ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකම (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකමක් පිළිබඳ ව පසුගිය දිනෙක වාර්තා වුණා. ඒ අමෙරිකානු ඩොලර් මිලියන 600 ක් වටිනා cryptocurrency හැකර්වරයකු සොරා ගැනීමත් සමඟ යි. විමධ්‍යගත finance platform එකක් වන Poly networkවල ආරක්ෂණ දුර්වලතාවක් පදනම් කරගෙන මෙම හැක් කිරීම සිදු ව තිබෙනවා. මෙහි වඩාත් සුවිශේෂී කාරණය වන්නේ අදාළ හැකර්වරයා තමන් සොරා ගත් සියලු මුදල්අදාළ ආයතනය වෙත නැවත  ලබා දීමයි.  මෙලෙස  මුදල් නැවත ලබා දුන් විට අදාළ සමාගමෙන් හැකර්වරයාට ත්‍යාගයක් ලබාදීමටත් කටයුතු කර තිබුණා. මේ සොරකම සිදු වූ වහා ම අදාළ සමාගම අදාළ සමාගම ප්‍රසිද්ධියේ මේ හැකර්වරයාගෙන් එම මුදල් නැවත ඉල්ලා ආයාචනා කර තිබුණා. ඒ ට්විට්ටර් පණිවිඩයක් මගින්. අදාළ cryptocurrency දහස් ගණනක් වූ ක්‍රිප්ටෝ සාමාජිකයන්ගේ බවත් එම මුදල් නැවත ලබාදීමට කාරුණික ව කටයුතු කරන ලෙසත් මෙම ට්විට්ටර් පණිවිඩයේ ඉල්ලා තිබුණා. අදාළ හැකර් වරයාට ඔවුන් සම්බන්ධ කරගන්න ලෙසත් ඉල්ලා තිබුණා.

හැකර්වරයා සොරකම් කළ සියලු මුදල්  සමාගම වෙත නැවත ලබාදෙන්නට කටයුතු කළ අතරම මේ විශාලත ම ක්‍රිප්ටෝ සොරකම සිදු කළ හැකර්වරයා තම අරමුණ පිළිබඳ ව Q & A එකක් ලෙසින් පිළිතුරු ලබා දීමට කටයුතු කළා. ඔහු මෙලෙස cryptocurrency හැක් කළේ කිසි ම ආකාරකට මුල්‍යමය අරමුණකින් නොවන බවත්, හුදෙක් විනෝදය සඳහා ඔහු එසේ කළ බවත් මුල සිට ම ඔහු අරමුණ වුයේ මුදල් නැවත ලබාදීම බවත් ඔහු සඳහන් කර තිබුණා.  ඒවගේම මෙම සිදුවීමෙන් අදාළ සමාගම පාඩමක් ඉගන ගත යුතු බවත් ඔහු සඳහන් කර තිබුණා.

Poly network ජාලයේ පැවති මෙම දුර්වලතාව ඔවුන් වෙත පෙන්වා දීම  නිසාවෙන් සහ අදාළ මුදල් ලබාදීම නිසාවෙන් හැකර්වරයා වෙත තෑගි මුදලක් ලබාදෙන්න සමාගම තීරණය කළත් අදාළ හැකර්වරයා එම ත්‍යාග මුදලත් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ ව්‍යසන කාලය සමඟ ම ලෝකයේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය ආශ්‍රයෙන් මුදල් ඉපැයීම පිළිබඳ ව උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. මේ සමඟ ම වගේ බොහෝ දෙනෙක් cryptocurrency සහ Blockchain ගැනත් සොයන්න පටන් ගත්තා. මේ කාලයේදී ම මිනිසුන් රවටා මුදල් ගසා කන Scam එහෙමත් ශීඝ්‍රයෙන් වැඩි වූණා.

ක්‍රිප්ටෝ කරන්සි ලොකු ම හොරකම – Hackread.com 

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඇත්තට ම පුළුවන් ද? 

සරල පිළිතුර වන්නේ “ඔව්”. Fiverr.com,  freelancer  වැනි කුසලතා සහ හැකියා මත පදනම් වූ වෙබ් අඩවි වගේම ක්‍රිප්ටෝ මයිනින්ග්,  Dropshipping වගේ දේවල් හරහාත් දැන් ඔබට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්.  හැබැයි මේකත් “දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග” කතාව වගේම තමයි. මේවගේ දෙයක් අත්හදාබැලීම්  කරන්න කලින් අන්තර්ජාලය හරහා වගේම එවැනි කටයුත්තක යෙදීලා ඉන්න කෙනෙක් ගෙන් උපදෙස් ලබාගන්න එක බොහොම වටිනවා. මොකද එහෙම නැත්නම් ඔබත් මොකක් හරි Scam එකකට හෝ පිරමීඩ ජාවාරමක පැටලෙන්න ලොකු ඉඩක් තියෙනවා.

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග-paymentscardsandmobile.com 

මොකද්ද මේ cryptocurrency කියන්නේ?

තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න පහසු  මුදල් ඒකක වල අවශ්‍යතාව මිනිසුන්ට දැනෙන්නට පටන් ගන්නවා. Cryptocurrency එහෙමත් නැතිනම් ඩිජිටල් මුදල් පිළිබඳ අදහස ලෝකෙට එන්නේ එහෙමයි. Dogecoin, Bitcoin කියන්නේ අද ලෝකයේ ඉතාම ජනප්‍රිය Cryptocurrency වර්ග. ඉතාම සංකීර්ණ පරිගණක වැඩසටහන් මගින් නිර්මාණය වන මේ Cryptocurrency වර්ග බොහොමයක් කිසිම රටකට, ආයතනයකට හෝ පුද්ගලයකුට අයිති දෙයක් නෙමෙයි. ඒ වගේම මේවයේ හැසිරීම පාලනය කරන්නත් කිසිවෙකුත් නැහැ. ඔබ සමහරවිට දකින්න ඇති බිට් කොයින්වලින් ගෙවීම් කළ හැකි ත්‍රීරෝද රථ පිලිබඳත් අන්තර්ජාලයේ කතාබහක් ඇති වුණා. අද වෙද්දී මේවා එතරම් ම සාමාන්‍යකරණය වෙලා.

අද වෙද්දී Cryptocurrency වෙනුවෙන් ම විශේෂිත බැංකු සේවා පවා ආරම්භ ව තිබෙනවා. Xapo බැංකුව කියන්නේ එවැනි Cryptocurrency රඳවා ගන්න එක බැංකුවක්. අද වෙද්දී Cryptomining සඳහා විශේෂිත උපාංග පවා නිහී වෙන්න පටන් අරගෙන. විවිධ පුද්ගලයන් මයිනින්ග් ෆාම් පවා පවත්වාගෙන යනවා. ඒවගේම අවශ්‍ය නම් ඔබේ දුරකතනයේ පවා මේ කටයුත්ත සිදු කරගන්න පුළුවන්. හැබැයි ක්‍රිප්ටෝ මයිනින්ග් ඔබ කුමන උපාංගයක කළත් ඒ වෙනුවෙන් විශාල වශයෙන් ඔබේ උපාංගයේ මතක ධාරිතාව සහ සැකසුම් බලය අවශ්‍ය වෙන නිසා ඔබේ දිනපතා භාවිත කරන පරිගණකයේ හෝ දුරකතනයේ මේවා සිදු කිරීමට අපි යෝජනා කරන්නේ නැහැ.

ක්‍රිප්ටෝ මයිනින්ග් මෘදුකාංග

අද වෙදිදි විවිධ හැකර්වරුන් මෙවැනි ක්‍රිප්ටෝ මයිනින්ග් මෘදුකාංග වෙනත් පුද්ගලයන්ගේ පරිගණකවල අනවසරයෙන්  ස්ථාපනය කරන්න පටන්ගෙන තිබෙනවා. විශේෂයෙන් ම ඔබ භාවිත කරන්නේ cracked මෘදුකාංග නම් එවැනි අවදානමක ඔබත් ඉන්නවා. ඔබටත් නොදැනීම ඔබේ පරිගණකය මන්දගාමී වෙන්න මෙවැනි මෘදුකාංග හේතුවෙන්න පුළුවන්.

 

උපුටා ගැනීම: roarmedia  

 Chanuka Nadun

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!