කැම්පස් යන්න බැරි වෙන්න ඔයා අතින් වෙන ලොකුම අඩුපාඩු.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපි පුංචි කාලයෙ ඉදන්ම තියන හීනයක් තමයි කැම්පස් යන එක.වසර දහතුනක පාසල් කාලය ඉවර වෙලා උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාවේ රජයෙ විශ්ව විද්‍යාලයකට ප්‍රවේශය ලබාගන්න සිහිනය උසස් පෙලට එන සෑම ලමයෙක්ටම තියන දෙයක්. ඉතින් මම හිතුවා අද ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්න කැම්පස් යන්න බැරි වෙන්න ඔයාලගෙ අතින් වෙන ලොකුම අඩුපාඩු කිහිපයක් ගැන කතා කරන්න. 

කැම්පස් යන්න සුදුසුකම් ලබන්නෙ ඉසෙඩ් අගය නියමිත ප්‍රමාණයට තිබෙන, අදාල දිස්ත්‍රික්කය තුල මුල්ම රෑන්ක් මට්ටම් වල ඉන්න අයයි. ඒ වගේම අයදුම්කරන උපාධි පාඨමාලාව අනුවත් එය වෙනස් වෙනවා. 

කැම්පස් යන්න බැරි වෙන්න ඔයාගෙ අධ්‍යනය කාලය තුල සිදුවෙන වැරදි මොනවද සහ කැම්පස් යන්න වැඩ කරන්නෙ කොහොමද … 

(1) පාඩම් නොකිරීම.

 

students
කැම්පස් යන්න බැරි වෙන්න ඔයා අතින් වෙන ලොකුම අඩුපාඩු.

මේ ගැන ඕනම කෙනෙක් දන්න කරුණක්.පාඩම් කරන්නැතිව කාටද ඉතින් විභාගයකට මුහුණ දෙන්න පුලුවන් වෙන්නෙ ? පාඩම් කරනවා කියලා පරණ ක්‍රමයට කියන්නෙ වනපොත් කරන එක නම් නෙවෙයි. ඔයාට කැම්පස් යන්න සිහිනයක් තියනවානම් තමන්ට සුදුසුම ක්‍රමයකට විෂය දැනුම අවබෝධ කරගන්න, ඉතාමත් වැදගත් කරුණු හොදින් මතක තියාගන්න කටයුතු කරන්න. 

(2) ඉස්කෝල් නොයාම සහ අමතර පන්ති වලට හරියට සහභාගි නොවීම.

 

ඉස්කෝල සහ අමතර පන්ති වලින් කරන්නෙ පිලිවෙලකට විෂය ආවරණය කිරීමයි. ඔයා හරියට ඉස්කෝල, ක්ලාස් වලට සහභාගි වෙන්නෙ නැත්තම් කොහොමද හරියට හැමදෙයක්ම අවබෝධ කරගන්නෙ ? ගොඩාක් අය ක්ලාස් කට් කරනකොට හිතනවා මම අද කට් කලාට ඒ දේවල් හොදට බලාගන්නවා කියලා එහෙම නැත්තම් ආය ක්ලාස් කට් කරන්නෙ නැහැ කියලා හිතනවා. දවසින් දවස වැඩ ගොඩ ගැහෙනකොට කලින් අතපසු වුන දේවල් අල්ලන්න අමතර මහන්සියක් ගන්න වෙනවා.ඒ වගේම තමයි එකපාරක් කරන දෙයක් ආය ආය පුරුද්දට යන නිසා ඉස්කෝල් නොයන එක, ක්ලාස් කට් කරන එක නොකල යුතුම දෙයක්.ඒ විදියට නිතර ඉස්කෝල් නොගිය,ක්ලාස් කට් කරපු අය හොද ප්‍රතිඵලයක් දැම්මේ ඉතාම කලාතුරකින්.

(3) ප්‍රශ්න පත්‍ර නොකිරීම.

 

students
කැම්පස් යන්න බැරි වෙන්න ඔයා අතින් වෙන ලොකුම අඩුපාඩු.

අපි කොයිතරම් දෙයක් මතක තියාගත්තත්, කොයිතරම් අමතර පන්ති ගියත් අපි ලබාගත් දැනුම අවසානයෙදී පත්‍රයක තියන ප්‍රශ්න ටිකකට ගොනු කරන්නට ඕන.ප්‍රශ්නයට අදාලව වැදගත් කරුණු ඔස්සෙ එය කල යුතුයි. සාමාන්‍යයෙන් හොද පුහුණුවක් නැත්තම් ඔලුවෙ කොයිතරම් කරුණු ප්‍රමාණයක් තිබුණත් පලක් වෙන්නෙ නැහැ.

ඒ වගේම ඒ හැමදෙයක්ම කල යුත්තෙ නිසි කාලයකට අනුවයි.නිසි කාලයක් තුල හරියට ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න පුලුවන්කම තියනවනම් හොදම ප්‍රතිඵලයක් ගන්න එක අමාරුවෙන්නෙ නැහැ. 

(4) ආදර සම්බන්ධතා.

 

love
කැම්පස් යන්න බැරි වෙන්න ඔයා අතින් වෙන ලොකුම අඩුපාඩු.

ආදර සම්බන්ධතාවයක් තිබීම විභාග කාලය තුල බාධාවක්ද කියලා ගොඩාක් දෙනා අහන ප්‍රශ්නයක්. ඒකට දෙන්න තියන හොදම උත්තරය තමයි බාධාවක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.ඔයාගෙ අතේ තමයි තීරණය තියෙන්නෙ.ඔයාට ඉන්නෙ ඉතාමත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් සහිත දියුණුවට අත දෙන කෙනෙක් නම් ඔයාට සමහරවිට වැඩ කරන්න ලොකුම මෝටිවේෂන් එක පවා එයාගෙන් ලැබෙන්න පුලුවන්.හැබැයි ඔයාට ඉන්නෙ ඔයා වැඩක් කරන්න ටිකක් බිසී වුන ගමන් ඔයාව සැක කරන, අනවශ්‍ය බලපෑම් කරන කෙනෙක් නම් එයා නිසා ඇත්තෙන්ම ඔයාගෙ හීන වලට යන්න බලපෑමක් වෙන්න පුලුවන්.

ඔයාගෙ හීන වලට යනවද නැද්ද කියන තීරණය තියෙන්නෙ ඔයාගෙ අතෙයි. තමන්ගෙ හීන වලට ගියපු හැමකෙනෙක්ටම තිබිලා තියෙන්නෙ ඔයාට වගේම සාමාන්‍ය බුද්ධියක්.ඒත් එක්ක ඔවුන් ලග අසීමිත කැපකිරීමකුත් තිබිලා තියනවා.ඔබට ජය.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!