හිස් තැන් නැති ආදරයක් (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එදා සැප්තැම්බර් මාසෙ පලවෙනිදා.අපේ සෙක්ශන් එකට අලුතින් උපාධිදාරින් තුන් දෙනෙක් ඇවිත් හිටියා.
රොශන් ගීගනගේ,
දිල්කි ඩි සිල්වා,
සහන් කල්පගේ..
ඩිල්කියි රොශානුයි එකම කැම්පස් එකේ, දෙන්නගෙම පලවෙනි රැකියාව.
දෙන්න හිටියෙ එකටමයී අපි මුලින් හිතුවෙ දෙන්න කපල් එකක් කියලා. කොලඹ ලොකු ඉස්කෝලේ වල ඉගෙන ගත්ත , ඉන්ග්රිසි හොදට පුලුවන් ඒ දෙන්න හිටියෙ හෙන ගැට්ටෙන්..
ඒවනම් කමක් නැහැ කියමුකො..එත් ඒ දෙන්න සහන්ට හෙන කැපිල්ලක් දැම්ම…සහන් ගැන බොරු කේලම් කිවුවා.
සහන්ගේ කැම්පස් එක පේරාදෙණිය . සහන් නුවර කොල්ලෙක්.කොල්ලෙක් කිවුවට නිසි කලට බැන්දා නම් තාත්තා කෙනෙක් වෙන්න ඕනේ වයසේ..
එයා කලින් පෞද්ගලික ආයතනයක අවුරුදු 8 ක් වැඩ කරලා තිබ්බා..ආර0චි විදිහට ලගදිම වෙඩින් එක ගන්න ලෑස්ති වෙන කතාවකුත් කිවුවා.
වැඩ එකතු වෙලා නිසා සති අන්තයේ අතීකාල කරන්න කියල බොස්ගෙන් බර බරේ..දැන් අලුත් අය ඇවිත් මාස හයක්.
“සහන් ඕ.ටී .කරන්නෙ නැද්ද?” එක සිකුරාදා දවසක අමාලි ඇහුවා.
“මහත්තයා කැන්ඩි තමා යනවා එයගේ ගර්ල් ෆ්රෙන්ඩ් බලන්න..” අපෙ පියන් ගනේශ් කැඩිච්ච සි0හලෙන් කිවුවා.
“ගර්ල් ෆ්රෙන්ඩ් නෙමෙ ගනේශ් වයිෆ්ව බලන්න.”
නිමාශි කිවුවා.
ඒදා සෙනසුරාදා මමත් ඕ. ටී. ගියා නොගිහින් බැරි කමට..ඉක්මනටම රිපොට්ස් දෙන්න ඔනේ වැඩ ගොඩක් මට තිබ්බා..
මම උදෙන්ම ගියේ හවස 2 ට වැඩ ඉවර කරන්න හිතාගෙන.
අතීකාල කරන දවසට වෙලවක් කලාවක් නැහැ .ඔනේ වෙලවක එන්න යන්න පුලුවන් .
මම යද්දි සහන් වැඩ පටන් අරන්..
“ආ මේ මොකො ඕ.ටී. ඇවිත්. නුවර ගියේ නැද්ද නෝනා බලන්න ?” මම ඇහුවා..
“,නැහැ . ආයේ යන්නෙ නෑ .තවත් එහෙ ගිහින් වැඩක් නැහැ ..”
සහන් බොහොම දුකෙන් කිවුවා..
අපි අතර ලොකු හිතවත් කමක් නැතත් එයගේ කතාව කාටහරි කියල නිදහස් වෙන්න ඕනේ වගෙ හැගීමක් ඒ ඇස් වල තිබ්බා.
“ඇයි මොකක්ද ප්රශ්නේ” මම ඇහුවා.
“කසාද ලියාපදින්චිය අවලන්ගු කරන්න ඕනෙ කියලා එයාලගෙ පැත්තෙන් කියනවා. එයගෙ සම්බන්ධයක් තිබිලා තියෙනවා මස්සිනා එක්ක.පොඩි කාලෙ ඉදලා.ලේ නෑයෝ බැන්දම ඉපදෙන ළමයි අන්ධ වෙනවා, අන0ගවිකල වෙනවා කියන එක එයා තේරුම් ගන්නෙ නැහැ ..”
ඒ ඇස් වල තිබ්බෙ පුදුමකර වේදනාවක්, අපේක්ෂා කඩවීමක්.
“මම කරන කිසිම දෙයක් හරි යන්නෙ
නැහැ.එයා මට කැමති නැහැ කියල දැන දැන එකට ජීවත් වෙන්නෙ කොහොමද?” සහන් හීල්ලුවා.
“හැම දේම හරි යයි සහන් දුක් වෙන්න එපා.”
එහෙම කිවුව මම දවසේ වැඩ පටන් ගත්තා.ඒත් මුලු දවසෙම මගේ හිත සහන් ගැන වද වුනා
මටත් උනේ ඒකමයි කියල මට ඒක පාරටම හිතුනා..දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන හොද ජොබ් එකක් හොයාගෙන යන්තම් ජීවිතේ පිලිවෙලක් වෙද්දී ,ජිවිතය එපා කරවන විදිහේ ආදරයක් ලන් වෙන්නෙ ඇයි කියලා මට හිතා ගන්න බැහැ.
මටත් නොතැනිම සහන් ගැන අනුකම්පවක් වගෙ හැගීමක් මගේ හිතේ ඇති වුනා.එ හැගීම ආදරයද කියල හරියටම කියන්න තෙරුනේ නැතත් , හිත බය කරන ඒ හැගීම තිබිරිගෙයි දිම මරා දාන්න මට ඔනෙ වුනා..
බොහොම නිහඩ චරිතයක් වුන සහන් දවසින් දවස මගෙ හිතට ලන් වුනා.ඔව් සහන් හොද කඩවසම් පිරිමියෙක්.
.බොහොම කාරුණික ලැජ්ජශීලි ,දගකාර හිනාවක , විසේකාර බැල්මක උරුමක්කාරයෙක්.
කලාතුරකින් මතුවෙන ඒ හිනාවට මම හුගක් ආසා කලා.
ආදරයයී කැස්සයි හ0ගන්න බැහැ කියනවනේ.
මගේ හැගීම් අනෙක් අය දැන ගනී කියල මම පුදුම බයකින් හිටියේ.මොනවා වුනත් එයාත් බැදපු කෙනෙක්.
මොන පිස්සුවක්ද මට මේ හැදිලා තියෙන්නෙ . ඔව් .මම හිතා මතාම එයාව මග ඇරියා.පව්.සමහර වෙලවට මහා බර පොතක් උස්සගෙන ,මොනවා හරි දන්නේ නැති දෙයක් මගෙන් අහගන්න එන එයාව මම එලවා ගත්තා.
දන්න දෙයක් තව කෙනෙක්ට කියල දෙන්න මම හුගක් අසා කලත් එයා ලගට එද්දි මාව වෙවුලන්න ගත්තා.
අලුතින් එන අයව ට්රේනින් කරන්න වෙනම සුපර් වයිසර් කෙනෙක් හිටියා.ඒ තමා අමාලී .මට හිතුනේ අමාලී සහන් එක්ක හිටියේ කොක්කෙන්..
සමහර විට ඩිල්කිගේ කේලම් අහලා වෙන්න ඇතිටම .
දවසක් අමලී සහන්ට හොදටම බැන්න.
හදිසියේ දෙන්න තියෙන රිපොට් වගයක් වරද්දලා කියලා.
“කාටත් මුලදි වැරදෙනවා තමයී ඒකනෙ ට්රෙනින් පිරියඩ් එකක් තියෙන්නේ” මම එක පාරටම අමාලිගේ ඇගට කඩාගෙන පැන්නා.
“සහන්ට බැන්නම ඇයි නිලූපට රිදෙන්නේ”
අර මතක මණ්දිර තනා සින්දුවේ වගේ ඩිල්කී කට දැම්මා..
ඒ අවුරුද්ද මුල අපිට අලුතින් මානව සම්පත් කළමනාකාර කෙනෙක් ආවා.එයා අලුත් නිසා හැකියාව පෙන්නන්නත් එක්ක වෙසක් උලෙළක් ස0විදානය.කලා.අරමුණ සේවක සමගිය.
ඒ කාලෙ හරියට ඉස්කෝලේ ක්රීඩා උත්සව කාලේ වගේ..දිවා ආහාරයට දෙන පැය බාගෙට අමතර පැය බාගයක් වෙසක් උත්සවයේ වැඩ වලට රස්තියාදු ගහන්න අපිට පුලුවන් වුනා.
දිල්කී බක්ති ගී කියන්න ගියා. අපි නම් කලේ ඔෆිස් එක ඉස්සරහ (KFC) කේෆ්සී එකෙන් අයිස් ක්රීම් කාපු එක.
රොශාන් හොද ගේමක් දීලා ගිණුම් අ0ශයෙන් කෙල්ලක් යාලු කර ගත්තා ඒ ශලනි..ගනේශ් මානව සම්පත් එකේ පියුමිට ට්රයි කලා.
අපරාදේ කියන්න බැහැ සේවක සමගිය උතුරා දෝරෙ ගලා ගියා.මල්සාරා මල්සර දුන්නෙන් හතර අතට හී විද්දා.වෙසක් කූඩු වගේම බලාපොරොත්තු ,හීන පිරිච්ච් ආදර කූඩුත් තැන් තැන් වල ඔන්චිලි පැද්දා.
අමාලි ,මම ,සහන් ,රොශාන්, ශලනි,නිමාශි ගනේශ් . අපිත් එකතු වෙලා,රසායනාගාර අ0ශය වෙනුවෙන් හුගක් ,ලස්සන වෙසක් කූඩුවක් හැදුවා .. වෙසක් කූඩු තරග,බක්ති ගී තරග, දන් සැල්..වෙසක් දවසට පස්සේ දා රෑ පිරිත්..
ඔය හැම තරගයක් අතරම දිලිසෙන ඇස් දෙකක් ,මගේ ඇස් එක්ක තරග කලා.
ඒ ඇස් සහන්ගේ..
කටින් නොකියන දහසක් කතා ඒ ඇස් දෙකෙන් හදවතටම කියවද්දි මම හිටියේ මින් පෙර නොවිදි අමුතුම ආශ්වදයක…
මගෙ හිතුවක්කාර හිත මටත් හොරෙන් ඒ ඇස් ලග නැ0ගුරම් දාලා නතර වුනා.
ඒ සුන්දර බක් මාසේ දිල්කිගේ වෙඩින් එකත් තිබ්බා.වස්කඩුවෙ හොටෙල් එකක.අපේ අ0ශයේ හැමෝම ඒ වෙඩින් එකට සහබාගි වුනා.
මම පුදුමාකාර ප්රබෝධයකින් , ලස්සන සාරියකින් එදා මම සැරසුනා.
එදා පිටත් වෙන්න කලින් ඔෆිස් එකේදි අපි මේකප්, හෙයර් ස්ටයිල් දාලා හැඩ වුනා.
“අනේ කවුරු හරි මගෙ මේ මාලෙ බදින්නකො..” සාරියට ගැලපෙන මාලයත් අතේ තියාගෙන මම කෑ ගැහුවා.
“මම කමක් නැද්ද”
ඒ වෙලවෙ සහන් කොහොම එතනට ආවද මන්දා.එයා උදුරලා වගේ ඒ මාලෙ අරන් එයා මගේ බෙල්ලෙ බැන්දා.
“දැන් ලස්සනයි.හුගාක් ආදරේ හිතෙනවා.”
කණ්ණාඩියේ ප්රතිබ්ම්බය තුලින් අපි අපූරුවට ගැලපුනා.
“ඔයාගේ ආදරය මට හැමදාමත් ඕනේ සහන්”
මම හීන් හඩින් කෙදිරුවා.
එක තත්පරයකදී ඒ සීතලම සීතල දෙතොල් හිමීට ඇවිත් මගේ උරහිසට පාත් වුනා මට දැනුනා.ඒ සීතලත් එක්ක මුහු වුන විදුලියක් වගේ හැගීමක් සියොලගම දවාගෙන විසිරුනා.
නිල් කටරොලු නිල නැහැවුන.
මල් දල මුදු සුව රැදවුණු .
තොල් පෙති කල් හල ගාලන ආදරයද මේ..
ඔබ රහසෙ කියා දුන්න ,
ආදරයද මේ.
කැඩපතින් පෙනුන එයාගේ මුහුනේ ,අර මම ආසම කරන දගකාර හිනාවයි, විසේකාර බැල්මයී සීරුවට පෙනුනා.
පුන්චි හයරින් වෑන් එකකින් අපි වෙඩින් එකට ගියා.
මනාලියක් වුන දිල්කි හරිම ලස්සනට හිටියා.මනමාලයා ඉන්ජිනේරුරුවෙක්.
කට්ටිය සෙට් වෙල හොදට කෑවා, බිවුවා.
අපි ඩාන්ස් කලා.
මම බලගෙන් හිටියේ ,සහන් බිවුවෙ නැහැ.
ඒත් එයා හිටියේ හුගක් සතුටින්.
වෙඩින් එක ඉවර වෙලා ආපහු එද්දී සහන් බස් එකේ මගෙ ලගින් ඉදගත්තා.කට්ටියම සින්දු කිවුවා .ට්රිප් එකක් ගිහින් වගේ.
“ඔයා අද හරිම ලස්සනයි නිලූ”
සහන් මගෙ කනට කරලා කිවුවා.මම හිනාවුනා.
“ඔයා තරහද?”
“ඇයි.” මම එයාගෙන් ඇහුවා.
“උදේ වුන දේට” මම එයා දිහා බැලුවා.
අර මම ආස කරන දගකාර හිනාවයි , විසේකාර බැල්මයි, ආයෙත් මම ඒ මුහුනේන් දැක්කා.
එදා මම බස් එකෙන් බහිද්දි සහන් මගෙ අතින් ඇල්ලුවා.
“පරිස්සමින් යන්න” එයා එහෙම කිවුවා.
මම හීනෙකින් අවදි වෙලා වගේ ගෙදර ගියා.අවාරයේ වුනත් ආදරය වාන් දාන ඒ හදවතේ උරුමය මම මග අරින්නෙ මට බැරි වුනා.
මේ විදිහට ආදරය කරන්න පටන් ගත්ත මම අවුරුදු 25 ක් විතර පුන්චී කෙල්ලක් කියලද ඔයලා හිතන්නෙ.
නැහැ..මට අවුරුදු 34ක්..අවුරුදු 5ක පුතෙක්ගේ අම්මා කෙනෙක්.
දැන් තේරෙනවා නේද සහන්ව මගේ ලොකෙන් එලවල දාන්න මම මේ තරම් දුක් වින්දේ ඇයි කියලා .
මම මගේ හිත පරිස්සම් කර ගන්න දුක් විදිද්දී මගේ හිතේ හිමිකරය උන මගේ ස්වමිපුරුශයා,මාලක මාව අතහැරල පිටරටකට ගිහින් අවුරුදු 4ක්.
එයා ලන්කාවෙන් යද්දිම මට කිවුවා එයා ආයෙත් මගෙ ලගට එන්නෙ නැහැ කියලා.අපි අතර කෝල් එකක් වත් හුවමරු උනේ නැහැ .මම මගේ පඩියෙන් පුතාත් හදාගෙන ජිවත් වුනා.මාලක් ඉතාලි ගෑනියෙක් එක්ක සම්බන්ද වෙලා කියලා මම දැනගෙන හුගක් කල්.
අවුරුදු 5ක් අපිට දරුවො හිටියේ නැහැ.
ළමයි හදලා කන්න දෙන්න මට සල්ලි නැහැ .අපිට ළමයි ඕනේ නැහැ”මාලක කිවුවා .
ඒත් මට දරුවෙක් ඕනෙ වුනා.
“අනේ මාලක අද සරු දවසක් කියලා ඩොක්ටර් කිවුවා .අද කලින් ගෙදර එන්න.”
මම උදේට මතක් කරනවා.
“” හා .හා..මම එන්නම්..කෝ මට රුපියල් 500ක් දෙන්න..” මාලක කිසිම ලැජ්ජවක් නැතිව මගෙන් සල්ලි ඉල්ලනවා.
“දුන්නම මොකද වෙන්නෙ? ඔයාලා සල්ලි නැති මිනිස්සු නෙමෙනෙ.”
මාලකට ඕනේ උනේම මගෙන් සල්ලි..ඒ සල්ලි නොදුන්නොත් එයා ගෙදර එන්නෙ නැහැ..ඉතින් කොහොමද ළමයි හැදෙන්නෙ.
ඒත් අන්තිමට දෙවියො මගේ මූන බලලා වගේ පුතාව මට ලැබුනා.
දරුවෙක් ලැබුනත් මාලක වෙනස් වුනේ නැහැ .මම දරුවත් එක්ක දුක් විදිද්දී එයා පිටරටක නිදහසේ ජීවත් වුනා.
ඔෆිස් එකේ කවුරුවත් ඒ විස්තර දැනන් හිටියේ නැහැ .
එදා රෑ සහන් මට කෝල් කරා.ඒ වෙලාවෙ පුතා නිදී.
එදා මම මගෙ ජිවිත කතාව සහන්ට කිව්වා .
“අද මම ඔයාගෙ අතින් ඇල්ලුවෙ කවදාවත් අත් අරින්න නෙමේ නිලූ.” සහන් කිවුවා .
“යන අයට යන්න දීලා,සමාව දීලා, අත්ඇරලා දාන්න නිලූ.මිනිස්සුන්ට හැමදාම වැරදෙන්නෙ නැහැ .”
සහන් කිවුවා
“good night (ගුඩ් නයිට්)
I love u” ( අයි ලව් යූ )
ඒ සහන් ගේ කෙටි පනිවිඩය.
“Good night, (ගුඩ් නයිට් )
“I – – – – you..” ( අයි – – – – යු )
මමත් ටයිප් කලා.
“ඇයි මේ හිස් තැන්” සහන් අහුවා.
“මට බයයී .ඔයගෙ ජිවිතෙ ආදරයෙන් පුරවන්න මට බැරි වෙයි කියලා ” මම කියුවා
.
“ආදරයට හිස් තැන් තියන්න එපා නිලූ..අපී කාටත් කියෙන්නෙ හිස් වෙදිදී ආදරයෙන් පුරවන්න ඕනෙ හිත්..” සහන් ආදරයෙන් කිවුවා.
ඒ කර්කශ ඉඩොරයට පස්සෙ මල්බර වසන්තයක් උදාවුනා.
අපි ආදරයෙන් , විශ්වසයෙන් ලන් වුනා.
පුන්චි පුන්චි තරවටු කම් මිස අපේ ආදරයේ කවදාවත් හිස් තැන් තිබුනේ නැහැ.
නිමි.
පින්තුරය අන්තර්ජාලයෙන්
උපුටා ගැනීම: Kanchana Godamanna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!