කැම්පස් යන්නම පාඩම් කරන්නෙ කොහොමද ?

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

 

අපිට පොඩි කාලයෙ ඉදන්ම තියන හීනයක් තමයි කැම්පස් යන එක. වසර 13ක කාලයක් පාසල් අධ්‍යාපනය හමාර කොට උසස් අධ්‍යාපනය සදහා වසර කිහිපයක් තමන් කැමති ක්ෂේත්‍රයක් ඔස්සෙ නොමිලයේම උපාධියක් ලබාගැනීම ඇත්තෙන්ම සිසුන්ට හිමිවන වරමක් හා සමානයි. 

කොහොම වුනත් උසස් පෙලට එන පලවෙනි දවසේ ඉදන් අවුරුදු දෙකක කාලයක් වැඩ කරන විදිය අනුව තමයි අපෙ උසස් පෙල ප්‍රතිඵල තීරණය වෙන්නෙ. මම දැන් කියලා දෙන්න යන්නෙ ඔයා කරන හැම වැඩක්ම ඉහලම ප්‍රතිඵලයක් වෙනුවෙන් යොදාගන්න විදියයි.කැම්පස් යන්නම වැඩ කරන්නෙ කොහොමද කියලා බලමු.. 

ඉස්කෝලෙන්, අමතර පන්ති වලින් උපරිම ප්‍රයෝජන ගන්න.

 

class room
ඉස්කෝලෙන්, අමතර පන්ති වලින් උපරිම ප්‍රයෝජන ගන්න.

ඉස්කෝලේ හෝ අමතර පන්ති වල කරන වැඩ ඔයා ඒ වෙලාවෙම ඔලුවට දාගන්නෙ නැතිව ගෙදර ගිහින් හෝ විභාගයක් කිට්ටු කරලම බලන්න හිතනවා නම් ඒක කාලය නාස්ති කිරීමක්. ඉස්කෝලෙදී සහ අමතර පන්ති වල සිටින අතරතුර ඒවායෙන් උපරිම ප්‍රයෝජන ගන්න වැඩ කරන්න. ඒ වෙලාවෙදිම ගුරුවරයා කියලා දෙන කරුණු ධාරණය කරගන්න.

ඔයාට කියලා දෙන දේවල් හොදට අහගෙන ඉන්න.එතකොට ඔයාටම තේරෙන නොතේරෙන තැන් ගැන අවබෝධයක් එනවා.ඔයාට දෙන සටහන් ඉදිරියෙන් නොතේරෙන කරුණු තරුවක් දාලා ලියාගන්න. ඒ වගේම වැදගත් කරුණකින් ප්‍රශ්නයක් හදලා සටහන ඉදිරියෙ ලියාගන්න. ඔයාට ගෙදර ගිහින් මේ ප්‍රශ්න ටිකට උත්තර හොයන්න තමයි තියෙන්නෙ.මේ ක්‍රමයෙන් දේවල් හොදට ඔයාගෙ ඔලුවට යනවා.

කෙටි සටහන්

 

short notes
කෙටි සටහන්

ඔයා සාමාන්‍යයෙන් කියවන පොතක/ නෝට් එකක වැදගත් නොවැදගත් , තේරේන නොතේරෙන හැමදෙයක්ම තියනවා. මුල ඉදන්ම කෙටි සටහන් හදාගෙන ඔයා ලග තියාගන්න එක ගොඩාක් වටිනවා ආතතියකින් තොරව ඉතාමත් හොදින් විභාගයට මුහුණ දෙන්න. ඔයාට තියෙන්නෙ විභාගයට කලින් මේ පුංචි කෙටි සටහන් ටික කියවගෙන යන්න විතරයි.

කොහොමද කෙටි සටහන් හදන්නෙ ? 

 

1.පාඩමෙ නම ලියාගන්න ඉස්සෙල්ලම. දැන් ඊට අදාල ඡේදයක් කියවන්න.මේ ඡේදයෙ තියන වැදගත් කරුණක් ඔයා තරුවක් දාලා ලියාගන්න. මේ ක්‍රමය කරගෙන යන්න.

2.තව විදියක් තමයි ඡේදයක් කියවලා වැදගත් කරුණක් මුල් කරගෙන ප්‍රශ්නයක් හදාගන්න එක. මේ ප්‍රශ්න වෙනම පොතක ලියාගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නෙ මේ ප්‍රශ්න වලට උත්තර සොයමින් කරුණු මතක් කරගන්න එක. 

මේ කෙටි සටහන් වල වැදගත්කම තමයි, ඔයා මගතොටේ සිටිද්දී පවා භාවිතා කරන්නට හැකිවීම.

ප්‍රශ්න වලට උත්තර ලියන්න පුරුදු වෙන්න.

 

writing
ප්‍රශ්න වලට උත්තර ලියන්න පුරුදු වෙන්න.

උසස් පෙල විභාගයට එන්නෙ ප්‍රශ්න පිරුන පේපරයක් නිසා ඔයා ප්‍රශ්න වලට උත්තර ලියන්න හොදටම පුරුදු වෙන්න ඕන. විභාගයට කල් තිබුණත් ඔයාගෙ විෂය දැනුම, ප්‍රගතිය මැනලා බලන්න සතියකට වරක් පේපරයක් කරන්න. එක දවසක mcq කොටසක්, තව දවසක රචනා කොටසක් වගේ සිදු කරන්න. ඒ වගේම ඉස්කෝල් වාර විභාග කීයටවත් අතපසු කරන්න එපා. මේ  උසස් පෙල විභාගය කියලා හිතලා මුහුණ දෙන්න.  ඔයාට හොද පුහුණුවක්, බය නැතිකමක් ඇතිවෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් ඉස්සෙල්ලම විභාගයට මුහුණ දෙනකොට තමයි බයක් දැනෙන්නෙ. පුරුදු වුනාම එහෙම වෙන්නෙ නැහැ.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!