බුදු රඳුන් වන්දනා කරන නමස්කාර පාඨය හැදුණ ආකාරය (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ගුණ මහිමය කියා නිම කළ නොහැකිය. මේ අපි බුදුන් වඳින විට කියන ගාථා පාඨවල අර්ථය ද එතරම් සුවිශේෂී ය. ඉතිං ඒ අතරින් අපි අද කියන්නේ නමස්කාර පාඨය සැදුණු ආකාරය හා අර්ථයයි.

  • නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
  • නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
  • නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ධත්වයෙන් දෙවනි දින මහ බෝධි මූලයේ දී අකුරු දහ අටකින් හා පද පහකින් යුක්ත වූ මේ නමස්කාර පාඨය

  1. සතාගිරි යක්ෂ
  2. රාහු අසුරේන්ද්‍ර
  3. ධ්‍රතරාෂ්ඨ,වීරූඨ,වීරෑපාක්ෂ, වෛශ්‍යවණ  සිව්වරම් දෙවි
  4. තාවංතිසයට අධිපති සක්දෙවිදු
  5. සහම්පති මහබඹු

යන යක්ෂ, අසුර, දිව්‍ය, බ්‍රහ්මයන් විසින් කියූ එක් එක් පදය එකතු කොට තනා ගන්නා ලද ගාථා පාඨයකි.  මේ ගාථා පාඨයේ තේරුම අපි දැන් බලමු. මේ කොටස් පහ එකතු කරලා තමයි අපි බුදු රජාණන් වහන්සේට වන්දනා කිරීම ආරම්භ කරද්දි  “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස” කියලා නමස්කාර කරන්නේ.

  • නමෝ-නරකයට යන සතුන් වළකා නිවන් පුරයට පමුණුවන හෙයින් “න” අර්ථයද, ලෝක සත්ත්වයන් නිවන් පුරයට පමුණුවන බැවින් “මෝ” යන අර්ථයද එක්‌කොට සතාගිරි යක්‍ෂයානෝ “නමෝ” යන පදයෙන් වැන්දා. සාතාගිරි යකුන් “නමෝ” ගුණයට වදින ලද්දේ,
  • “අපා දොර වැසුව සම්බුදු ගුණය කියා
  • න යන පදය ගොනු කරමින් දහම නියා
  • මෝ යන පදෙන් නිවණේ ඇති හරය කියා
  • සතාගිරි යකුන් වැන්දා නමෝ කියා”
  • තස්‌ස-දීපංකර බුදු සමයේ පටන් තණ්‌හාව නසමින් පාරමී පූර්ණය කළ නිසා අසුරේන්ද්‍රයා “තස්‌ස” කියා වන්දනා කළා.
  • රාහු අසුරිදු “තස්ස” ගුණයට වන්දනා කළේ,
  • “තණ්හා බරිත සිතුවිලි හැම දුරලුව
  • සත්‍ය වචනයෙන් තුන්ලොව සැනසුව
  • තස්ස යන පදෙන් ඒ බුදු ගුණ කීව
  • අසුරිදු රාහු වැන්දා සිරිපද ගාව”
  •  භගවතෝ-සමාධි ප්‍රඥවෙන් පරතෙරට ගිය හෙයින් ක්‌ලේශයන් නසා බුද්ධත්වයට පැමිණි හෙයින් ධ්‍රඨරාෂ්ට, විරූඨ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ, සතර වරම් දෙවියෝ “භගවතෝ” කියා වැන්දාහ. සතර වරම් දෙවිවරු “භගවතෝ” ගුණයට වන්දනා කරන්නේ
  • “නුවණින් අග්‍රවු ගුණයට සිත රන්දා
  • දන් පිදුමට සුදුසු ගුණයට හිත බන්දා
  • දුරලු නිසා කෙලෙසුන් මර බල සින්දා
  • භගවතෝ ගුණෙන් සිව් දෙවි බුදු පා වැන්දා”
  • අරහතෝ-සසර බියට පත් සත්වයාට අභය පුරයට ප්‍රවේශ වීමට අනන්ත ගුණ ඇති අරහත් ධජය ප්‍රමුඛ කරගත් සර්වඥයන් වහන්සේට අරහතෝ කියා ශක්‍රයා වන්දනා කළ සේක. ශක්‍ර දෙවිදුන් “අරහතෝ” ගුණයට වන්දනා කළේ
  • “භව චක්‍රෙයහි අරයන් සන්සිදින ලද
  • බුදු බව ලබා සිවු සස් දම් දෙසන ලද
  • සක් දෙවිදුන් බුදුන් ගුණ කද සිතන ලද
  • අරහතෝ කියා වැන්දා සම්බුදු පාද”
  • සම්මා සම්බුද්ධස්‌ස-දුක්‌ඛ, සමුදාය, නිරෝධ, මාර්ග යන උතුම් ඇත්ත සතර තමන් විසින් ම අවබෝධ කරගෙන ලොවට දායාද කළ හෙයින් සහම්පති මහා බ්‍රහ්මයා සම්මා සම්බුද්ධස්‌ස යන දෙපදයෙන් වන්දනා කළා. මහා බ්‍රහ්මයා “සම්මා සම්බුද්ධස්ස” ගුණයට වන්දනා කළේ
  • “නිමා කරන්නට සසරෙහි සියලු දොසා
  • සම්මා බුදුන් ගුණ මහබඹු දුටුව නිසා
  • සම්මා සම්බුද්ධස්ස ගුණ කද ඇතුව තොසා
  • නම්මා සිරස වැන්දා බඹු සතුට නිසා”

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!