කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බොහෝ දෙනෙක් කන්යා පටලය හා කන්යාභාවය පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා එවා තිබුණා. ඒ වගේම මේ සම්බන්ධව මිථ්යා මත රැසක් තිබෙන නිසා කන්යා පටලය පිළිබඳ විද්යාත්මක පැහැදිලි කිරීමක් සඳහා මේ ලිපිය යොදා ගන්නම්.
ගැහැණු දරුවෙකු උපදින විට යෝනි මාර්ගයේ පිටත කෙළවරට මදක් ඇතුළතින් තුනී පටලයක් හඳුනා ගන්න පුළුවන්. මෙය කන්යා පටලය (Hymen) ලෙස හඳුන්වනව. මානව පරිනාමයේදී මෙම කොටසට වෙන් වූ විශේෂ කර්තව්යයක් හඳුනා ගෙන නැහැ. සමහර කාන්තාවන්ට උපතින් ම කන්යා පටලයක් පිහිටන්නෙ නැහැ. සාමාන්යයෙන් කන්යා පටලය මැද ඔසප් වන රුධිරය සහ යෝනි මාර්ගයේ ස්රාවයන් පිටතට පැමිණීමට හැකි වෙන පරිදි විවරයක් තිබෙනව. මෙම විවරයේ විශාලත්වය සහ ස්වරූපය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මෙම පටලයෙන් යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන්නෙ නැහැ.
පලමු ලිංගික සංසර්ගයේ දී කන්යා පටලය බිඳී රුධිර වහනයක් සිදුවිය යුතු බවට මතයක් පවතිනවා. ලිංගික එක් වීමේදී කන්යා පටලය හෝ යෝනි මාර්ගයේ අැතුලත බිත්තියේ ඉරීමක් අැතිවීමට ඉඩ තිබෙනව. එ් නිසා රුධිර වහනයක් විය හැකියි. නමුත් කන්යා පටලයක් පිහිටා නැති කාන්තාවකට පලමු සංසර්ගයේ දී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. විවරය වටා වල්ලක් ලෙස මෙම පටලය පිහිටා ඇති නම් පමණක් ලිංගික සංසර්ගයක දී හෝ යෝනි මාර්ගයට කිසිවක් ඇතුළු කරන විට දී මෙම පටලය ඉරී යාමට හැකියාවක් තිබෙනව. එවැනි කාන්තාවන් ගෙනුත් යම් ප්රතිශතයක ගේ කන්යා පටලය ඇදෙන සුළු නිසා එහි ඉරීමකින් තොරව සංසර්ගයේ යෙදීමට හැකියාව තිබෙනව. එවිටත් රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා පලමු ලිංගික සංසර්ගයේ දී රුධිර වහනයක් අනිවාර්යයෙන් සිදු විය යැයි පවතින මතය විද්යාත්මක නැහැ. මේ ගැන නිවැරදි අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැතිකම නිසා උපතින් ම කන්යා පටලයක් නොමැති කාන්තාවන් අධික මානසික පීඩනයකට ලක් වෙන අවස්තා බහුලව දක්නට ලැබෙනව.
තවත් සමහර කාන්තාවන්ට යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන ලෙස කන්යා පටලය පිහිටනවා. ඒ වගේ අවස්ථාවක ඔසප් වන රුධිරය පිටතට පැමිණීමට නො හැකියි. එවැනි කාන්තාවන්ට ශල්ය කර්මයක් මගින් කන්යා පටලයේ සිදුරක් ඇති කර ඔසප් වන රුධිරය පිටතට පැමිණීමට සැලැස්වීම අවශ්ය වෙනව.
බොහෝ දෙනෙකු විමසන තවත් ගැටළුවක් තමයි වෛද්ය පරීක්ෂණයක් මගින් කන්යා භාවය පරීක්ෂා කල හැකි ද යන වග. පර්යේෂණ වලින් සොයා ගෙන ඇති පරිදි කන්යා පටලය සාමාන්ය ලෙස පිහිටීම මගින් කලින් ලිංගික එක්වීමක් සිදුව නැති බව තහවුරු කරන්න බැහැ. කන්යා පටලය ඇදෙන සුළු නම් සංසර්ගයේ දී එයට හානියක් නොවීමට ඉඩ තිබෙනව. ඒ වගේම මෙම පටලයේ ඇති වෙන සියුම් ඉරීමක් නැවත යා වීමට ඉඩකඩ තිබෙනව. තවත් පර්යේෂණයක් මගින් සොයා ගෙන ඇති පරිදි කලින් ලිංගික ව එක් වී ඇති කාන්තාවන් ගෙන් 52%කට කන්යා පටලයේ කිසිම ඉරීමක සලකුණු හඳුනා ගෙන නැහැ. ඒ නිසා කන්යා පටලය පිහිටා තිබීම හෝ නො තිබීම මගින් කාන්තාවක් කලින් ලිංගික එක්වී ඇති බව සොයා ගන්න බැහැ.
කෙසේ වෙතත් තවමත් සමහර රටවල කාන්තාවගේ කන්යාභාවය පලමු සංසර්ගයේ රුධිර වහනය මගින් මැන බලන බව රහසක් නොවෙයි. ඒ නිසාම කලින් ලිංගික එක්වීමක් නිසා කන්යා පටලයට හානිවු කාන්තාවන් කන්යා පටලය නැවත සකස් කල හැකි දැයි විමසා සිටිනව. එලෙස කන්යා පටලය නැවත සකස් කිරීමට සැත්කමක් තිබෙනව. මෙය hymenoplasty ලෙස හඳුන්වනව. නෙදර්ලන්තයේදී කරන ලද වෛද්ය පරීක්ෂණයකට අනුව මෙම සැත්කම සාර්ථක බව තහවුරු වී තිබෙන නමුත් අත්යවශ්ය නොවන මෙවැනි සැත්කමකට යොමු නොවී සිටීම වඩාත් සුදුසුයි. සැත්කමක් අවශ්ය වුවත් එය සුදුසුකම් නොලත් පුද්ගලයන් ලවා කරවා ගැනීම ඉතාමත් අවදානම්. එවැනි ස්ථාන වලින් සැත්කම් සිදු කරගත් කාන්තාවන්ට විෂබීජ ආසාදන වැනි සංකූලතා සමග රෝහල් ගතවීමට පවා සිදුව තිබෙනව.
විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට මහතාගේ ලිපියකි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!