හොල්මන් ගෙදර (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක අපේ පැත්ත සිද්ද උන ඇත්ත සිද්දියක් ඒත් කීප දෙනෙකු ඇර කවුරුත් මේ කතාව වැඩිය දන්නේ නෑ.මේ කතාව මමත් දැනගත්තේ අපේ ලොකු අම්මගෙන් මොකද මේ සිද්දිය උනේ එයාලගේ ගෙදරට ඉස්සරහ ගෙදර එහෙනං කතාව පටන් ගමුකො 🤟
අපේ පැත්තේ ඉස්සර පරණ විදියට පල දෙකට හදපු තරමක් විශාල ගෙයක් තිබ්බ. මේ ගෙදර අයිති වෙලා තිබ්බේ අපේ කිරි අම්මගේ පැත්තෙන් නෑදෑ වෙන කට්ටියට. ඉතින් මේ ගෙදර හිටිය කට්ටිය ඒ ගෙදර අතැරලා කුරුණෑගල පැත්තේ පදිංචියට ගියා. ඉතින් මේ ගෙදර කාලයක් තිස්සේ පාලු වෙලා තිබ්බේ. කාලයක් යද්දී අපේ පැත්තෙන් දැදුරු ඔය ජල ව්යපෘතිය පටන් ගත්තා. ඉතින් එකේ වැඩ කරන්න ආපු තරුණ කොල්ලෝ ටිකක් ඔය ගෙදර නැවතුන. ඔහොම කාලයක් යද්දී එයාලා අතරේ කියවෙන්නේ ගත්තා ගෙදර තෙල් ජාති බදින්න බැ බත් උයපුවාම බාගයක් කාලා වගේ කතා කට්ටිය විශ්වාස කරේ නෑ හැමෝම හිතුවේ විහිලුවට කීවා කතා කියලා. ඉතින් කොහොම හරි එයාලා එහෙන් ටික කාලෙකින් යන්න ගියා. ආයේ මාස කීපයකට පස්සේ අර වියපෘතියේ වැඩට අයියෙක් ආව. හැබැයි එයා ආවේ එයාගේ නෝනයි ඒ නෝනගේ නංගි එක්ක.
ඉතින් ඔහොම කාලයක් යද්දී අර කලින් හිටපු කට්ටිය කියපු කතාම එයාලත් කියන්න ගත්තා බුදු පහන තිබ්බම නිවෙනවා, පැන් වීදුරුව උදේට හිස්, කරවල ගේනාවම එකේ බාගයක් නෑ වගේ කතා.
ඉතින් කොහොම හරි ඔය ගෙදර ඒ කාලේ කරන්ට් ඒකත් කපල තිබ්බේ රතු බිල් ආව නිසා. ඉතින් ඒ අයියා වැඩට ගියාම ඒ අක්කලා දෙන්නා ගේ දොර අස් කරනවලු. ඔහොම දවසක් ගේ අතු ගාද්දී පිරිත් පොතක් එයාලට හම්බෙලා. ඉතින් රෑට තනියම ඉද්දි කියවමු කියලා ඒ පොත පැත්තකින් තියලා.
කොහොම හරි එදා රෑ ඒ අයියටත් රෑ වැඩ තිබ්බ නිසා ගෙදර ඇවිල්ල නෑ. අපේ ලොකු අම්මලාගේ ගෙදර කට්ටියත් එදා රෑ ගමනක් ගිහිල්ල. ඒ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ වයසක ජෝඩුවක් ඉතින් එයාලට කිසි දේක තේරුමක් නෑ කන් ඇහෙන්නේ නෑ.
මේ දෙන්න එදා රෑට උයලා කාල කතා කරා කරා ඉදලා අක්කලා කිවලු අර පිරිත් පොත කියවමුයි කියලා.
දෙන්න දොරවල් වහගන ඇදට වෙලා පොත කියව කියව ඉදලා. පොතේ මැද හරියට වගේ එද්දී ඉස්සරහ දොරට පයින් ගහනවා වගේ ලොකු සද්දයක් ආවලු, ඒ එනවත් එක්කම ලන්තෑරුමක්‌ ඇතින් ගත්ත ඉරිච්ච බැනියමක් ඇදගත්ත පොඩි සරම් කෑල්ලක්‌ ඇදගත්ත ලොකු සද්දන්ත මිනිහෙක් එයාලගේ ඉස්සරහට ආවලු. ඒත් ඒ ආපු කෙනාගේ මූන හරියට පැහැදිලලි නෑලු.
ඇවිල්ල කුණුහරපයක් කියලා තොපිට පිරිත් කියන්න කීවේ මොකද කියලා ඇහුවලු. ඒ අහනවත් එක්කම පොඩි අක්කට කලන්තේ දාල. ලොකු අක්කට කිවලු උබලා මගේ ගෙදර ඉන්නවා නන් මේ දේවල් කරන්න බැ ඉන්න බැරි නම් තොපි පලයවූ කියලා. එහෙම කියලා නැති වෙලා ගියාලු.
අර අක්කට සැහන වෙලාවක් කතා කරගන්න බැරුව හිටියලු අර අක්කටත් ටිකකින් සිහිය ආවලු.අයියට කෝල් ගන්න ගොඩක් උත්සාහ කරාලු ඒත් ෆෝන් එක ඔෆ් වෙලාලු. ඒ දෙන්න උදේ වෙනකන්ම අඩ අඩා ඉදලා අයියා ආවට පස්සේ ඔක්කොම විස්තරේ කියද්දීත් දෙන්නගේ ඇගවල් ගිනි කබල් වගේ රත් වෙලා.
ඉතින් අයියා එදාම ඒ දෙන්නවත් අරගන ගමේ ගියා. උදේ ඇවිත් ලොකු අම්මලට විස්තරේ කීව නිසායි අපිත් කතාව දැගත්තේ.
ඕක වෙලා මාස කීපයකට පස්සේ අපේ ගමේ ළමයි කීප දෙනෙක් එකතු වෙලා ඔය ගෙදර දිවුල් අහුලන්න ගියා මමත් ගියා. ඒ යනකොට ගෙදර ජනෙල් ඇරලා තිබ්බ නිසා ලාවට වගේ ඇහැ දාල බැලුවා කාමරේ තිබුන බුදු පිළිමේ බෙල්ල ඔලුව තිබ්බේ නෑ. තවත් ඒ විදියටම බෙල්ල කඩපු බුදු පිළිමයක් එලියට විසික්කල තිබ්බ. 🙏
ඉතින් කාලයත් එක්ක මිනිස්සු යන එන එක ඉබේම නැවතුන මේ ගෙදර දැන් කැලේටම සින්න වෙලා ගිහින්
උපුටා ගැනීම: A Ma Jesinhe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!