කිලෝවක් 15000 යි වැනිලා වගාවෙන් කෝටිපතියෙක් වෙන්නේ මෙහෙමයි (ව්‍යාපාර හා වෙලදාම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කුළු බඩු ලොවේ රැජිණ විදියට සලකන වැනිලා ලංකාවේ ඉහළම වටිනාකමක් සහිත අපනයන භෝගයක්. සැෆ්රන්වලට පමණක් දෙවනි වෙන වැනිලාවල මිල දිනෙන් දින ඉහළයාමක් මිස අඩුවීමක් දකින්නට නැහැ. එයට විශේෂම හේතුව වෙන්නේ පරිභෝජනයට සරිලන ඉල්ලුමක් කිසිදා සැපයීමට නොහැකි නිසා. පසුගිය වසර පහ තුළ අමු වැනිලා කිලෝවක් රුපියල් 500 පමණ සිට 6000 දක්වාත් පදම් කළ වැනිලාවල මිල රුපියල් 15 000 සිට  23000 ත් 60 000 දක්වාත් ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වී තියෙනවා. වැනිලා තෙල් මිල රුපියල් 150 000 කට අධිකයි.වෙළඳපොළ හැසීරීම මත යම් අවස්ථාවල මිල උච්ඡාවචනයන් සිදුවිය හැකි නමුත් වැනිලා සඳහා ඉහළ මිලක් අනෙක් කුළු බඩු හා ගත්විට පවතිනවා.

දැනට ලෝකයේ ස්වාභාවික වැනිලා නිෂ්පාදනය වෙන්නේ 10% ක පමණ වන අතර ඉතිරි 90 % ම කෘතීම වැනිලා රසකාරකය වෙනවා. කෘතීම වැනිලා රසකාරකය උග්‍ර පිළිකා කාරකයක් වන නිසාවෙන් ස්වාභාවික වැනිලා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් තියෙනවා. ඉතින් සතුටුදායකම කාරණය වෙන්නේ ලංකාවේ පරිසර තත්ත්වය යටතේ ඉතා හොඳින් මේ වැනිලා වගා කළ හැකිවීම.

වැනිලාවල උපත ඉතින් මේ වැනිලාවල රහස මුලින්ම දැනගත් ජන කොට්ඨාසය වුණේ මෙක්සිකෝවේ ඉපැරණි ටොටොනාකෝ ඉන්දියානුවන්. ඇස්ටෙක්වරුන් විසින් ඔවුන් පරාජයට පත් කළ විට ඔවුන් සතුවුණු අමුතු ආකාරයේ පලතුර වන වැනිලා කරල් අත්හරින ලෙස අණකර සිටි බව සඳහන්. පසුව ස්පාඤ්ඤ ජාතිකයන් රදළ සහ ධනවත් අය මේවා කොල්ල කා  ප්‍රසන්න පානයක් සාදා එය වසර 80 ක් තිස්සේ භුක්ති විඳ තිබුණා.

1602 පළමුවන එලිසබෙත් රැජිනගේ ඖෂධ සකස් කරන්නා වන හියු මෝගන් වැනිලා රසකාරකයක් ලෙසට භාවිතා කළ හැකි බව සොයාගත් අතර වැනිලා කරල් වලින් වැනිලින් වෙන්කර ගන්නට හැකියාව ලැබී තිබුණේ 1858 දී. 17 වන සියවස වනතෙක්ම වැනිලා චොක්ලට් සඳහා රසකාරයක් ලෙස භාවිතා වූ අතර එය ඇස්ටෙක්වරුන්ගෙන් පැමිණි එකක් බවටයි සලකන්නේ. 1886 කොකා කෝලා අමු ද්‍රව්‍යයක් ලෙස වැනිලා භාවිතා කර ඇති අතර එය බුද්ධිමය පානයක් ලෙසටයි ප්‍රචාරය කර තිබුණේ.

ඉතින් වැනිලා ඕකිඩ් පවුලේ සාමාජිකයෙක් වන අතර ලෝකය පුරාම වැනිලා විශේෂ 25 000 ක් පැතිර පවතින අතර ස්වාභාවික වැනිලාවල විවිධ  රස සහ සුවඳ වර්ග 250 ත් 500 ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා.

නිෂ්පාදන සහ ප්‍රයෝජන වැනිලාවලින් නිස්සාරණය කර ගන්නා ප්‍රධාන නිෂ්පාදනය වෙන්නේ වැනිලින්. එය රස කැවිලි කර්මාන්තයට ඖෂධ කර්මාන්තයට වගේම සුවඳ විලවුන් කර්මාන්තයටත් රසකාරක විදියට භාවිතා කෙරෙනවා.

ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුත් වැනිලා සම මත ආලේපනයෙන් වයස්ගත පෙනුම අවම කිරීමට, නිරෝගි සමක් සඳහා, කුරුළෑ සඳහා ,  හිසකෙස්  වර්ධනයට,මානසික අවපීඩනය දුරු කිරීමට,දන්ත සෞඛ්‍ය සඳහා,ලිංගිකත්වය උත්තේජනයට හා ලිංගික බෙලහීනතාවය දුරු කිරීමට,ඔසප් වේදනාවට,දරුවන්ට ගුණදායක පෝෂකයක් ලෙස ආදී වශයෙන් සවාභාවික වැනිලාවල ප්‍රයෝජන අති විශාලයි.

ලොව වැනිලා වගාවේ ව්‍යාප්තිය වැනිලා භෝග වගාව ගැන සැලකීමේ දී එහි මල ලා සුදු කහ පැහැයක් ගන්නා අතර මල් පරාගනයෙන් පසුව එහි කරල් හටගනු ලබනවා. වැනිලා වැල් අඩි 300 ක් පමණ දිගට වැවෙන අතර මල් පරාගනයෙන් පසුව එහි කරල් හට ගනු ලබනවා. මල් පරාගනයට මී මැස්සන් යොදා ගන්නා අතර වාණිජ වගාවේ දී අතින් පරාගනය සිදු කරනු  ලබනවා. සාර්ථක පරාගනයෙන් පසුව හටගන්නා කරල් අගල් 6- 10 අතර දිගට වර්ධනය වෙනවා. ඉදුණු විට එය කළු වී ශක්තිමත් සුවඳක් ලබාදෙන අතර ඉදීමේ කාලය මාස 8 සිට 9 දක්වා වෙනවා .කරල තුළ ගෝලාකාර හැඩැති දිලිසෙන කළු බීජ තිබේ.

අද වන විට මැඩගස්කරයේ සිට ඉන්දියාව, ඉන්දුනීසියාව සහ චීනය දක්වා මේ වගාව පැතිරී ඇති අතර ස්වාභාවික වැනිලාවලින් 75% ක්ම පැමිණෙන්නේ මැඩගස්කරය හා ඒ ආශ්‍රිතවයි.

වැනිලා සාරය නිෂ්පාදනය කරන ආකාරය හොඳින් පදම් කරගත් වැනිලා කරල් ඇල්කොහොල් සහ ජලය සමඟ මිශ්‍ර කර පොඩි කර පැය 48 ක් පමණ තබා ඉන් අනතුරුව ලැබෙන මිශ්‍රණය මාස කිහිපයක් ගබඩා කර තබා පෙරාගනු ලබයි.මේ ආකාරයට ලබාගන්නා වැනිලා සාරය වෙළඳපොළෙන් මිලට ගැනීමට හැකියාව පවතින අතර එහි කුඩා කළු පැහැ පැල්ලම් තිබේ නම් එය ස්වාභාවික වැනිලා සාරයක්. නමුත් බොහෝ නිෂ්පාදන කෘතීම වැනිලා වෙයි.

ශ්‍රී ලංකාවේ වැනිලා වගාව දැනට ලංකාවේ කෑගල්ල, මහනුවර, මාතලේ,කොත්මලේ, ගම්පොල සහ හිගුල ආදී ප්‍රදේශවල වැනිලා බහුලව වගා කරන නමුත් මහා පරිමාණ වගාකරුවන් නොමැත. කුඩා පරිමාණ වගාකරුවන් සහ ගෙවතු වගා කරන්නන්ගේ අස්වනු වෙළෙඳපොළට ලැබෙන අතර දැනට ලංකාවේ මුළු අපනයනය වසරකට ටොන් 2.06 ක් පමණ වෙනවා.

වැනිලා වගාව සඳහා  අවශ්‍ය සාධක 

  • වගා කළ හැකි උච්චත්වය -මුහුදු මට්ටමේ සිට මීටර් 600 දක්වා වූ ප්‍රදේශවල වගා කළ හැකියි.
  • පස -කාබනික ද්‍රව්‍ය බහුල ලෝම පස
  • වර්ෂාපතනය මිලිමීටර් 2000- 2500 ත් අතර වර්ෂාපතනයක් අවශ්‍ය කරන අතර ඒ වර්ෂාව මාස 10 ක කාලයක් පුරා විසිරී පවතින වර්ෂාපතනයක් විය යුතු බවටයි නිර්දේශ කර තියෙන්නේ.මල් පිපිම සඳහා වැල් ආතතියට පත් කළ යුතු නිසා මාස 2 ක වියලි කාලයක් තිබිය යුතුයි. ලංකාවේ මේ වගාවට වඩාත් සුදුසු වෙන්නේ තෙත් සහ අතරමැදි කලාපයයි.
  • උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 21-32 දක්වා වූ උෂ්ණත්වයක් මේ සඳහා යෝග්‍ය අතර වඩාත් යෝග්‍ය වෙන්නේ සෙල්ෂියස් අංශක 27 ක උෂ්ණත්වයකි.
  • සෙවණ -සාර්ථක වගාවක් සඳහා වගාවට සෙවණ අවශ්‍ය වෙන සාධකයකි.සෙවණ සැපයීමේ දී සතර දෙසින්ම සෙවණ සැපයීම වඩාත් යෝග්‍ය අතර එහිදී වඩාත් උස ශාක සහ අතරමැදි ශාක යොදා ගත හැකියි.උස සෙවණ සඳහා සබුක්කු, මාර, එරබදු ආදී ශාකත් පහළ සෙවන සඳහා ගිනිසීරියා ආදිය සුදුසු වෙනවා.
  • රෝපණ ද්‍රව්‍ය -මෙහිදී මීටර් 1 සිට 3 පමණ දිග දඩු කැබලි රෝපණය සඳහා භාවිතා කරනු ලබනවා. ඒ දඩු තෝරා ගැනීමේ දී පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි.
  1. විශාල හා මාංශල පත්‍ර  සහිත කඳන්
  2. රෝග හා කෘමි හානි වලින් තොරවීම
  3. වේගවත් වර්ධන විලාසය
  4. ඉහළ අස්වැන්නක් සහිත මවු ශාකය

රෝපණ කටයුතු -තැනිතලා බිමක් නම් සාමාන්‍ය පරිදි බිම සකස් කළ හැකි වුවත් බෑවුම් සහිත ඉඩමක් නම් සමෝච්ඡ රේඛා ලකුණු කර ඒ මත වලවල් කැපිය යුතුයි.වැල් සිටුවීමට නම් මාස 6 කට පෙර උස මීටර් දෙකක් පමණ වන වූ සිටුවිය යුතුයි. නැත්නම් කෝපි වැනි වගාවක අතුරු බෝගයක් ලෙසත් පවත්වා ගෙන යා හැකියි.ඒ අවස්ථාවලදී ශාක අතර නයිලෝන් ලණුවක් හෝ ලීයක් බැඳ ඒ මත වැල පුහුණු කළ හැකියි.නියමිත පරතරයට සකසා ගත් ආධාරක් වටා අඩි 3 ක පමණ කවයක් සුද්ධ කර පස් බුරුල් කර කාබනික පොහොර එකතු කළ යුතුයි.

  • වැල් අතර පරතරය 8-5 පරතරය විය යුතුයි .ඒ අනුව අක්කරයකට පැල 1089 ක් අවශ්‍ය වෙයි.
  • ආධාරක පාදස්තයේ සිට තිරස් අතට සකසන ලද අගල් 2.5 ගැඹුරු ඇලිය තුළ අඩි 1.5 පමණ දිගට වැල් යට කළ යුතුය. එනම් පුරුක් 3 ක් 4 ක් පමණ.ඉන්පසු ඉහලට ඇති වැල් කොටස ප්‍රවේශමෙන් ආධාරකයට තබා බැඳ කෙසෙල් පරඩැල් ආධාරකයේ එල්ලා වල ආවරණය කළ යුතුයි.
  • වසුන් යෙදීමට වැලේ පාමුලට දිරාගිය ශාක කොටස් සහ කාබනික ද්‍රව්‍ය භාවිතා කළ හැකියි.

වැනිලා වගාබිම නඩත්තුව -වගාබිම පිරිසිදුව තබා ගැනීමෙන් වගාව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගත හැකියි. ගිනිසීරියා සෙවණක් සහිත වසරකට වඩා අඩු වගා බිමට කෙසෙල් පරඩැල් මගින් සෙවණ සැපයිය යුතුයි.

වගාබිමේ වල් පැලෑටි ඉවත් කිරීමේදි කිසිවිටෙක උදලු ගෑම් නොකළ යුතුයි. මෙහිදී ආධාරකය වටේ එනම් මුල් පද්ධතිය විසිරී ඇති කොටසේ වල් පැලෑටි පරෙස්සමින් ගලවා ඉවත් කළ යුතුයි.අනෙක් ප්‍රදේශයේ වල් පැලෑටි සඳහා වල් කපන යන්ත්‍ර,  දෑකැති හෝ විසි කැති ඉතා ප්‍රවේශමෙන් භාවිතා කළ හැකියි.

ජලවහනය පාලනය කිරීම -වගාව තුළ හොඳින් ජලය බැස යාමට සැලැස්විය යුතුයි.ජලය එකරැස්වීමට ඉඩ නොදිය යුතුයි. තැනිතලා ඉඩමක හෝ ජලය එක් රැස්වී තියෙන ඉඩමක ජල පාලනයට අවම අඩි 1.5 ක ගැඹුරු කානු පද්ධතියක් යෙදීම සුදුසුයි. වගාව තුළට සබන් හෝ රසායනික ද්‍රව්‍ය සහිත ජල මුදා නොහැරිය යුතුයි.

ඉවතලන කුණු රොඩු පොලිතීන් අහිතකරයි.වගාව පිරිසිදුව තබා ගැනීම අනිවාර්ය නිසා ඉවතලන ඉදුල් සත්ව කොටස් ප්ලාස්ටික් පොලිතින් දිරාගිය කොළ රොඩු පවා වගාවට අහිතකරයි. ඒ නිසා ඒවා ඉවත් කළ යුතුයි.

සතුන්ගෙන් වන හානි වැළැක්වීම -මේ සඳහා සතුන් ඝාතනය නොකර පලවා හැරීම වඩාත් යෝග්‍යයි. වැනිලා මුල්, දඩු, කොළ සහ කරල් සතුන් ආහාරයට ගන්නේ ඉතාම අල්ප වශයෙන්. මුගටියන් හා පක්ෂීන් කෘමීන් ආහාරයට ගැනීමට පොල්ලෙලි පෙරලීම සිදුකරනු ලබනවා. මුල්වලට හානි පැමිණෙන නිසා පසේ තෙතමනය සඳහා වුවත් අනවශ්‍ය ලෙස නිසි ක්‍රමවේදයකින් තොරව පොල් ලෙලි යෙදීම අහිතකරයි.

අතු කැපීමේ දී සැලකිලිමත්වීම -මෙහිදී වැනිලා දලු සහ පටි වැල් ඉක්මනින් කැඩී යා හැකි බැවින් වැල්වල ආරක්ශාව ගැන වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි .පොල් ගස් සමඟ කරන වගාවේ දී පොල් අතු ගෙඩි වැල් අතට වැටීමෙන් හානි සිදුවිය හැකි ය.

පොහොර යෙදීම -මසකට වරක් අමු ගිනිසීරියා කොළ, නොමේරු කෝටු කැබලි, වෙනත් දිරාගිය දර කෑලි, දිරාපත් පිදුරු දිරාගිය කොළරොඩු පොල්ලෙලි, කොහු බත් කෙසෙල් කඳන් හා කොල එක හා සමානව මිශ්‍රණයක් ලෙස සාදා යෙදීම සුදුසුයි. ගිනිසීරියාවල වැඩි කොටසක් නයිට්‍රජන් අඩංගු බැවින් සහ පොටෑසියම් සහ පොස්පරස් අගය අඩු නිසා එය ඉතා යෝග්‍යයි. ඒ වගේම මසකට වරක් කොම්පෝස්ට් ග්‍රෑම් 500 ක් යෙදිය යුතුයි. එහිදි දිලීර හානි අවම කර ගන්නට ගොම පොහොර මාස 2ක් වත් දිරාපත් වූ විට හොඳින් අව්වේ වේලා ගැනීමෙන් ද එලු සහ කුකුල් පොහොර වසර 2 කට වඩා පැරණි වීමෙන් පසුව ද යොදා ගැනීමට වග බලා ගන්න.

අනවශ්‍ය  ලෙස වගාව තුළ ඇවිදීම මුල් පද්ධතියට හානිදායක විය හැකියි. ආධාරකය වටා නිතර ඉවත් කරන හෝ සෙලවෙන පොල් ලෙලි තැබීමෙන් මුල් තැලීමට ලක්විය හැකියි.

ඉතින් වැනිලා වගාව දිරිගැන්වීම් සඳහා විවිධ වැඩ පිළිවෙලවල් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර මේ වෙද්දි වැනිලා වගාව ලංකාවේ ජනප්‍රිය වී තියෙනවා. ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි ඉහළ වටිනාකමක් සහිත අපනයන බෝගයක් ලෙස වැනිලා හඳුන්වන්නට හැකියි.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!