කොළඹ විශ්ව විද්‍යාලය මගින් පිරිනමන BIT උපාධිය.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

උසස් පෙලින් පස්සෙ ගොඩාක් අයගෙ මීලග සිහිනය වෙන්නෙ කැම්පස් යාම සහ උපාධියක් ලබාගැනීමයි. අභ්‍යන්තර උපාධියක් සදහා රජයෙ කැම්පස් එකකට ඇතුලත් වෙන්න හැකියාවක් ලැබෙන්නෙ ඉතාමත් සීමිත පිරිසකට පමණයි.එතනින් නවතින ගොඩාක් අයට ඊලගට පැන නගින ගැටලුවක් වෙන්නෙ ලංකාව තුල හෝ වෙනත් ඕනම රටක පිලිගැනීමක් තියන උපාධියක් හැදෑරීම වුනත් මුදල් ගැටලු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම කියන කාරණාවන් නිසා බොහොමයක් සිසුන් සමාජයෙ අතරමං වෙනවා අපි කොතෙකුත් දැක තියෙනවා. ඉතින් මේ ගැටලු වලට අතිසාර්ථක විසදුමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙ බාහිර උපාධි අංශය මගින් හදුන්වාදී තිබෙන bachelor of information technology (BIT) උපාධිය හදුන්වා දෙන්න පුලුවන්.

student
කොළඹ විශ්ව විද්‍යාලය මගින් පිරිනමන BIT උපාධිය

කාටද BIT උපාධිය හදාරන්න පුලුවන් වෙන්නෙ ?

 

විශේෂයෙන්ම ඔයාට තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට හෝ ඒ ඔස්සෙ ඉදිරියට යන්න කැමැත්තක් තියනවනම් bit උපාධිය පලමුව තෝරාගන්න පුලුවන්. ඔයා උසස් පෙලට කුමන විෂය ධාරාවකින් පෙනී සිටියත් විෂයයන් තුනට අවම S සාමාර්ථ තුනක් තියනවනම් අයදුම් කරන්න පුලුවන්. S සාමාර්ථ තුනක් නැතිනම් Fit විභාගයෙන් bit උපාධිය හැදෑරීම සදහා ඇතුලත් වීමට සුදුසුකම් සකස් කරගන්න පුලුවන්. සුදුසුකම් සපුරලා තියන ඔයා උපාධිය හැදෑරීමට අයදුම් කිරීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණයකින් පසුව තෝරාගැනීම සිදු කරනවා.එය ඉතාමත් සරල ක්‍රියාවලියක්. උපාධිය සදහා මූලික සුදුසුකම් සපුරලා නම් තියෙන්නෙ ඔයාට උපාධිය හදාරන්න අවස්ථාවක් ලබාගන්න පුලුවන්. 

 

මේ bit උපාධිය සම්පූර්ණ කරන්න වසර තුනක් ගත වෙනවා. අධ්‍යන වාර වසරකට දෙක බැගින් හයකින් සමන්විත වන අතර පලමු වසර සම්පූර්ණ කිරීමෙන් පසුව ඩිප්ලෝමා මට්ටමද, දෙවන වසර අවසන් කිරීමෙන් පසුව උසස් ඩිප්ලෝමා මට්ටමද සම්පූර්ණ කිරීමට හැකිවෙනවා.එය ඉතාමත් හොද අවස්ථාවක් වන්නෙ රැකියා ක්ෂේත්‍රයන් වල නියැලෙන අයට තම ක්ෂේත්‍රය ඔස්සෙ උසස් වීම් ලබාගැනීමට මෙම ඩිප්ලෝමා මට්ටම් ව සුදුසුකමක් වන බැවිනි. ඔබ ඩිප්ලෝමා මට්ටම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව (DIT) රජයෙ හෝ පෞද්ගලික අංශයෙ රැකියාවක් සදහා යොමු වීමට , උසස් වීම් ලබාගැනීමට හැකි වන අතර උසස් ඩිප්ලෝමා මට්ටම අවසන් කිරීමෙන් (HDIT) තමන්ගෙ රැකියාවෙන් උසස් වීමක් ලබාගැනීමට සුදුසුකමක් වෙනවා. තෙවන වසර අවසානයේදී ලැබෙන උපාධි මට්ටම (BIT) ඔයාට ශ්‍රී ලංකාව තුල හෝ වෙනත් ඕනම රටක රැකියාවක් සදහා මූලික සුදුසුකමක් වෙනවා. විශේෂයෙන්ම සදහන් කල යුතුම කරුණක් වෙන්නෙ දැනට ශ්‍රී ලංකාව තුල පවතින තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා අතරින් *ඉහලම වටිනාකමක් සහ පිලිගැනීමක් තියන උපාධියක් වශයෙන් තේරීපත්වීමට කොළඹ විශ්ව විද්‍යාලයෙ BIT උපාධිය සමත් වෙනවා.

 

උපාධියට සම්බන්ධ වෙන්නෙ කොහොමද ? 

 

ඉස්සෙල්ලම ඔයා පාඨමාලාව ආරම්භය සදහා අයදුම්පත්‍ර යොමුකල යුතු කාලය ගැන කොළඹ විශ්ව විද්‍යාලයෙ පරිගණක අධ්‍යානාංශයෙ වෙබ් අඩවියෙන් (bit.lk) තොරතුරු ලබාගත යුතුයි. ඉන්පසුව ඔයාට ඔන්ලයින් ක්‍රමයට රෙජිස්ටර් වෙන්න පුලුවන්.සම්මුඛ පරීක්ෂණයෙන් පසුව campus id එක සහ LMS ප්‍රවේශය ඔයාට ලැබෙනවා. ඔයාට කොළඹ විශ්ව විද්‍යාලයෙන් Student guide පොතක් ලැබෙන අතර එතනින් පසුව ඔයා තීරණය කල යුතුයි උපාධි පාඨමාලාව තමන් තනිවම හැදෑරීම (self study )හෝ බාහිර ආයතනයකට සම්බන්ධ වී හැදෑරීමට. 

 

(1) ස්වයං අධ්‍යනය.

 

student
ස්වයං අධ්‍යනය.

ඔයාට කැම්පස් එකෙන් student guide එකක් ලැබෙනවා. ඒ වගේම LMS එකට එකතු වෙලා පාඩම් සම්පූර්ණ කරගෙන යන්න පුලුවන්. ඔයාට තියෙන්නෙ හරිම පිලිවෙලකට ඉස්සෙල්ලම මාස හයකට සරිලන පාඩම් ටික කරගෙන යන්නයි. මෙතනදී වැදගත් වෙන්නෙ සම්පූර්ණ ඔයාගෙ කැපවීමයි.ඔයා රැකියාවක් සිදු කරන කෙනෙක් වුනත් වෙනත් ඉගෙනීමක් සිදු කරන කෙනෙක් වුනත් තමන්ට පහසු කාල වේලාවක් ඇතුලත අධ්‍යන කටයුතු කිරීමට සැලසුමක් හදාගන්න එක වඩාත් වටිනවා. Student guides, past papers, modle papares කැම්පස් එකෙන්ම ලැබෙන නිසා ඔයාට තවත් පහසුයි.

 

(2) බාහිර ආයතනයකට සම්බන්ධ වීම.

 

ඔයාට ස්වයං අධ්‍යනයකින් පාඨමාලාව හැදෑරිමට වඩා ආයතනයකට සම්බන්ධ වෙලා අධ්‍යන කටයුතු සිදු කරගෙන යෑමට අදහසක් තියනවනම්, ඔයාගෙ ප්‍රදේශයෙ තියන පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වෙත යොමු වෙන්න පුලුවන්.අන්තර්ජාලයෙන් මේ ගැන තොරතුරු ලබාගන්න පුලුවන් වගේම මේ ගැන දන්න අයගෙන් තොරතුරු ලබාගන්නත් පුලුවන්.බාහිර ආයතනයක් තෝරාගැනීමේදී ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න.මේ සදහා වෙනම ගෙවීමක් සිදු කරන්නට වෙනවා වගේම බොහෝදුරට ඉගෙනුම් පන්ති සති අන්තයෙදී තමයි යෙදෙන්නෙ.

 

Bit උපාධිය සදහා ගෙවිය යුතු මුලු මුදල .

 

අධ්‍යන වාර හයකින් සමන්විත bit උපාධි පාඨමාලාව සදහා වසර තුන සදහාම වියදම් වන්නෙ රු.70,000ක ප්‍රමාණයක් පමණයි. මේ මුදල ගෙවිය යුත්තේ අධ්‍යන වාරයකට වරක් වීම තවත් පහසුවක්. පාඨමාලාව ආරම්භයේදී ලියාපදිංචි ගාස්තු ගෙවීමෙන් අනතුරුව student guide සහ LMS සදහා ප්‍රවේශය ඔයාට ලැබෙනවා. 

 

BIT උපාධිය ගැන තොරතුරු ගැන දැනගත් ඔයාට ඊලගට කියන්න සූදානම් වෙන්නෙ උපාධිය හැදෑරීමෙන් ඔයාට ලැබෙන වාසින් කිහිපයක් ගැනයි. BIT උපාධිය හදාරන්න කැමැත්තක් තියන ඔයාට හොද අභිප්‍රේරණයක්  ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

 

  • ගොඩාක් අයගෙ උපාධි සිහිනය ලොප් වෙන්නෙ ආර්ථික දුෂ්කරතාවයන් නිසයි. BIT උපාධියෙ විශේෂත්වය වෙන්නෙ තමන් රැකියාවක් සිදු කරන අතරතුර එය හැදෑරීමට අවස්ථාවක් හිමි වීමයි.ඒ වගේම වසර තුන සදහා ගෙවිය යුතු වන්නෙ රු.70,000ක් වැනි සාධාරණ ගාස්තුවක් වගේම අධ්‍යන වාර අනුව කොටස් වශයෙන් ගෙවීම වඩාත් පහසුවක්. 

 

  • මීලගට කොයිතරම් මුදල් වියදම් කලත් ලැබෙන උපාධියෙ පිලිගැනීම ගැනත් සිතිය යුතුයි. රජයෙ ප්‍රධානම විශ්ව විද්‍යාලයක UGC මගින් සම්මත වුන උපාධි පාඨමාලාවක් වශයෙන් BIT උපාධිය හැදෑරීමෙන් මෙරට වගෙම වෙනත් රටවල පවා කිසිදු සැකයකින් තොරව උපාධිය පිලිගැනීමට පාත්‍ර වීම වටිනාම කරුණක්. 

 

  • තමන්ට රිසි සේ අධ්‍යන කටයුතු සිදුකල හැකිවීම තවත් විශාල වාසියක්. තමන්ගෙ රැකියා හෝ වෙනත් කටයුතු සිදුකරන අතරතුර සති අන්තයෙ හෝ තමන්ට පහසු කාල වේලාවකදී අධ්‍යන කටයුතු වල නිරත වීමට ලැබෙයි. 
graduation
කොළඹ විශ්ව විද්‍යාලය මගින් පිරිනමන BIT උපාධිය

ඉතින් මේ ලිපියෙන් කියලා දීලා තියන තොරතුරුත් එක්ක මේ උපාධියෙන් ලැබෙන අනගි ප්‍රයෝජන ගැනත් හිතලා කැපවෙලා ඉගෙනුම් සිදු කරමින් තමන්ගෙ උපාධි සිහිනය ඉටු කරගන්න කටයුතු කරන්න ඔයාම තීරණයක් ගන්න. මේ මූලික කරුණු වලට අමතරව තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඔයාට ඍජුවම කොළඹ විශ්ව විද්‍යාලයෙ පරිගණක අධ්‍යනාංශයෙන් තොරතුරු විමසන්නත් පුලුවන්.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!