ජින් පියාජේ හා ප්‍රජානන සංවර්ධන න්‍යාය (විද්යා හා තාක්ෂණ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
 ස්විස් ජාතිකයෙකු වූ ජින් පියාජේ සිය දරුවන් වූ ජැසලින්, ලුසියව් සහ ලොරේන්වේ යන දරැවන් උපන් මොහොතේ සිට නව යෞවනයට පැමිණීම තෙක් කාලය ම සිය දරුවන් ඇසුරෙන් පර්යේෂණයට ලක් කරමින් බුද්ධි වර්ධනය පිළිබඳ වූ මෙම ප්රජානන සංවර්ධන න්යාය ඉදිරිපත් කරන ලදී.

 මෙම න්යාය එතෙක් පැවැති ඉගෙනුම් න්යායන් නව මං පෙතකට හැරවීමක් ලෙස දැක්විය හැකිය.

 ජින් පියාජේ විසින් එක් එක් අවධි තුළ විවිධ බුද්ධිමය දක්ෂතා ඇතුලත් කරමින්, බුද්ධි සංවර්ධන අවධි කිහිපයක් හඳුන්වා දී ඇත.

1) ඉන්ද්රිය චාලක අවධිය
( උපතේ සිට අවුරුදු 2 දක්වා)

2) පූර්ව ක්රියාකාරී චින්තන අවධිය
(අවුරුදු 2 -7 දක්වා)

3) සංයුක්ත චින්තන අවධිය
( අවුරුදු 7 – 11 දක්වා)

4) වියුක්ත චින්තන අවධිය
(අවුරුදු 11 න් පසු)

 සෑම පුද්ගලයෙක්ම මෙම අවධි හතර අනුපිළිවෙලට පසු කරන බව පියාජේ දක්වයි.

1) ඉන්ද්රිය චාලක අවධිය
( උපතේ සිට අවුරුදු 2 දක්වා)

 සිතීම ආරම්භ වන මුල් අවධිය වන අතර මමත්වය ගොඩනගා ගැනීමේ ආරම්භක අවධිය ද මෙය බව පියාජේ දක්වයි.

 දරුවාගේ පෞරුෂ වර්ධනයට බලපාන ආදරය, ආරක්ෂාව, අවධානය වැනි උත්තේජක නිසි පරිදි ලබා දිය යුතු අවධියයි.

2) පූර්ව ක්රියාකාරී චින්තන අවධිය
(අවුරුදු 2 -7 දක්වා)

 පියාජේට අනුව මෙම අවධියේ විශේෂ ලක්ෂණ ,

– ප්රජානන ශක්තීන් සංවර්ධනය වන අවධිය යි.
– පුද්ගලයා හා සමාජය ගැන අත්දැකීම් මගින් ඉගෙන ගන්නා කාලයයි.
– දරුවා ඒකමාන චින්තනයට උරුමකම් කියයි.
– චින්තනය නොදියුණු බැවින් යථා ස්වභාවය ගැන ව්යාකූල හැඟීමක් පවතී.
– දරුවන් තුළ ප්රත්යාවර්ථන හැකියා නොමැත.

පියාජේට අනුව ගුරු භූමිකාව සකස් විය යුතු ආකාරය,

– දරුවාගේ දෙවැනි මවක හෝ පියකු සේ දයාව, කරුණාව සහිත ගුරු භූමිකාවක් සංවිධානය කළ යුතුය.
– පන්ති කාමර අලංකරනය හා උත්තේජක සැපයීම.
– වචනයෙන් පමණක් විස්තර නොකර නිවැරදි ශ්රව්ය , දෘශ්ය ⁣ඉගෙනුම් ආධාරක භාවිතා කිරීම.
– ගණිතමය සංකල්ප ද්රව්ය සමඟ ක්රියා කරමින් ගොඩනැගීම.
– ප්රායෝගික ක්රියාකාරකම් තුළින් ඉගෙනුම් ක්රියාවලිය සැලසුම් කිරීම.
– සිසුන් වෙත ලබාදෙන උපදෙස් පැහැදිලි විය යුතු අතර ඒවා ආදර්ශනය කළ යුතුය.

3) සංයුක්ත චින්තන අවධිය
( අවුරුදු 7 – 11 දක්වා)

 ගුරු භූමිකාව සංවිධානය කළ යුතු ආකාරය ,

– ඉගෙනුම් ආධාරක භාවිතා කිරීම.
– තර්කානුකූල හැකියාව, සංරක්ෂණ හැකියාව, වර්ගීකරණය හා අනුපිළිවෙල හැකියාව දරුවා තුළ පෝෂණය කිරීම සඳහා විද්යාත්මක පර්යේෂණ හා අත්හදා බැලීම් සඳහා අවස්ථා සංවිධානය කිරීම.
– සංකීර්ණ කරුණු පැහැදිලි කිරීමේදී හුරුපුරුදු නිදසුන් යොදා ගැනීම.

4) වියුක්ත චින්තන අවධිය
(අවුරුදු 11 න් පසු)

පියාජේට අනුව ඉගෙනුම සංවිධානය කළ යුතු ආකාරය.

– වඩාත් සංවිධානාත්මක හා තර්කානුකූල පදනමක් සහිත ගැටලු විසඳීමට කැමැත්ත දරුවන් තුළින් විද්යාමානවන බැවින් ගැටළු විසඳීමට හා ගවේෂණයට පහසුකම් සැලසිය යුතුය.
– බුද්ධිය විකසිතවන තර්කන, වාද විවාද, සංවාද වැනි වැඩසටහන් සංවිධානය කිරීම. 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!