හොල්මනක් සමඟ අඩහෝරාවක්..(සත්‍ය සිදුවීමකි) (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ 2016 අවුරුද්දේ එක්තරා දවසකි.සුපුරුදු පරිදි එදත් මම උදේම ඔපිfස් එකට ගියේ කෙසේ හෝ බැක් ලොග් එක ක්ලියර් කර ගනිමියි දැඩි අධිෂ්ඨානයෙනි. මා යන විටත් මගේ සහයකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු පැමිණ සිටියහ.
මෙය කොළඹ 7 බාන්ස් පෙදෙසේ එක්තරා මහල් නිවසක පවත්වා ගෙන ගිය ආයතනයකි. අපට පැවරී තිබුණේ මෙම ආයතනයේ සිටි මූල්ය ප්රධානියා ඉහළ කළමණාකාරිත්වය සමඟ වූ මත ගැටුමක් නිසා අවුල් කර දමා ගොස් තිබූ ගිණුම් අංශයේ ගැටලු ලිහා යතාවත් කිරීමය. මෙහි මූලිකත්වය මට පැවරී තිබූ අතර සහයට සිටි ඩැනීලා සරසවියේ අවසන් වසර නංගිලාය.
ඔවුන් තිදෙනා සවස 4.30 වන විට දේශන සඳහා සහභාගි වීමට ජ’පුර බලා යයි.
කෙසේ හෝ අප එම කටයුත්ත හා සම්බන්ධ වන විට එම ආයතනය වෙනත් නවීන ගොඩනැගිල්ලකට ගෙන ගොස් තිබුණි. ඒ නිසා එම ආයතනයේ අනිකුත් සේවකයින් සිටියේ බම්බලපිටියට ආසන්න නවීන ගොඩනැගිල්ලකය. ඇතිව තිබූ ගැටලු ලිහාගෙනම ගිණුම් අංශය නව ස්ථානයට ගෙන යාමට ආයතන ප්රධානින් තීරණය කර තිබුණි. ඉතින් අප සිටියේ බාන්ස් පෙදෙසේ වූ පැරණි නිවසේය. අපේ සහායට එම ආයතනයේම පුද්ගලයෙකු අප සමඟ කටයුතු කල අතර ඔහු අවුරුදු පනහකට ආසන්න පුද්ගලයෙකි. ඉදිරියට අපි ඔහුට නිමල් යැයි කියමු.
සෑම දිනකම මගේ සහයට ඩැනීලා තිදෙන සවස 4.30 ට යුනි දේශන සඳහා යන අතර මම මගේ සැමියා මා රැගෙන යාමට පැමිණෙන තුරු වැඩ කරමි. ඔහු සෑම දිනකම සවස 6, 7 අතර පැමිණේ. සහයට ඩැනීලා යන විට සියලු දොර ජනෙල් වසා ප්රධාන දොරෙහි යතුර මා අත තබයි. තවත් යතුරක් නිමල් අත තිබෙන නිසා පසුදා මා ප්රමාද වූවත් නිමල් පැමිණ දොර අරී.
එදත් සහයට ඩැනීලා දොර ජනෙල් වසා 4.30ට පිටත් විය. මම සුපුරුදු පරිදි වැඩ. සවස පහට පමය මගේ හබියා කෝල් කර පවසා සිටියේ අද ඔහු හොරණ බවත් ඔහුගේ රාජකාරිය නිම කිරීමට තරමක් වේලා ගත වන බවත් මට ඔහු එනතෙක් රැදී නොසිට ගෙදර යන ලෙසත්ය.
මම එයට එකග වූ නමුත් පරණ කුනුගොඩවල් ක්ලියර් කිරීමට මට ඇති ආසාව නිසාත්, අවසන එය මාගේ වගකීම නිසාත්, කැපවීමෙන් රාජකාරිය කිරීම මත ලැබෙන ලකුණු නිසාත් තව ටික වේලාවක් වැඩ කර ට්රැෆික් අඩු වු පසු කුලී රථයකින් හබියා නිවසට ඒමට පෙර යාමට තීරණය කළෙමි. කෙසේ වෙතත් කුමන හෝ අවශ්යතාවක් වුවහොත් යි සිතා අලුත් බිල්ඩින් එකේ සිටින ඩිරෙක්ටර් වරයෙකු සහ නිමල්ව මම මෙහි සිටින බවට මම දැනුවත් කළෙමි. ඔවුන් මහ රෑ වන තුරුම වැඩ කරන ජීවීන්ය.
මම සුපුරුදු පරිදි දැහැන් ගත වී රාජකාරියේය. එකවරම මම සිටි කාමරයේ තිබූ වොෂ් රෑම් එකේ දොර දෙසින් ‘ටක්’ ‘ටක්’ හඬක් ඇසිණි. හූනෙක් යැයි සිතූ මම ඔළුව ඔසවා බලා යළිත් මගේ වැඩ කර ගෙන ගියෙමි. ගතවූයේ තවත් සුළු මොහොතකි, ‘ර්’ ශබ්දයක් නගමින් වොෂ් රැම් දොර ඇරිණි. මම ඉක්මනින් මගේ ජංගම දුරකථනය රැගෙන මා සිටි කාමරයෙන් පිටතට පැමිණි වට පිට බැලුවෙමි. සහයට ඩැනීලා වසා ගිය පියන් තුනක් හෝ හතරක් සහිත මැද සාලය හා සම්බන්ධ දොර හායි ගා ඇර දමා ඇත. දැන් නම් පපුව ඩික් ඩික් ගා ගැහෙයි. ප්රධාන දොර වැසී ඇත. (එය අගුළු ලා ඇති බවට මා 4.40ට පමණ චෙක් කළෙමි.)
මට සිතෙන්නේම කවුරුන් හෝ ජනේලයක් ඇර හෝ ඇතුලට පැමිණ ඇති බවයි. සාලයේ දොර ඇර තිබූ නිසා ප්රධාන දොර වෙත යාමට බිය වූ මම නැවත මා සිටි කාමරයට අල්ලපු කාමරයට ගොස් දොර වසා ගැනීමට සිතුවෙමි. අවාසනාවකි. මම දොර වැසීමට තැත් කලද රාක්කයකින් අවහිරව එයද සම්පූර්ණයෙන් වැසිය නොහැකිය. දැන් නම් ඇඩුම් එයි. මම දොර වැරෙන් තද කර ගෙනම හබියාට කෝල් කර විස්තරය කියමි.” දැන් වෙලාව කීයද 8.45 , මම කිවුවනෙ පහට යන්න කියල,මම තවම හොරණ,ඔතනට එන්න පැය දෙකක් වත් යයි” ඉතිරියක් අසා නොසිට මම අලුත් ගොඩනැගිල්ලේ සිටින නිමල්ට කතා කළෙමි.
”අනේ කවුරු හරි ඇතුලට ඇවිත්, මාව බේරගන්න,මම හඬමින් ම කීවෙමි”.
” බය වෙන්න එපා අපි විනාඩි දහයෙන් ඔතන”.
මම දුරකථනය විසන්ධි කළෙමි. ටිකක් දුරින් අඩි සද්දයක් ඇසේ. මම දොර අත් දෙකෙන්ම තද කර ගතිමි. එන කෙනෙක් ඇතුලට ආ යුත්තේ මා සමග දොර තල්ලූ කිරීමට ෆයිට් කිරීමෙනි. ඇඬුම් මැදින්ම මට සිතුනි. දැන් දැන් අඩි ශබ්දය දොර ලගින් ඇසේ. එහෙත් දොර තල්ලූ කරන කෙනෙක් නැත. මම හෙමිහිට දොර තද කරගෙනම හිඩැස තුළින් පිටත බැලුවෙමි. අඩි ශබ්දය මිස කිසිවකු නොපෙනේ.
දැන් නම් විනාඩි දහයක් යන්නට ඇති. හබියා කෝල් ගනී. නිමල් x ඩිරෙක්ටර් සමග ලග එන බව කිවුවත් ඔහුද කරමින් සිටි වැඩ නවතා දමා ඒමට පිටත් ව තිබුණි.
‘අපි ට්රැෆික් එකේ පුෂ්පිකා, බය නැතුව ඉන්න.’ ඒ x ඩිරෙක්ටර්ය.
දොර ළග එහාට මෙහාට යන අඩි ශබ්දය පමණි. තවත් විනාඩි පහකින් පමණ යමෙකු පැන්ට්රිය දෙසට යන අඩි ශබ්දය ඇසේ. දැන් හැඳි ශබ්දය ඇසේ. ඔහු තේ හොරෙක්. මට සිතුනි. එහෙත් මම දොර නම් බුරැල් කලේම නැත.
දැන් පැය භාගයකට ආසන්නය. ප්රධාන දොර ඇරෙන ශබ්දය සමගින් x ඩිරෙක්ටර් මා අමතනු ඇසිණි.
මම අඬමින් ම දොර ඇරියෙමි. ඔවුන් දෙදෙනා මට ගෙදර යාමට ලෑස්ති වන්නැයි පවසා මුලු නිවසම පරීක්ෂා කලද කිසිවකු නැත.
මා නිවසට ගියෙමි. හබියා පැමිණි පසු බැනුම් කෝටියකි. හෙට සිට ඒ ඔෆිසීය තහනම්ය. පසුදා උදෑසනම චෙයාර්මන් කෝල් කර පැවසුවේ අලුත් ගොඩනැගිල්ලට එන ලෙසත් සියලුම ලිපිගොනු අලුත් ගොඩනැගිල්ලට රැගෙන ඒමට කටයුතු කරන බවත්ය.
මම තව දුරටත් අත දරුවෙක් නොවන බවත්, මෙම කාර්යයෙන් ඉවත් වුවද එය නිසි පිළිවෙළට සිදු කල යුතු බවත්, බබෙකු ලෙස හැසිරීම නොවටනා බවත් පවසා හබියා කැමති කර ගෙන චෙයාර්මන්ගේ පොරොන්දුව.මත පසුදින අලුත් ගොඩනැගිල්ලට ගියෙමි. ඒ අනුව මගේ සහයට ඩැනීලාද එහි ගෙන්වා ගතිමි.
සිදුවූ දෙය දවල් වන විට සියලු දෙනා දැන සිටින්නට ඇත. එහෙත් අප එම ආයතනයට බාහිර පාර්ශවක් නිසා ඝෘජුව ඒ ගැන ඇසවේ කිහිප දෙනෙක් පමණි. සවස් වන විට එහි සිටි එක් ඉන්ජිනේරු වරයෙකු පැවසු දෙයින් මගේ මුළු ඇගම සීතල වුණි..
මා අඩහෝරාවක් පමණ සිට ඇත්තේ හොරෙක් හෝ ස්තී දුෂකයකු සමඟ නොව වසර ගණනාවකට පමණ මිය ගොස් සිටි එම ඉපැරණි නිවසේ අයිතිකරු සමගය…
ඒ හොල්මනක් බව මට එවේලෙහි සිතුනේ නම් මෙය ලියන්නට අද මා ජීවත් නොවන බව නම් නොඅනුමානය…
 උපුටා ගැනීම:   පුෂ්පිකා නරසිංහ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!