ගණ වෙනස් වීම නිසා සියදිවි නසා ගත් ආනන්ද සමරකෝන් මහතා (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ක්රි.ව.1911 ජනවාරි 13වන දින පාදුක්ක නගරයේ කතෝලික පවුලකට දාව උපත ලද එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්රඩ් අල්විස් මහතාව හැමෝම හදුන්වන්නේ ආනන්ද සමරකෝන් ලෙසිනි. අද කෝට්ටේ ශ්රී ජයවර්ධනපුර මධ්ය මහා විද්යාලය ලෙස හදුන්වන එදා කෝට්ටේ ක්රිස්තියානි පාසලෙන් මූලික අධ්යාපනය හදෑරූ ඔහු උසස් අධ්යාපනයට ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ විශ්ව භාරතී විශ්ව විද්යාලයට ඇතුලු විය.
නැවතත් ලංකාවට පැමිනි පසු ගාල්ලේ මහින්ද විද්යාලයේ ගුරුවරයෙකු ලෙස ආනන්ද සමරකෝන් මහතා ක්රියා කලේය. එකල සිනමාවේ ඉන්දියානු තනු වලට සිංහල වචන ඔබ්බවා තැනූ ගීත පිලිකුල් කල එතුමා 1940 වසරේදී සිය ප්රථම ගීත රචනය ලෙස “එන්නද මැණිකේ” ගිතය නිර්මාණය කලේය. ඒ සමග දේශාභිමානී ගීයක් ලෙස “නමෝ නමෝ මාතා” ගීය නිර්මාණය කල ඔහු මහින්ද ව්ද්යාලයේ දරුවන් ලවා පාසලේ ඕල්කට් ශාලාවේදී පලමු වරට එය ගායනා කරවීය.
1945 වසරේදී සිය එකම 05ස් හැවිරිදි පුතුගේ වියෝව සමග නැවතත් ඉන්දියාවට යාමට ඔහු තිරණය කලේය.
මේ අතරතුර 1948 වසරේදී ලංකාවට නිදහස ලැබීමත් සමග 1949 වසරේ නිදහස් උත්සවේදී ජාතික ගීයක් නොමැති වීම නිසා ආනන්ද සමරකෝන් මහතාගේ නමෝ නමෝ මාතා ගීය ටොරින්ටන් චතුරශ්රයේදී පලමු වරට ජාතික ගීයක් ලෙසින් ගායනා කලේය.
සර් එඩ්වින් විජේතුංග ඇතුලු කමිටුව පසු කාලයේදී ජාතික ගීයක් නිර්මාණය කිරීමට පත් කලද 1951 නොවැම්බර් 22 දින ඉදිරිපත් කල ඔවුන්ගේ අවසාන නිර්දේශය වූයේ ආනන්ද සමරකෝන් මහතාගේ නමෝ නමෝ මාතා ගීතයම ශ්රී ලංකාවේ ජාතික ගීය තෝරා ගැනීමයි. මේ සමග ආනන්ද සමරකෝන් මහතා නැවතත් ඉන්දියාවේ සිට මෙරටට 1951දී පැමිනියේය.
නමුත් එතැන් පටන් කෙටි කාලයක් තුලදී ලංකාවේ අගමැතිවරුන් වූ D.S. සේනානායක මහතාත්, S.W.R.D. බණ්ඩාරනායක මහතාගේත් මරනයන් සිදු වීමත් සමග ඉන්පසු අගමැති වූ ලොව පළමු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපදේශයකයින් පැවසූවේ සමරකෝන් මහතාගේ “නමෝ නමෝ මාතා” ගීයේ නිසි ලෙස ගණ පිහිටුවා නොතැබීමෙන් රටේ පාලකයින්ටත් රටටත් වස් වදින බවයි.. නමුත් ඉන්දියාවේ ලද උසස් අධ්යාපනය හමුවේ ගණ පිහිටුවේ පරතෙරටම උගත් සමරකෝන් මහතා එම විචාරකයින්ට අභියෝග කරමින් පැවසූවේ නිසි ලෙස ගණ පිහිටුවා ජාතික ගීය නිර්මාණය කල බවත් එය වෙනස් කලහොත් රටට අයහපතක් වන බවත්ය..
මේ අතරතුර 1961 වසරේ දිනෙක ආනන්ද සමරකෝන් මහතාව ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට කැදවූ අතර එහිදී ඔවුන් විසින් “ශ්රී ලංකා මාතා” ලෙස වෙනස් කරවූ ජාතික ගීය සමරකෝන් මහතාට ඇසීමට සැලැස්වීය. කිසිසේත්ම බලාපොරොත්තු නොවූ, පෙර දැනුම් දීමක් හෝ නොලද එම වෙනස් කිරීම හමුවේ දැඩි ලෙස කනගාටුවට පත් වූ සමරකෝන් මහතා එතැනින් නික්මුනේ ජීවිතයේ තිබු එකම බලාපොරොත්තුවද විනාශ වෙමිනි.. වචන ගණ වෙනස් වුවහොත් රටටම වස් වැදීමට තරම් ජාතික ගීයක් සමත් බව දත් ආනන්ද සමරකෝන් මහතාට කිසිත් කරගත නොහැකිව අසරණ වූයේ එම වෙනස් කිරීම එකල දේශපාලකයින්ද සම්මත කිරීම නිසාවෙනි..
තමාගේ වචන හමුවේම තමා පණ මෙන් ආදරය කල මව්බිමට අයහපතක් වීම දරාගත නොහැකි වූ ආනන්ද සමරකෝන් මහතා 1962 අප්රේල් මස 05 වන දින නිදිපෙති අධි මාත්රාවක් ලබා ගනිමින් දෙනෙත් පියා ගත්තේ සිය මරණයට හේතුව සටහනක් ලෙස ලියා තබමිනි..
මේ අයුරින් අද පවතින ශ්රී ලංකා මාතා ගීතය 1978 ව්යවස්තාව හමුවේ නීත්යානුකූල කල අතර එහි ගණ පිහිටුවීමේ වරදක් නොවී ශ්රී ලංකාවට යහපතක්ම සලසනු ඇතැයි අප ප්රාර්ථනා කරමු..
මෙම වීඩියෝව මගින් වැඩි දුර විස්තර සමග රූපරාමු නැරඹිය හැකිය..
මෙම පෝස්ට් එකෙන් ඔබේ දැනුමට දෙයක් එකතු වීනම් එය තවත් කෙනෙක් දකින එක වටිනවායැයි සිතෙනවානම් share කර අපව දිරිමත් කරන්න.. 🙂

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!