ලෝක උරුමයක් වන අජන්තා ලෙන් සිතුවම්… (ලෝක ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මහාරාෂ්ට්රා ප්රාන්තයේ ඕරන්ගාබාද් දිස්ත්රික්කයේ පිහිටා තිබෙන අජන්තා ලෙන් විහාර පුරාවිද්යාත්මක අතින් වැදගත් ස්ථානයක් සේම එහි ඇති ථේරවාද සහ මහායාන සම්ප්රදායන්ගේ ලක්ෂණ සහිත ලෙන් විහාර හේතුවෙන් බෞද්ධයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඊටත් වඩා මෙහි ඇති විශේෂ කරුණ වන්නේ අජන්තා ලෙන් විහාරයන් ඇතුලත චිත්රණය කර ඇති චිත්රයි. ඒ අතරින් ලාංකිකයන් වශයෙන් අපට ඇති සමීප භාවය වන්නේ අජන්තාහි ඇති ඇතැම් චිත්ර සීගිරියේ ඇති අප්සරාවන්ගේ චිත්ර වලට ඉතා සමාන බවක් දැරීමයි.
අජන්තා හි ලෙන් විහාර 30 ක් හදුනාගෙන ඇත. අජන්තා ලෙන් විහාර කාලයත් සමග කැලෑවෙන් වැසී ගොස් සැගවිණි. ඉන්දියාව යුරෝපීයන් විසින් යටත් කරගත් යුගයේදී ව්යග්රයන් දඩයමේ ගිය යුරෝපිය ආණ්ඩුකාරවරයෙක් මෙම ස්ථානය දැක ඇත. පසුව ඔහු විසින් මෙම ස්ථානය එළිපෙහෙළි කර අජනතා ලෙන් සංකීර්ණය 1819 දී මතුකරගන්නා ලදී. අද එම යුරෝපීය ආණ්ඩුකාරවරයා අජන්තා ලෙන් පද්ධතිය දුටු ස්ථානයේ ස්මාරකයක් තනා ඇත. අජන්තා ලෙන් විහාර යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට නම්කර ඇත.
අජන්තා ලෙන් විහාරවල ඉතිහාසය දෙවන සියවස තරම් අතීතයට ඇදී යයි. ලෙන් විහාර තුළ බුදුරජානන් වහන්සේගේ රූප ගලෙන් මුර්තිමත් කර ඇති අතර චිත්ර නිර්මාණයන් ලෙන්විහාරය ඇතුලත දක්නට ලැබෙයි. බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා සහ ජාතක කතා මෙසේ චිත්රණය කර තිබේ. මෙම ලෙන්විහාර ඉදිකිරිම එකවරම සිදුවූවක් නොවෙයි. අධියට දෙකකින් ඉදිකර ඇති බව සදහන් වේ.එක් එක් රාජ්ය පාලන කාලවල බුදුදහමට ඇති රාජ්ය අනුග්රහය අනුව මෙය සිදුවී ඇත. පළමු අධියර ලෙස දෙවන සියවසේදී එක කොටසකුත් ක්රිස්තු වර්ෂ 480 – 650 කාලයේදී තවත් කොටසක් ඉදිකර තිබේ. මෙම ලෙන්විහාර වල ඇති විශේෂත්වය වන්නේ ස්වභාවික පාෂාණ පද්ධතිය පහළ සිට ඉහලට සහ පිටත සිට ඇතුලතට නෙලාගෙන ගොස් මේ සියල්ල ඉදිකර තිබීමයි. මීට ශතවර්ෂ ගණනාවකට පෙර මෙම ස්ථානය බෞද්ධ භික්ෂුන් වහන්සේලා භාවනා යෝගීව වැඩ වාසය කළ ප්රදේශය වුවද අද වන විට මෙය හුදෙක් පුරාවිද්යාත්මක වටිනාකමකින් යුත් සංචාරක ස්ථානයක් පමණි. ලෙන් විහාර තුල බුද්ධ ප්රතිමා තිබුණද ඒවා වන්දනා මාන කිරීමක් සිදුකරන්නේ නැත.ලෙන්විහාර තුළට ඇතුළුවීමේදී පාවහන් ගැලවීම අනුවර්ය වේ ඒ ආගමික ස්ථානයක් වන නිසා නොව චිත්ර ආරක්ෂා කරගැනීම උදෙසායි.
අජන්තාහි එක් පසකින් කුඩා ගංගාවක් ගලාගෙන යයි. පායන කාල වලදී එම ගංගාව සම්පුර්ණයෙන්ම සිදී යයි. එම ගංගාව අජන්තා වෙත ප්රවේශ වන්නේ එම ලෙන් සංකීර්ණයේ දකුණු දෙසින් දිය ඇල්ලක ස්වරූපයෙනි. වියලි කාලවලදී මෙම දිය අල්ල දක්නට ලැබෙන්නේ නැත. වර්ෂා කාල වලදී ඉතා මනස්කාන්ත ලෙස මෙම දිය අල්ල දිස්වෙයි. භික්ෂුන් වහන්සේලා උදෙසා ජලය රැස්කර ගැනීමට පහල තටාකයක් සකස් කර ඇත. එසේම වර්ෂාවේ දරුණු බව හේතුවෙන්ම බොහෝ ලෙන් විහාරවල චිත්ර විනාශ වී ඇත. ඊට හේතුව වර්ෂා ජලය ලෙන් තුලට පිවිසීමයි. ලෙන් පද්ධති සකස් කිරීමද කිසියම් ආකාරයකට සැලසුම් සහගත ලෙස සකස් කර තිබේ. වර්ෂා ජලය එක්රැස් කරගැනීම සදහා පර්වතයේ ඉහල සිට පහලට ගලා එන ජලය කානුවක් හරහා ලෙන් විහාර තුල ටැංකි වෙත එකතු කිරීමට කටයුතු යොදා තිබෙනු අදටත් දැකගත හැකිය.
අජන්තා ලෙන් විහාර පිලිබදව වොල්ටෙර් ස්පින්ක් සිදුකල පර්යේෂණ හරහා සිදුකළ සොයාගැනීම් වලට අනුව පළමු ලෙන් විහාර පද්ධතිය සකස්කර ඇත්තේ සටවහන අධිරාජ්ය සමයේදීයි. ඇතැම් දත්ත වලට අනුව මෙය මොර්ය වංශ සමයේ ඉදිවූ බවටද විශ්වාස කෙරේ. කැනීම් සිදුකිර්මට පෙර මෙම ස්ථානයේ ලෙන්විහාර අංක 9 සහ 10 ස්තුප ශාලා හෙවත් චේතිය ඝර වශයෙන් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. ලෙන් අංක 12,13 සහ 15 A විහාර ථේරවාද සම්ප්රදායට අනුව ඉදිවූ ලෙන්විහාර වේ. ඒවා මහායාන සම්ප්රදායට අනුව ඉදිවුණු ලෙන්විහාර වලට වඩා සරල බවකින් යුක්තව ඉදිකර තිබේ. මෙම ලෙන්විහාර ඉදිවුණු දෙවන අධියරේදී මහායාන ආභාෂය එම ලෙන්විහාර වල දක්නට ලැබේ. සටවහන අධිරාජ්ය සමයෙන් පසුව එනම් පස්වන සියවස මැද භාගය වන විට හින්දු බලපෑම වැඩි වීමත් සමග මෙම ඉදිකිරීම් නැවතී ඇත. මෙම ලෙන්විහාර ඉදිකිරීම නැවත ආරම්භ වන්නේ පස්වන සියවසේදී පමණය. එනම් වාකාටක සමයේදීය. වාකාටක අධිරාජ්ය සමයේ සිටි අධිරාජ්යය හරිශේනා විසින් ක්රිස්තුවර්ෂ 460 – 480 කාලයේදී ඉදිකිරීම් නැවත ආරම්භ කර ඇත. විවිධ කාල සීමාවල පැවති තත්වයන් මත ගල්ගුහා වල නිර්මාණයන් සිදුවී ඇත.
අජන්තා ලෙන් විහාර වල ඇති චිත්ර මෙහි ඇති සුවිශේෂී වැදගත්කමකින් යුක්ත අංගයකි. මෙහි ඇති චිත්ර වර්ණවත් කිරීම සදහා වර්ණ සංයෝජනය කළ ස්ථාන මෙම ලෙන් විහාර තුලම වලවල් වශයෙන් අදටත් දැකගත හැකි වේ. ස්වභාවික ශාක සහ පාෂාණ විශේෂ යොදාගනිමින් වර්ණ නිර්මාණය කරගැනීම අතීත චිත්ර ශිල්පින් විසින් සිදුකර තිබුණද නිල් වර්ණය සකස් කරගෙන ඇත්තේ පර්සියාවෙන් ගෙන්වන ලද අමුද්රව්ය මගිනි. නිල් වර්ණය හැරුනුකොට අනිත් සියලු වර්ණයන් ඉන්දියාවේම නිෂ්පාදනය කරන ඒවා විය. මුල් කාලීනව මෙම ලෙන්විහාර පුරාවට චිත්රවලින් වර්ණවත්ව තිබුණද කාලයක් කැලෑවෙන් වැසී යාමත් සමග වර්ෂා ජලය හේතුවෙන් බොහෝ චිත්ර විනාශ වී ඇත. මෙහි චිත්ර තුල දක්නට ලැබෙන තවත් විශේෂතා රැසකි. බුද්ධ චරිතය සහ ජාතක කතා මේවායේ චිත්රණය කර ඇත. ඇතැම් චිත්ර ත්රිමාන ස්වරුපයෙන් නිර්මාණය කර ඇත. නිදසුනක් වශයෙන් මෙම ලෙන්විහාර තුල ඇති අනින්නට සැරසෙන ගොනෙකුගේ චිත්රය කුමන දිශාවක සිට බැලුවත් තමන්ට අනින්නට පැමිණෙන විලාසයෙන් චිත්රණය කර ඇත. එමෙන්ම මේ චිත්ර මගින් එවකට පැවති විලාසිතා පිළිබද මනා අවබෝදයක් ලැබේ. ඇදුමේ වර්ණ සහ ඒවාට ගැලපෙන ලෙස ආභරණ පළන්දා තිබීම. අදුමද විලාසිතාවට අනුව වර්ණ ගැලපෙන අයුරින් සකස් කර තිබීම යනාදී වශයෙන් ඉතා හොදින් විලාසිතා පිළිබදව අවධානය යොමුකර තිබෙන බව මෙම චිත්ර මගින් මනාවට විද්යාමාන වේ. නිදසුනක් වශයෙන් සාරියට ගැලපෙන වර්ණයෙන් යුක්ත හැට්ටයක් සහ එම ඇදුමට සහ අවස්ථාවට ගැලපෙන ආභරණ ඇති අතර එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ගේ අදුමද කාන්තාවගේ ඇදුමේ වර්ණ වලට ගැලපෙන වර්ණයන් ගෙන් චිත්රණය කර තිබේ. අජන්තාවේ චිත්ර පිලිබදව පිටු ගණනක් වුවද ලිවිය හැක. සීගිරි ලලනාවන්ගේ චිත්ර සහ මෙහි ඇති චිත්ර කිහිපයක් ඉතාම සමීප සමානතාවයක් දරයි. මේ හේතුවෙන් අජන්තාව අපටද ඉතාම සමීප වෙයි.
අජන්තාහි ලෙන් විහාර තුල ඇති ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහිද අවධානය යොමුකළ යුතු වේ. මෙම ගල් ගුහා ඇතුලත විහාර ශාලාවන් ලෙස සකස් කර තිබේ. වන්දනාමාන කිරීම සදහාත් භාවනා යෝගීව වැඩවාසය කිරීම උදෙසාත් මේවා සකස්කර තිබේ. ඇතැම් ඉදිකිරීම් ආවාස ගෙවල් හැටියට නිර්මාණය කර ඇත. මෙම විහාර මන්දිර සෘජු කෝණාශ්රාකාර ලෙස සකස් අර ඇති අතර එහි කෙලවර විශේෂ කුටියක් ලෙස බුද්ධ ප්රතිමාවක් නිර්මාණය කර තිබේ. මෙම විහාර මන්දිර පැහැදිලිව හදුනාගත හැකි අයුරින් වර්ග දෙකක් ඇත. එක කොටසක් ථේරවාද සම්ප්රදාය සහ අනෙක් කොටස මහායාන සම්ප්රදාය අනුව ඉදිවුණු විහාර මන්දිරයි. මෙහි චේතියඝර ලෙස ඉදිවුණු ලෙන් ගුහාද දක්නට ඇත. ඒවා අඩු පළලකින් සහ වැඩි දිගින් යුක්තව නිර්මාණය කෙරුණු ලෙන් විහාර වේ. මිට අමතරව සැතපීම සහ වාසය කිරීම සදහාද ලෙන්විහාර කිහිපයක් සකස් කර තිබේ. මිට අමතරව තවත් විශේෂ දෙයක් ඇත. එනම් භාවනා කිරීම සදහා ඉදිකරන ලද ලෙන් විහාර තුල කුටි වශයෙන් දකුණු සහ වම් දිශාවන් වල පෙළක් සකස් කර ඇත. ඒවාට ඇතුළුවන ස්ථානයේ කණු විශේෂයක් දක්නට ලැබේ. සැබවින්ම මේවා ඉහලින් ඇතුළත කුහරයක් සිටින සේ සකස් කරන ලද කණු වේ. මේ කණු වල විවිධ ස්ථාන වලට අතින් පහර දීමෙන් කිසියම් හඩක් නිකුත්වේ. ඒ හඩ තරඟයක් ආකාරයෙන් ලෙන්විහාරය ඇතුලත රැව් දෙයි. භාවනා යෝගීව සිටින සංඝයා වහන්සේලා මෙය භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. විවිධ කණු විවිධ සංඛ්යාත වලින් සකස් කර ඇති බැවින් එක් එක් කණු මගින් නිකුත් කරන ශබ්දය වෙනස් වේ. එය නාදයක් ආකාරයෙන් කුටිය පුරාවට දෝංකාර දෙයි. එම ශබ්ධය ඇසීමෙන් කිසියම් ආකාරය චිත්ත ඒකාග්රතාවක් සහිත බවක් දැනෙයි. භාවනා කටයුතු සහ පුජා කටයුතු සදහා මෙය භාවිතා කරන්නට ඇත.
අජන්තා ලෙන් විහාර පිළිබදව එක් එක් ලෙන්විහාර ගෙන පැහැදිලි කිරීම් කළ හැකි තරම් එක් එක් ලෙන් විහාරයන්හි ඊට අනන්ය වූ සුවිශේෂී ලක්ෂණ රාශියක් දක්නට ඇත. අජන්තා යනු කාලයක් බෞද්ධයන්ගේ පුජනිය ස්ථානයකි. රහතන් වහන්සේලා දහස් ගණනින් වැඩවාසය කරන්නට ඇත. නමුත් එය දැන් පුරාවිද්යාත්මක වැදගත්කමකින් යුක්ත ස්ථානයක් පමණි. කිසිදු ආකාරයකින් පුදපුජාවක් හෝ භාවනා කිරීම සදහා හෝ මේ ස්ථානය භාවිතා කරන්නේ නැත. බොහෝ විට අජන්තාහි ඇති චිත්ර සහ සිගිරි චිත්ර අතර ඇති සමිපභාවය හේතුවෙන් මහාරශ්ට්රා ප්රාන්තයට පැමිණෙන ශ්රී ලාංකිකයන් අජන්තා දැකගැනීමට පැමිණුනද ඉන්දියාවේ වන්දනාවේ යන කණ්ඩායම් වලට අජන්තා වන්දනාව සදහා ප්රසිද්ධ ස්ථානයක් නොවෙයි. නමුත් මේ ස්ථානය බෞද්ධයන්හට සමීප සුවිශේෂී ස්ථානයකි.
දඩයමේ යද්දී අහම්බෙන් හමු වූ
ඉපැරණි බොදු සිතුවම්…
ඉන්දියාවේ ඖරංගබාද් සිට කි.මී. 104ක් දුරින් පිහිටි පුරාවිද්යාත්මක හා ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන, යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් (World Heritage Site) ලෙස පිළිගෙන ඇති ස්ථානයකි. අජන්තා ලෝක පරකට වී ඇත්තේ එහි පිහිටි ඉපැරණි ලෙන් විහාර හා බිතුසිතුවම් නිර්මාණ නිසාය.
අජන්තා බිතුසිතුවම් නැරඹීමට නම් ඖරංගබාද්හී සිට කි.මී. 104 ක් යා යුතු වේ. ජාල්ගෝන් දුම්රිය පොළේ සිට ඇත්තේ කි.මී. 52කි. මේ ලෙන් කපා ඇත්තේ වගුර්ණා ගංගාවට ඉහළින් සත්යගිරි කඳුකර වනාන්තරයේ පිහිටි යමහල් (ගිනිකඳු) ලාවා වලින් තැනුණු ගිරිකුළුවලය. මෙහි වටාපිටාව ඉතාමත් සිත්කලූය. වනාන්තරයෙන් වැසී තිබුණු මේවා 1819 දී දඩයමේ යද්දී අහම්බෙන් කපිතාන් ජෝන් ස්මිත් විසින් සොයා ගනු ලැබීය.
කිර. පූ. 200 දී පමණ ඇරැඹුණේ යැයි සැලකෙන මෙම ලෙන්වල කිර. ව. 250 වන තෙක් විටින් විට කරන ලද ලෙන් විහාර හා චිතර මෙහි දැක්ක හැකිය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉදිකරවන ලදැයි සැලකෙන ලෙන් විහාර 30ක් පමණ මීට අයත් වෙයි. ඍජු කඳු බෑවුමක අඩි 250ක් පමණ ඉහළින් යාර 600ක් පමණ පරදේශයක අඩකවාකාර ව පිහිටා ඇති මෙම ලෙන් සැරසී ඇත්තේ බුද්ධ චරිතය හා ජාතක කතාවන් නිරූපණය කරන විවිධ චිතර හා කැටයම් වලිනි. ඒවායේ බිත්ති, සිවිලිම් හා කුලූනු ආදිය එදා මේ සිතුවම් හා විවිධ මෝස්තරවලින් පිරී තිබුණත් අද ඒවායින් ශේෂ ව ඇත්තේ ස්වල්පයක් පමණි. අද සංරක්ෂණය කර ඇති එම අජන්තා බිතුසිතුවම්වලින් එකල සිත්තරුන් තුළ පැවති කුසලතාව මොනවට පැහැදිලි වේ. අජන්තාවේ ඇති සුවිශේෂත්වය වන්නේ වාස්තු විද්යාත්මක තාක්ෂණය, මූර්ති කලාව හා චිතර කලාවන් එකට ගළපා ඇති අන්දමය. බෞද්ධ වාස්තු විද්යාත්මක නිර්මාණ අතුරින් මූලිකාංග දෙකක් වූ චෛත්ය (ලෙන් අංක 9, 10, 19, 26, හා 29) හා විහාර (ඉතිරි ලෙන් 25) අජන්තා ලෙන්වල දැනට සුරැකි ව පවතී. සියවස් හතරක පමණ කාලවකවානුවලට අයත් ථෙරවාද(හීනයාන) හා මහායාන ආගමික පුරා වස්තු එහි දැක්ක හැකිය.
ඉන්දියාවේ පිහිටි අජන්තා ලෙන්වල ඇති ලෝක පරකට ඉපැරණි බිතුසිතුවම් සිය වස් 22කටත් වඩා පැරණිය. මෙම බිතුසිතුවම් අතර ඉහළට මතු වූ අල්පෝන්නත (bas-relief) බිතුකැටයම් ද ඉපැරණි බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පය ඉස්මතු කරන ඉදිකිරීම් ද දැක්ක හැකිය. ඉන් කැපී පෙනෙන කීපයක් මෙසේය.
ලෙන් අංක 1 හි ඇති බිතුසිතුවම් අතර ලෝක පරකට පද්මපානී හා වජිරපානී බෝධිසත්ව රූප ද වෙයි. ඊට ඇතුළු වන මඟ දෙපස මාර පරාජය හා යමාමහ පෙළහර පෑම ද සිවි, සංඛපාල, මහාජනක ආදී ජාතක කතා සිතුවම් කර ඇත.
ලෙන් අංක 2 හි සිවිලිමෙහි කළ චිතර සුවිශේෂය. මහාමායා දේවිය දුටු සිහිනය, සිදුහත් උපත ආදියත්, හංස හා විදුර ජාතකත්, සිතුවමට නඟා ඇත. ලෙන් අංක 9, 10, හා 12 ලෙන් ථෙරවාද සමයට අයත් ඒවාය. මෙහි අංක 10 මුල් කැණීම්වලට අයත් වෙයි. මෙහි ඇති චිත්තාකර්ෂණීය බෞද්ධ විහාර ගෙවල් කිර.පූ. 2 වන සියවසට අයත් බව පිළි ගෙන ඇත. මෙහි සාම හා ඡුද්දන්ත ජාතක චිතරයට නගා ඇත. ලෙන් අංක 14, 15 හා 16 මහායාන සමයට අයත් ඒවාය. ඉන් 16 ලෙන් චිතර සුවිශේෂය. නන්ද කුමරු බුදුන් දැකීම, යමා මහ පෙළහර, බුදුරදුන් යශෝධාරාවගෙන් හා රාහුල පුතුගෙන් දන් පිළිගැනීම, හස්ති හා මහා උම්මග්ග ජාතක ආදී සිතුවම් ඊට ඇතුළත් වෙයි. වැඩි ම චිතර සංඛ්යාවක් සුරැකිව ඇත්තේ 17 වැනි ලෙනෙහිය. සිත්කලූ බුදු රූ පෙළක් හා වලාකුළු අතරින් ඉන්ද්ර (සක්) දෙවියන්, රැඟුම් පානා දිව්ය අප්සරාවන් පිරිවරා ගෙන එන ආකාරයත්, බුදුරදුන්ගේ නාලාගිරි දමනය, දෙව්දත් බුදුන් හිසට ගලක් පෙරළු අයුරු, මෙන්ම සද්දන්ත, වෙස්සන්තර, මහාකපි, සුතසෝම, මාතු පෝසක, සාම, නිග්රෝධමිග ආදී ජාතක කතාත් දැක්වේ. 19 වැනි ලෙනහි ඇත්තේ ගලෙන් නෙලන ලද අලංකාර චෛත්යයකි. ලෙන් 21 සිට 24 දක්වා ඇත්තේ අවසන් නොකළ බිතුසිතුවම්ය…
අජන්තා බිතුසිතුවම් හා සිගිරි බිසිතුවම්
අතර සැසදීමක්….
ඉන්දියානු චිත්ර කලාව ලෝකයට මවිත කල නිර්මාණයකි.භාරතීය චිත්ර කලාව හැදැරීමේදී අතිශයින්ම වැදගත් වන්නේ ක්රි .ව 1 සියවස හා ක්රි .ව 7 වන සියවස දක්වාවූ කාලපරිච්චේදයට අයත් අජන්තාවේ බෞද්ධ චිත්ර සමුහයයි.විශ්ව කීර්තියට පත්ව ඇති මේ චිත්ර සම්ප්රදාය ධර්ම දුතයන් වන්දනාකරුවන්ගේ හා චිත්ර ශිල්පීන්ගේ මාර්ගයෙන් ශ්රී ලංකාව,චීනය බුරුමය,ටිබෙට් හා ඇෆ්ගනිස්ථානයආදී රටවල් වල විහිදී ගොස් ඒ රටවල්වල චිත්ර කලාව කෙරෙහි බලපෑබව විද්වතුන් පෙන්වාදෙයි.
භාරතයේ භාග් චිත්ර හා ක්රි .ව 5 වන සියවසට අයිති සිගිරි චිත්ර අජන්තා චිත්ර වලට බොහෝසේ සමාන වේ.අජන්තාවේ අංක 16 17 දරන ලෙන් විහාරවල බිතුසිතුවම් සිගිරි සිතුවම් වලට සමකාලින වේ. ඒ තුල සමාන ලක්ෂණ ගැබ්බ ඇති බව පර්සි බ්රවුන් සදහන් කරයි. පර්වත අභ්යන්තරය හාරා නිර්මාණයකරන ලද ලෙන් තුල අජන්ත චිත්ර ඇද තිබේ. සිගිරි සිතුවම් පර්වතය බිත්තියක බදාම අතුරා නිම කර ඇත. සිගිරි ගල් බිත්තිය මත ආලේප කරන ලද බදාමේ ගනකම ½ ල පමණ වන අතර අජන්තා බාදහම විවිධ ප්රමාණයෙන් ගනකමින් යුක්ත්ත වේ. සිගිරි සිතුවම් අදිනු ලැබුවේ තෙත බදහම මත බව බොහෝ විචාරකයෝ පවසයි. එහෙත් ඇතැම් විද්වතුන් ඒ මතයට එකග නොවේ. එච්. සි. පි බෙල් ප්රකාශ කරන්නේ අජන්තාවේ මෙන්ම සිගිරියේත් චිත්ර ඇදීම සදහා වියළි බදහම මුල් කර ගත් බවය.නමුත් වර්තමානයේ පිළිගන්නේ අජන්තාවේ චිත්ර වියළි බදහම මත ටෙම්පරා ආදී බවත් සිගිරි සිතුවම් තෙත බදාම මත ප්රස්කෝ බුවනෝ මත ඇදී බවත්ය.
අජන්තා චිත්ර ශිල්පින් සිතුවම් සදහා වස්තු විෂය කරගත්තේ බුදු සිරිත ජාතක කතා සහ එයිතිහාසික සිද්ධින්ය. ඔවුන් මෙවැනි බෞද්ධ චිත්ර වලින් බලාපොරොත්තු වන්නට ඇත්තේ අධ්යාත්මක ගුණ වගාවයි.බිත්ති පුරා විසිරි යන විශාල චිත්ර අජන්තාවේ දක්නට ලැබෙන අතර බොහෝ මානව රුප ජීව ප්රමාණයෙන් යුක්තය. එදා සමාජ තත්වය ඇදුම් පැළදුම් හා රජ සමයේ තොරතුරු අජන්තා චිත්ර වලින් පිලිබුලු වේ.
සිගිරි සිතුවම් එවනි කතා පුවතක් නිරුපනය නොවන බව ශේෂව තිබෙන චිත්ර වලින් පැහැදිලි වේ. මල්වට්ටියක් හෝ මල් අතින් ගත් කාන්තා රුප යුගල වශයෙන් හෝ තනිත තනිව ඇද තිබීම මෙහි ඇති විශේෂයි.එහෙත් චිත්ර රචනා මනහරය අජන්තා හා භාග් චිත්ර වල කාන්තා රුපය කතාවකට හෝ යම් කිසි සිධියකට ඇතුලත් කර තිබෙන අතර සීගිරියේ මෙන් වෙනම නිරුපනය නොවේ. කාන්තා රුපයක් ඇදීමේ දී අජන්තා ශිල්පියා මෙන් සිගිරි ශිල්පියාත් ඇයගේ රුප සෝභාවත් නාරි ලාලිත්යයත් නො අඩුව ම තෙලි තුඩට නැගුහ සිගිරි සිතුවම් ශිල්පියා ලලනාවන් ගේ පියයුරු, සිහිනිග විකසිත දෙනුවන් හා නාසය තෙලි තුඩට නගා ඇත්තේ කාව්යමය ආකාරයෙනි.
අජන්තා හා සිගිරි යන නිර්මාන පොදු ලක්ෂණයක් නම් රේඛාකරණය හා වර්නාලේපනයයි. එසේම චිත්ර තලය සැකසීමද බොහෝදුරට සමාන වේ. අජන්තා චිත්ර ඇදීම සදහා ගල්තලය පිළියෙළ කිරීමේ දී රළු ගල මත මැටි ගොම හා දහයිය මිශ්රනයක් අලේප කරන ලදී .මේ මත සුදු හුණු බදාම හා රතු පාට ට හුරු ගුරු පැහැයෙනි. චිත්ර සදහා ගත් සායම් වලින් නිල්හැර අන් සියල්ලම ප්රාදේශීව ලබාගත් අමුද්රව්ය යන්ගෙන් පිළියෙළ කෙරිණි. සිගිරි සිතුවම් ඇදීම සදහා ගල් තලය පිළියෙළ කරන ලද්දේ මැටි කිරි මැටි දහයියා කොහු යනාදියෙන් සාදාගත් මිශ්රනයක් අලේප කිරීමෙනි. ඒ මත සුදු හුණු ගා හැන්දකින් පිරිමැද රතු පැහැයෙන් ආකෘති මාත්රය සටහන් කොට වර්ණ යෙදීමෙන් චිත්රය සම්පුර්ණ කරන ලදී. අජන්තා චිත්රයනහි මෙන් සිගිරි සිතුවම් ඇදීමේදී කහ,රතු,කොළ ආදී වර්ණ හා ඒවායේ ප්රභේද භාවිතා කළහ. සිගිරි වර්ණ යොදා තිබෙන්නේද ත්රිමාණ ලක්ෂණ මතුවන ආකාරයෙනි. අජන්තාවේ ද එය මෙසේමය.රේඛාවද දෙකෙහි ප්රමාණවත්ය. හැගීම් දනවන සුළුය. රේඛාවේ ඇති ප්රකාශන ශක්තිය හා උසස් ගුණය මැනවින් පිලිබුළුවේ එහෙත් සිගිරි චිත්ර ශිල්පියාගේ රේඛාවේ විශේෂත්වයක් ඇත. එය තැනින් තැනට ගලා ආ නිදහස් එකකි.
සිගිරි ශිල්පියා අජන්තා ශිල්පියාට වඩා වැඩි නිදහසකින් සිතුවම් කර ඇත්තේ යක්ෂණික රේඛා ඇදීමේ දී නොපකිලිම ස්වාදිනත්වය සිගිරි සිතුවම් වලින් දක්නට ලැබේ. අත්වල මුද්රා යෙදීමේ ඔස භාරතීය චිත්ර වල මෙන් මුර්ති වලත් බහුලය. හස්ත මුද්රා සහිත චිත්ර යනු එක්තරා භාෂාවකි. එමෙන්ම ගැබුරු අර්ථ ප්රකාශනයකි. මේ අභිණය නිරුපනය අජන්තා චිත්ර වල මෙන් සිගිරි සිතුවම් වලත් දක්නට ලැබේ භාරතීය චිත්ර ශිල්පියා චිත්ර යට උචිත පසුතලය සකස් කර ගත්තේ වෘක්ෂලතා මාලිගා හා සතුන් ආදියෙනි වඩා තද නැති මිශ්ර වර්ණයක් පසුතලයට යොදා රුප මතු කර දැක්වීම සිගිරි චිත්ර වල පැහැදිලිව පෙනේ. මානව රුප සදහා යොදන ලද ව්ච්ත්ර හිස් පැළදුම් ශ්රීවාභරණ හා කර්ණාභරණ අදිය චිත්රයන් දෙකෙහිම දක්නට ඇත. මේ අනුව බලන කල වස්තු විෂය වශයෙන් යොදා ගත් සමාන ලක්ෂණ අජන්තා චිත්ර වලත් සිගිරි සිතුවමි වලත් තිබෙන බව පෙනෙයි .සිගිරි සිතුවම් හා අජන්තා චිත්ර ශිල්ප ක්රම වර්ණ හැඩතල මුද්රා ආදිය සමාන වේ. මෙසේ සමාන වන්නට ඇත්තේ භාරත දේශීය කලා ශිල්පින් යොදා ගත් නිසා බව කලා විශාරදයෙකුවූ ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි…
……………අන්තර්ජාලය ඇසුරෙනි……….
Indian Art Conservation Project Uses Nanotechnology to Preserve Ancient  Ajanta Caves Painting | STATNANO
Retrospective: Women beauty ideals in Art | by Dalia Sokolenko | Medium
The Art of India—a coffee-table book from Frontline - Frontline
උපුටා ගැනීම:   දැනුම සොයන්න මේ පාරෙන් එන්න

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!