එක දවසක් ……… (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රුවන්ව ගංගට බදින්න උනේ අම්මලාගේ වදේටමයි. සනත් කොයිතරම් හොඳ වුනත් සනත්ගේ දුප්පත්කම හින්දා අම්මල පිලිගත්තේ නෑ. ගංගා කදුලු ගංගාවක් හලලා හිත හදා ගත්තා. අඩු තරමේ අම්මලවත් සතුටින් ඉදීනේ කියලා හිතුවා.
සනත් විද්යාව ඉගැන්නුවා. දක්ශයෙක් . හිත හොද කෙනෙක්. ගංගා ගේ ගමේමයි.
ගංගා රුවන් එක්ක නුවර පදිංචියට ගියා. රුවන්ගේ බිස්නස් නිසා දෙන්නට දෙන්නා හුගක් මග ඇරුනා. දුක සැප බෙදාගන්න බැරි උනා. මාස ගානකට පස්සේ ගංගා ගේ කන්කෙදිරිය ඉවසන්න බැරිම තැන ගංගාගෙ ගමේ යන්න රුවන් කැමති උනා.
හැබයි එක දවසයි. මට අනිද්දා ට මීටින් හරිද………
මාස ගානකට පස්සේ අම්මල බලන්න පොලොන්නරුවේ යන්න ගංගා ලෑස්ති උනේ ලොකූ සතුටකින්.
උදේ රුවන්ගේ වැඩ ඉවර කරලා ගමන පිටත් උනෙත් ටිකක් දවල් වෙලා. පොලොන්නරුව ලං වෙද්දි ටිකක් කලුවරත් වෙලා. පොලොන්නරුවේ ඉදන් තව ඇතුලට කිලොමීටර් 10 විතර යන්නත් තිබුනා.
දවල්ට ලස්සන ඉතුරුනු ගමක්.
රෑට අලි පිරුනූ දුශ්කර ගමක්.
ලයිට් තිබුනෙත් තැනින් තැන.
ගංගා ගේ ඉස්කෝලේ පහුවෙද්දි තියෙන්නේ සනත් ක්ලාස් කරන ලී ශාලාව. මේ පාර විබාගය පාස් උන ලමයිගේ රූප දාපු ලොකූ කටවුට් එකක් අඩ අදුරේ පෙනුනා.
“මිනිස් වෙසින් ඇති දෙවිදා
අපේ ගුරු පියා “
කියලා සනත්ගේ පොටෝ එක යටින් තිබුනා.
ශික්….. මේ පාරවල් …..වලවල් ගොඩ
රුවන් බනිමින් බොහෝම හෙමින් ඒ හරියේන් ගියේ වාහනේට රිදෙයි වගේ.
ඒ හින්දා ගංගාට සනත්ගේ බෝර්ඩ් එක කියවගන්න පුලුවන් උනා.
අපෝ ගංගා…… මේ හරිය තිත්ත කලුවරයි නේ.
හ්ම්ම්…… මේ හරියට ලයිට් නෑ……..
රුවන්ගෙ අලුත්ම හොන්ඩා සිවික්
රතය අඩයි. ඊට වඩා රුවන් අඩයි.
ශික්ක්…… කාර් එකේ යටත් වදිනව…… ගංගා නිහඩව යයි.
මීට අවුරුදු ගානකට කලින් රෑ පංති ඉවර වෙලා සනත් ගංගාව පාගන බයිසිකලේ දාගෙන හිත හිත වලවල් වල දදා ගිය හැටි ගංගා ට මතක් වෙලා හිනා ගියා.
ශුශ්හ්හ්හ්හ්……..
අප්පට සිරි ටයර් එකක් ගියා වගේ
එක්ස්ට්රා වීල් එකත් නෑ.
ශිහ්හ්….
රුවන් දඩි බිඩිගා බස්සා. ගංගත් බැස්සා.
දැං මොකද්ද කරන්නේ…….
ගංගා ඔයා වෙහිකල් එකේ ඉන්න මං ටයර් එක ගලවං පැච් එක දාගෙන එන්නං.
අනේ රුවන් මේ වෙලාවට අලි ඉන්නවා මට බෑ තනියම ඉන්න. මාවත් අරං යන්න.
අනේ මේහ් ……………
ලක්ශ ගානක වාහනයක් තනියම දාලා ගියොත් හොදට හිටියී. ඔයාලගේ ගමේ අයියලා දෙයි වැඩේ මේකට. ……..
එතකොට මාව දාලා ගියෑකිද …….
අනේ මේහ් …….
මේක තමුසෙගේ ගමනේ මොකට බය වෙනවද මං ඉක්මනට එන්නං……..
ඒ වෙලේ පාරේ ආවේ අත් ට්රක්ටරයක්. රුවන් ටයර් එක ඒකේ දාගෙන ටව්ම පැත්තට ගියා.
කන කීං ගාන රැහැයියන්ගේ සද්දේ විතරයි. ගංගා කාර් එකේ දොර වල් ලොක් කරගත්තා.
එදා මහ වැස්සට ඇල උතුරලා ගංගලාගේ ගෙවල් පැත්ත යට වෙලා තිබුනා. වැස්සට කලින් ටවුමට ගිය ගංගා මෙගොඩ හිර වුනා. රෑ 7 විතර බස් එකෙන් බැස්ස ගංගා අසරන උනා. එදා ගෙදර උන්නෙත් අම්මා විතරයි .අප්පච්චී ඈත දානේ ගේක ගිහින් උන්නා. ඇස් වලට කදුලු පිරීගෙන එද්දිම පිටිපස්සෙන්
ගංගා මං දැනගත්තා අද අතරමං වෙනව කියලා
හරි ශෝක් කෙල්ලො ගෙදර යන්න එන වෙලාව කියල සනත් බැන්නා.
අනේ අයියේ බස් එක හෙමින් ආවේ. ඇල උතුරලාලු නේද දැං මොකද්ද කරන්නේ…..
මං පාලං හංදියේ න් ගිහින් දාන්නං…
අනේ හෙට ඔයාගෙ විබාගෙනේ
පාලං හංදියේ න් ගිහින් මාව දාලා ඔයා ආපහු එද්දි පැය 4ක් වත් යයි. පාඩම් කරන්න වෙලාවක් නෑනේ එතකොට. අහිංසක හිනාවක් හිනාවුනු සනත් එදා ගංගාව මග අතරමං නොකර ගොඩක් පරිස්සමින් ගෙදර ගිහිං දැම්මා.
චිත්රපටයක් වගේ තප්පරයෙන් දහයෙන් පංගුවක වේගයෙන් ගංගා ට අතීතය මතක් උනා. අතකින් වත් අල්ලලා නැති ඒ ආදරේ ඒ බැදීම පුදුමයි .
සනත් ඩුබායි වල ඉස්කෝලක විද්යා ගුරුවරයෙක් විදිහට ගියා කියලා නයනා ලගදී කිව්වා ගංගා ට මතකයි
සනත් නැති හිතත් ගමත් දෙකම පාලුයි. නොදැනීම ගංගා අඩලා තිබුනා.
ඈතින් අත්ට්රැක්ටරයේ කනාමැදිරි එලියත් කිසීම ලස්සනක් නැති ගඩ ගඩ ගඩ ගඩ සද්දෙත් ගංගාව ආපහු පියවි ලෝකෙට ගෙනාවා.
උපුටා ගැනීම:  Indika Peiris

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!