම් කිය කිය ළකුණු ගාන කිය කිය හෙන වැඩ්ඩා.
දවසක් අපේ පංතියට සුදු සාරියක් ඇදගෙන ට්රේනින් ටීච කෙනෙක් ආවා විද්යාව උගන්නන. එතකොට අපි නවය වසරෙ. දන්නවනෙ ඉතින් නවය කියන්නේ ලොවෙත් කියන දේ අහන වසරක් නෙමේනෙ. දැන් ටීච උනන්නනවා මම පිටිපස්සෙ ඉදන් සෙට් එකට රෙස්ලින් ටෝක් දෙනවා.
මන් දැන් රෙස්ලින් සංවිධානක මණ්ඩලයේ ලේකම් වගේ මුල ඉදන් දැන් වැඩේ නියමෙට කියාගෙන එනකොට එහා පැත්තේ හිටපු එකාට නම ඇහුනේ නෑ කියලා ඌ
“ඇහ්.. කවුද බන් ඒ”
මම ගත් කටටම හයියෙන්
“බැටිස්ටා… බන් බැටිස්ටා… “
කිව්වා විතරයි මතක ටීච එක පාරට
“මොකක්ද ළමයි ඒ කිව්වේ”
මලා දැන් මොකද කරන්නේ මට මෙලෝ දෙයක් ඔලුවට එන්නෙත් නෑ. විද්යාව අච්චු පොත මේසේ උඩ ඒක පෙරලලාවත් නෑ. හැබැයි ටීච බෝඩ් එකේ ලියලා ක්ශුද්ර ජීවීන් කියලා. එක පාරට එහා පැත්තේ එකා කෑගගලා කිව්වා..
” අහ්.. ටීච ඒ අලුත් ක්ශුද්ර ජීවියෙක්.. මෙන්න මෙයා එයේ ටීවී එකේ දැකලා”
මල කෙලියයි දැන් මූ මාව අල්ලලා එහෙම කිව්වා.
ටීච දන්න බැටිස්ටෙක් නැති නිසයි ඒ නම ක්ශුද්ර ජීවී නමක් නිසා වගේ හින්දයි මම බේරුනා. මෙන්න බොලේ එක පාරට ඒ ටීච අහනවා
” පුතා මොකේද ඒක පෙන්නුවේ”
දැන් මොකද කරන්නේ මේලෝ දෙයක් ඔලුවට එන්නේ නෑ කාටුන් මිසක්. ආයි එහා පැත්තේ එකා පිහිට උනා “සැරිසරේ.. ටීච “
සැරිසර කියන්නේ ඒ කාලේ ගියපු කැලේ ඉන්න සත්තු ගැන යන වැඩසටහනක්. එකේ මොන ක්ශුද්ර ජීවියෝද? කමක් නෑ වෙලාවේ හැටියට බේරුනානේ කියලා අපි ශේප් එකේ හිටියා.
අපි හිතුවේ අලුත් ටීච අපේ බොරුවට අහු උනා කියලා. කොහෙද ඉළග පීරියඩ් එකේ මෙන්න බීමතින් එන නාලාගිරි ඇතා වගේ එනවා පන්තිබාර ටීච්.
“නැගිටිනවා.. සැරිසරේ ක්ශුද්ර ජීවින් පෙන්නුවා කිව්ව උන් ටික දැන්ම”
එතකොට තමා තේරුනේ අලුත් ටීච අලුත් නිසයි අපිට බැනලා නැත්තේ. මොනා උනත් මායි මෙගේ කතාව අහන් හිටපු සියල්ලෝයි එකටම නැගිට්ටා. මොනා උනත් එකට ඉන්න එක අපි අතර තිබුනා.
එදා අම්බානක ගුටි කාලා දණගහගෙනත් හිටියා.
දණ ගහන් ඉන්න අස්සේ එකෙක් අහනවා
“කවුද, බන් බැටිස්ටා… ඇත්තට”
උපුටා ගැනීම: Sithuni Amanda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!