ජෝන්ගේ රේන්බෝ කේක් (කටට රසට අහාර රටා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගොඩාක් ඉස්සර ප්රංශ ජාතික තරුණියක් හිටියලු ජෝන් කියලා. ඇය සොල්දාදුවෙක්ට පිස්සුවෙන් වගේ ආදරය කලාලු. ඒත් අවාසනාවකට වගේ මේ සොල්දාදුවා දෙවැනි ලෝක යුද්ධය (1939-1945) වෙනුවෙන් සටන් වදින්න බොහෝ ඈතකට ගිහින් හිටියේ.
කොහොම හරි දවසක් මේ සොල්දාදුවා ජෝන්ට දැනුම් දුන්නලු තමා අහවල් දවසේ ඇයව බලන්න එනවා කියලා. මේ පණිවුඩය අහලා විශ්මයට පත්වුණු ජෝන් රසම රස ස්ට්රෝබෙරි කේක් එකක් එහෙම හදාගෙන එයාගේ සොල්දාදු පෙම්වතා එන කම් බලන් හිටියලු. අවාසනාවක මහත. මොකක් හරි හේතුවක් නිසා එදා පෙම්වතා ජෝන් ව බලන්න ආවේ නැහැ.
ටිකක් විතර දුකට පත්වුණු ජෝන්, දෙවැනි දවසේ “පිස්ටා” කේක් එකක් (කජුවලට සමාන පිෂ්ටාෂියෝ කියන ගෙඩි වර්ගයක් දාලා හදන කේක් එකක්) හදලා තම පෙම්වතා අදවත් එයි කියලා බලන් හිටියලු. ඒත් සොල්දාදු පෙම්වතා එදත් ඇයව බලන්න ආවේ නැහැ. සොල්ලාදුවෙක්ගේ ජීවිතේ ඉතින් එහෙම තමයි.
එදත් පෙම්වතා ආපු නැති නිසා ස්ට්රෝබෙරි සහ පිස්ටා කේක් දෙක ක්රීම් ගාලා එකට අලවලා සොල්දාදු පෙම්වතා එනකම් බලන් හිටියලු.
තුන් වැනි දවස උදාවුණා. ඇය එදා දොඩම් කේක් එකක් හදලා කොයි වෙලාවක හරි සොල්දාදු පෙම්වතා එයි කියලා බොහෝම උනන්දුවෙන් බලන් හිටියා. ඒත් දවස පුරාම බලන් හිටියත් පෙම්වතා ජෝන්ව බලන්න ආවේ නැහැ.
ගොඩාක් දුකට පත්වෙච්චි ජෝන් එදා රෑ නින්දට ගියේ වේදනාවෙන් බරවූ හදවතක් එක්ක.
ඊළඟ දවසේ උදේ සොල්දාදු පෙම්වතා ජෝන්ගේ ගෙදර දොරකඩ පෙනී හිටියේ ඇයව පුදුම කරන්න රසම රස චොක්ලට් ගොඩකුත් එක්ක.
පෙම්වතාව දැකපු ගමන් ගොඩාක් සතුටු වුණු ජෝන් එයා හදපු කේක් තුනම එකට එකතු කළා. ඊට පස්සේ පෙම්වතා ගෙනාපු චොක්ලට් උණු කරලා ඒ චොක්ලට් දියර කේක් එකට උඩට වැක්කෙරුවා. පස්සේ දෙන්නා බොහෝ සතුටින් සහ ආදරෙන් ඒ කේක් එකේ රස බැලුවා.
ඔය අපි රස බලන ලේයර් කීපයක් තියෙන කේක් එකේ ආරම්භ සිද්ධ වුණු විදිහ තමයි ඒක. මේ කේක් එකට කියන්නේ ජෝන්ගේ රේන්බෝ කේක් (Joan’s Rainbow Cake) කියලා. ඒත් ඔරිජිනල් Rainbow Cake කේක් එකක් ලංකාවෙන් ගන්න පුලුවන්කම තියෙනවද කියලා මම හරියට දන්නේ නැහැ. ලේයර් කේක් රහ බලලා තිබ්බත් නියම විදිහට හදපු Rainbow Cake කේක් කෑල්ලක් මම තාම කාලා නැහැ.
මේ කතාව මම දැනගත්තේ පහුගිය දවසක දෙරණ චැනල් එකේ ගියපු Un Samayal Arayil කියන දෙමළ ෆිල්ම් එකෙන්. ප්රකාශ් රාජ් සහ ස්නේහා තමයි ප්රධාන චරිතවලට ඉන්නේ. බලලා නැත්නම් හොයාගෙන බලන්න. කසාද බඳින වයස ඉක්මවලා ගිහිල්ලත් කසාද නොබැඳ ඉන්න දෙන්නෙක් අතර ඇති වෙන සරළ ආදර කතාවක් තමයි ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ. Joan’s Rainbow Cake වගේම Un Samayal Arayil ෆිල්ම් එකත් ගොඩාක් රසවත්.
– අනිල් කරුණාරත්න –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!