ජිවිතේ උන පජාතිම වැඩේ ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජිවිතේ උන පජාතිම වැඩේ ගැන ලියන්න හිතුනා හැමෝම ලියන එකේ … 😪😪
නගරේ ඉස්කෝලෙන් අයින් වෙලා ගමේ ඉස්කෝලේට ආවේ ජනවාරි මාසේ. ඒ ඉතින් ස්පෝට් මීට් කාලෙනේ. පන්ති වලට ඇවිත් නිවාස වලින් ළමයින්ව හොයනවා තරඟ වලට මමත් ඉතින් හෙන ගැම්මෙන් හිටියා. අක්කලා ටිකකුයි අයියලා ටිකකුයි එනවා දැන් හෙන ලයින් එකේ.
අලුතෙන් ආපූ ළමයා නේද මේ මමත් ඉතින් හතරට පහට නැමිලා තියෙන ගැම්මත් බල්ලාට දාලා ඔව් අයියේ අක්කේ කිව්වා. ආඅ පරණ ස්කෝලේදි තරඟ වලට එහෙම ගිහින් තියෙනවාද කියලා අහනකොටම මමත් හෙන චන්ඩියා වගේ ඔව් ස්පෝට් කරලා තියෙනවා වොලිබෝල්,නෙට්බෝල් දුවන තරඟ හැබැයි කියලා දුවපු හැම එකකින්ම අන්තිමයා කියන්න කලින්ම, මේ ඉන්නේ එහෙනම් සුපිරි වැඩ්ඩෙක් දුවන තරඟ වලට නම දැම්මා හෙට එද්දි ඇඳුම් අරන් එන්න වතුර උරාගන්නේ නැති ඇඳුමක් අරන් එන්න කියලා වචනයක්වත් කියන්න නොදි සෙට් එක යනවා.
ටික වේලාවකින් හෙන කස කුසුව අලුතෙන් ආපු ළමයාත් දුවන තරඟ වලට නම දාලා. ඒයා හෙන ලොකු ස්කෝලෙකින් ඇවිත් තියෙන්නේ මේ සැරේ නම් අපිට ඒ තරඟේ දිනන්න බැරිවෙයි සෙට් එක හෙනටම බයවෙලා මමනේ දන්නේ මගේ දිවිල්ල දාඩිය හෝ ගාලා වැටෙනවා මුන් මං ගැන තියන් ඉන්න විස්වාසෙටයි ගැම්මටයි.රෙදි ඇඳන් දැන් බෑ කියලා කියන්නද බෑනේ බෑනේ.
ස්කෝලේ ඇරිලා ගෙදරට සැපත් වෙලා අම්මේ හෙට දුවන තරඟයක් සපෝට් එකට අයියයි අයියගේ යාලුවො ටිකකුයි ඔනී.සිල්ක් වගේ ඇඳුමකුත් ඔනී වතුර උරාගන්නේ නැති කියලා හොඳට කොල්ලු ටිකකුත් කාලා නිදාගන්න ලැහැස්ති ය මොකද හෙට දුවන්න ශක්තියකුත් එපැ.
ඔනී නම් පැයක් නිදාගන්න ඇති අම්මා කුද්දනවා දමාගෙන මේ මේ ඇඳුමක් හතරවටේම හෙව්වා හොයාගන්න නෑ උඩහා ආර්මි එකේ වැඩ කරන කොල්ලෙක්ගේ ටී ශර්ට් එකක් දුන්නා ඒ ළමයා දුවනකොට ඇන්ඳේ ඒක කියලා ඇඳලා බලන්න හරි යනවද කියලා. මටත් ඉතින් වෙන මොනාද හෙන හැපියි අයියෝ බලන්න දෙයක් නෑ ඕක හරි යයි ආයිමත් හැරිලා මම නිදී.
වෙනදාට පරක්කු වෙලා ඇහැරෙන මම කලින්ම නැගිටලා සිද්ඬාලේප එකකුයි,රිදී මාලයකුයි,රෙඩ් බුල් එකකුයි අරන් ඉස්කෝලේට සැපත් වුනා.මොනා උනත් දෙන්නෙක් හිටියා ඔනී මඟුලකට සපෝට් කරන.උන් දෙන්නා මාව වට කරගෙන හෙන සාත්තුව ඒ දිනපන් හොදේ කියලා. මම කිව්වා හරි බං පුලුවන් දෙයක් කරමු කියලා. මම අහලා තිබ්බා කකුල්වල සිද්ඬාලේප ගාගෙන දුවනකොට කකුල් රිදෙන්නේ නෑ කියලා.තව රෙඩ් බුල් බිව්වාහම කුලප්පු වෙලා වගේ දුවන්න පුලුවන් අනිත් එක රිදී කැල්ලක් කටේ දාගෙන දුවනකොට වතුර තිබහා එන්නේ නෑ කියලා.
අමතක වුනානේ දුවන්න ශක්තිය එන්න කියලා අම්මා රෑට කන්න දුන්නේත් කොල්ලු තම්බලා පොල් එක්කනේ එතකොට අශ්වගාය හැදෙනවා දුවන්න පුලුවන් කියලා. මායි යාළුවෝ දෙන්නයි රෙඩ් බුල් එකත් බිලා තරඟය පටන් ගන්න තැන.
කියන්න සන්තෝශයි බෑග් එකේ තිබ්බ ටී ශර්ට් එක මම වගේ දෙකක් ඒ මදිවට කොට කලිසමටත් වඩා දිගයි.කමක් නෑ කියලා හිත හයිය කරගත්තා මම වෙනස් කෙනෙක් කියලා අඬන්න බැරි නිසා.
දැන් කට්ටිය දුවන්න ලැහැස්තිය අයියා ඉස්සරහට වෙලා රවාගෙන ඉන්නවා මමත් ශේප් එකේ මොකෝ සීන් එක කියලා අහද්දීම මොකක්ද ඔය ගෙනත් තියෙන ටී ශර්ට් ඒක කියලා අහපි එයා. ඇයි අම්මා බෑග් එකට දාන්නම් කිව්වේ බෑග් එකේ තිබ්බේ මේක. අනේ ගොනෝ ඇහුනේ නැද්ද ඊයේ කිව්වා බෑග් එකට මමත් ටී ශර්ට් එකක් දැම්මා ඒක අයින් කරලා අනිත් එක දාගන්න කිව්ව ඒක. හුටා එහෙම එකක් කිව්වාද අපිට ඇහුනේ නෑ අම්මාටත් අමතක වුනාද දන්නේ නෑ ඒක දාන්න.
දැන් මොනවා කරන්නද දුවනවා ඉතින් මම යාළුවෝ ටිකත් එක්ක එන්නම් මෙලෝ සිහියක් නෑ කිය කියා අයියා බැන බැන යනවා බාල්දිත් අරන්. අපි ඕවාට සැලෙනවද නෑනේ. සිඳ්ඩාලේපත් කකුල්වල ගාගෙන දුවන්න ලැහැස්ති ය.
තරඟට පටන් ගත්තා විතරයි නිකම් හුළං පාරවල් වගේ එකා එකා ඉස්සර කරගෙන යනවා.අයියා පිටිපස්සෙන් හෙන සපෝට් එක තමුසේ පොඩ්ඩක්වත් බයවෙන්න එපා හෙමින් යනවා.ඕකුන් ඉස්සෙල්ලාම දුවලා මඟ වැටිලා ඉන්නවා ඉතුරු ටික දුවාගන්න බැරුව.අපි හිමිහිට ගිහින් ලං වෙද්දි අද්දමු දිනන්නම
ටිකක් යද්දී බෑම කියලා හිතෙනවා විසි පහක් දිව්වා දැන් මම පහළොව වගේ. ඇඳුමයි දිවයි දෙකම බිම ගැවෙනවා දිව නිකම් ටයි එක වගේ.ඇඳුමක් නෙවෙයි ඒක වෙන මොකාක් හරිද කොහේ වතුර උරාගෙන ඒකත් බිම ගැවෙනවා ඒ මදිවට අයියා ඕය හැට්ටය මිරිකහන් වතුර ටික වැටෙන්න නැත්නම් ඒකේ බරත් එක්ක දුවාගන්න බෑ කියලා හෙන සප් එක පිටිපස්සෙන්.එකාගේ කතාවේ විදියට හැට්ටයත් මිරිකගෙන දුවනවා මම.ඒ මදිවට මඟදි ඇන්ටි කෙනෙක් වතුර එකත් එක්ක බේසමත් ගැහුවා දුවනවා මදිවට ගුටිත් කාපන්කෝ.යාලුවෙක්ගේ අම්මෙක් නිසා ඉවසුවා.
ටිකක් යද්දි ඉන්නවා එකෙක් කාණු පල්ලක අයියා පිටිපස්සේ ඉඳන් විස්තරේ ඒ ළමයාට කලන්තේ හැදිලා වැටිලා උඹ දුවහන් මිස්ලා බලයි ඒ ළමයාව කියලා.ටිකක් වෙලා යද්දී වතුර තිබහයි දැන්නේ මතක් වුනේ කියලා දාගෙන හිටිය මාලේ රිදි ගිටාර් එක අරන් ඔබාගත්තා කටේ ටික දුරක් යද්දි හුස්ම ගන්න බෑ ගිටාර් එකේ උඩ පැත්ත හිරවෙලා උගුරේ හති අරින්න ගිහින්. අයියා මොකක්ද යකෝ කටේ දාගත්තේ ඕවා බොරු කතා කියලා ගහලා ගහලා මාලේ කොහොමහරි කටෙන් ගත්තා.කකුල් දෙකට අත් දෙක තියාගෙන නැමිලා හති ඇරලා නැගිටලා මුණේ දාඩිය ටික පිහදැම්මා හරිම සනීපයි කකුල්වල ගාපු සිද්ඬාලේප ටික ඇස්වල ඇස් දනවා. අයියා බලනවා එකපාරටම මම ඇස් ගහන්නේ මොකද කියලා.
ඒකා එකා මාව පාස් කරගෙන යනවා අයියාත් හෙන සපෝට් එක දැන් නම් බෑ ඕයි කියලා මම නවතින්නමයි ලැහැස්තිය. අයියා කෑගහනවා පිස්සු කෙලින්න එපා දුවහන් කියලා. ටිකකින් ලොරියක් ඇවිත් පුතේ ඔයාට අමාරුයි නේද නඟින්න පරාද වුනාට කමක් නෑ කියලා.තුන් දෙනෙක් මේකේ මඟ වැටිලා ඉඳන් එක්කන් යන්නේ කියලා.
අනේ හා කියන්න නවත්තන්න හදනකොටම පිස්සුද යකෝ මෙච්චර දුවපු එකේ තව ටිකයි ඇවිදගෙන හරි යමන් නැත්නම් මගෙත් රෙදි නෑ කියලා අයියා සප් එක.ලොරියටත් චෙරියෝ කියලා ආයිමත් දුවනවා කවුරුවත් ම පෙන්න නෑ මට හෙන සතුටුයි මම තමයි එක කියලා හෙන ගැම්මෙන් දුවනවා. ටිකක් පිටිපස්ස බැලුවා පව් කට්ටිය බැරි බැරි ගානේ එනවා ඇති කියලා. කවුරුවත් නෑ අයියා විතරයි. ටිකකින් යකො පිටිපස්ස බලන්න එපා පිටිපස්සේ මොකෙක්වත් නෑ උඹ තමා අන්තිම කියලා අයියගෙන් හැරෙන තෑපැලෙන් උත්තර. රෙදි ඉල්ලෙයි තමයි මගෙත් සතුටට ගෙදර හැරිලා දුවන්න තරම්.
යන්තම් දිනුම් රේඛාව පෙනකොටම ගෙම්බා පොළොවේ ගැහුවා වගේ බිම හරි යන්තම් ඉවර කලා කියලා හිතනකොටම තව අඟලක් විතර ඉස්සරහට ගිහින් ඒ ඉර. හැමෝම දුවගෙන එනවා ඇහෙනවා ළමයාට හොඳටම අමාරුයි ඉස්පිරිතාලෙට අරන් යං කියලා.මොන විලි ලැජ්ජාවක්ද මෙච්චර දුවපු එකේ ඉර අල්ලන්නේ නැතුව බෑනේ කියලා බඩගාගෙන පාන්පිටි කාගෙන ඉර ගාවට ගියා යාළුවනේ. ඔන්න ඕකයි උනේ.ආ පැය භාගේකට විතර පස්සේ දිනුම් කණුවට වාර්තා කරලා තිබ්බා.
ගෙදර ආවහම වැඩිය මොකුත් නෑ අයියා කිව්වේ වැටුනා නම් උඹ ඒ විදියට ඉන්න ඕන මොකටද බඩගාන්න ගියේ කියලා. පහුවෙනිදා මට නෙවෙයි වගේ ස්කෝලේ ගිහින් සතුටෙන් සාමයෙන් හිටියා කොහොම වුනත් මම විසි එක උනා තුන්දෙනෙකුයි එකෙකුයි කාණු පල්ලක හිට්ට නිසා.
උපුටා ගැනීම: Noshani Nuwangika

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!