එවැන්ජිලිස්ත දේවගැති රෙයින්හාර්ඩ් බොන්කේ (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

එවැන්ජිලිස්ත දේවගැති රෙයින්හාර්ඩ් බොන්කේ උපත ලැබුවේ 1940 අප්‍රියෙල් 19 වන දින ජර්මනියේ නැගෙනහිර ප්‍රුසියා හි කනිග්ස්බර්ග්හිදී ය. පියා එකල හමුදා නිලධාරියෙකි . එකල තිබූ යුදමය වතාවරනයන් නිසා ඩෙන්මාර්කයට සංක්‍රමණය වන අතර අවතැන්වූවන්ගේ මධ්‍යස්ථානයක වසර කිහිපයක් ගත කරන්නට විය. වයස අවුරුදු නවයේදී ඔහු ක්‍රිස්තුස් වහන්සේව තම පෞද්ගලික ගැලවුම් කරුවා සේ පිළිගෙන නැවත උත්පාදනය ලැබුවේය.
වයස අවුරුදු 10 සිට අප්‍රිකාවේ මිෂනාරිවරයෙකු ලෙස සේවය කරන ලෙස දෙවියන් වහන්සේගේ කැඳවීම ඔහුට දැනුණු අතර ශුද්ධාත්මයාණන් වහන්සේගේ බව්තීස්ම ද ලැබීය. යුද සේවයෙන් පසු ඔහුගේ පියා දේවගැතිවරයෙකු බවට පත්විය. බොන්කේ කැඳවීමට ප්‍රතිචාරයක් ලෙස වේල්සයේ ස්වන්සී හි වේල්ස් බයිබල් විද්‍යාලයේ අධ්‍යාපනයට එකතූ විනි. එහිදී අධ්‍යක්ෂක සැමුවෙල් රීස් හොවෙල්ස්ගේ ආභාෂය සහ සහය ඔහු ලැබීය.
එ අතර ජර්මානු සුප්‍රසිද්ධ දේශකයෙකු වූ ජෝර්ජ් ජෙෆ්රිස් හමුවීමට ඔහුට අවස්ථාව ලැබුණි.
උපාධිය ලැබීමෙන් පසු ඔහු ජර්මනියේ අවුරුදු හතක් සේවය කළේය.
1974 දී “රුධිරයෙන් සෝදාගත් අප්‍රිකාව” යන දර්ශනය ඇතුව ඔහු අප්‍රිකානු එවැන්ජිලිස්ත සේවය ආරම්භ කළේය.ඉන් අනතුරුව ඔහු සියලු ජාතීන් සඳහා ක්‍රිස්තුස්වහන්සේ( Christ for All Nations) එවැන්ජිලිස්ත සේවයත් ආරම්භ කළ අතර, “
ස්වාමීන් වහන්සේ ඔහුව බලවත් දේශකයෙකු මෙන්ම සුවකිරීමේ දීමනාව තුළින්ද බොහෝ සේ පාවිච්චි කරන ලදී .
එවැන්ජලිස්ත බොන්කේ මිනිසුන් 800 දෙනෙකුට පමණක් නවාතැන් ගත හැකි කූඩාරමක රැස්වීම් පැවැත්වීමට පටන් ගත් නමුත්, මිනිසුන් ගේ පැමිණීම ක්‍රමයෙන් වැඩිවීමත් සමඟ විශාල කූඩාරම් මිලදී ගැනීමට සිදු විය.
අවසානයේදී 1984 දී ඔහු ලොව විශාලතම ජංගම ව්‍යුහය ඉදිකිරීමට කටයුතු කළේය. එය මිනිසුන් 34,000 කට අසුන් ගත හැකි කූඩාරමක් විය.
වැඩි කල් යන්නට මත්තෙන්, ඔහුගේ රැස්වීම්වලට පැමිණීම මෙම දැවැන්ත ව්‍යුහයේ පවා ධාරිතාව ඉක්මවා ගිය අතර, ඔහු එළිමහන් ශුභාරංචි පවත්වන විට එක් රැස්වීමකට 150,000 කට අධික පිරිස් පැමිණියහ .
එතැන් සිට ඔහු මහාද්වීපය පුරා රටවල් පුරා නගර පුරා රැස්වීම් පැවැත්වූ අතර සැතපුම් ගණනක් ඇසෙන ඉහළ ශබ්ද වාහිනී පද්ධති භාවිතා කළේය. එවැනි එළිමහන් රැස්වීමකට වාර්තා වූ විශාලතම පැමිණීම ලාගෝස් නගරයේ “2000 වර්ෂයේ මිලේනියම් සුභාරංචි රැස්වීමට මිලියන 1.6 කට අධික ජනතාවක් ශුභාරංචිය ඇසීමට පිටියට පැමිණියහ. රයින්හාර්ඩ් බොන්කේ 1986 දී සිම්බාබ්වේ හරාරේහි පළමු ගිනි සමුළුව (Fire Conference) පැවැත්වීය.
එතැන් පටන් ලොව පුරා මෙම රැස්වීම් පවත්වනු ලැබූ අතර, සභා නායකයින් සහ කම්කරුවන් එවැන්ජලිස්ත සේවය සඳහා සන්නද්ධ කර ඇත. ඔහු විසින් ලියන ලද සුවිශේෂී ගැලවීමේ ශුභාරංචි පණිවිඩයක් ලොව බොහෝ රටවල සෑම නිවසකටම තැපැල් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. ඔහු එය හැඳින්වූයේ ‘Minus to Plus’ යනුවෙනි. සෑම විටම ඔහුගේ උත්සහ වුයේ , නැතිවූ බැටළුවන් වෙත ළඟා වීම හා මනුෂ්‍යයන් නිරයෙන් බේරා ගැනීමටය.එමෙන්ම ඔහු හැකි සෑම අවස්ථාවක්ම උපයෝගි කරගනිමින් ගැලවීම මනුෂ්‍යයන් අතරට ගෙනයාමට උත්සාහ කළේය

සියලු ජාතීන් සඳහා ක්‍රිස්තුස් වහන්සේ නව ඇදහිලිවන්තයන් ප්‍රාදේශීය සභාව සමඟ සම්බන්ධ කිරීමට හා ඔවුන්ව ගෝලයන් බවට පත් කිරීමට අඛණ්ඩව කැපවී සිටී ඔහු . පසු විපරම් වැඩසටහනේ කොටසක් ලෙස, සී එෆ් එන් පොත් පිංචයේ පිටපත් මිලියන 185 කට වැඩි ප්‍රමාණයක්ද, “දැන් ඔබ බේරී ඇත” පොත් පෙළ භාෂා 103 කින් ප්‍රකාශයට පත් කර රටවල් 55 ක මුද්‍රණය කර ඇත. මෙම සුවිශේෂ පොත් පිංච දෙකම එවැන්ජලිස්ට් බොන්කේ සී එෆ් එන් දේව සේවාව හරහා නොමිලේ ලබා දුන්නේය. වචනය සඳහා විශාල කුසගින්නක් ඇති ඇදහිලිවතුන් වෙනුවෙන් ඔහු තවත් මිලියන ගණනක් කිතුණු ඉගැන්වීම් පොත් නොමිලේ බෙදා හැරීම සිදු කළේය. සභාවන් තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ එවැන්ජලිස්ත සේවය තවත් සක්‍රීය කිරීමේ අරමුණින් චිත්‍රපට අටක් වන “ෆුල් ෆ්ලේම් ෆිල්ම් සීරීස් (”Full Flame Film Series )නිර්මාණය කිරීමට ඔහු වසර ගණනාවක් ගත කළේය. මේවා බොහෝ භාෂාවලින් නොමිලේ ලබා ගත හැකි හැකියාව මේ වන විටත් ඇත.
ඔහු දේවසේවය ආරම්භ කර වසර 50 කට ආසන්න කාලයක් තුළ, Christ for all nation කාර්යාල ලොව පුරා විවෘත කර ඇති අතර, කාර්ය මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සියල්ලන්ම ආත්ම ජයග්‍රහණය සඳහා එකම ආකාරයකට පෙන්වයි. රයින්හාර්ඩ් බොන්කේට ශුභාරංචිය කෙරෙහි වූ ඇල්ම ඔහු මිය යන තුරුම පැවතුනි.
ලෝකයේ බොහෝ තැන්වල ඔහු ස්වාමීන් වහන්සේට සේවය කරනු ලැබුවත් අප්‍රිකාවට සැමවිටම ඔහු යම් ආකාරයක මූලික අවස්ථාවක් ලබා දුන්නේය. බොහෝ විට ඔහු ප්‍රිය කළ වචනයක් වුයේ “අප්‍රිකාව බේරෙනු ඇත!” කියාය.
රයින්හාර්ඩ් බොන්කේගේ නම දන්නා ඕනෑම තැනක මෙම වචන තවමත් දෝංකාර දෙයි.
එවැන්ජලිස්ත බොන්කේට ඔහුගේ ආදරණීය බිරිඳ ඇනී, සහ දරුවන් තිදෙනෙක් වෙති.
ඔහුගේ ජීවිතයේ අවුරුදු 79 තුළ, බොන්කේ ගේ දේවසේවයේ ප්‍රති ඵලයක් ලෙස මිලියන 79 කට අධික ජනතාවක් – ඔහුගේ සේවයේ සෑම වසරකම මිලියනයක් – ක්‍රිස්තුස් වහන්සේ වෙත පැමිණ ඇති බවට විද්වතුන් ගණන් බලා ඇත.. ඔහු “දෙවියන්වහන්සේගේ හමුදාවේ යෝධයෙක් සහ ජෙනරාල්වරයෙක්” ලෙස නම් කර ඇත .රයින්හාර්ඩ් බොන්කේ තමන්ට ස්වාමීන් වහන්සේ දුන්නාවු කැඳවීමට හරි හැටි ප්‍රතිචාර දක්වා මෙලොව තුල යහපත් යුද්දයේ යුද්ද කර තමන්ට ක්‍රිස්තුස් වහන්සේ දුන් ඇදහිල්ල රක්ෂා කරගනිමින් මීට වසර 1 කට පෙර(2019) දෙසැම්බර් 7 වන දින ස්වාමීන් වහන්සේ තුළ සැතපින

වරෙක ඔහු ශ්‍රී ලංකාවටද පැමිණ සුභාරංචි රැස්වීමක් පවත්වන ලදී.

වත්මන් සමාජයේ කිතුනු බැතිමතුන්ට හා දේව සේවකයන්ට ඔවුන්ගේ ජීවිත ශක්තිමත් විමට හා ධෛර්යමත් වීමට එවැන්ජිලිස්ත රෙයින්හාඩ් බොන්කේ ගේ ජීවිතය පිළිබඳ හා දේව සේවය ගැන ඉතා කෙටි සටහනකි.

#ඇදහිල්ල යනු යම් ආකාරයක ප්‍රතිශක්තිකරණ පද්ධතියකි.
ඔහුගේ කියමනකි.

Reinhard Bonnke - Caleb Global

 

Died: Reinhard Bonnke, Record-Setting Evangelist to Africa | News &  Reporting | Christianity Today

 

Reinhard Bonnke's memorial service set for January 4, 2020

 

සැකැස්ම දේවගැති H. අත්තනායක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!