බෝරිච්චි භීතීකාව ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මිටි යාළුවෝ ආශ්රය කිරීමේ විපාක වශයෙන් කවදාවත් මට ආසාවට දෙවෙනි මනාලියක් වෙන්න ලැබුනේ නෑ. හැබැයි ඉතින් එපා වෙන තරමට සෑහෙන්න වෙඩින් තොගයක මල් කුමාරිටනම් ඉඳලා තියෙනවා. ලස්සන එක එක ජාතියේ ඇඳුම්, සපත්තු වෙඩින් එකෙන් එකට හම්බුනත් මං මල්කුමාරිට ඉන්න හරිම බයයි.
ඒකට හේතුව වුනේ මට තිබ්බ බෝරිච්චි භීතීකාව. ඒ දවස්වල මෝස්තරේ වෙලා තිබ්බේ පාට පාට දිලිසෙන සැටින් රෙදි වලින් මහපු අත් බෝරිච්චි කොට තට්ටු තට්ටු ගවුම් නේහ්.
ඉතින් ඔය බෝරිච්චි දාපු ගවුම් ඇන්ඳම මගෙ මුළු ඇඟම කසන්න අරගෙන එක විකාරයක් වෙනවා. සමහර වෙලාවට වමනෙත් යනවා. තාත්තා කවදාවත් මට කිසිම දේකට බල කරන කෙනෙක් නෙමෙයි වුනාට ඔය ගවුම් මං ඇඳන් ඉන්නවා බලන්න තාත්තා හරිම ආසයි. ඔන්න ඔය නිසාම මට ඔය ජාතියේ ගවුම් අඳින එකෙන් බේරෙන්න බැරි වුනා.
මගේ පුංචිගේ, ඒ කියන්නේ අම්මගෙ නංගිගේ වෙඩින් එකේ මල් කුමාරිට හිටියෙත් මම. ඒ වෙඩින් එකේ මල් කුමාරි ගවුම වුනේ අමුතු ලස්සන කොළ පාට දිලිසෙන ලේස් රෙද්දකින් මහපු අත් බෝරිච්චි දාපු ලස්සන ගවුමක්. මගෙ භීතීකාව දන්න නිසාම ගෙදරින් පිටත් වෙන්න පැයකට විතර කලින් තාත්තා මට ගවුම ඇන්දුවා. ඊටපස්සේ මට කිව්වා ඇඳට ගිහින් හොදට වකුටු වෙලා නිදාගන්න කියලා. ඒක කෙම් ක්රමයක්ද මන්දා කොහොම හරි මට එදා කිසිම අවුලක් වුනේ නැහැ. හැබැයි වෙඩින් එකෙන් පස්සේ ආපහු එද්දිනම් පොඩ්ඩක් වමනේ ගියා.
වෙඩින් තියෙන දවස් වලට කෝමහරි අමාරුවෙන් ශේප් වෙලා හිටියට අපෙ අම්මා නිසා නිකන් දවස් වලටත් මට ඔය තට්ටු තට්ටු බෝරිච්චි ගවුම් අඳින්න වුනා. ඒ අපෙ අම්මගෙ තඩි ඇල්බම් එක පුරවන්න ඕනි කරන ඡායාරූප වලට පෙනී සිටීම සඳහා. අපෙ අම්මා මාව ඡායාරූප ගත කරන්න තෝර ගන්නේ තාත්තා ගෙදර ඉන්න දවස්. මොකද තාත්තට ඇරෙන්න මාව කාටවත් ආම්බාන් කරන්න බැරි නිසා. අම්මගෙ වදෙන් බේරෙන්න බැරිව තාත්තත් ඉතින් මට පෙරැත්ත කර කර ඇඳුම අන්ඳනවා. කෝමහරි මගෙ ශබ්ද පූජාවයි ඇඬිල්ලයි නිසාම මං එදාට බෝරිච්චි ඇඳුමක් අඳිනවා කියලා අපේ ක්වාටර්ස් පෙළම දන්නවා.
ඉතින් ඇඳුම ඇන්දුවට පස්සේ තාත්තා මගෙ කදුළු පිහදාලා, හොටු හූරලා, මූණ හෝදලා, පව්ඩර් එහෙම දම්මගෙන එළියට එක්ක ගිහින් අම්මා ගෙන්නපු ෆොටෝ ගන්න අන්කල් ලව්වා එක එක විදියට ෆොටෝ ගන්නවා.
ඔය විදියට එක එක ජාතියේ බෝරිච්චි තට්ටු ගවුම් ඇඳගෙන ගහපු තඩි ඇල්බම් එකක් අපේ ගෙදර තියෙනවා. ඒකෙ තියෙන්නේ මේ පුංචි මොඩ්ල්ගේ පින්තූර. ඉස්සර ඔය වැඩේට මං අම්මත් එක්ක තරහෙන් හිටියට මොකද දැන් ඒ ඇල්බම් බලන්නත් හරිම ආසයි. මගෙ පරිස්සම ගැන අම්මා දන්න නිසාම අදටත් ඒ ඇල්බම් වල ෆොටෝ අස්සට චූටි චූටි පුළුන් කෑලි පුරෝලා තියාගෙන ඉන්නේ අම්මගෙ අල්මාරියේ. ඒව අරන් බලන්නත් අම්මගෙන් අවසර ගන්ඩෝනි ඉතින්.
පින්තූරෙ – ඔය ෆොටෝ එකේ හිනාවෙලා හිටියට ෆොටෝ එක ගන්න පැය භාගයකට කලින් ක්වාටර්ස් එකම දෙවනත් වෙන්න කෑගහලා අඬ අඬා හිටියේ.
උපුටා ගැනීම: ✍️ බුද්ධි ජයවීර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!