ගෙඩි නැති ගස්වල දෙහි හටගන්න කළ යුතු දේවල් (කෘෂිකර්මය හා ගෙවතු වගාව)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පැඟිරි කුලයට අයත් දෙහි මුළුතැන්ගෙයි ආහාර පිසීමේ කටයුතුවලදී රසකාරකයක් විදියට වගේම ගුණාත්මක පානයක් ලෙසටත් ඖෂධයක් විදියටත් භාවිතා වෙනවා. ඒ වගේම අද වෙද්දි වියළි කලාපීය ගොවීන් අතරත් වඩාත් ජනප්‍රිය ශාකයක් ලෙසටත් මේ දෙහි වගාව පැතිර පවතිනවා. දේශීය පරිභෝජනය හැරුණම අතිරික්තයෙන් දෙහි ආශ්‍රිත විවිධ නිෂ්පාදන ආනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගන්නටත් හැකියාව තියෙනවා. ගෙවතු වගාවක්, පලතුරු වගාවක්, වානිජ වගාවක් බවට පත්ව තියෙන දෙහි වගාව ඕනෑම් ප්‍රදේශයක සිදු කළ හැකියි.  නමුත් වියළි කලාපයේ දෙහි අස්වැන්න අනෙක් ප්‍රදේශ හා සාපේක්ෂව ගත්විට වැඩි බව අනාවරණය කරගෙන තියෙනවා.

අද වෙද්දී විශාල භූමි ප්‍රදේශවල මේ දෙහි වගාව කරගෙන යන බව දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ දෙහි වගා භූමි ප්‍රමාණයෙන් 27%ක්ම අයත් වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයට. ඉතින් දෙහි භෝගයේ අස්වැන්න ලැබෙන්නේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා. ඒ දෙහි වාරය. අවාරයේදී නිෂ්පාදනය අඩු වුණත් ඉහළ ඉල්ලුමක් පවතිනවා.

නමුත් අනිත් බොහෝ වගාවන් හා ගත්විට විශාල වශයෙන් නඩත්තුවක් හෝ පිරිවැයක් දරන්නට අවශ්‍ය නැති නිසා ආවාරයේ දී පාඩුවක් විශාල වශයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන නිසා අවුරුදු ගණනාවක් ඵලදාව ලබා ගන්නටත් හැකියාව තියෙනවා. ඵලදාව වැඩි කාලයේ දී ඒවායින් විවිධ නිෂ්පාදන සෑදිමෙන් වැඩි ආර්ථික වටිනාකම් ලබා ගන්නටත් පුළුවන්.

ඉතින් කොහොමද සාර්ථකව දෙහි වගා කරන්නේ. බොහෝ දෙහි ගස් තිබුණට සරුවට ඵල හට ගන්නේ නැහැ. තවත් අවස්ථාවල හටගන්නා මල් හැලී යනවා. ඉතින් ඒ ගැටළු මගහරවා ගෙන සාර්ථක වගාවක් කරන ආකාරය අද සාකච්ඡා කරමු.

පැළයක් තෝරා ගැනීම 

Osupala.lk - Southern province ayurveda deprtment
  • මෙහිදී විශේෂයෙන්ම ඔබ සිටින්නේ වියළි කලාපයක ද අතර මැදි කලාපයක තෙත් කලාපයක ද යන්න අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම ගෙවත්තේ ඉඩකඩ ගැනත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඉඩකඩ අඩු ගෙවත්තක වගේම තෙත් සහ අතරමැදි කලාපයක නම්  බීජ පැළයක් සුදුසු වෙන්නේ නැහැ. ඒ දෙහි ගස් ඵල දරන්නේ අවුරුදු 4 කින් පමණ නිසා. තෙත් සහ අතරමැදි කලාපයක ඔබ ජීවත් වෙනවා නම් ඔබ තෝරාගත් යුත්තේ අතු පැළයක් හෝ බද්ද පැළයක් .
  • බීජ පැළයකින් වුවත් අතු කැබැල්ලක් බඳුනක සිටුවා එයින් වසරකින් පමණ අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන්.

රෝපණ මාධ්‍ය 

  • මේ මාධ්‍ය සකස් කර ගැනීමේ දී පස් මාධ්‍යයට වැලි, මතුපිට පස්, කොම්පෝස්ට් සහ කර දහයියා ආදිය එකතු කළ යුතුයි. තෙත් කලාපයක නම් පොල්ලෙලි කොහුබත් එකතු කළ යුතු නැහැ.
  • දෙහි පැළය සිටුවන ස්ථානයට හොඳින් දවස පුරාම හිරු එළිය ලැබීම අනිවාර්ය සාධකයක්.
  • එළිමහනේ පැල සිටුවනවා නම් වලවල් කුඩාවට කැපීම වැදගත්.මේ කපාගත් වළට පැල සිටුවීමට සති දෙකකට පෙර මතුපිට පස් හා කොම්පෝස්ට් පිරවිය යුතු අතර එහිදී කන්දක් ආකාරයට වළ පිරවීම වැදගත්. සති දෙකකට පසුව එය හොඳින්ම තැන්පත් වී ඇති බව දකින්නට පුළුවන්.
  • පැළය සිටුවන්නට පෙර අඩියෙන් පොලිතීනය කපා මුල නැවී ඇත්නම් එය ද කපා ඉවත් කරන්න. පසුව පැලය වළ තුළ තබා පොලිතිනය කපා ඉවත් කර  සිටුවන්න. මෙයට අවශ්‍ය නම් ආධාරකයක් ද සිටුවිය හැකියි.
  • ඒ වගේම දෙහි ගස් අතර පරතරය අඩි 10-12 ක් වීම සුදුසුයි. දෙහි ගස් කැලයෙන් වටවීම වළක්වා හොදින් හිරු එළිය වාතාශ්‍රය ලැබීමට සැලැස්විය යුතුයි.

බදුන් වගාව 

CATTERPILLAR FARM® Persian 'Bearss' Lime Tree Fruit 10 lemon Seeds Citrus  Tree Seeds : Amazon.in: Garden & Outdoors
  • මේ සඳහා සිමෙන්ති සහ ප්ලාස්ටික් කළු බඳුන් සුදුසු වුණත් මැටි  බඳුන් සුදුසු වෙන්නේ නැහැ.මොකද මැටි බඳුන්වල තෙතමනය වැඩි වශයෙන් රඳවා ගැනීම නිසා ගසට අවශ්‍ය උෂ්ණත්වය නිසි පරිදි ලැබෙන්නේ නැහැ.
  • බඳුනක සිටුවනවා නම් කුඩා බඳුනක් (විශ්කම්භය අගල් 9 ක් ) මේ සඳහා තෝරාගත යුතු වෙනවා මුලින්ම. බඳුන කුඩාවීම ඉක්මනින් ඵලදාව ලබාගන්නට හේතුවෙනවා. බඳුන විශාල බඳුන්වලට මාරුකිරීම ක්‍රමානුකූලව සිදුකළ යුතුයි. අවසානයේ විශාලම බඳුන අවුරුදු 3-4 ක් ගිය විට තෝරාගන්න.
  • පොහොර භාවිතය  සහ නඩත්තුව -පැළය සිටුවා මාසයක් පමණ පසුව කාබනික වගාවක් ලෙස කරන්නේ නම් ඒ සඳහා කුකුල් පොහොර, ගොම පොහොර, එළු පොහොර හා කොම්පෝස්ට් වැනි කාබනික පොහොරක් යෙදිය හැකියි.
  • කුඩා බඳුනක තිබෙන පැලයකට නම්  යෝගට් කොප්පයකින් එකක් පමණ යොදා හොඳින් මුල්ලු කර යුතුයි.
  • මාස 6-7 ක් යනතුරුම ගස නඩත්තු කළ යුතුයි. වසරකින් පසුව ගසේ ජලය පාලනය කළ යුතු වෙනවා.මුලින් යෙදූ ජලය ප්‍රමාණය අඩු කළ යුතුයි. එහිදි දවසකට වරක් ජලය සැපයීමත් බිත්තර කටු, කෙසෙල් වගේ පොස්පරස් පොටෑසියම් අධික දේවල් පොහොරක් ලෙස යොදන්නට හැකියි. නැත්නම් කෙසෙල් පිති, කෙසෙල් ලෙලි යොදා සාදන දියර පොහොරත් මේ සඳහා යෝග්‍යයයි.
  • මල් හටගන්නා කාලයට මල් හැලෙන්නට බලපාන ප්‍රධාන කාරණයක් තමයි ජලය පාලනයකින් තොරව සැපයීම. කැල්සියම් ඌණතාවයක් තියෙන විටත් වර්ෂා කාලයේදීත් ගස්වල මල් සහ කුඩා ගෙඩි හැලෙනවා.එවැනි අවස්ථාවක කැල්සියම් නයිට්‍රේට් ලබාදිය යුතුයි. නැත්නම් ගෙදර හාල්මැස්සන් සෝදන වතුරත්  එකතු කළ හැකියි.
  • ඒ වගේම හොඳින් හිරු එළිය ගසට ලැබිම සඳහා ගස් කප්පාදුව කළ යුතුයි. එහිදි දිරාගිය සහ මැරුණු අතු කප්පාදු කළ යුතුයි.එයින් ඵලදාව තවත් වැඩි කර ගන්නට පුළුවන්. ඒ වගේම ගස් ඵල හැරූ විට ඒවා නිසිකළ ගසෙන් ඉවත් කළ යුතුයි.
ඔසු ගුණ පිරි දෙහි | දිනමිණ
  • රෝග -දෙහි ගස්වලට යම් යම් රෝග ඇති වෙනවා. වියළි කාලයේ කොළ හැලීයාම්. ගස් කහ පැහැවීම්, පුස් රෝග, පැඟිරි සලබයාගේ දෙහි දළු වල බිත්තර දැමීම් , දිලීර් රෝග ආදිය ඇතිවෙන්නට පුළුවන්. ඒ නිසා මසකට දෙවරක් කෘමි හානි එන්නට පෙර කාබනික කෘමි විකර්ශක දියරයක් භාවිතා කරන්නට හැකියි. ඉඟුරු, සුදු ළූනු සහ දුම්කොළවලින් සාදා ගත  හැකි දියර එවැනි ප්‍රතිඵලදායක දියරයක්.
  • දෙහිවලට වැළඳෙන කඳ පුපුරා මැලියම් ගලා යන ගබෝසීන් නම් රෝගයට කොපර් සල්පේට් සහ අමුගොම අවශ්‍ය පමණ ගෙන හොඳින් අඹරා කඳ හොඳින් සුද්ද කර කඳේ තුවාලවල ආලේප කරන්න.
  • දෙහි කල් තබා ගත හැකි ක්‍රම -මිරිකා ගත් දෙහි යුෂ හා ලුනු කුඩු මිශ්‍රකර තරමක් උකු වන සේ රත් කර එයට මිරිස් කුඩු, තුනපහ කුඩු හා ගම්මිරිස් ඇට කිහිපයක් දමා ජීවානුහරණය සඳහා මිනිත්තු 20ක් පමණ ජලයේ තම්බා ගන්න.තම්බාගත් යුෂ බෝතල්වල උණුවෙන්ම අසුරා ගන්න.මෙසේ අසුරා ගත් දෙහි යුෂ මාස 6 ක්  පමණ තබාගත හැකියි.
  • හොඳින් ඉදුණු දෙහිවලින් මිරිකා ගත් දෙහි යුෂ ග්‍රෑම් 1 කට පොටෑසියම් මෙටා බයිසල්ෆයිට් හෝ සෝඩියම් මෙටා බයිසල්ෆයිට් ග්‍රෑම් 1.5 ක් දමා  මිශ්‍රකර ජීවානුහරණය කර බෝතල්වල ඇසිරිය යුතුයි.
  • ඒ වගේම දෙහි වියළා කල්තබා ගත හැකි අතර ඒ හැරුණම ශීතකරණ කුටියක දෙහි කිලෝ 1000ක් පමණ එකවර අසුරා තබා ගන්න පුළුවන්.

ඉතින් අද වෙද්දි විදේශ විනිමය ලබා ගන්නට පුළුවන් වගාවක් විදියට දෙහි වගාව ප්‍රචලිතව තියෙනවා.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!