මේ චිත්රය අයිති ඉතිහාසයෙන් මකා දැමුණු අප්රසිද්ධ චිත්ර ශිල්පියෙකුට.වයස අවුරුදු 18දී වියානාහි චිත්ර ඇකඩමියට ඇතුළු වීම සඳහා ඔහු විසින් අඳින ලද චිත්රයට ලැබුණු ළකුණු සංඛ්යාව ප්රමාණවත් වුණේ නැහැ. ඔහුට චිත්ර ඇකඩමියට ඇතුළු වීම මග හැරුණේ එක් ළකුණකින්.දෙවෙනි වතාවටත් ඔහු චිත්ර පාසැලට ඇතුළු වීමට උත්සාහ කළත් එවර ද අසාර්ථක වුණා.
නමුත් මේ එක ළකුණක වෙනස ලෝකයට සිදුකළ විනාශය සුළුපටු නැහැ.මේ චිත්ර ශිල්පියාගේ නම ඇඩොල්ෆ් හිට්ලර්. විසිවන සියවසේ ලොව බිහිවූ බිහිසුණු ඒකාධිපතියා වෙනුවට සංවේදී කලාකරුවකු බිහිවීමට තිබූ ඉඩකඩ ඇහිරුණේ එහෙමයි.
තම පියාගේ මරණයෙන් පසු පිළිකා රෝගයෙන් පෙළුණු මව ජීවත් කරවීමේ වගකීම හිට්ලර් මත පැටවුණා.ඔහු තම මවට අසීමිත ලෙස ආදරය කළා.රැකියාවක් සොයා ගෙන වියානා නගරයට යෑමට හිට්ලර් තීරණය කළා.
වියානා නගරයට පැමිණි තරුණ හිට්ලර්ට උවමනා වුණේ තමා කුඩා කළ දුටු චිත්ර ශිල්පියෙක් වීමේ සිහිනය සැබෑ කර ගැනීමටයි.ජීවත් වීමට තරම් ආදායමක් නොලැබුණු හෙයින් මුල් කාලයේ ඔහු නගරයේ අගුපිල්වල පවා රාත්රිය ගතකළා.පසුව ඔහු තෙල් හා දිය සායම් චිත්ර ඇඳීමෙන් යම් ආදායමක් උපයා ගත් බව හිට්ලර් තම මයින් කාම්ෆ් කෘතියේ සඳහන් කරනවා.