මහසෝණා (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මට මුහුණ දෙන්න වුන පොඩි අත්දැකීමක් විතරයි.
දැනට අවුරුදු කීපයකට කලින් මතක හැටියට 2015 නැත්තම් 2016 වගේ. තාත්තගෙ යාලුවෙක් නැති වුනා. ඒ අංකල්ගෙ දානෙට තමා අපිට යන්නපුලුවන් වුනේ මලගෙදර ආරංචි වෙලා තිබුනෙ නැති නිසා. පලාත මිහින්තලේ. හරියටම කලුදිය පොකුණ කියන හරියට කිට්ටුව ප්රධාන පාර අයිනෙ තමයි ගේ තිබුනෙ.
අපි දානෙට දවස් දෙකකට කලින් වගේ තමා ගියෙ වැඩට උදවු වෙන්නත් එක්ක. අංකල් ගෙ පොඩි පුතා මා එක්ක පට්ටටම ෆිට් වුනා. ඒ නිසා පොරත් එක්ක තමා මං වටේම ගියෙ.
මේ අතර කියන්න ඕනම කතාව තමා ඌරුමස් කියන්නෙ මගේ ආසම කෑමක් ඒකෙත් වල් ඌරුමස් කියන්නෙ ජාතික ආහාරෙ වගේ.
දානෙට කලින් දවසෙ දවල් කනත්ත සුද්ද කරමු කියලා කතා වුනා. හැබැයි අපි සෙට් වෙච්ච ටයිම් එකට කට්ටිය කැමති වුනේ නෑ. මෙකද අපි වැඩේට බහින්න සෙට් වුනේ දවල් 11.30 12 විතර වෙලා. ගමක නිසාද මන්දා කට්ටියම කිව්වෙ හෙට උදෙන්ම කරගන්න මේ වෙලාවෙ යන්නෙපා කියලා. තව විදියකට කිව්වොත් අපිට කිව්වෙ “යක්කු ගස් නගින වෙලාවට කනත්ත සුද්ද කරන්න යන්නෙපා” කියලා. හැබැයි අපි ඇහුවෙ නෑ. ඕන මගුලක් වෙච්චදෙන් කියලා අංකල් ගෙ පොඩි පුතත් යමං මල්ලි කිව්වා. මටත් ආයෙ ඕන මගුලක් නෙ කියලා දෙන්න එක්ක ගියා. මිහින්තලේ පැත්තෙ කට්ට අවුව එක්ක කනත්තක් සුද්ද කරනවා කියන්නෙ හොඳ ගනන්. පැය බාගයක් විතර වැඩේ ඇදගන ගියා. කනත්ත මැද්දෙත් ඉන්න ගමන් අරූ එක්ක කතා වුනේ හොල්මන් ගැනයි මැරිච්ච එවුන් දවල් 12ට නැගිටින්නෙ කොහොමද කියන එකයි. වෙන මොන මගුලක්වත් කතා කලේ නෑ. ඒකත් පට්ට ආතල් ඉදල හිටලා පාරෙ මනුස්සයෙක් යන්නෙත් කනත්ත ගාවින් බිම බලාගන. ඕකටත් අපි අනම් මනම් කිව්වෙ අපිව දැකලා මිනිස්සු බය වෙලාද යකෝ කිය කිය පැය දෙකක් විතර අර අංකල් ගෙ සොහොන වටෙත් සුද්ද කරලා ඔන්න යන්න එලියට බැස්සා. ලයිසන් එකත් තිබ්බ නිසත් තිබ්බෙ ඩියෝ බයික් එකක් නිසත් මං කිව්වා අයියේ මං පදින්නද කියලා හා එහෙනම් හරවගනින් කියලා කිව්ව විටරයි මාත් කරකවලා ගත්තා. ගත්ත පාරට වැලි පාර නිසාත් පාර කට්ට වෙන්න වේලිලා තිබුන නිසාත් මං හිතන්නෙ බයික් එක ස්ලිප් වෙලා මාව බිම පත බෑවුනා. අරූටත් පස්චාත් බාගෙන් හිනා. හැබැයි උගෙ හිනාවට කණ කොකා හැඬුවෙ මගෙ තුවාල දැක්කම. දකුණු අතේ අල්ල පදාසයක්ම ගිහිල්ලා, ඇඳගන ඉදපු ටී ශර්ට් එක උර හිස ගාවින් ඉරිලා ලේ එනවා අවුවෙ සැරටත් එක්ක අම්බානක හොඳ වෙලාවට ලා පාට ටීශර්ට් එකක් නිසා මෝටාර් එක්කක් ගහල වගේ ලේ එන එකත් වෙනවා. නැගපං ඉක්ම්නට කියලා මූ මාවත් දාගන පැදපි මිහින්තලේ හොස්පිටල් එකට.
කොහොම හරි බෙහෙත් එහෙම දාගන ශේප් එකේ ගෙදර ආවා. වෙච්ච දේ කිව්ව විතරයි ගෙදර ඈයොයි අහල පහල සෙට් එකයි දුවන් ඇවිත්, මගෙ ගාව පිර්ත් කියලා පිරිත් පැන් පොවලා එහෙම තමා නතර වුනේ.
මේකෙ හොඳ සිද්දිය වෙන්නෙ රෑ. මෙන්න හවස් වෙද්දි අර අයියට කෝල් එක්කක් එනවා ඌරෙකුට ගහලා මස් තියෙනවා කියලා. මූ හිමින් මේක මට කියපි. මටත් ආයෙ ඌරුමස් ටිකක් තියෙනව කිව්වොත් ඕන අපායකට යනවා. හවස ඉදන්ම යමන් යමන් කිය කිය හිටියා. මූත් එක්කො හෙටම යමන් කිව්වා. මාත් ආයෙ නාහෙට අහන්නෙම නැති නිසා මං කිව්වා තොට බැරිනම් තැන කියපං මං යනවා කියලා. මගෙ බල කිරිල්ලට මූත් ටිකක් රෑවෙනකන් ඉදලා යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ලා එන්නම් කියලා මාවත් ඇදන් එලියට බැහැපි. කාට්වත් කිව්වෙ නෑ කොහෙද මොකටද යන්නෙ කියලා ඌරු මස් කතාව කිව්වනම් අපි දෙන්නට ඒ ගමන තියා ගෙයින් වත් එලියට බහින්න නොදෙන නිසා.
ඔන්න ශේප් එකේ එලියට බැහැලා දෙන්න එක්ක ගියා මාත් දවාලෙ ලෙලි ඇරගත්ත අත පය එක්ක බයික් එකේ පස්සෙන් එල්ලිලත් ගියා. ප්රධාන පාරෙන් ගිහින් තැනකින් හැරිලා කිලෝමීටර් දහයක් විතර හද්ද පාලු පාරක තමා ඇතුලට ගියෙ. පාර දෙපැත්තෙම කැලේ. හොඳ වෙලාවට වැරදිලාවත් පාරෙ ලයිට් එකක් වත් නෑ. මගට යද්දි ඔන්න හම්බෙනවා තුන්මං හන්දියක්(මේක කිව්වෙ කතාවෙ වැදගත්ම ටිකක් මෙතන වෙන නිසා.) එතනින් හැරුනෙ දකුණට වමට හැරිලා ගියාම කනත්තක් තියෙනවා ඉන් එහාට ගියාම වැවක් තියෙනවා කවුරුත් මේ වෙලාවටතියා දවාලකට වත් ඒ පැත්තෙ යන්නෙ නෑ කියලා මූ කියපි. මං කිව්ව යකෝ එහෙනම් ගිහින් බලන්නම ඕන පොට් එකක් කියලා. මූ එන මග දිගටත් කියව කියව ආවෙ අපි දැං බං මේක ගෙන්නම ඕනද මේ රෑ වෙලා හෙට ගමු බං කියලා. මං කිව්වා පිස්සුද යකෝ මෙතරං දුර ඇවිත් මේක දාල යන්න කියලා. නෑ බං වල් ඌර නෙ රෑත් වෙලානෙ කියලා. මාත් විහිලුවක් කලා යකෝ තෝ වැඩ කරන්නෙත් කොළඹ නේද තෝ ඒත් බයද මේවට. මේක ගේද්දි යකෙක් නෙවෙයි වෙසමුණි රජ්ජුරුවො ආවත් අම්මපා මං මේක අරං යනවම තමා දෙන්නෙ නෑ උංට කෑල්ලක්වත් කියලත් කිව්වා. අරූ කට කට කියාගන තව සෑහෙන දුවරක් ආවම ඈත යන්තන් ලයිට් එලියක් පේන්න ගත්තා ඔන්න යන්තම් ගමක් තියෙනවා. පස්සෙ යාලුවගෙ ගෙදරට ගියාම බඩු අරං යන්න හදන්නෙ කිව්වම ගෙදර මිනිස්සුන්ටත් යක ගහල වගේ බය වෙලා ඔය ලමයිට පිස්සුද මේ රෑ හෙට උදේ අපිම ගෙනත් දෙන්නම් අපි කාලා එලියට බහිනෙත් නෑ කියලා කියපි. මං කිව්වා කිසිම අවුලක් නෑ අපි අරන් යන්නම් මුකුත් වෙන්නෙම නෑ කියලා. මේ මිනිස්සුත් අහන්නෙම නෑ මස් එක පෙනි පෙනි අතට දෙන්නෙත් නෑ. අන්තිමේ මං කිව්වා මං මේක අරං පයින් හරි යනවා ඔයතරම් බයනම් අඟුරු කෑල්ලකුයි,දෙහි බෑයකුයි, ඒත මදිනම්.බුදු පිලිමයක් හරි දෙන්න මං යනවමයි කියලා. ඒ ගෙදර ඈයොත් යකා ගහලා වගේ බයවෙලා අදි මදි කර කර දුන්නා මස් ටිකයි, අඟුරු කෑල්ලයි, දෙහි බෑයවල් දෙක තුනකුයි, තව පිහියකුත් දුන්නා, මං ඇහුවා ඒ ගෙදර අංකල් ගෙන් යකෙක් ආවොත් කොටන්නද කියලා. ඒ මිනිස්සුත් අවුල් වෙලා වගේ හිටියෙ. වෙලාවත් රෑ 8 ට වගේ ඇති. එපාම කියද්දි මස් ටිකත් බයික් එකේ ඉස්සරහ බැදගන අපි දෙන්නා ආවා. අරූ බයික් එක වනනවා වගේ දැනිලා මං ඇහුවා මොකෝ බං කියලා. අරූ කියපි මේක කැලේට විසි කරලා යමංකො බං කියලා. මං ඇහුවා ඈ යකෝ මෙච්චර අමාරුවෙන් මේක අරං කැලේ දාල යන්න තොට පිස්සුද යමං මේක අරං කියලා.
දැං තමා මේකෙ හොදම ටික. අර මුලිං මං කිව්ව තුංමං හංදිය ගාව ඉදන් අර ගමට කිලෝමීටර් 5 වගේ, හැබැයි අපි කිලෝමීටර් දහයක් වගේ ආව ෆීලිං එකක් මට ආවා. මං අයියගෙන් ඇහුවා ඈබං අපි හැරෙන තැන පහු වුනාද කියලා. අරූ කියනවා නෑ බං තව ඉස්සරහ කියලා. මට තේරුනා හැරෙන්න ඕන තැන පහුවෙලා කියලා මූ කතාවක් නැතුව යනවා කෙලගන. මං කිව්වා නවත්තපං අපි දුර ආව වැඩී වගේ කියලා. මූත් කියනව නෑ යකෝ ඉස්සරහ කියලා කිව්වත් වගේ අපි දකුණට හැරුනනම් ඊලගට අපි හැරෙන්නඕන වමටනෙ මේ යන හැටියට ඔන්න වමට පාරක් තියෙනවා. මූත් කියනවා උබ කොහෙද බං මෙහෙ පාරවල් දන්නෙ ඔන්න ගානට හැරුනා කියලා. මාත් හා කියලා ඉතිං ගියා. මං වචන 100ක් කතා කලොත් මූ වචන දෙකක්වත් කතා නැති නිසා මාත් කට වහගනම ගියා. මෙන්න යකෝ ටිකක් දුර යද්දි මූ හරියටම හැරුන තැන ප්රතිඵල පේන්න ගත්තා ඌත් එක පාර බ්රේක් ඇල්ලුවමයි මටත් සිද්දිය මීටර් වුනේ මේ යකා කොයිතරම් හොදට හරි පාරෙන් හැරෙව්වද කියනවනම් මූ කනත්ත මැද්දටම ඇවිල්ලා නැවැත්තුවමයි මටත් මීටර් වුනේ අපි කනත්තෙ කියාලා. මටත් නිකන් හිත ගත සීතල වෙලා ගියා වගේ තේරුනා. මූත් බය වුනා. මං කිව්වා කලබල නැතුව ඉදපං තෝ පාර මාරුවෙලා හැරිලා යමං ආයෙ කියලා. මූ කතා නෑ. මං කිව්ව යමං යකෝ කනත්තෙ ඉදං මේක උයන්නද ගෙදර යමං කියලා. මූ ගෙ ඉහිං කනින් දාඩියත් බේරෙනවා. මූ කියපි ඉස්සරහ බලපං කො කියලා . බැලුවට මට කනත්තෙ සොහොන් කොත් හැර මොකෙක්වත් පෙන්නෙ නෑ . මං කිව්වා ඒ සොහොන් කොත් බං අපි යමං කියලා මූ කියනවා දගලන්නෙපා මස් එක විසිකරලා පස්ස නොබලා යමං කියලා. මං කිව්වා පිස්සුද යකෝ මේක මෙතන දාලා මෙකේ ඉන්න එවුන් උයන්නද තොට බැරිනම් බැහැන් මං පදින්නම් කියල මං ඉස්සරහට පැනගත්තා. හරවන්න යද්දි තමා දැක්කෙ අම්මටසිරි පාද වදිම් සමනල කන්දේ කියලා තඩි කලු පාට බල්ලෙක් බලන් ඉන්නවා. පොඩි බයක් ආවත් හිතට පොඩි ගටක් අරං. බලු පුතේ තොටනම් මං මස් දෙන්නෑ. කියලා හිමින් මුමුනලා ශේප් එකේ හරවන් ඇරලා ආවා. මට දැං තේරෙනවා අරූ මගෙ බෙල්ලෙන් අල්ලගන වගේ මං කිව්වා යකෝ මගෙ බෙල්ල නෙවෙයි අර බල්ලගෙයි උබ බෙල්ල මිරිකන්න ඕන කියලා ටිකක් ඇදලා ආවා. දැං ආව හැටියට මූ වමට හරවපු එකේ මං දකුනට හරවන්න එපැයි කියලා ආව ආව ආයෙත් හරවන තැන නෑ. මටත් එන්න එන්න පොඩි බයක් ලාවට එද්දි හිත තද කරගත්තා මොකා ආවත් මස් ටික දෙන්නෙ නෑ යනවමයි කියලා. ආතල් වැඩේ කියන්නෙ අපිට පෝන් එකක්වත් තියනව කියලා විහිලුවටවත් මතක් වුනෙත් නෑ. ඔන්න මගින් පාරක් සෙට් වෙනව වගෙ තේරුනා මෙන්න අර තුන්මන් හන්දිය කියලා දකුණට නෙ හරවන්න ඕන කියලා හැරෙව්වා. ටිකක් දුර යද්දි සීතල හුලං පාරක් වදිනවා වගේ තේරෙනකොට මං වට පිට බැලුවා ඇට කලුවරයි ඕන මගුලක් කියලා ඉස්සරහට යද්දි කියන්න සන්තෝසයි මිත්රවරුනි අපි ඇවිල්ලා හිටියෙ වැව ගාවටම. මටත් තේරුනා පාර වැරදිලා මොක වුනත් කියලා අරු කියනවා මස් එක විසිකරපං අපිට යන්න පුලුවන්ම කියලා. මුංගෙ ගමේ කතා ඇත්ත බොරු මොක වුනත් මේතරම් කට්ට කාලා ගත්ත මස් ටික නිකන් අතාරින්න හිත දෙන්නෙම නෑ. ඒ අස්සෙ මූ අඩනවා ඕක දාල යමන්ම කියලා. පස්සෙ ආයෙ හරවගන පාරට ගත්ත විතරයි අර කනත්ත ගාවින් ආව බලුතඩියා මේං අපේ ඉස්සරහ. බල්ලගෙ අම්මට හුරුල්ලො බාවන්න මූගෙ පෙරේතකමට මේක අපේ පස්සෙන් ඇවිල්ලනෙ කියලා මට කියවුනා . අරූ ඒ අස්සෙ මගෙ බෙල්ල හිර කරන් ඕක දීපං ඕක දීපං ගානව.
ඔන්න ඉතිං මගෙ රතු කටු පැනගන ආව මේ වෙද්දි. එහෙන් මා එක්ක ආව එකා මගෙ බෙල්ල මිරිකගන මැරෙන්න හදනවා බය වෙලා ඒ අස්සෙ තඩි බල්ලෙක් කොහෙන්ද ඇවිල්ලා මස් එකට කෙලින්න යනවා. මටත් පොඩි ඩවුට් එකක් තිබ්බා බල්ල නිකන්ම එකෙක් වෙන බෑ කියලා කතා ගොඩක් මතක් වෙන්න ගත්තා. පස්සෙ මතක් වුනා මොන යකත් කුනු හරප වලට බයයිනෙ කියලා. මාත් සුබ මොහොතින් කලු බල්ලගෙ අම්මට හු@&-#&@&@*@ කියලා “අ” යන්නෙ ඉදලා ෆැන්ටා “ෆ” යන්නට එනකන් දන්න කුනුහරප කියලා බයික් එක රෙස් කරලා ගත්තා. බල්ලත් එක පාරම එහා මෙහා වුනා මටත් ගනක් නෑ ඇදලා ආවා. සැරින් සැරේ බැලුවා මස් එක තියනවද කියලා. බඩු තියනවා. ආයෙ ඇදලා යද්දි අරූ බය වෙලා කියෝනවා. උටත් කුනුහරපෙන් බැන බැන මාත් ඇදලා ආව තාම හැරෙන පාර නෑ. තෙල් ටිකත් රතු කට්ට පැනගන පහල බහිනවා. මං කල්පනා කලා පොතේ හැටියට ආයෙ මේ පාර දිගේ දිගටම ගියානම් මූගේ යාලුවගෙ ගෙවල් පැත්තට යාගන්න පුලුවන් එහෙම වුනානම් පාර හොයාගන්න තිබ්බනෙ කියලා. ඒ අස්සෙ අරූ කියෝනවා මහසෝණා මහසෝණා කියලා. මට තවත් මල ඇයි යකෝ මං මේ පාර හොයාගන බැරුව දගලනවා මූ මරු කියෝනවා. හිත හදාගන දිගටම ආවා ඒත් නෑ ගෙයක් තියා ලයිට් එලියක්වත්. හැරෙන්න පාරක්වත් හොයාගන්න බෑ. ඒත් තෙල් ඉවර වුනොත් තල්ලු කරන හරි යනව කියලා හිතන් දිගටම පැද්දා . පැය ගානක් ගියා කියලා මට මතකයි පාරක් නම් ඉවරයක් වෙන පාටක් නෑ. කලපනා කරලා බැලුවා මස් ට්ක දාල ගියොත් මට නෑ. හැබැයි පාර හොයාගන්න පුලුවන්. ඒ අස්සෙ තෙල් ඉවර වේගන යනවා. මූත් පිටිපස්සෙ මරු විකල්ලෙන් දොඩෝනවා. අදටත් මං දන්නෙ නෑ මං ඒ කලබල අස්සෙ ඒතරම් සන්සුන් විදියට හිටපු හැටි ගැන. අදටත් ඒවගේ වෙලාවක මට ඒ විදියටම ඉන්නපුලුවන් කියලා විතරක් මං දන්නවා.
පස්සෙ තීරණයක් ගත්තා. මස් විසිකරන්න බෑ එහෙම. නැවැත්තුව බයික් එක. ලයිට් නැති නිසා ඕෆ් කලේ නෑ බයික් එක.සද්දෙට කිව්වා මොකා මේ මස් එක පස්සෙන් එනවද මං දන්නෙ නෑ. එන එකා මොකා වුනත් තොට තනියම මේක මං දෙන්නෙත් නෑ. ඕනම් මේකෙන් කෑල්ලක් දෙන්නම් අපිට යන්න විතරයි ඕන. හැබැයි තවත් වද දෙන්න ආවොත් අම්මපා තෝ මොකා වුනත් මේකෙන් කෑල්ලක් තියා මස් කට්ටක් වත් දෙන්නෙ නෑමයි කිව්වා. අරූ කියෝනව ඒ අස්සෙත් මහසෝණා මහසෝණා කිය කිය. හිටිය ටික වෙලාවක්. හිමින් සැරේ පාත් වෙලා කවරෙට අත දාලා ගත්තා මස් කෑල්ලක්. ඔලුව උස්සලා බලද්දි මෙන්න යකෝ අර බලු තඩියා මේක ඉස්සරහ ඉන්නවා කෙල හල හල. මස් කෑල්ල අතේම තියාගන මල්ලත් ආයෙ ගැට ගහලා කකුල් දෙකට හිර කරගත්තා. පස්සෙ ආයෙ හයියෙන් කිව්වා මේං මස් කෑල්ල මේ බල්ලත් මෙතන මේක ඌ එක්කම බෙදාගනියවු කියලා වරෙන් පුතා කියලා විසිකලා බල්ලගෙ පැත්තට. මේ යකා පැනපු ගමන් මස් කෑල්ල අරං පැන්නා කැලේට මාත් හම්බෙච්ච චාන්ස් එකෙන් බයික් එක රේස් කරලා ගියා ඉස්සරහට. කොහොම හරි කිලෝමිටර් 2ක් නැත්තම් 3ක් යනකොට පාරක් හම්බවුනා හැරෙන්න දකුණට. ඕන මගුලක් කියල හැරෙව්වා. හරවල වැඩි දුරක් යන්න නෑ ඔන්න අපි ප්රධාන පාරෙ. හරවගන ගෙදරට යද්දි පොලීසියෙනුත් ඇවිල්ලා. ගමේ මිනිස්සුත් ඇවිල්ලා. එතන්ට යද්දි අරූට සිහියත් නෑ. වෙලාව එතන්ට ගියාමයි දන්නෙ පාන්දර 4.30යි කියලා හවස 7 ට ගිය අපි දෙන්නා පාන්දර වෙනකන්ම කරල තිබ්බෙ අර පරවල් දිගේ එහාට මෙහාට ගිය එක.
පොලීසියෙනුත් ඉදපු නිසාත් අරූට සිහිය නැතිවෙන්න තරම් මොකක්ද වුනේ කියලා දැනගන්න හැමෝටම ඕන වුන නිසාත් ඇත්තම කිව්වා. ගමේ මිනිස්සු ෆුල් හොල්මන් වෙලා පොලිසියත් අපිට බැන්න හිතුවක්කාරකම කියලා. පස්සෙ අපිව අල්ලල නාවල කරලා එලිවෙනකොට පන්සලේ හමුදුරුවො ගෙන්නලා පිරිත් හිටං කියෙව්වා. අරූට එලිය වැටෙද්දි සහලෝලා උණ. මට තිබ්බෙ කලින් දවසෙ වැටිලා තුවාල වුන ඒවයෙ අමාරුව විතරයි. පස්සෙ මල කුණු ගඳක් ඇවිල්ලා බලද්දි මස් එක එහෙම්මම බයික් එකේ එල්ලිලා තියනවා. කීප දෙනෙක් කෝටු කෑල්ලකින් අල්ලගන ටිකක් එහා කැලේකට ගිහිං වලදාලා තිබුනා. එදාම හවස පිරිතක් කියලා පන්සලට ගිහින් තමා අරූව ශේප් කරගත්තෙ. හැබැයි උට හොදටම සිහිය ආවම තමයි කිව්වෙ කනත්තෙදි දැකපු දේ. මං දැක්කෙ බල්ලව විතරයි ඌ දැකල තිබ්බෙ මිනිස්සු ටිකක් විරිත්තගන වගේ බලන් ඉන්නවා. උට ඇහුනලු මස් එක දීපං මස් එක දීපං කියනවා. පස්සෙ පන්සලේ ලොකු හාමුදුරුවෝ කතා කලා. මහත්තයා මහත්තයලට හම්බෙලා තිබුනෙ තමන්ගෙ රැල පිරිවරාගන යන මහසොහොන් යක්ෂයව. අපේ පොඩි මහත්තයට කෙසේ වෙතත් කොළඹ මහත්තය නිසයි අපේ පොඩි මහත්තයගෙත් පණ කෙන්ද බේරිලා තිබ්බෙ. මහත්තයෙ ගම් වල කතා බොරුයි කියලා අහක දාන්නත් බෑ ඒවයෙ යම් ඇත්තකුත් තියනවා කිව්වා. වැඩි විස්තර අහන ගියෙත් නෑ මං. මේ වෙනකන් පිලිනොගත්ත සමහර දේවල් ඇත්ත කියලා මං විශ්වාස කරන්න ගත්තා. මට කරදරයක් නොවුන හේතුව මං තවමත් දන්නෙ නෑ. හැබැයි එදා ඇත්තටම ආවෙ මහසෝණා නම් ඒතමයි එයාව මට හම්බවුන මුල් වතාව.
දානෙ දුන්නෙත් තව දවස් දෙකක්ම පන්නලා. ඒකටනම් අවුලක් වුනේ නෑ.හැබැයි ගෙදර දෙන්න ඉදපු දානෙ අන්තිමට දුන්නෙ පන්සලට ගිහිල්ලා.
උපුටා ගැනීම: Kasun Berugodaarachchi II

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!