කොරෝනාවේ ආරම්භය සොයන්න වවුලන් පසුපස යන කාම්බෝජය (විද්‍යා හා තාක්ෂණය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කොරෝනා වෛරසයේ ආරම්භ අධ්‍යයන කිරීමේ අරමුණින් කාම්බෝජයේ පර්යේෂකයින් විසින් වවුලන්ගේ සාම්පල කිහිපයක් රැස් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, මීට දශක කිහිපයකට පෙර කොරෝනා වෛරසයට සමාන වසංගතයක් මෙම සත්ත්වයින් අතර පැතිර යාම හේතුවෙන්.

මේ වනවිට ලොව පුර කොරෝනා ආසාදිතයින් මිලියන 4.6කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබීමත් විශේෂත්වයක්.

සාමාජිකයින් අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායම වවුලන්ගේ ලිංගිකත්වය, වයස ඇතුළු තවත් බොහෝමයක් විස්තර සටහන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පිලිපීනයේ ද මෙවැනි කණ්ඩායමක් විස්තර රැස්
කරන බව ද සඳහන්.

මෙම අධ්‍යයනය තුළින් කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි බව එම කණ්ඩායමේ සිටි
සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සත්ත්වයින්ට රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් මිනිසුන්ට හෝ වෙනත් සතුන්ට ඒවා සම්ප්‍රේෂණය වූවහොත් දැඩි විනාශයක් ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!