2015 භූගෝල විද්‍යාව බහුවරණ ප්‍රශ්න

0%
5

Past Paper | Geography

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2015 - භූගෝල විද්‍යාව

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (කාලය පැය 1 යි)

01 සිට 30 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් ඉතාමත් ගැළපෙන උත්තරය තෝරන්න.

1 / 30

Category: Geography 2015 Sinhala Medium

01. 1:50000 භූ ලක්ෂණ සිනියම්වල දැක්වෙන භෞතික ලක්ෂණ තුනක්‌ ඇතුළත්‌ වන්නේ පහත සඳහන්‌ කවර පිළිතුරෙහි ද?

(1) උස්බිම, බෑවුම්‌, ස්වාභාවික වෘක්ෂලතා
(2) වනාන්තර, දූපත්‌, බෝග වගාවන්‌
(3) තෘණ භුමි, නිම්න, වී වගා බිම්‌
(4) තැනිතලා, උත්තල බෑවුම, ජනාවාස
(5) වගුරු බිම්‌, අවතල බෑවුම, පාලම්‌

2 / 30

Category: Geography 2015 Sinhala Medium

02. 1:50000 භූ ලක්ෂණ සිතියමක සෙ.මි. 10 කින්‌ දක්වා තිබෙන ගංගාවක සැබෑ දිග වනුයේ,

(1) කි.මි. 2.5 කි.
(2) කි.මි. 5 කි.
(3) කි.මි. 7.5 කි.
(4) කි.මි. 10 කි.
(5) කි.මි. 15 කි.

3 / 30

Category: Geography 2015 Sinhala Medium

03. ඉතා කුඩා ම පරිමාණයේ සිතියමක පරිමාණ භාගය දැක්වෙන නිවැරදි පිළිතුර වනුයේ,

(1) 1:2000
(2) 1:5000
(3) 1:40000
(4) 1:200000
(5) 1:250000

4 / 30

Category: Geography 2015 Sinhala Medium

04. බසුරේඛා ප්‍රස්තාරයක්‌ මගින්‌ දැක්වීම සඳහා වඩාත් සුදුසු වනුයේ,

(1) නිර්යාතවල වාර්ෂික වෙනස්කම්‌ ය.
(5) දෙන ලද වර්ෂයක භූමි පරිහරණය ය.
(3) පාසලක පන්තිවල සිසුන්ගේ පැමිණීම ය.
(4) ප්‍රභව රටවල්‌ අනුව සංචාරකයින්ගේ පැමිණීම ය.
(5) කර්මාන්ත අංශවල මාසික විදුලිය පරිභෝජනය ය.

5 / 30

Category: Geography 2015 Sinhala Medium

05. ද්විතීය දන්ත භාවිතයේ වාසියක්‌ දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ මින්‌ කවරක්‌ ද?

(1) ක්ෂේත්‍රයේ දී නිරීක්ෂණය කළ හැකි ය.
(2) කාලය ඉතිරි වේ.
(3) පර්යේෂකයාගේ අරමුණ අනුව රැස්‌ කර ඇත.
(4) විශ්වසනීයත්වය ඉහළ මට්ටමක පවති.
(5) මූලාශ්‍රය සඳහන්‌ නොකර භාවිත කළ හැකි ය.

6 / 30

Category: Geography 2015 Sinhala Medium

06. විවික්ත දත්ත මගින්‌ දැක්වෙන විචල්‍ය තුනක්‌ නිවැරදි ව සඳහන්‌ වන පිළිතුර කුමක්‌ ද?

(1) සංචාරකයින්ගේ පැමිණිම, විල්‌ සංඛ්‍යාව, පවුලේ ළමයින්‌ සංඛ්‍යාව
(2) උස, භූමි පරිහරණය, දුර
(3) වර්ෂණය, උන්නතාංශය, පාංශු තතතමනය
(4) බර, භූමි පරිහරණය, වෘෂ්පිකරණය
(5) පාංශු තෙතමනය, වෘෂ්පීකරණය, කාලය

7 / 30

Category: Geography 2015 Sinhala Medium

07. දත්ත සමූහයක විසරණය දැක්වීම සඳහා භාවිත මිනුම්‌ දෙකක්‌ වන්නේ,

(1) අන්තර්‌ චතුර්ථක පරාසය සහ මධ්‍යන්‍ය අපගමනයයි.
(2) පරයාසය සහ සමුච්චිත සංඛ්‍යාතයයි.
(3) මධ්‍යස්ථය සහ ප්‍රතිශතකයයි.
(4) සම්මත අපගමනය සහ මධ්‍යන්‍යයි.
(5) මාතය සහ ඉහළ චතුර්ථකයයි.

8 / 30

Category: Geography 2015 Sinhala Medium

08. වර්ෂ කිහිපයක ශ්‍රී ලංකාවේ සහල්‌ නිෂ්පාදනය හා සහල්‌ ආනයනය එකවර දැක්වීම සඳහා වඩාත්‌ යෝග්‍ය ප්‍රස්තාරය වන්නේ.

(1) සංයුක්ත තීරු ප්‍රස්තාරයයි.
(2) ද්විත්ව තීරු ප්‍රස්තාරයයි.
(3) සංයුක්ත රේඛා ප්‍රස්තාරයයි.
(4) සරල සිරස්‌ තීරූ ප්‍රස්තාරයයි.
(5) සංඛ්‍යාත බහුඅඝ්‍රයයි.

9 / 30

Category: Geography 2015 Sinhala Medium

09. භූගෝලීය තොරතුරු පද්ධතියක (GIS) වැදගත් දත්ත යෙදවුම්‌ ක්‍රම දෙකක්‌ වන්නේ,

(1) අංකිතකරණය සහ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS) ය.
(2) අංකිතකරණය සහ ප්‍රස්තාරය ය.
(3) ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය සහ මුද්‍රණය ය.
(4) සංඛ්‍යාන වගු සහ වාර්තා ය.
(5) අංකිත දත්ත ගොනු සහ සිතියම්‌ ය.

10 / 30

Category: Geography 2015 Sinhala Medium

10. අවකාශීය දත්ත ග්‍රහණය, ගබඩා කිරීම, හැසිරවීම, විශ්ලේෂණය සහ ප්‍රදර්ශනය සඳහා භාවිත වන ස්වයංක්‍රීය ශිල්පීය ක්‍රමයක්‌ වන්නේ.

(1) ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියයි.
(2) භූගෝලීය තොරතුරු පද්ධතියයි.
(3) දුරස්ථ සංවේදනයයි.
(4) ගුවන්‌ ඡායා රූපයයි.
(5) ලැන්ඩ්සැට (Landsat) ප්‍රතිබිම්බයයි.

11 / 30

Category: Geography 2015 Sinhala Medium

11. අපරිවර්තී ගෝලයේ සීමා ආසන්න වශයෙන්‌ නිවැරදි ව දැක්වෙන්නේ පහත සඳහන්‌ කවර පිළිතුරෙහි ද?

(1) කි.මි. 18 - කි.මි. 40
(2) කි.මි. 10 - කි.මි. 60
(3) කි.මි. 14 - කි.මි. 50
(4) කි.මි. 16 - කි.මි. 80
(5) කි.මි. 10 - කි.මි. 40

12 / 30

Category: Geography 2015 Sinhala Medium

12. වායුගෝලීය සංයුතියෙහි අඩංගු බහුලතම වායු වර්ග දෙකක්‌ වන්නේ,

(1) නයිට්‍රජන්‌ සහ ඔක්සිජන්‌ ය.
(2) නයිට්‍රජන් සභ කාබන්ඩයොක්සයිඩ්‌ ය.
(3) ඔක්සිජන්‌ සහ මීතේත්‌ ය.
(4) ඔක්සිජන්‌ සහ ඕසොන්‌ ය.
(5) හිලියම්‌ සහ ක්‍රිප්ටොන්‌ ය.

13 / 30

Category: Geography 2015 Sinhala Medium

13. වායුගෝලීය 'සාමාන්‍ය සංසරණය' හටගැනීමට ප්‍රධාන වශයෙන්‌ බලපාන සාධකය වන්නේ,

(1) භූමිය භා සාගරය අතර පීඩන අනුක්‍රමණ බලයේ වෙනස ය.
(2) අක්ෂාංශගතව අඩු හා වැඩි පීඩන තීරු පිහිටීම ය.
(3) පහළ අක්ෂාංශ ප්‍රදේශවල ඇති වන ඝර්ෂණ බලය ය.
(4) විවිධ අක්ෂාංශවල පවතින කොරියෝලිස්‌ බලයේ වෙනස්කම්‌ ය.
(5) විවිධ අක්ෂාංශවල දී ඇති වන කේන්ද්‍රාපසාරි බලවේගය ය.

14 / 30

Category: Geography 2015 Sinhala Medium

14. ගංගා බාදනයේ තීව්‍රතාව ප්‍රධාන වශයෙන්‌ තීරණය වන්නේ,

(1) බෑවුමේ ස්වභාවය සහ භූ විද්‍යාත්මක ව්‍යූහය අනුව ය.
(2) බෑවුමේ ස්වභාවය සහ ගංදඟර අනුව ය.
(3) බාදිත ද්‍රව්‍යයේ ස්වභාවය හා ගංදඹ අනුව ය.
(4) ගංකණ්ඩි සහ ගංදඹ අනුව ය.
(5) ඩෙල්ටා සහ පිටාර තැනි අනුව ය.

15 / 30

Category: Geography 2015 Sinhala Medium

15. කඳු ග්ලැසියර මගින්‌ නිර්මාණය වන බාදිත භූ රූපයක්‌ වන්නේ,

(1) සොයිගම ය.
(2) මොරේන ය.
(3) එස්කර ය.
(4) ඩ්‍රම්ලින ය.
(5) ලම්බ නිම්න ය.

16 / 30

Category: Geography 2015 Sinhala Medium

16. අවසාදිත භා ආග්නේය පාෂාණ විපරිතකරණයෙන්‌ නිර්මාණය වන පාෂාණ වර්ග දෙකක්‌ නිවැරදි ව දැක්වෙන්නේ පහත සඳහන්‌ කවර පිළිතුරෙහි ද?

(1) නයිස්‌ සහ කිරිගරුඬ
(2) ග්‍රැනයිට්‌ සහ කිරිගරුඬ
(3) බැසෝල්ට්‌ සහ කිරිගරුඬ
(4) හුනුගල්‌ සහ ඩොලමයිට්‌
(5) ගැබ්රෝ සහ ඩොලමයිට්‌

17 / 30

Category: Geography 2015 Sinhala Medium

17. ආතතිය චලනවල බලපෑමෙන්‌ ඇති වන භූ රූප තුනක්‌ නිවැරදි ව දැක්වෙන්නේ පහත සඳහන්‌ කවර පිළිතුරෙහි ද?

(1) උලැඟි විභේදය, සුවිභේදය සහ උඩු නැම්ම
(2) උලැඟි විභේදය, සාමාන්‍ය විභේදය සහ යටි නැම්ම
(3) සාමාන්‍ය විභේදය, සුවිභේදය සහ යටි නැම්ම
(4) උලැඟි විභේදය, සුවිභේදය සහ සෝපාණ විභේදය.
(5) උලැඟි විභේදය, යටි නැම්ම සහ භෝස්ටය

18 / 30

Category: Geography 2015 Sinhala Medium

18. පසෙහි ප්‍රධාන භෞතික ගුණාංග වන්නේ,

(1) වර්ණය, ව්‍යූහය සහ තෙතමනයයි.
(2) වර්ණය, ව්‍යූහය සහ ලවණතාවයි.
(3) ව්‍යූහය, තෙතමනය සහ ආම්ලිකතාවයි.
(4) වර්ණය, ආම්ලිකතාව සහ ලවණතාවයි.
(5) ආම්ලිකතාව, ව්‍යූහය සහ වර්ණයයි

19 / 30

Category: Geography 2015 Sinhala Medium

19. උස්බිම්‌ ශ්‍රේණියට අයත්‌ විපරිත පාෂාණවලින්‌ සමන්විත ශ්‍රී ලංකාවේ ස්ථාන තුනක්‌ දැක්වෙන පිළිතුර කුමක්‌ ද?

(1) රක්වාන කඳු, මධ්‍යම කඳුකරය සහ තබ්බෝව
(2) මධ්‍යම කඳුකරය, රක්වාන කඳු සහ කතරගම කඳු
(3) රක්වාන කඳු, කතරගම කඳු සහ ආඬිගම
(4) කතරගම කඳු, තබ්බෝව සහ ආඞ්ගම
(5) තබ්බෝව, ආඬිගම සහ පල්ලම

20 / 30

Category: Geography 2015 Sinhala Medium

20. ලෝකයේ නිවර්තන වැසි වනාන්තර ප්‍රධාන වශයෙන්‌ දැකිය හැකි වන්නේ,

(1) බ්‍රසීලය, මියන්මාරය, වියට්නාමය සහ දකුණු අප්‍රිකාවේ ය.
(2) බ්‍රසීලය, මියන්මාරය, මධ්‍යම ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවේ ය.
(3) මධ්‍යම ඉන්දියාව, මැලේසියාව, මධ්‍යම චිලී සහ කැලිෆෝනියාවේ ය.
(4) බ්‍රසීලය, සයරේ, කැලිෆෝනියාව සහ දකුණු දිග ඕස්ට්‍රේලියාවේ ය.
(5) බ්‍රසීලය, මියන්මාරය, ලාඕ්ස්‌ සහ තායිලන්තයේ ය.

21 / 30

Category: Geography 2015 Sinhala Medium

21. පළල්‌ වූ පාදයක්‌ සමඟ ඉහළට යන විට පළලින්‌ අඩු වී යන වයස්‌ කාණ්ඩ සහිත ජනසංඛ්‍යා පිරමීඩයකින්‌ හැඟවෙන්නේ ජනසංඛ්‍යාව,

(1) ශිඝ්‍රයෙන්‌ අඩු වන බව ය.
(2) ශිඝ්‍රයෙන්‌ වැඩි වන බව ය.
(3) සෙමෙන්‌ අඩු වන බව ය.
(4) වර්තමාන මට්ටමෙහි ස්ථාවර වන බව ය.
(5) ප්‍රශස්ථ මට්ටමක්‌ කරා ලඟා වන බව ය.

22 / 30

Category: Geography 2015 Sinhala Medium

22. වර්තමානයේ ලෝකයේ මුළු ජන සංඛ්‍යාවෙන්‌ ආසන්න ලෙස කුමන ප්‍රතිශතයක්‌ සංවර්ධනය වෙමින්‌ පවත්නා රටවල වාසය කරන්නේ ද?

(1) 25%
(2) 35%
(3) 40%
(4) 50%
(5) 80%

23 / 30

Category: Geography 2015 Sinhala Medium

23. තෘතීයික ආර්ථික ක්‍රියාකාරකමක්‌ දැක්වෙන්නේ පහන සඳහන්‌ කුමන පිළිතුරෙහි ද?

(1) හස්ත කර්මාන්ත ශිල්පියකු සේ වැඩ කිරීම
(2) බස්‌ රියදුරකු සේ වැඩ කිරීම
(3) ටින්‌ මාළු ඇසුරුම්‌ කම්හලක වැඩ කිරීම
(4) යකඩ හා වානේ කර්මාන්ත ශාලාවක කම්කරුවකු වීම
(5) ගොවියකු ලෙස වගාව සඳහා බිම සකස්‌ කිරීම

24 / 30

Category: Geography 2015 Sinhala Medium

24. සල ගොවිතැන්‌ ක්‍රමය වඩාත්‌ නිවැරදි ලෙස විස්තර කරන්නේ පහන දැක්වෙන කුමන වගන්තියෙහි ද?

(1) වෙළෙඳපොළ ඉල්ලුම අනුව වසරින්‌ වසර භෝගය වෙනස්‌ කරන ඒක භෝග වගා ක්‍රමයකි
(2) වසර කිහිපයක්‌ වගා කොට එය අත්හැර වෙනත්‌ භූමියක්‌ තෝරා වගා කෙරෙන පාරිභෝගික ගොවිතැන්‌ ක්‍රමයකි
(3) එකම භූමියක භෝග වගාව ද සත්ත්ව පාලනය ද කරගෙන යන සියුම්‌ ගොවිතැන්‌ ක්‍රමයකි
(4) නිවර්තන ප්‍රදේශවල හෙල්‌ මළු ක්‍රමයට වගා කරන ගොවිතැන්‌ ක්‍රමයකි
(5) එක්‌ ගොදුරු බිමක සිට තවන්‌ ගොදුරු බිමක්‌ කරා සත්ත්වයින්‌ ගෙන යන සංක්‍රාමී කෘෂිකාර්මික ක්‍රමයකි

25 / 30

Category: Geography 2015 Sinhala Medium

25. ලෝකයේ ප්‍රධානතම ජන සංකේන්ද්‍රණ හතරක්‌ දැක්වෙන නිවැරදි පිළිතුර කුමක්‌ ද?

(1) නැගෙනහිර ආසියාව, දකුණු අප්‍රිකාව, දකුණු යුරෝපය, ඊසානදිග උතුරු ඇමෙරිකාව
(2) නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, වයඹදිග යුරෝපය, දකුණු අප්‍රිකාව
(3) අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, ඊසානදිග උතුරු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව
(4) නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, වයඹදිග යුරෝපය, ඊසානදිග උතුරු ඇමෙරිකාව
(5) වයඹදිග යුරෝපය, බටහිර උතුරු ඇමෙරිකාව, නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව

26 / 30

Category: Geography 2015 Sinhala Medium

26. ජනසංඛ්‍යාව අනුව 2025 වසරේ දී ලෝකයේ විශාලතම නගර දෙක දැක්වෙන නිවැරදි පිළිතුර කුමක්‌ ද?

(1) ලන්ඩනය සහ ටෝකියෝ
(2) ටෝකියෝ සහ මුම්බායි
(3) නිව්යොර්ක්‌ සහ මුම්බායි
(4) ටෝකියෝ සහ ඩකා
(5) මුම්බායි සහ කල්කටා

27 / 30

Category: Geography 2015 Sinhala Medium

27. ශ්‍රී ලංකාවේ නාගරික ජනසංඛ්‍යාව වැඩි ම සහ අඩු ම දිස්ත්‍රික්‌ දෙක පිළිවෙළින්‌ පෙන්වන නිවැරදි පිළිතුර වන්නේ,

(1) කොළඹ සහ හම්බන්තොට ය.
(2) කොළඹ සහ කෑගල්ල ය.
(3) ගම්පහ සහ හම්බන්තොට ය.
(4) කොළඹ සභ නුවරඑළිය ය.
(5) මහනුවර සහ කෑගල්ල ය.

28 / 30

Category: Geography 2015 Sinhala Medium

28. වර්තමානයේ ලෝකයේ උක්‌ සීනි නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන රටවල්‌ දෙක වන්නේ,

(1) බ්‍රසීලය සහ මෙක්සිකෝවයි.
(2) බ්‍රසීලය සහ තායිලන්තයයි.
(3) බ්‍රසීලය සහ ඉන්දියාවයි.
(4) බ්‍රසීලය සහ පාකිස්ථානයයි.
(5) ඉන්දියාව සහ චීනයයි.

29 / 30

Category: Geography 2015 Sinhala Medium

29. 'අයිනු' (Ainu) ආදිවාසී ජනයා වාසය කරනු ලබන රට වන්නේ,

(1) ඉන්දියාවයි.
(2) දකුණු අප්‍රිකාවයි.
(3) නවසීලන්තයයි.
(4) ඕස්ට්‍රේලියාවයි.
(5) ජපානයයි.

30 / 30

Category: Geography 2015 Sinhala Medium

30. වර්ෂ 2013 දී දකුණු ආසියාවේ ඉහළතම මානුෂ සංවර්ධන දර්ශකය හිමිකර ගන්‌ රටවල්‌ දෙක වන්නේ,

(1) මාලදිවයින සහ භූතානයයි.
(2) මාලදිවයින සහ ඉන්දියාවයි.
(3) ශ්‍රී ලංකාව සහ මාලදිවයිනයි.
(4) ශ්‍රී ලංකාව සහ නේපාලයයි.
(5) මාලදිවයින සහ බංග්ලාදේශයයි.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 28%

0%

If you love our service, please rate us!

Share this MCQ Paper

Facebook
WhatsApp
Telegram
Email
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Attempted MCQ Papers
Recent Posts
Z-score එක හැදෙන විදිය

Z-score එක හැදෙන විදිය

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

Read More »
al panthiya news

උසස් පෙළ පැවැත්වීම ගැන නැවත සලකා බැලේ

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,

Read More »

A/L Clinic (Tuition Classes)

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!