අයිස් ( වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එයා අයිස් එකක් කමින් සිටියේ බස් හෝල්ට් එකට වෙලා බස් එක එනතුරුය.
මම පාරෙන් මෙහා පැත්තේ කඩපිළට වෙලා ඒ දෙස බලාගෙන සිටියේ නිකමට මෙන්ය. බසය පැමිණීමට පෙර අයිස් පැකටුව හමාර කළ ඇය හිස් අයිස් පැකැට්ටුව ඇයගේ හෑන්ඩ් බෑග් එක ඇතුලට ඔබා ගනු ලැබීය.
නිකමට වගේ මම මේ දෙස බලාගෙන හිටියත් එම සිදුවීම මහ අමුතු දෙයක් ලෙස මට දැනෙන්නට විය. බස් හෝල්ට් එක පිටුපස හිස් අයිස් පැකට් ඕනෑතරම් විසි කර තිබුණත් ඇය එසේ නොකිරීම පිළිබඳව මා තුළ අමුතු හැඟීමක් මොදු වන්නට විය.
තවත් විනාඩි කිහිපයකින් පැමිණි බසයට ගොඩ වුණු ඇය යන්න ගියාය.
ඇයගේ මෙම ක්රියාකලාපය නිසා ඇය පිළිබඳව මා තුළ මහ අමුතු ආදරණීය හැඟීමක් මතු වෙන්නට විය. එම නිසා ඇය වැනි ළඳකට ආදරේ කිරීමට හැකි නම් එය මොනතරම් භාග්යයක්ද යැයි මට සිතෙන්නට විය. ඒ පිළිබඳව මාගේ අදහස ඇයට දැන් විය යුතුයි යනුවෙන් තවදුරටත් සිතන්නට වූ මම සොබා සෞන්දර්ය රැක ගැනීම පිළිබඳව ඇය දක්වන දායකත්වය මහා පුණ්ය කර්මයක් ලෙසටත්. එමගින් උදාවෙන ලස්සන ලෝකය තුළ ඇය සමඟ ආදරයෙන් වෙලෙන්නට ලැබෙන්නේ නම් ලෝකය තවත් ලස්සන වෙනු ඇතැයි යනුවෙන් සිතු මම මාගේ අදහස කුඩා කවියකට කැටි කර ගැනීමට මම සමත් විය.
ඇය අප ජීවත් වෙන ගමේ ම ජීවත් වුණත් ඇය සමඟ කතා බහ කරන තරමේ ළඟ ඇසුරක් නොතිබුණද ඇයගේ නම අමා දිසානායක බව මා දැනගෙන සිටියේය.
ඉන් අනතුරුව මම ඇයගේ ෆේස්බුක් ගිණුම ඔහු වෙත ගොස් මගේ අදහස ඇයට මැසෙන්ජර් හරහා යොමු කරනු ලැබුවේය.. පුදුමය කියන්නෙ විනාඩියකක් යාමටත් පෙර ඇය මගේ කවියට පිළිතුරක් එවනු ලැබීය. ඒ මට අදහා ගැනීමටත් නොහැකි තරම් දෙයක් විය.
මෙතරම් දියුණු තාක්ෂණයක් තිබියදී අපිට මේ ලෝකය මොන තරම් ලස්සන කරන්න පුළුවන්ද යනුවෙන් සිතා මම ඇය එවා තිබුන මැසේජ් එක විවර කර බැලුවේය.
ඇය මාගේ කවියට පිළිතුරු ලෙස ඉතාමත්ම කෙටි සටහනක් ලියා එවා තිබුණි. එම කෙටි සටහන තුළ තිබුණේ තමුසෙ වැඩ කරන්නේ නගර සභාවෙන් ද යනුවෙන් ය.
..
.
….
..
.
.
ඇයට ආදරය ප්රකාශ කිරීම සඳහා කලබලයට පත් වුණු මම වාසනාවට මෙන් අදාල කවිය ඇයට යොමු කර තිබුණේ මගේ ෆේක් ගිණුමකින් ය. එම නිසා මාගේ ආත්ම ගරුත්වයට සහ චරිතයට හානියක් නොවුණා සේ සිතු එම ගිණුමෙන් ඉවත් වී මාගේ ඇත්ත ගිණුම විවර කර බලන්නට සිත් විය. එම ගිණුම විවෘත කරනවාත් සමඟම මැසේන්ජ හරහා පණිවිඩයක් අමාගේන් එයටද ලැබුනේය.
පුදුමයට පත්වූ මම එය ද විවර කර කරනු ලැබීවේය.
අමා විසින් සුපිරිම කතාවක් ඒ තුළ සටහන් කර තිබුනාය.
එහිදී ඇය විසින් මට තමුසේ කියා ආමන්ත්රණය කර තිබූ වචනයත් මාව නගර සභා සේවකයකු ලෙස දමා තිබුණු තත්ත්වයෙනුත් ඉවත් කර තිබුණු අතර ඒ වෙනුවට ඇය ලියා තිබුණේ මා විසින් කියන ලද කිසිදු බහුබූත සිතුවිල්ලක් ඒ මොහොතේ ඇයට නොසිතූ බවත් ඇය විසින් බස් හෝල්ට් එකේදී කමින් සිටි අයිස් පැකට්ටුව දෙස මලපෙරේතයකු මෙන් මම බලාගෙන සිටි නිසා ඉතිරි භාගය පසුවට කෑම සඳහා එය බෑගය තුළ දමාගත් බවක්ය.
උපුටා ගැනීම: Prasanjith Jayarathne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!