ඉන්දිරා (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” මොකද වුනේ “. කියල නාහම බැරි වුනා. ඉන්දිරා ඔහේ පෑත්තක් බලාන හිටියා. කොණ්ඩෙ තෙත රෙද්දක් පටලවගෙන හිටියෙ නාල වෙන්න ඇති. ඉන්දිරාට තිබ්බෙ කැරලි ගැහිච්ච දිගම දිග කොන්ඩයක්. මම කී සැරයක් හිතුවද මන්ද එහෙම කොන්ඩයක් මටත් තිබ්බ නම් කියල.
ඉන්දිරා නෝ කතා නෝ සිනා. ගවුම් අතෙන් යන්තමට නහයත් පිස්සා. ඇගිලි අග්ගිස්සෙන් ඇහැත් පිස්සා. මේකි අඩනවද..
සම්පත් ආව නේද..උඹ රංඩු වුනාද…කොයි දැන් ඌ..කොහෙද ගියේ..යකො සතියකට සැරයක් ගෙදර එන මිනිහ නේද..
හිතට ආව දේවල් එක එක සැරේට මගෙ කටින් එලියට පැන්නට ඉන්දිරා හිටියෙ ඒව එකක්වත් නෑහුණ ගාණට. ඉන්දිරා ගෙ කට ටිකක් සැරයි. ඒ කටින් මොනව කිව්වත් සම්පත් ඒවා නෑහුන ගාණට ඉන්නවා කියල පවුලෙ උන්ටයි නෑදෑ අසල්වාසින්ටයි රහසක් නෙමෙයි.
වක්කඩෙ කැඩුව වගේ කියවන්න එපා ඉන්දි.
ගෑණියෙකුට හරි කැතයි බන් ඒක.
සම්පත් ඉදහිටල ඉන්දිරාට කියන්නෙ ඉවසගෙනම ඉන්න බැරි තැන කියල ඒ ඔක්කොමත් දන්නවා. ඔක්කොටම එහා හිතල බලල වැඩ කරන පුරුද්දක ඉන්දිරාට තිබුණෙම නෑ.
ඔයා ඉතිං මොනවහරි කෙරුවොත් එතන මට පුරවන්නත් හිස් තැනක් තියලමනෙ කරන්නෙ.
සම්පත්ගෙ කටින් පනින ඔය වචන ටිකත් ඉන්දිරාගෙ කන ලග නවතින්නේ අද ඊයෙක ඉදලනම් නෙවෙයි . ඒ වුනාට සම්පත් ඉන්දිරාටත් ඉන්දිරා සම්පත් ටත් ලෙංගතුව කසාද ජීවිතේ නම් ගෙනිච්චා.
” සම්පත් වත්සලා ගැන කිව්ව. “
මම හැරුණෙ යන්න. එතකොට ඉන්දිරාගෙ කට ඇරුණ.
” දවස් දෙක තුනක්ම වත්සලා දැක්කලු. වත්සලා ලස්සන වෙලාය. වැඩියෙන්ම ලස්සන රැලිත් නැති ඒත් ටිකක් රැලි විදිහට තියෙන ටිකක් කොට කොන්ඩෙය කිව්ව. ඒක අහල මට මහ නොසන්සුන් කමක් දැනුන . ඔය ඔළුවෙ කාක් කූඩු හදයි කියල මට හැම වෙලේම විහිලු කරන සම්පත් වත්සලාගෙ කොන්ඩෙ ගැන එහෙම වර්ණනා කරනකොට මට හිතුනෙ සම්පත් කෑමති ඇත්තෙ එහෙම කොන්ඩෙකට කියල. මට ඒක කියන්නෙ නැත්තෙ මගෙ හිත රිදෙයි කියලා වෙන්නැති කියලයි මට හිතුනෙ. ඊටත් වඩා ආයෙම වත්සලා පැත්තට හිත ඇදුනොත් කියල බයත් හිතුන
වත්සලා කියන්නේ සම්පත් ටික කාලයක් යාළුවෙලා හිටපු ගෑණු ළමයා කියලා ඉන්දිරා දැනන් හිටියා.
මට මගෙ කොන්ඩෙ ගැන තරහක් හිතුන. මටත් රැලි නැති කොණ්ඩය ක් තිබ්බනම් කොච්චර හොඳද කියල හිතුන. ඒක හින්දා මම ඊයෙ ගිහින් කොන්ඩෙ කොට කරල රැලි ඇරගෙන ආව.සම්පත් හැන්දෑවෙ එනකොට මම හිටියෙ එහෙම.
අදහගන්න බෑ වගේ සම්පත් මගෙ දිහා බලාගෙන හිටියෙ. ඇස් දෙකට කදුලුත් පිරුණ .
ලස්සනයි ඉන්දි කියනවා මගෙ කනට ඇහෙනවා වගේ දැනුණා. ඒත් එහෙම වුනේ නෑ. සම්පත් ඒ කියපු වචන ටික මට මීට ඉස්සර කවදාවත් කියල නෑ
ඒ සැරේ නමි ඔයා තියල තියෙන ඔය හිස්තැන ඔයාටම තමයි පුරවගන්න වෙන්නෙ ඉන්දිරා.
නොකීව්වට මම ඔයාට තිබ්බ දිග කොන්ඩෙට හරිම ආසාවෙන් හිටියෙ. ඔයා කොච්චර කීයෙව්වත් මොනවා කෙරුවත් මට තරහ ගියෙ නැත්තෙත් ඒකයි. කොන්ඩෙ දිගට දිගේ ගොතල දාල ඉන්නකොට ඒ ලස්සන කොන්ඩෙ හිමීට එහාට මෙහාට හොලවා ගේ ඇතු ලෙ එහාට මෙහාට යනකොට මට පෙනුනේ ඔයා හරිම සන්සුන් කෙනෙක් විදිහට. ඒ පෙනුම තමයි හැමදාම ඔයා කියවන කියවිල්ලටයි වැඩවලටයි මගෙ හිතේ ඇතිවෙච්ච හැම අමනාප කමක්ම මකල දැම්මෙ ඉන්දිරා.
ඉන්දිරාට අහන්න තිබ්බ වචන දෙක තුනත් සම්පත්ට කියන්න තිබ්බ වචන දෙක තුනත් මගෑරුණ එක කොච්චර අපරාදයක්ද කියල විතරක් මට හිතුණා.
උපුටා ගැනීම: Priyanka Nanayakkara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!