කෙසෙල් නූල් (ශිල්ප හා විනෝදාංශ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම පහුගිය දවසක හම්බන්තොට කටුවැව ප්රදේශයේ දවසක් ගත කලා. කටුවැවින් ඇතුළේ කැලෑව කපලා එලි කරලා හදලා දුන්න ගම්මාන දැන් හරි ඉක්මනට දියුණු වෙනවා. ඒ පැත්තේ වැඩිපුරම ඉන්නේ වගාවන් සඳහා ජනපද හොයාගෙන ආපු කෙසෙල් ගොවියන්.
මම හොදින් හඳුනන අක්කා කෙනෙක්ගේ ගෙදරට නිකන් ගොඩ උනා. එයා ගෙදර එලියෙන් පුංචි ගොඩනැගිල්ලක් හදල තිබුණා. කඩේකට ද අක්කේ කියලා ඇහුවම ඒ මනුස්සයා හිනා උනා.
අමතරේ කීයක් හරි හොයාගන්න ඕන නිසා කඩයක් දාන්න තමයි මල්ලි හැදුවේ. ඒත් මේ අලි ගහන කැලේ ඇතුලේ මොන කඩ ද කියලා හිතුණා. මම වෙන බිස්නස් එකකට අත ගැහුවා කියල ඒක පෙන්වන්න අරගෙන ගියා.
කැන් කපලා ඉවරවෙලා කෙසෙල් ගහේ කඳ පැත්තකට විසිකරනවා. කොම්පෝස්ට් හදන කෙනෙක් නම් කපලා කපලා ඒකට ගන්නවා.
මේ අක්කලා කෙසෙල් කඳ තීරු වලට ඉරලා වේලලා මිටි බැඳලා. හරිම පිලිවෙලට. එකම සයිස් එකට. එක මිටියට එයින් නූල් 105ක් වෙන්න පුංචි මිටි බැඳලා. ඒ වගේ පුංචි මිටි පනහක් එකට එකතු කරලා ලොකු මිටි බැඳලා කඩ කාමරේ කෙසෙල් පට්ටා නූල් ගබඩාවක්.
මේ කඩ කෑල්ල පිරෙන්න නූල් හැදුවම කොලඹින් ලොරිය ඇවිත් අත්පිට මුදලට අරන් යනවා මල්ලි. මේක ලාබයි මට සේරටම වැඩිය. දැන් ගමේ ගෑණුන්ට කියල දීලා තියෙන්නේ. උන් මිටි හදන් ගෙදරට ගේනවා. මම මිටියෙන් පනහක් තියන් කොලඹට පටවනවා.
මොකටද අක්කේ මේ පටි කොලඹ අයට.?
මං හිතන්නේ පලා මිටි බඳින්න, දුංකොල මිටි බදින්න වගේ දේවල් වලට. හරියටම දන්නේ නැහැ බන්…
ඒ විදියට අපේ කතාව ඉවර උනා. අපි එතනින් තව තැනකට ගියා. වාඩිවෙලා නිසොල්මනේ ඉන්දැද්දි මේ කතාව ලියලා දාන්න ඕන කියල මට හිතුණා.
මේ කතාව තව අර්ථවත් වෙන්නේ මම ඡායාරූප ටිකක් එක්කලා නම්. නමුත් සමාවෙන්න මට තාම පුරුද්දක් නැහැ යන තැන ෆෝන් එක උස්සන් ගියාට දකින දේ ෆොටෝ එකක් දාගන්න.
සෝදිසියෙන් වටපිට බලන්න. අපි නැති නාස්ති කරලා දාන ගනන් ගන්නේ නැතිව තියෙන දේවල් වලට ලොකු ඉල්ලුමක් තියෙන්න පුලුවන්. වෙලඳපොල හරි වෙනස්….
උපුටා ගැනීම: Thilina Nuwan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!