බස් එක සහ ටිකට් අයියා (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මගේ කතාවක් නෙමෙයි. මම බලන් ඉද්දි ටිකට් අයියට වුණ කතාවක්.
කෝච්චියෙන් ගමනේ බාගයයි. බස් එකෙන් ගමනේ බාගයයි වැඩට ගිය කාලෙක කතාවක්.
ඉතින් පුරුදු පරිදි වැඩ ඉවර වෙලා ගෙදර එන සවසක කෝච්චිය වෙලාවට ආව. ඒ නිසා කෝච්චියේ ගමන අවසානයේ මට අපේ ගමේ සීටීබී බස් එක අල්ල ගන්න පුලුවන් වුණා.
කරදරයක් නැතුව අද නම් ගෙවල් ළගින් බැහැ ගන්න පුලුවන් පැය බාගයක් විතර කලින්. දැන් මම හිතින් ගෙදර ගිහිනුත් ඉවරයි. තේ එකක් බිබී ටීවී එකේ චංගුමී කතාවත් බලනව.
ස්ටෑන්ඩ් එකෙන් ආව බස් එක හොස්පිට්ල් එක ලග විනාඩි දෙකයි හිටියෙ සට සට ගාල කට්ටිය නග්ග ගත්ත යනව යෑමක්. පව් ඩ්රයිවර් අයියත් මම වගේම මනුස්සයෙක්නෙ. ඉක්මනින් ගෙදර ගිහින් ටීවී බලන්න ආස ඇති.
අම්මට සිරි හුළං වැදි වැදි අයිනක ඉදගෙන මම පස්වනක් ප්රීතියෙන් පිනා ගිහින් ” පියඹා යනවා මා ආකාසයේ වගේ” ගමනේ යනව.
අප්පා ටිකට් එක ගන්න කල් හරියට නිදා ගන්නත් බෑ. මාරු සල්ලිත් අතේ තියන් නින්ද ගිහින් රුපියල් පහ දෙගමනක්ම දන්නෙම නැතුව වැටුණ. යන්තම් ඇස් ඇරගෙන සාරි පොටේ රැලි අස්සෙන් රුපියල් පහ ආයෙ හොයා ගත්ත. හොද වෙලාවට බිමට වැටිල නෑ. නැත්නම් ආයෙ බැග් එකේ කාසි කැටයක් තියනවයැ ඔය තරම් මාරු කාසි දෙන්න.
ඇයි වදේ හරියට හිතේ සැනසිල්ලෙ නින්දක් වත් දාන්න ටිකට් දෙන්න එන්නෙත් නෑ . මොන දේ වුණත් අපරාදෙ ටිකක් කලින් නිදා ගන්න තිබුණ. මමවත් ටිකට් එක ඉල්ල ගන්න හිතන් ටේබල් පෑන් එක වගේ ඔලුව කැරකෙව්ව.
කාගෙන් කියල ටිකට් ගන්නද. ටිකට් අයිය පේන්න නෑ. කොහෙ හරි සීට් එකක වාඩි වෙලා කව්රු හරි එක්ක චැට් එකක ඇති.
එහෙමයි කියල රාජකාරිය කරල ඉන්න ඕනනෙ මොන දේටත්. අපි පත්වීම් ගත්ත රාජ්ය උත්සවය දවසෙ අපිට නම් කිව්වෙ රාජකාරි වෙලාවෙ රාජකාරිය. අනවශ්ය කතා ගමන් බිමන් එපා . හරියට රාජකාරිය කලාම ඒ දේවල් වල යහපත් ප්රතිඵල සොබාදහම නැවත අපිට ලබා දෙනවලු.
ඉතින් මටත් මේ ටිකට් අයිය හරියට රාජකාරි නොකිරීම ඉවසගන්න බැරි වුණා .
එයා හරියට තමන්ගෙ රාජකාරිය කලා නම් මේ වෙද්දි මගේ නින්දට විනාඩි පහකටත් වැඩියි.
ඉවසනව කියල මේ වගේ අසාදාරණයක් ඉවසන්න පුලුවන්ද . වටේ බැලුව කාටවත් ගානක් නෑ . බාගයක්ම නිදි.
මට මතක් වුණේ.
බස් එකේ ගහල තිබුණ ස්ටිකර් එකක් බසයට නැග්ග විගස ඔබේ ප්රවේශ පත්රය ලබා ගන්න කියල.
මට තියන වුවමනාව කාටවත් නෑනෙ . අසාදාරණයක් දැක්කම ඇස් කන් පියන් ඉන්න පුලුවන්ද . කිරි පණුව වගේ දගලන එක නවත්වල මම ඩ්රයිවර් අයිය ලග හැමදාම ඇසිස්ටන්ට් වගේ යන එන කොයිතරම් සීට් තිබුනත් වාඩි නොවන හදිසි අවස්තාවක සුක්කා නම බාර ගැනීමට වගේ සිටින කා සමගත් කතා කරන අපේ ගෙවල් පැත්තෙ ඒ අයිය එක්ක හිනාවුණා.
ඉවසල බැරිම තැන අයියෙ කිව්ව.
ඇයි නංගි සහයක ඩැනී අයිය තත්පරේට මම ලග. ටිකට් කැඩුවෙ නෑනෙ. ආ එයි එයි බහිනකොට දෙන්න බැරියැ. ඒ අයිය ආයෙ ගියා එංජිම උඩට ඇයි දෙයියනේ මට නම් තරහේ බෑ .
අද නම් බස් එකේ ඉබ්බ යන්නෙ.
මේ රටවල් හදන්න බෑ. කාර්යක්ෂමතාවය බින්දුවයි. මම වීදුරුවට ඔලුව තියන් දැම්ම නින්ද.
කොහෙ නිදන්නද පිටිපස්සෙ කව්ද කෑගැහැව්ව මචං සිරා නෑ කියල. සිරා කියන්නෙ ටිකට් අයියා .
අම්මට සිරි මගේ නින්ද කොහේ ගියාද නෑ. දැන් හැමෝම සීට් වල ඉදගෙනම සිරා හොයනව. අංශක 360 ටම බෙලි කරකවමින් ඇස් 80 ක් විතර සිරා හොයනව. සිරා නෑ.
බස් එකත් ඉඩතියන තැනක අයින් කරල නැවැත්තුව.
සහායක ඩැනී පෝන් එක ඔබ ඔබ වටේට කෝල් ගන්නව වගේ පේනව. ඇයි යකෝ මේ මරැසිරාට මොනව වුණාද.
මට නම් තරහේ බෑ. චංගුමියි චෝයි පාලිකාවයි කෑම හදනවත් ඇති.
බාගෙට නින්ද ගිහින් ආයෙ ඇහැරිලා බලද්දී පාරෙ යන ලොරි බාගෙක නැගල සිරා ආව. ටිකට් පොතත් අරන් බැහැල ඇවිත් ඉස්සරහ දොරෙන් බස් එකට නැගල ප්රසිද්ධියේ කියන්න බැරි නමකින් ඩ්රයිවර් අයියා අමතන්න ගත්ත.
හොස්පිට්ල් එක ලගින් සෙනග ගන්න බස් එකෙන් බැස්ස සිරාව දාල තමයි අපි පියඹා ඇවිත් තියෙන්නෙ. අසරණ සිරා පාරෙ යන ලොරියක නැගල බස් එක හොය හොය ඇවිත්.
මදෑ කලින් ගෙදර ගියා. ඩ්රයිවර් අයියත් දුකටද මන්ද පයින් යන ගානට යන්න ගත්ත.
වෙනදටත් වඩා පරක්කු වෙලා ගෙදර යද්දි චංගුමීල කෑම උයල වළං පිගනුත් හෝදල ඉවරයි…
බස් පටලැලි දන්නෝ දනිති.
උපුටා ගැනීම: Sasikamini Sulochana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!