බාධක අතරින් විභාගය ඉහලින්ම පාස් වෙන්නෙ කොහොමද

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අද මේ ලිපිය මම ලියන්නෙ මම මෑතකදී උසස් පෙල කරන කාලය තුල මුහුණ දීපු අත්දැකීම් ඇසුරින්.මට වගේම මේ කාලය තුල ලමයින්ට ගොඩාක් බාධක වලට මුහුණ දෙමින් තමයි උසස් පෙල කියන අතිශයින්ම තරගකාරී විභාගයට මුහුණ දෙන්න සිදුවෙන්නෙ.ඉතින් මානසික ආතතිය, පීඩනය මැද්දෙ ඉන්න නංගිලා මල්ලිලාට මේ ලිපියෙන් තමන්ගෙ හීනය වෙත යන්න හොද හයියක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. 

student
බාධක අතරින් විභාගය ඉහලින්ම පාස් වෙන්නෙ කොහොමද

මේ කාලය තුල නංගිලා මල්ලිලාට අත්දකින්න වෙන බාධක මොනවද ? 

 

  • ඉස්සෙල්ලම කතා කලොත් ගොඩාක් අයට තියන ලොකුම ගැටලුව තමයි කාලයක් ගතවන විට පාඩම් කරන්න තියන අවශ්‍යතාවය ක්‍රමයෙන් නැතිවීගෙන යාම,කම්මැලි හිතෙන්න ගැනීම, කාලය මදිවීම , පාඩම් කරන විදියක් ගැන අවබෝධයක් නැතිවීම වගෙ ගැටලු. 
  • අපි තුන්වෙනි ලෝකයෙ රටක් විදියට දවසින් දවස ආර්ථික ගැටලු වලට මුහුණ පාමිනුයි ඉන්නෙ. අපෙ රටේ උසස් පෙලට සූදානම් වෙන නංගිලා මල්ලිලාගෙන් 80%කටම වගෙ ආර්ථික ගැටලු බාධාවක් කියලා මම හිතනවා. 
  • තරුණ වයස් වල ඉන්න නංගිලා මල්ලිලාට ආදර සම්බන්ධතා වලිනුත් එකපිට එක බාධක ගැටලු ප්‍රශ්න තියනවා.ඒක ඉතාමත් සුළු කාරණයක් වුනත් මේ වයසෙ ඉන්න ඔයාලට ඒක ලොකු ප්‍රශ්නයක් නිසා ඒලවෙල් විභාගයට ආදර ප්‍රශ්න බාධකයක් කියලා ගමු. 
  • ඊලගට කතා කරන්නෙ මානසික ගැටලු නිසා , ශාරීරික ගැටලු නිසා ඔයාට වෙන බාධක ගැනයි.

ඉස්සෙල්ලම අපි කතා කරමු පාඩම් කරනවිට ඔයාට එන බාධක වලට විසදුම්.


කම්මැලිකම


හැම බාහිර බාධකයකටම වඩා බාධා වෙන්නෙ තමන් තුලින්ම එන බාධකයි.ඔයාට පාඩම් කරන්න හිතෙන්නෙ නැත්තම්, පාඩම් කරන්න කම්මැලියි නම් විභාගය පාස් වෙන එක සිහිනයක්ම වෙයි.එතකොට කොහොමද අපි මේ කම්මැලිකමෙන් මිදෙන්නෙ ? 

lazy students
බාධක අතරින් විභාගය ඉහලින්ම පාස් වෙන්නෙ කොහොමද

  • උසස් පෙල විභාගයෙන් ඔයා බලාපොරොත්තු වෙන ඔයාගෙ සිහිනය ගැන හොද අවබෝධයක් ගන්න.ඒ ඔස්සෙ ඔයාගෙ හිතට දැනෙන අරමුණක් හදාගන්න. මේ අරමුණ පැහැදිලිව ඔයාට හොද අභිප්‍රේරණයක් ලැබෙන විදියට ලියාගෙන පෙනෙන තැනක අලවගන්න. 

 

  • ඔයා අහලා තියනවද විෂන් බෝඩ් ගැන. විෂන් බෝඩ් එකකින් කරන්නෙ අපිට තියන සිහින වල එකතුවක් පින්තූර විදියට එකට බෝඩ් වල අලවගෙන උදේ සවස පෙනෙන්න තියාගැනීමෙන් අභිප්‍රේරණයක් ලබාගැනීමයි. ඔයාගෙ අරමුණ, ඔයා ගන්න ඉන්න වාහනය, ඔයාගෙ අනාගත නිවස ,රැකියාව වගෙ දේවල් වල පින්තූර අරගෙන බෝඩ් එකක අලවගන්න.පෙනෙන තැනක තියාගන්න. පාඩම් කරන්න කම්මැලිකමක් ආව විටකදී ඔයා මේ විෂන් බෝඩ් එක දිහා බලන්න.මේ හීන වලට යන්න නම් ඔයා දැන් පාඩම් කරන්න ඕන කියන දේ හිතට දැනෙයි. 

 

 ආර්ථික ගැටලු කොහොමද ඔයාට බාධා කරන්නෙ ?

 

පිටරටවල නම් ගොඩාක් ලමයි ඉගෙනගන්න අතරතුර පාර්ට් ටයිම් රැකියාවන් කරමින් තමන්ගෙ වියදම් හොයාගන්නවා. ඒ වුනාට අපෙ රටෙ එහෙම ක්‍රමයක් නැහැනේ. උසස් පෙල කියන්නෙ වර්තමානයෙ ටියුෂන් ගුරුවරුන්ගෙ තරගයක් හා සමාන දෙයක්.තියරි ක්ලාස් වලට අමතරව රිවිෂන් වලටත් වැඩියෙන් වියදම් කරන්න වෙනවා. විෂයන් තුනකට මේ විදියට වියදම් කරන එක සමහර ලමයින්ට නම් ලොකුම ගැටලුවක්.ඒලවෙල් වලදී ලමයි ඉස්කෝල් යන්නෙ නැතිනිසා ඉස්කෝල් වලින් විෂය කරුණු කෙරෙන්නෙත් නැහැ.යහමින් මුදල් තියන ලමයින් පෞද්ගලික තනි පන්තිවලට පවා සහභාගි වෙනකොට නැතිබැරි ලමයි ගොඩාක් දුක්වෙනවා. 

 

මේ නංගිලා මල්ලිලා කොහොමද ආර්ථික බාධක වලට මුහුණ දෙන්නෙ ? 

 

ඔයාගෙ අතට හරියට පන්ති වියදම් වලට මුදල් ලැබුණත් අනවශ්‍ය ගමන් බිමන්, අනවශ්‍ය වියදම් නොකර ඉතුරු කරන්න කටයුතු කරන්න. හරි අපි හිතමු ඔයාට ගෙදරින් අමතර පන්ති වලට සහභාගි වෙන්න තරම් මුදලක් ලබාදෙන්න අපහසුයි කියලා.එහෙනම් මොකද කරන්නෙ ? 

මතක තියාගන්න නංගි මල්ලි අපෙ හිත තියනවනම් මේ ලෝකයෙ කරන්න බැරි කිසිම දෙයක් නැහැ.. 

saving
බාධක අතරින් විභාගය ඉහලින්ම පාස් වෙන්නෙ කොහොමද
  • අපි ඉස්සෙල්ලා කතා කරපු විදියට ඔයාගෙ හීනයට යන්න හොද අරමුණක් හිතෙ ඇතිව හොදින් වැඩ කරන්න සූදානම් වෙන්න. ඔයා යන්න කැමැත්තෙන් ඉන්න අමතර පන්තියක ගුරුවරයෙක් එක්ක ඔයාගෙ ආර්ථික අපහසුතා ගැන ටිකක් කතාබහා කරන්න.සමහර විට ඔයාට free cards/ half cards ලැබෙන්න ඉඩතියනවා ( හැබැයි ඔයාට ඇත්තෙන්ම හොදටම ආර්ථික අපහසුතා තියනවනම් විතරක් ඉල්ලීමක් කරන්න ) .
  • ඊලගට ඔයාට ඉන්න යහලුවන්ගෙන් උදව් උපකාර ලබාගන්න.එයාලා සහභාගි වෙන අමතර පන්තිවල නෝට්ස් ඔයාත් එක්ක බෙදාගන්න පුලුවන් ද කියලා ඉල්ලීමක් කරන්න.හැබැයි නිතර කරදරයක් වෙන්නත් එපා. ඔයාට නොතේරෙන නොදන්න දේවල් අනිත් අයගෙන් අහගන්න දෙපාරක් හිතන්න එපා.
  • මුලු විශ්වයම දැන් ඔයාගෙ අතෙයි තියෙන්නෙ.ඔයාගෙ සම්පූර්ණ විෂය නිර්දේශයම ඩවුන්ලෝඩ් කරගන්න. දැන් එකින් එක ස්වයං අධ්‍යයනයක් කරන්න. නොතේරෙන පාඩම්, කරුණු වෙනමම අන්තර්ජාලය ඔස්සෙ ගවේෂණය කරන්න.යූටියුබ් ඔස්සෙ කියලා දෙන පාඩම් දැන් ඕනතරම්.

ආදර සම්බන්ධතා

 

 ඊලගට අපි පොදුවේ කතා කරමු ආදර සම්බන්ධතා බාධා නොකරගෙන, මනස සහ ශරීරය හොදින් පවත්වා ගන්නෙ කියලා .

මේ වයස් වල නංගිලා මල්ලිලාට තියන තවත් ලොකුම බාධාවක් තමයි හැගීම්. පාඩම් කරන්න තියන කාලයෙදී ආදරවන්තයා / ආදරවන්තිය සමග සම්බන්ධතාවයක් තියෙනවනම් එකිනෙකා හොදින් තේරුම් අරගෙන වැඩ කරන්න හොද සහයෝගයක් දෙන්නගෙන්ම ලැබෙනවනම් ඒක කිසිසේත්ම බාධාවක් වෙන්නෙ නැහැ. 

මනස

 

meditation
බාධක අතරින් විභාගය ඉහලින්ම පාස් වෙන්නෙ කොහොමද

ඒ වගේම තමයි තමන්ගෙ මනස , ශරීරය ඉතාමත් නීරෝගිව පවත්වා ගත යුතුයි. මනස අවුල් වුනාම කිසිම දෙයක් හරියට කරගන්න බැහැ.ඒ නිසා මනස හොදින් තබාගන්න භාවනාවක් සිදුකරන්න.සතිමත් බව පුරුදු කරන්න. මනස හොදින් තියනවා වගේම අපෙ ශරීරය ලෙඩ වුනොත් එතකොටත් අපිට හරියට කිසිම වැඩක් කරගන්න වෙන්නෙ නැහැ.හොද කෑම බීම ගනිමින් ශරීර සෞඛ්‍ය යහපත්ව තබාගන්න කටයුතු කරන්න.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!