බෝට්ටූ බොට්ටූ… ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දඩි බිඩි ගාලා බත් කටවල් දෙක තුනක් කටට දාගත්ත මන් පුලුවන් ඉක්මනට පාරට දුවගෙන ආවේ බස් එක මිස් වුනොත් ඔක්කොම ප්ලෑන් වතුරේ යන නිසා. හරියටම දොලහයි කාලට එන බස් එක තමා මන් ටාගට් කරන්නේ. බත් කෑවේ අම්මගේ වද කිරිල්ලට. උදේට කෑවේත් දහයාමාරට විතර නිසා ලොකු බඩගින්නක් තිබුනෙත් නෑ. අව්ව සැර නිසා දාඩියත් දානවා.අය්යගේ සෙන්ට් බෝතලේ හොරෙන් හලන් ආවේ මේ නස්පැත්තිය වෙනවා කියලා කලියෙන්ම දැනගත්ත නිසා. කොන්ඩේ ගාපූ ජෙල් එකත් දියවෙනවද මන්දා මේ ගිනිකාස්ටෙට.
සයන්ස් සෙන්ටර් එකේ දහය එකොලහ ක්ලාස් දෙක තියෙන්නේ එකම වෙලාවේ දෙපැත්තේ බිල්ඩින් වල. ක්ලාස් එක පටන් ගන්නේ එකහමාරටට නිසා මේ වෙලාවේ බස් එකේ ගියාම ගානට වෙලාව ඇති. ක්ලාස් දෙකටම යන ගොඩක් ලමයි යන්නෙ මේ ටයිම් එකටම තමා. තව මාස දෙක තුනකින් විතර අපිට ක්ලාස් ඉවර වෙනවා ඕලෙවල් ලග නිසා. ඒක නිසාම අද නම් ප්ලෑන් එකක් ගහන්ම තමා මන් ආවේ. දහය වසරේ ක්ලාස් එකේ මගේ හිත ගියපු නංගි එන්නෙත් මේ බස් එකේමයි. අදනම් මන් අහන්න හිතාගෙනමයි ආවේ. යාලුවෝ සෙට් එක කීවෙත් දැන්ම ඇහුවේ නැතොත් කොහොමත් උබට හුලන් තමා කියලා. ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා.
ඒ කෙල්ලට මන් දැනුවත්වම අපේ ක්ලාස් එකේම කොල්ලෝ හතරක් විතර ට්රයි. දහය වසරේ උනුත් ට්රයි ඇති අනිවාර්යයෙන්. ප්රමාදය පසු තැවීමට හේතු වේ කියලා කියලත් තියෙන එකේ අදනම් අහන්නම රෙඩි වෙලා තමා මන් ආවේ. හිතුවා වගේම බස් එකට නැග්ග ගමන්ම එයා ඉන්නවා පිටිපස්සේ දොරට කිට්ටුව සීට් එකක එයාගෙ යාලුවත් එක්ක. කලින් හෝල්ට් වලින් නගින මගේ යාලුවෝ දෙන්නෙකුත් ඊට පිටිපස්සේ සීට් එකේ වාඩි වෙලා. චමත් මට ඒ සීට් එකේ ඉඩ දීලා පස්සේ සීට් එකට මාරුවුනා. උනුත් දන්නවා අද මන් අහන්න ඉන්නේ කියලා.
වාඩි වෙච්ච ගමන් අහන්න බෑනේ ඉතින් මන් පොඩ්ඩක් වැඩේට අවතීර්ණ වෙන්න කල් යැල් මැන්නා. ඉස්සරහ හෝල්ට් වලිනුත් මගේ යාලුවෝ කිප දෙනෙක්ම බස් එකට නැග්ගා. දැන් ඉතින් හැම එකාම අහපන් අහපන් ගගා සැරෙන් සැරේ කියවනවා. කොහොම අහන්නද, මොකක්ද මුලින්ම කියන්නේ, මූන බලන්ද කතා කරන්න ඕන වගේ දහසක් ප්රශ්න මගේ ඔලුවේ පිනුම් ගහනවා. මන් අන්තිමට හොද හුස්මක් අරන් තීරනයක් ගත්තා.
“මචන් අපි ක්ලාස් ඇරිලා එද්දි අහමු. මන් සෙට් එකටම ශේප් එකේ කිව්වා”
ක්ලාස් එකේ පාඩම කෙසේ වෙතත් මගේ ඔලුවේ වැඩ කලේම කොහොමද දැන් යද්දි මේ කෙල්ලගෙන් අහන්නේ කියලා. මෙයා ගත්කටටම බැන්නොත්. ඒත් මට එයාගේ බොඩි ලැන්වේජ් එකෙන් තේරුනේනම් එයාගෙත් පොඩි කැමැත්තක් තියෙනවා කියල වගෙයි. ඒකමයි අහනව කියලත් හිතාගත්තේ.
ක්ලාස් එක ඇරිලා බස් එකට නැගලා එයයි යාලුවයි වාඩි වුන හරියට අපිත් හිමීට ලංවුනා. ඔන්න ආයේම මිත්ර පීඩනය ඇරබුනා. එක එකා තප්පර දහයකට පාරක් විතර අහපන් අහපන් ගාන්න පටන් ගත්තා. ඇහිල්ල කෙසේ වෙතත් කටෙන් වචනයක් පිට කරගන්නත් බැරි ගානට මන් ප්රෙශර් වෙලයි ඉන්නේ.බහින හරියටත් පොඩ්ඩ පොඩ්ඩ ලං වෙන්න ගත්ත නිසා මගේ ඔලුවට අදහසක් ආවා.
“මචං අපි පොඩි ලියුමක් දෙමු. මන් සෙට් එකට ශේප් එකේ කිව්වා”
දැන් කොහොමද යකෝ ලියුම් ලියන්නේ? එකෙක් මගෙන් අහපි. ඒකත් ඇත්ත. වැඩිය හිතන්නේ නැතිව සීට් එකකට හේත්තු වෙච්ච මන් කරේ පොතේ පිටිපස්සෙම පිටුව කඩලා,
“නංගි මන් ඔයාට කැමතියි. මන් ඔයාගෙන් අනිවාර්යෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා”
කියලා ලියලා කොලේ තුනට නැමුවා. මහ ලොකුවට ලිව්වට මොකද දැන් මේක දෙන විදියකුත් මට එක පාර හිතාගන්න බෑ. අනිත් එක මේකි වාඩි වෙලා හිටියේ ජනෙලේ පැත්තේ. යාලුවා තමා මේ කොනේ ඉන්නේ.
“මොකද බන් කරන්නේ දැන් ?”
මන් චමත් ගෙන් ඇහුවා.
“කෝ මෙහෙ දීපන් ඕක”
චමත් මගේ ලියුම ඇදලා අරන් ඒක උඩ ඊතලයක් ඇදලා මගේ පොත ඇදලා අරන් අර ලියුමත් එක්කම එහා පැත්තේ වාඩි වෙලා හිටපු කෙල්ලගේ උකුල උඩින් තිබ්බා. මූ මේ වගේ වැඩ වලට කියාපු එකා. දැන් ඔන්න මන් බහින තැනටත් ලන් වුනා.
දැන් ඉතින් පොත විතරක් අරන් බැහැපන්, චමත් මට එහෙම කිව්වේ තෝ වගේ ගොනෙක් කියන බැල්මට් එකක් දාගෙන. ශේප් එකේ බහින්න මන් පොත ගන්න අත දික්කරද්දීම ඒ කෙල්ල මට පොත දෙන්න ලෑස්තී වුනා. මන් හිමීට ලියුම ඔඩොක්කුවටම වැටෙන විදියට පොත විතරක් ගත්තා.
සටනින් ජයගත්ත වීරෝදාර රණවිරුවෙක් වගේ මන් ගෙදර ගියා.දැන් ඉතින් සතියක් බලන් ඉන්න එක තමා අමාරුම වැඩේ……
2004/08/22
සතියකින් පුරුදු විදියටමට ක්ලාස් ගියත් ඇස් දල්වන් බලන් උන්නේ මොකක් හරි උත්තරයක් කොයි විදියකින් හරි ලැබෙයි කියලා. ක්ලාස් ඇරිලා එද්දිත් එයලා වාඩිවුන සීට් එක ලගින්ම හිටගන්න අමතක කරෙත් නෑ මම. අද ජනෙල්ලේ ගාව ඉන්නේ යාලුවා, මේ කොනේ එයා. ඒක පොඩි ග්රීන් ලයිට් එකක්. ටික දුරක් ගියාම මෙන්න මෙ නංගී මගේ පොත ඉල්ල ගත්තා තියාගන්න. වැඩේ ගොඩම තමා කියලා මට හිතුනා දැන්නම්. එයා පොඩි කොලයක් පොත ඇතුලට දානවා මන් හොදටම දැක්කා. වැඩේ ගොඩ. බහින්න ලං වෙද්දී පුදුම සතුටකින් පොත ඉල්ල ගත්ත මන් බස් එකෙන් බැස්සා නෙමේ පැන්නා. ඒ ඉක්මනට ලියුම බලන්න. හෝල්ට් එකේ ඉදන්ම මන් ලියුම දිග ඇරියා.
“මන් බෝට්ටු බෝට්ටු ශර්ට් එක අදින අය්යට කැමතියි.”
ඒ කියන්නේ මේ කෙල්ල වෙන කොල්ලෙක්ට ද කැමති. මෙච්චර දගලලා දගලලා මේක අහගන්නද ට්රයි කලේ. මට එපාම වෙලා ගියා. ආයී නම් ඒ කෙල්ල දිහා වැරදිලාවත් බලන් නෑ කියලා මන් හිතා ගත්තා. එයා කැමති කෙනෙක් එක්ක එයා සතුටින් ඉදීවී.
2004/08/29
මන් ගිය සතියේ ක්ලාස් ගියෙත් නෑ. වැඩක් නැ නේ දැන් ගිහිල්ලත්. අර කෙල්ල ඉන්න ලගකටවත් මන් අද ගියේ නෑ. ඒත් ඉතින් වැරදිලා හරි බැලුනොත් මේකී මගේ දිහා බලන් ඉන්නවනේ. මන් යාලුවෝ සෙට් එකටත් කිව්වා ඒකි වෙන කොල්ලෙක්ට කැමති කියලා මට කිව්වා කියලා. මේකී මාව නටවනවද කොහෙද බොරුවට. ආයීනම් වැරදිලාවත් බලන් නෑ කියලා මන් හිතා ගත්තා.
2004/11/21
අද අපේ ක්ලාස් එකේ අන්තිම දවස. අන්තිම දවස නිසා තමා මන් ගියෙත්. වැඩිය ගියෙත් නෑ ක්ලාස් එකට. දැන් ඇත්තටම ඒ ක්ලාස් එකට යන්න කිසිම කික් එකක් නැති නිසා. අද වෙනදටත් වඩා අර කෙල්ල බොරුවට මගේ දිහා බලනවා කියලා මට හොදටම තේරුනා. හිතේ ඇති මාව නටවන්න. බස් එකෙත් අපි ඉන්න පැත්තට එන්න වගේ ගියාම මන් ඕන කමෙන්ම මග ඇරියා.
2006/10/15
අම්මගේ මල වදේම නිසා මන් අද කාමරේ අස්කරගන්න පටන් ගත්තා. අදින්නැති පරණ ඇදුම් අයින් කරන්න කියලා හැම දාම කියවන නිසා මන් අල්මාරියත් අස්කරලා දාන්න පටන් ගත්තා. පරණ ශර්ට් එකෙන් එක ශොපින් එකකට මන් ඔබන්න පටන් ගත්තා. එතකොට තමා මන් මේ ශර්ට් එක හරියටම දැක්කේ.නිල් පාට ශර්ට් එකේ පොඩිම පොඩි බෝට්ටු බෝට්ටූ තියෙන ඩිසයින් එකක් ඒකේ තියෙන්නේ.
එක පාරට මට හෙනයක් ගැහුවා වගේ දැනුනා.
අවුරුදු දෙකකට කලින් මම අර ලියුම දීපු දවසේ මේක තමා ඇන්දේ. හත්දෙයියනේ මන් වගේ ගොනෙක්. ගෑනූ ඔය වගේ කැටයම් එක්ක කතා කරන්න කැමති කියලා මට ඒ වෙලේ තේරුනේ නෑනේ.
අම්මා හැමදාම කියනෝ වයසට ගැලපෙන දේවල් කරන්න කියලා. ඔය කොරේ ඉතින්
උපුටා ගැනීම: ~ප්රබාගේ අඩවිය~

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!