හැමෝම ආස කෝපි ගැන වැඩි දෙනෙක් නොදන්න දේවල්…. (කටට රසට අහාර රටා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කෝපි කියන්නෙ ඉතින් කා අතරෙත් බොහොම ජනප්රිය පානයක්නෙ. හරියටම කිව්වොත් කෝපි කියන්නෙ ලෝකයේ වැඩිපුරම හුවමාරු වෙන වෙළඳ භාණ්ඩ එහෙමත් නැත්තම් ද්රව්ය අතරේ දෙවෙනි තැනට තියෙන භාණ්ඩය. මුල් තැන තියෙන්නෙ ඛණිජ තෙල්. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කෝපි වල තරම. ලංකාවෙ අපි අතරත් හරිම ජනප්රිය, ඒ වගේම අපේම රටේ වැවෙන, හදන දෙයක් කියල අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් පානයක් තමයි මේ කෝපි කියන්නෙ. ඉතින් කෝපි බොන, නොබොන කවුරු කවුරුත් කෝපි ගැන දැනගෙන ඉන්න ඕන මේ දේවල් කියවල බලන්නකෝ.
1. මොනවද මේ කෝපි?
කෝපි කියන්නෙ අපි හැමෝම දන්න විදිහට එක්තරා ගසකින් ලබාගන්න ඇට වර්ගයක් වේලලා, බැදලා, කොටලා උණු වතුරෙන් තැම්බෙන්න තියලා සකස් කරගන්න රසවත් පානයක්. ලෝකයේ ජනප්රියම පානයන් අතරේ ඉහළම තැනක තියෙන පානයක්. මේ කෝපි ඇට ලබාගන්නේ Coffea කියන විද්යාත්මක නමින් හැඳින්වෙන Rubiaceae කියන පවුලට අයත් ශාකයකින්. මේ ගස් වැඩිපුරම වැවෙන්නෙ දකුණු අප්රිකානු රටවල සහ නිවර්තන ආසියානු රටවල් ආශ්රිතව.
2. කෝපි වල ඉතිහාසය
කෝපි වල ඉතිහාසය එක දිගට කියන්න ගියෝතින්නම් පිටු ගාණක් උනත් ලියන්න පුළුවන් කතාවක්. හැබැයි කෙටියෙන් කිව්වොත් මේන්න මෙහෙමයි. කෝපි කියන පානය ගැන මුලින්ම හොයාගෙන තියෙන්නෙ ඉතියෝපියානුවන් කියල තමයි කියන්නෙ. ඉතියෝපියානු ජාතික කාල්දි කියන එඬේරා තමන්ගේ එළුවන් එක්තරා ගසක ගෙඩි වර්ගයක් කෑමෙන් පස්සේ විශේෂ හැසිරීමක් පෙන්වන බව නිරීක්ෂණය කරලා තියෙනවා. ඔහු මේ බව පල්ලියේ අධිපතිට දැනුම් දෙනවා. ඒ පල්ලියේ අධිපතිගේ අදහසක් අනුව තමා මේ ඇට වර්ගය වේලලා, බැදලා පානයක් විදිහට සකස් කරගන්නෙ. මෙහෙම සකස් කරගත්ත පානයෙන් රාත්රී කාලයේ යාඥාවන් කරන්න පැය ගණන් ඇහැරිලා ඉන්න අවශ්ය ශක්තිය ඔවුන්ට ලැබිලා තියෙනවා.
ශ්රි ලංකාවේ කෝපි වගාවේ ඉතිහාසය…
පළමුව ලංකාවට කෝපි හදුන්වාදෙනු ලැබුවේ 17 වන සියවසේ මුල් භාගයේ දී යේමනය හා ඉන්දියාව හරහා පැමිණි මුස්ලිම් වන්දනාකරුවන් විසිනි. ඔවුන් පළමුව හදුන්වා දුන්නේ “ඇරබිකා කෝපි” නම් වූ ප්රභේදයයි.
18 වන සියවසේ සිටම ඕලන්ද ජාතිකයන් කෝපි වගාව අත්හදාබලමින් සිටි නමුත්, බ්රිතාන්යනගේ මහා පරිමාණ වාණිජ නිෂ්පාදන ආරම්භ වන තුරු එය සාර්ථක වූයේ නැත. කෝපි ක්රමානුකූල වගාකිරිම සදහා පළමු උත්සාහය 1740 දී ලන්දේසීන් විසින් සිදු කරන ලදී. එය ආණ්ඩුකාර (Baron van Imhoff ) බාරොන් වෑන් ඉම්හොෆ් සහ ඔහුගේ අනුප්රාප්තිකයන් විසින් ආරම්භ කරන ලද බවත් කෙසේ වෙතත්, අඩු නිෂ්පාදන මට්ටම් සමග සාපේක්ෂව එය සාර්ථක වූයේ නැත. ඊට ප්රධාන හේතුව වුයේ ඔවුන් ජාවාහී තම කෝපි වතු වගාවන්ට එරෙහිව තරගයක් පවත්වා ගැනිමට පැවති අකමැත්තයි. ඒහි ප්රතිපලයක් ලෙස ලෙස කෝපි නිෂ්පාදනය ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගම විසින් සීමා කරන ලදී. 1762 වන විට, වාර්ෂික කෝපි නිෂ්පාදනය පවුම් 100,000 පමණක් විය. නමුත් 1796 දී දිවයිනට පැමිණි හා 1815 දී පාලනය ගෙනගිය බ්රිතාන්යන් කෝපි නිෂ්පාදනයට අදාල අත්හදා බැලීම් දිර්ඝව සිදුකරන ලදි. බ්රිතාන්යයන් මුලදි ප්රධාන වශයෙන් ගාල්ල අවට මුහුදුබඩ ප්රදේශවල කෝපි වගාවට යොදාගැනිම නිසා පලමුව මෙම ප්රයත්නය අසාර්ථක විය. කෝපි වගාව මුල් කාලීනව අසාර්ථක විම සදහා මුල් කාලයේ ප්රධාන වශයෙන් බලපෑවේ වගාව සදහා යෝග්ය නොවන පහත්බිම් වගාව සදහා යෝග්ය ප්රදේශ ලෙස වටහා ගෙන පැවතිමත්, වගා කුසලතා හා ඊට අවශය වන්නාවු යටිතල පහසුකම් ප්රමාණවත් ලෙසින් නොපැවතිමයි. වාණිජ පරිමාණයෙන් ප්රථම වරට කෝපි වගාව සාර්ථකව ආරම්භ කිරීම කරන ලද්දේ හිටපු බ්රිතාන්ය යුද්ධ හමුදා නිලධාරියෙක් වූ ජෝර්ජ් බර්ඩ් (George Bird) විය විසිනි. ඒ 1824 දී ගම්පොල සිංහපිටිය ප්රදේශයේය. එය වසර කිහිපයකට පසු රටේ වෙනත් බොහෝ ප්රදේශවලට ව්යාප්ත විය.
1824 දී ලංකා ආණ්ඩුකාර බවට පත් වූ එඩ්වඩ් බාන්ස්, 1825 දී ගන්නෝරුව (දැන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්යානයේ කොටසක) හා තවත් වතු කිහිපයක කෝපි වගාව ස්ථාපනය කරන ලදි. මෙම වගා ස්ථාපනය අනෙකුත් රජයේ නිලධාරීන් ගණනාවක් විසින් අනුගමනය කරන ලදී. ජෙරෝනිස් ද සොයිසා (Jeronis de Soysa) මහතා පලමුව වාණිජ පරිමාණයෙන් කෝපි වගා කිරීමට දේශීයව සම්බන්ද වූ එකම ව්යාපාරිකයා වූ අතර පසුකාලිනව සමස්ත නිෂ්පාදනයෙන් හතරෙන් එකක් දේශීය ගොවීන් හා කුඩා ඉඩම් හිමියන් හරහා නිෂ්පාදනය වීම සිදුවිය.
2014 දී ශ්රී ලංකාව ලෝකයේ විශාලතම කෝපි නිෂ්පාදකයින් අතර 43 වන ස්ථානය ලබාගෙන ඇත ශ්රී ලංකාව තුල 1830 ගණන් වල වතු වගාවක් වශයෙන් කෝපි වගාව අපනයන හා අපනයන කටයුතු තුල ප්රබල බලපෑමක් එල්ලකල අතර, විශේෂයෙන් මේ කාල වකවානුවේ බටහිර ඉන්දීය ප්රදේශ වල වහල්බාවය අවසානවිමත් සමග එහි පුළුල් කෝපි නිෂ්පාදනය අවසන් විය. මේ කාලය තුල ශ්රී ලංකාවේ කොපි වගාව තව දුරටත් පුළුල් කිරීමට බ්රිතාන්ය රජය විසින් ව්යාපාරිකයන් සදහා රජයේ ඉඩම් විකිනු අතර, එම වතුවල කටයුතු කිරිම සදහා ශ්රමිකයන් ලෙස උඩරට දෙමළ හා දකුණු ඉන්දීය දමිල ජාතිකයන් බදවාගනු ලැබීය. 1830-1850 කාලය තුළ කෝපි නිෂ්පාදනය ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප්රබල සහයක් දැක්වූ අතර පසුකාලිනව ධනේශ්වර මධයම පන්තියේ ඉස්මතු විම සදහාද මෙය බලපාන ලදි. එසේම මහනුවර කලාපය තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්රථිපලයක් ලෙස කෝපි වතුවල ප්රගුණනය සහයෝගය දුන්නේය. 1846 දී ලෝක පරිමාන ආර්ථික අවපාත කාලය තුළ, නිෂ්පාදනය පහත වැටී ආර්ථිකය තුල කෝපි පහත වැටෙන මිල නිසා කම්කරු බඳවා ගැනීම පසුව පහත දමා ඇති අතර, කෙසේ වෙතත් පසුව යුරෝපා වෙළෙඳපොළ තුළ කෝපි සඳහා ඉහළ ඉල්ලුමක් හා ඉහළ මිල ගනන් සමග කෝපි වගා ඉහළ ගොස් ඇත. විදේශීය ආයෝජකයින් ලංකා වටා එක්රොක් කිරිම සදහා එවකට පැවති වැසි වනාන්තර හෙක්ටයාර් 100,000 ක් (වර්ග සැතපුම් 386 )පමණ කෝපි වැවිල්ල සඳහා ලබාදෙන ලදි. 1860 වන විට ශ්රී ලංකාව, බ්රසීලය, සහ ඉන්දුනීසියාව, ලෝකයේ කෝපි නිෂ්පාදනය විශාලතම රටවල් තුනක් විය. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තා වලට අනුව අනුව 2013 වසර සඳහා කෝපි නිෂ්පාදනය ටොන් 5.570 ක් වූ අතර 1960 දශකයේදී වැඩිම නිෂ්පාදනය ටොන් 25.575 වූ අතර, අඩුම 1988 දී ටොන් 4.109 විය 2013 දී, රට ලෝකයේ හතළිස් අටවන විශාලම නිෂ්පාදකයා විය.
1869 මුල් භාගය තුලදී කෝපි කර්මාන්තය ලංකාවේ සවිමත් වෙමින් පැවතියද නමුත් ඉන් කෙටි කලකට පසුව කෝපි වගාව දිලීර රෝගයකින් විනාශයට පත්වන ලදී. Hemileia vastatrix ද ලෙස හඳුන්වනු ලැබු කෝපි කොළ මලකඩ විමේ රෝගයට ශ්රී ලංකාවට පමණක් නොව අනෙකුත් රාජ්යයන්ට ද බල පැවේය.
වැවිලිකරුවන් මෙම රෝගය “විනාශකාරී එමිලි ” යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබිය. මෙම රෝගය 1869 අගභාගය වන විට සාමාන්යයෙන් දිවයින පුරා ව්යාප්තව ගිය අතර. රෝග ලක්ෂණය පිළිබද බාහිර ලකුණු ලෙස කෝපි කොළ මතුපිට කහ ලප ගණනාවක් දැකිය හැකිවිය. මෙම රෝගය ඉතා ප්රවේශමෙන් 1880-1881 දී මහාචාර්ය එච් මාෂල් වෝඩ් විසින් විමර්ශනය කරන ලදී. මෙම පරික්ෂණ සදහා අධාර ශ්රේෂ්ඨතම උද්භිද උද්යාන විසින් ලබා දෙන ලදි. නමුත් කිසිදු රෝග නිවාරණයක් සොයා ගත නොහැකි විය. ඉන්පසු රෝගය දකුණු ඉන්දියාවේද, වෙනත් රටවල් කරා ද පැතිර ගියේය. ලංකාවේ එය ව්යාප්තව වසරකට පසු එනම් 1882 දී, ශ්රී ලංකාව තුළ කෝපි කර්මාන්තය සම්පූර්ණයෙන්ම වාගේ විනාශ මුඛයට භාජනය වන ලදී.
නමුත් පසු කාලීනව සිදු කල පර්යේෂණ සමග මේ සදහා නිවාරන සොයාගත් අතර පසුකාලිනව එය කෝපි වගාවේ වර්ධනයට හේතු විය. වර්තමානය වන විට මෙම කෝපි වගාව ශ්රි ලාංකිකයන් මිලියන ගනණකගේ ජීවනෝපාය බවට පත්ව ඇත..
3. යක්ෂයාගේ බීම
හැබැයි මුලදී ක්රිස්තියානුවන් විශ්වාස කලේ මේ කෝපි කියන්නෙ සාතන්ගේ නිර්මාණයක් කියලයි. අටවෙනි කෙලමන්ට් පාප්තුමන්ගේ මැදිහත්වීමෙන් මේ පානය ක්රිස්තියානුවන්ට සුදුසු බව ප්රකාශ කෙරෙනකන්ම කෝපි හැඳින්වුණේ යක්ෂයාගේ පානය විදිහට.
ඒ වගේම 1511 මක්කාව පාලනය කරපු ඛයිර් බෙග් කියන පාලකයාත් කෝපි වලින් ඇතිවෙන උත්තේජනය නිසා මිනිස්සු එයාගෙ පාලනයට එරෙහි වෙයි කියන බය නිසා කෝපි කියන පානය පව්කාර, ඉස්ලාම් ආගමේ කියන විදිහට හරාම් පානයක් ලෙස නම් කරලා කෝපි බීම තහනම් කරලා තියෙනවා. 1524 දි තුර්කි ජාතික සුල්තාන් වරයෙකුගේ මැදිහත් වීමෙන් මේ නීතිය ඉවත් වෙනකන්ම් කෝපි බීම මක්කමදී තහනම් වැඩක් වෙලා තිබිලා තියෙනවා.
4. සාමාන්ය කෝපි සහ ක්ෂණික කෝපි
අපි එදිනෙදා ජීවිතේදී දන්න විදිහට මේ කෝපි ප්රධානවම වර්ග දෙකක් තියෙනවනේ. ඒ සාමාන්ය අපි බොන හරිස්චන්ද්ර, අයිලන්ඩ් වගේ සාමාන්ය කෝපි සහ නෙස්කැෆේ, Bru වගේ ක්ෂණික කෝපි විදිහටයි. ඒ දෙකේ වෙනස මේන්න මේකයි. සාමාන්ය කෝපි කියන්නෙ අපි කවුරුත් දන්න විදිහට කෝපි ඇට වේලලා, බැදලා, කුඩු කරලා හදන එකටයි. Instant නැත්තම් ක්ෂණික කෝපි කියන්නෙ එහෙම හදලා දිය කරපු සාමාන්ය කෝපි නැවත අධි තාපයක් හෝ සීතලක් යටතේ පවුඩර් එකක් බවට පත් කරලා හදන එකටයි. හදන විදිහ වගේම මේ කෝපි වර්ග දෙකේ අඩංගු වෙන කැෆේන් ප්රමාණයන්ගේත් වෙනසක් තියෙනවා. සාමාන්ය කෝපි වල ක්ෂණික කෝපි වලට වඩා වැඩි ප්රමාණයක් කැෆේන් අඩංගු වෙනවා කියල තමයි කියන්නෙ.
5. කෝපි ඇට වර්ග
මේ කෝපි කුඩු සකස් කරන්න ගන්න කෝපි ඇට ප්රධාන වර්ග දෙකක් යටතේ වර්ග කෙරෙනවා.
Arabica – මේක තමයි වැඩිපුරම ජනප්රිය කෝපි වර්ගය. මේ වර්ගයේ තියෙන වෙනස් රස නිසාම කෝපි වලට කැමති හුඟක් දෙනෙක් තෝරගන්නෙ මේ Arabica කියන වර්ගය.
Robusta – Arabica කියන වර්ගය වැඩිපුරම ප්රසිද්ධ උනත් මේ robusta ලාභදායී වගේම අනෙක් වර්ගයට වඩා ටිකක් සැරයි. ඒ වගේම Arabica වලට වඩා කැෆේන් ගතියත් මේ වර්ගයේ වැඩියි.
ලෝකයේ සමස්ථ කෝපි නිෂ්පාදනයෙන් 60% Arabica කියන වර්ගයත් 40%ක් Robusta කියන වර්ගයත් කියල තමයි සංඛ්යා දත්ත වල සඳහන් වෙන්නෙ.
6. විවිධ කෝපි පාන වර්ග
කලින් කියපු කෝපි ඇට වර්ග පාවිච්චි කරලා හදන කෝපි පානයන් වර්ග කීපයක්ම තියෙනවා.
Black
මේ අපි හැමෝම දන්නා කළු කෝපි. කෝපි කුඩු උණුවතුරේ දිය කරලා හදාගන්න පානය. ලංකාවේ අපි සීනි එකතු කරලා පැණි රසට බිව්වට පිටරට අයනම් නියම කෝපි රසට තමයි බොන්නෙ.
Espresso
මේ කියන්නෙ කෝපි කුඩු එක්ක උණු වතුර බොහොම ස්වල්පයක් පීඩන මැෂින් එකකින් කළවම් කරලා හදාගන්න විදිහක්. මේක ඉතාලි ක්රමයක්. වෙනම බොනවට වඩා හුඟක් වෙලාවට මේ espresso පාවිච්චි කරන්නෙ වෙනත් කෝපි පානයන් හදාගන්න මූලික අමුද්රව්යයක් විදිහට.
Latte
වඩාත්ම ජනප්රියම කෝපි පානය මේක කිව්වොත් වැරදි නැහැ. Espresso සමඟ කිරි කලවම් කරලා හදාගන්න පානයක්.
Cappuccino
මේකත් Latte වර්ගයක්. හැබැයි සාමාන්ය එකට වඩා පෙණ ගතියෙන් යුක්තයි. ඒ වගේම උඩින් කොකෝවා හෝ කුරුඳු කුඩු ඉහලා පිළිගන්වන්නේ.
Americano
බ්ලැක් කොෆී වගේම espresso දිය කරලා හදන පානයක්.
Mocha
මේක චොකලට් espresso පානයක්. කිරි එක්ක කළවම් කරලයි පිළිගන්වන්නෙ.
මේ නිතර අහලා පුරුදු ප්රසිද්ධ වර්ග වලට අමතරව Doppio, Cortado, Red Eye, Galao, Lungo, Macchiato, Ristretto, Flat White, Affagato, Café au Lait සහ Irish කියන වර්ගත් කෝපි වලින් හදන විවිධ පානයන්.
7. කෝපි බීමේ වාසි අවාසි
කෝපි බොන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා. වාසි කිව්වොත් මෙන්න මෙහෙමයි.
කෝපි කියන්නෙ ශරීරයේ ක්රියාශීලීත්වය වර්ධනය කරන ශක්තිජනක පානයක්.
කෝපි වලින් අනවශ්ය මේදය දහනය කරලා බර අඩු කරගන්න උදව් වෙනවා.
මානසික ඒකාග්රතාවය ඉහළ යනවා.
පිළිකා, හෘදයාබාධ, පාකින්සන් වගේ ලෙඩ රෝග අවදානම අඩු කරන්නත් කෝපි වලට පුළුවන්.
දියවැඩියා අවදානමත් අඩු කරන්න කෝපි වලට පුළුවන්.
ඒ වගේම මානසික මට්ටම, විෂාදය වගේ තත්ත්වයන් පාලනය කරන්නත් කෝපි උදව් වෙනවා.
අවාසි කිව්වොත් මෙහෙමයි.
ගුණාත්මක බවෙන් අඩු කෝපි පානයෙන් ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඇබ්බැහියක් විදිහට බොනවානම් හොඳම තත්ත්වයක කෝපි වර්ගයක් තෝරගන්න ඕන.
කෝපි වල අඩංගු කැෆේන් නිසා පොඩි කාලසීමාවක් ඇතුළත අධිකව පරිභෝජනය ශරීරයට ඉතාම අහිතකරයි.
කැෆේන් වලින් කළලයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන් නිසා ගර්භණී කාලයේ භාවිතය අඩු කරන තරමට හොඳයි…
……….අන්තර්ජාලය ඇසුරෙනි………..
Your Ultimate Guide to Different Types of Coffee and Coffee Makers
Place of greatest occurrence of pests and diseases in a coffee tree and...  | Download Scientific Diagram

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!