ඉගෙනගන්න දේවල් වලට කිසිම උනන්දුවක් නැත්තෙ ඇයි ?

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

 

ඉගෙනීම් කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යන්න නම් අපේ උනන්දුව උවමනාව කියන්නේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක්. සමහර ළමයි ඉන්නවා ඉගෙනීම කරගෙන යන්නේ පුදුම ආසාවකින් විභාග වැඩ වලට වුණත් වැඩ කරගෙන යන්නේ හරිම උද්යෝගයකින්.ඒ වගේම තමයි එයාලට ලැබෙන results වුණත් ඉහළින්ම තියෙනවා.ඒ වුනාට බහුතරයක් ළමයින්ට නම් ඉගෙනීම කියන්නේ වහ කදුරු වගේ දෙයක්.විභාගයක් තියෙන කාලයකට ඔලුව කැක්කුම ඉඳන් හැම ලෙඩක්ම හැදෙනවා.කොච්චර වැදගත් විභාගයක් ලං වුනත් පොතක් අතින් අල්ලන්න හිතෙන්නෙ නැහැ. ඉගෙනීමක් ඉතාමත් ඉහළින් හොඳින් කරගෙන යාමට නම් උනන්දුව අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක්.ඉතින් ගොඩක් අයට ඉගෙනගන්න කිසිම ආසාවක් හිතෙන්නේ නැත්තේ ඇයි කියලා අද කතා කරමු.

 

  • ආස නැති විෂයන් නිසා.

 

හොඳට හිතෙන බලන්න ඔයා ඉස්කෝලෙ යන තිබුණු ඔයා ආසම විෂයක් ඉගෙන ගන්න ඔයා කොයි තරම් උනන්දුවකින් හිටියද කියලා.එහෙමත් නැත්නම් හිතලා බලන්න දැනට වුණත් ඔයාට ඉතාමත් ආසා කරන විෂයක් ඉගෙන ගන්න ඇතිවෙන උනන්දුව ගැන. සමහර ළමයින්ට තමන් ආස කරන විෂය විෂයන් නොකා නොබී වුණත් ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න පුළුවන්.ලෝක ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවා  දියුණු වෙන්න ඕන නම් තමන් ආස දෙයක් කරන්න එහෙමත් නැත්නම් තමන් කරන දේට ආසා වෙන්න කියලා.ඒක නිසා හැම දේටම කලින් ඔයාගෙ විෂයන් වලට ගොඩක් ආස වෙන්න ඕන.සමහර විෂයයන් වල තියෙන සංකීර්ණ බව නිසා අකමැති වුණත් ටික කාලයක් කැප වීමෙන් කැපවීමෙන් වැඩ කරගෙන ගියොත් සංකීර්ණ දේවල් ඔයාට පුලුවන් වෙන්න පටන් ගන්නකොට ඒ විෂය තරම් ආස කරන විෂයක් ඔයාට තවත් නැති වෙයි.

ඉගෙන ගන්න තියෙන කරුණු ප්‍රමාණය වැඩි නිසා.
ඉගෙන ගන්න තියෙන කරුණු ප්‍රමාණය වැඩි නිසා.
  • ඉගෙන ගන්න තියෙන කරුණු ප්‍රමාණය වැඩි නිසා.

 

පහසු හෝ සංකීර්ණ ඕනම විෂයක කරුණු ප්‍රමාණය වැඩි වෙනකොට අපිට ඒ ගැන තියෙන කැමැත්ත අඩුවෙලා යනවා ඒ වගේම තමයි විභාගයකට මේ තරම් විෂය නිර්දේශයක් සිදු කරන්නේ කොහොමද කියන ආතතිය ඇති වෙනවා.එතකොට ඉගෙනීමට තියෙන උනන්දුව ඉබේටම හීන වෙලා යනවා. මේ ප්‍රශ්නයට කරන්න තියෙන හොඳම විසඳුම තමයි විෂයන් සාරාංශ කර ගැනීම.තවත් විදියකින් කිව්වොත් ෂෝට් නෝට් එක කර ගැනීම.වැල් වටාරම් වගේ කරුණු ගොඩාක් තියෙන විෂයක් සාරාංශ කරගන්න මේ ක්‍රමවේදයන් පිළිපදින්න.

  • යම්කිසි විෂයක තියන පාඩම් ලැයිස්තුව අරගන්න.
  • දැන් ඔයා තරමක් දුරට දන්න කියන දේවල්,ඔයාට තරමක් පහසු දේවල් වෙන්කර ගන්න.
  • දැන් ඔයාට තරමක් අපහසු නො තේරෙන අනු කොටස් මොනවද කියලා නෝට් කරගන්න.

 

මේ විදියට බෙදාගෙන වෙන් කර ගත්තම විභාගයකට ලං වුණාම ඔයාට කරන්න තියෙන්නේ පහසු ඔයා දන්න කියන දේවල් ටික තවත් හොඳින් ධාරණය කරගෙන අපහසු නොතේරෙන තැන් දන්න කියන  කෙනෙක්ගෙන් අහගන්න එක.එතකොට ඔයාටම අවබෝධ වෙන්න පටන් ගන්නවා ඔයාට වැඩ කරන්න තියෙන්නේ තව චුට්ටක් විතරයි කියලා.

 

  • හිතට දැනෙන අරමුණක් තියාගන්න.

ඉගෙනගන්න හොද පරිසරයක් නැතිනිසා.
ඉගෙනගන්න හොද පරිසරයක් නැතිනිසා.

සාමාන්‍යයෙන් කෙනෙක්ට ඉගෙනීමට උනන්දුවක් ඇතිවෙන්න හොද අභිප්‍රේරණයක් ,අරමුණක් තියාගන්න එක වැදගත්.ඒත් මේ අරමුණ සැබෑවටම තමන්ගෙ හිතට හොද උනන්දුවක්, උද්‍යෝගයක් වෙන එකක් වෙන්න ඕන. එහෙම නැතිව තමන්ව තවත් ආතතියට ලක්කරන අරමුණක් තියාගත්ත සිදුවෙන්නේ තව තවත් ඔයාව ඉගෙනීම සිදු කරන එකෙන් ඈත් කරන එක.උදාහරණයක් විදියට මම island first වෙනවා, මම batchtop වෙනවා වගේ ඉහළම අරමුණු ගොඩක් අය තියාගෙන ඉන්නවා.එහෙම අරමුණු තියන එක කිසිම වරදක් නැහැ නමුත් තමන්ගේ හිතට වදින විදියට මේ අරමුණ සකස් කරගන්න ඕන.උදාහරණයක් විදියට මම හැම විෂයකටම පුළුවන් උපරිම ලකුණු මට්ටමකට යනවා මගේ තාත්වික අරමුණක් හදාගෙන හිටපුවම තමන්ට වැඩ කරන්නත් හිතෙනවා.

 

  • ඉගෙනගන්න හොද පරිසරයක් නැතිනිසා.

 

ඉගෙනීමක් හොදින් සිදුකරන්න හොද මානසිකත්වයකුත් තියෙන්න ඕන කියලා ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඉගෙනගන්න, පාඩම් කරන්න,පේපර්ස් කරන්න හොද මානසිකත්වයක් තියෙන්න නම් ඊට සුදුසු පරිසරයක් තියෙන්න ඕන.

 

  • තමන්ට හොදටම වැඩ කරන්න පුලුවන් වෙලාව මොකක්ද කියලා හොයාගන්න.
  • සාමාන්‍යයෙන් වෙන අය පැය ගනන් පාඩම් කරනවා කියලා තමනුත් එහෙම කරන්න යන්නෙ නැතිව තමන්ට දරාගන්න පුලුවන් කාලය තුල වැඩකරන්න.සාමාන්‍යයෙන් විනාඩි 45කට වතාවක් විවේකයක් අරගෙන වැඩකරන්න.
  • ඊලගට සද්ද අඩු නිස්කලංක පරිසරයක් තෝරගෙන තමන්ට සුදුසුම වෙලාවේ වැඩ ටික කරන්න ඕන.

 

ඉතින් මේ කියලා තියන සරල කරුණු ටික හරියට කලොත් ඔයාට ඉගෙනීම හරිම ආසාවෙන් ඵලදායී විදියට කරගෙන යන්න පුලුවන් වෙනවා.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!