හෙද උපාධි වර්ග.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වෛද්‍ය වෘත්තියට අමතරව ඒ හා සමානම අත්දැකීමක් සහ පිලිගැනිමක් සහිත වෘත්තියක් වන්නෙ හෙද වෘත්තියයි. ජීව විද්‍යාව අංශයෙන් ඉගෙනුම ලැබූ අයට හෙද උපාධිය සදහා අයදුම් කල හැකි අතර තමන් වෘත්තිය වශයෙන් සිදුකිරීමට කැමැත්තෙන් සිටින ක්ෂේත්‍රයට අදාලව උපාධියක් හැදෑරිය හැකි අතර හෙද උපාධි වර්ග කිහිපයක්ම තියනවා. මෙම එක් එක් වර්ග වලට වෙන්වූ රැකියා වටාපිටාව සහ වැටුප් පරාසයද වෙන් වෙයි.

 

(1) හෙද සහායක උපාධිය (ADN)

මෙම හෙද සහයක උපාධිය වසර 2ක කාලයක් දක්වා දිවෙන අතර එහිදී න්‍යායාත්මක සහ ප්‍රායෝගික මට්ටමේ නිසි පුහුණුවක් දෙනුලබයි.මෙම හෙද සහායක උපාධිය මූලික මට්ටමේ උපාධියක් වන අතර එමගින් හෙද සහායක වෘත්තීමය මට්ටමේ සුදුස්සකු වශයෙන් රජයේ හෝ පෞද්ගලික අංශයේ රෝහල්වල කටයුතු කල හැකිය. 

හෙද උපාධි වර්ග.
හෙද උපාධි වර්ග.

(2) හෙද උපාධිය (BSN) 

හෙද සහයක මට්ටමෙන් එහාට ගිය හෙද වෘත්තීය සදහා සෑම දෙනකුටම තිබිය යුතු උපාධි මට්ටම වන්නෙ මෙයයි.මෙම හෙද විද්‍යා උපාධිය සියලුම හෙද වෘත්තිකයින් හට අවශ්‍ය වන අතර උපාධි පාඨමාලාව වසර හතරක් දක්වා දිවෙයි.අනෙකුත් හෙද උපාධි මෙන්ම න්‍යායාත්මක දැනුම මෙන්ම සායනික පුහුණුවද ඒකාබද්ධ වන බැවින් පරිපූර්ණ පාඨමාලා විෂය නිර්දේශයක් සමගින් ඉහල අත්දැකීමක් ලබාගත හැක.

 

(3) හෙද උපාධිය (MS) 

ඔබ හෙද ක්ෂේත්‍රය පිලිබදව ඉහලම ඉගෙනීමට අදහස් කරන්නෙ නම්, සහ ඔබ මාස්ටර්ස් දක්වා ඉගෙනීම සිදු කරන්නෙ නැතිනම් බෙහෙවින්ම අවශ්‍ය වන උපාධි මට්ටම වන්නෙ මෙයයි. හෙද මට්ටම සදහා උසස් පුහුණුවක් ලබන අයෙක්ට මෙම මට්ටම වැදගත්‍ ය.

ඔබ BSN උපාධිය එනම්,දෙවන මට්ටමේ උපාධිය සදහා පලමු පාඨමාලාව ඔස්සේ සම්පූර්ණ කොට තිබිය යුතු කොටස්.

  • ව්‍යුහ විද්‍යාව සහ කායික විද්‍යාව
  • ක්ෂුද්‍රජීව විද්‍යාව
  • මනෝවිද්‍යාව 
හෙද උපාධි වර්ග.
හෙද උපාධි වර්ග.

හෙද උපාධියක් මූලිකවම සම්පූර්ණ කිරීම මේ ඔස්සෙ සිදුවන අතර ඔබට හෙද වෘත්තියෙන් මුලික සුදුසුකම් ලබාගැනීමට නම් පලමු හෙද සහායක උපාධිය ලබාගත යුතුය.ඉන්පසුව හෙද වෘත්තිය නියමාකාරයෙන් ලබාගැනීමට නම් දෙවන උපාධි මට්ටම වන BSN සම්පූර්ණ කිරීම කල යුතු අතර ඔබ ඊටත් ඉහලට ඉගෙනුම අපේක්ෂා කරමින් මාස්ටර්ස් මට්ටම අපේක්ෂා කරන්නෙ MS මට්ටම සම්පූර්ණ කල යුතුය.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!